~ Kaviyen Kaviya ~.........Kamathida???

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙදෙනෙක් පෙම් නොකරත්නම් එකිනෙකාට
    යුවලක් සේ කල් ගෙවන්නෙ එක්ව කුමට
    ඔහුත් දුකිනි ඇයත් දුකිනි මුලු දිවියට
    වෙනත් කෙනෙකුහට ඉඩ ඇත වෙන් වූ විට


    ඳුටු මත බැ‍‍ඳේ අශාවෙන් ඔකඳ වෙලා
    භාහිර ඔපය වෙනුවෙන් සිත් සතන් වෙලා
    මද කල් යද්දි නිසි රූපය පෙනෙනු බලා
    වෙන් වෙන්නට හදයි ගැලපෙන් නෑ කියලා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බඹා කියන්නේ එතරම් හොද එකෙකු නොවේ..
    මෙතරම් තරහා ඇයි ඔහු මා සමඟ දැවේ..
    ප්‍රේමය දුකක් කෙරුවේ නෑ හදවතට සුවේ..
    මා පෙම් කෙරුවාද ඔහුගේ එකියකට බවේ...:no::no:
    බඹා සමග ඇයි මෙතරම් අමනාප
    අප පෙර කර්මයට අසරණ බඹු පලිද
    ඉරණම් කාරියක් නලලේ කෙටුවාට
    වැරදුන කලට පිලිතුරු ඔහු ලගත් නැත
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඳුටු මත බැ‍‍ඳේ අශාවෙන් ඔකඳ වෙලා
    භාහිර ඔපය වෙනුවෙන් සිත් සතන් වෙලා
    මද කල් යද්දි නිසි රූපය පෙනෙනු බලා
    වෙන් වෙන්නට හදයි ගැලපෙන් නෑ කියලා

    මං දැනන් හිටියෙ නෑනෙ ඔයාට කවි ලියන්න පුළුවං කියල
    ලස්සනට පද ගලපල තියෙනව
    දිගටම ලියන්න :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෙම්සිත නොහඳුනන කෙනෙකුට පෙමින් බැඳී
    සිත සෝ තැවුල් කඳුලින් නිති රිදුම් දිදී
    විසුමට වඩා ඒ හදවත සමඟ රැඳී
    යහපත් වේය වෙන්වෙන එක කඳුලු නොදී
    බොහෝදුරට දෙදෙනා නොම ගැලපෙද්දී
    වෙන්වී යාම හොදමුත් ඒ දුකින් මිදී
    විරහා වේදනා කදුලට ඉඩක් නොදී
    දෙවරක් සිතනු ආදරයක් අරඹද්දී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං දැනන් හිටියෙ නෑනෙ ඔයාට කවි ලියන්න පුළුවං කියල
    ලස්සනට පද ගලපල තියෙනව
    දිගටම ලියන්න :D

    බොහොම ස්තූතියි මල්ලි. කවිද කියලනම් ද‍න්නෙ නෑ ඉස්සර ලියපු ඒව වගයක් නම් EKවල ඇති. මගේ Thread වලින් වැඩිම තියෙන්නෙ ඒව තමයි. ඒත් එහෙම හැකියාවක් නම් නෑ අනිත් අයට වගේ.


    බොහෝදුරට දෙදෙනා නොම ගැලපෙද්දී
    වෙන්වී යාම හොදමුත් ඒ දුකින් මිදී
    විරහා වේදනා කදුලට ඉඩක් නොදී
    දෙවරක් සිතනු ආදරයක් අරඹද්දී

    ආදරයේ අරුත හොඳින් දැන හැඳින
    පෙම් ‍කරන්න ඇරඹුවොතින් වෙයි සහන
    පෙරලා පෙමක් නොපතා පෙම් බැඳි සිතින
    තුටුවේ විරහ කඳුලින් තොර සිත් පැමින
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බොහොම ස්තූතියි මල්ලි. කවිද කියලනම් ද‍න්නෙ නෑ ඉස්සර ලියපු ඒව වගයක් නම් EKවල ඇති. මගේ Thread වලින් වැඩිම තියෙන්නෙ ඒව තමයි. ඒත් එහෙම හැකියාවක් නම් නෑ අනිත් අයට වගේ.




    ආදරයේ අරුත හොඳින් දැන හැඳින
    පෙම් ‍කරන්න ඇරඹුවොතින් වෙයි සහන
    පෙරලා පෙමක් නොපතා පෙම් බැඳි සිතින
    තුටුවේ විරහ කඳුලින් තොර සිත් පැමින


    කාසියේ දෙපත්තක් වාගේලු ආදරය
    සිනහව කදුළ තුල යනවලු ගලාගෙන
    මේ බව දැනන් කරනවනම් ආදරය
    විරහව එබෙන්නේ නෑ හදවත් තුලට

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාසියේ දෙපත්තක් වාගේලු ආදරය
    සිනහව කදුළ තුල යනවලු ගලාගෙන
    මේ බව දැනන් කරනවනම් ආදරය
    විරහව එබෙන්නේ නෑ හදවත් තුලට


    තරහව හා අවිශ්වාසය යන කරුණු දෙක
    නැති තැන ගොඩ නැගේ ආලයෙ සබඳ කම
    අවබෝධයට මුල් තැන දී සිටින විට
    දුක් කම්‍ කටොලු යති එලියට දොරකොඩින් පැන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තරහව හා අවිශ්වාසය යන කරුණු දෙක
    නැති තැන ගොඩ නැගේ ආලයෙ සබඳ කම
    අවබෝධයට මුල් තැන දී සිටින විට
    දුක් කම්‍ කටොලු යති එලියට දොරකොඩින් පැන

    සිත රිදුනම සුවපත් කළ හැකිවේද
    සැක ඉපැදුණ තැන සතුටක් වේද
    තනි අතකින් අත්පුඩි ගත හැකිවේද
    බැදෙනු එපා ඔබ සසරේ නොඇළේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත රිදුනම සුවපත් කළ හැකිවේද
    සැක ඉපැදුණ තැන සතුටක් වේද
    තනි අතකින් අත්පුඩි ගත හැකිවේද
    බැදෙනු එපා ඔබ සසරේ නොඇළේද


    සැක ඉපදුන තැන සතුටක් නැති වන්නේ
    වදන් හරඹ ගැටුම් තමයි ඇති වන්නේ
    තනි අතකින් අත් පොඩි ගැසුවොත් වෙන්නේ
    තියන අතත් තමුන්ටමයි නැති වෙන්නේ

    සිත රිදුනම සුවපත් කළ හැකි වන්නේ
    නිසි දැක්මයි උත්සහයයි එක් වෙන්නේ
    සසරෙ පුරුද්දට වේයයි සිත් දෙන්නේ
    එහෙත් දිරි වඩා සමහරු ජය ගන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සැක ඉපදුන තැන සතුටක් නැති වන්නේ
    වදන් හරඹ ගැටුම් තමයි ඇති වන්නේ
    තනි අතකින් අත් පොඩි ගැසුවොත් වෙන්නේ
    තියන අතත් තමුන්ටමයි නැති වෙන්නේ

    සිත රිදුනම සුවපත් කළ හැකි වන්නේ
    නිසි දැක්මයි උත්සහයයි එක් වෙන්නේ
    සසරෙ පුරුද්දට වේයයි සිත් දෙන්නේ
    එහෙත් දිරි වඩා සමහරු ජය ගන්නේ

    :eek:ආවාම අපල කාළය බටකොළ කෑවළු විෂ්ණු
    :no:ගිලෙන්ට යන මිනිහට එල්ලෙන්නට නෑ පිදුරු

    :sorry:පැණි වරකා ගස් වලටත් ඉදහිට හෙණ ගහනවළු
    :rofl:හැර ගිය නුවණ අද්දන්නට ඇත්තුන්ටත් බැරිළු

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek:ආවාම අපල කාළය බටකොළ කෑවළු විෂ්ණු
    :no:ගිලෙන්ට යන මිනිහට එල්ලෙන්නට නෑ පිදුරු

    :sorry:පැණි වරකා ගස් වලටත් ඉදහිට හෙණ ගහනවළු
    :rofl:හැර ගිය නුවණ අද්දන්නට ඇත්තුන්ටත් බැරිළු



    විෂ්ණුට කන්න බටකොළ හරි ඉතිරි වුණී
    මාරක අපල ආවිට තණකොළ වත් නොවුණී
    පිදුරු ගහෙන් හිත සනසා ගිලුනු මිනී
    වලෙන් නැගිට ආවොත් පිදුරුත් නොවුණී

    හැර ගිය නුවණ ගැන සිතලා පසු තැවුණී
    එවන් විටෙක පැණි වරකත් තිත්ත වුණී
    ඇතුන් මොට ද නුවණ නැමැති පහුරේ නැගුණී
    පෙර කළ දෙයින් පාඩම් ගෙන එතෙර වුණී
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ර‍න්‍ව‍න්‍ හි‍රු‍ නැ‍ගෙ‍නා‍ මෙ‍ උ‍දැ‍ස‍නෙ‍...
    එ‍ල‍කි‍රි‍ ස‍ග‍ය‍න්‍ සෙ‍ට්‍ වෙ‍යි‍ ත‍ර‍ග‍ය‍ට‍
    ක‍ව්‍ යෙ‍න්‍ ක‍ව්‍ ය‍ හ‍රි‍ හ‍රි‍ය‍ට‍
    කි‍ය‍මු‍ද‍ ක‍ස්‍ටි‍ය‍ම‍ එ‍ක‍තු‍ව‍ට‍................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ර‍න්‍ව‍න්‍ හි‍රු‍ නැ‍ගෙ‍නා‍ මෙ‍ උ‍දැ‍ස‍නෙ‍...
    එ‍ල‍කි‍රි‍ ස‍ග‍ය‍න්‍ සෙ‍ට්‍ වෙ‍යි‍ ත‍ර‍ග‍ය‍ට‍
    ක‍ව්‍ යෙ‍න්‍ ක‍ව්‍ ය‍ හ‍රි‍ හ‍රි‍ය‍ට‍
    කි‍ය‍මු‍ද‍ ක‍ස්‍ටි‍ය‍ම‍ එ‍ක‍තු‍ව‍ට‍................


    කවියට හිතැති කවි පබඳින අය නැතුවා
    Thread එක පාලුවට වාගේ ගොස් ඇතුවා
    උදෑසන හිරුත් ගොස් දහවල වී ඇතුවා
    මනසේ කව් සිතුවිලිනම් දැන් නැතුවා
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land


    කවියට හිතැති කවි පබඳින අය නැතුවා
    Thread එක පාලුවට වාගේ ගොස් ඇතුවා
    උදෑසන හිරුත් ගොස් දහවල වී ඇතුවා
    මනසේ කව් සිතුවිලිනම් දැන් නැතුවා


    ත්‍රෙඩ් එක පාළු වී නෑ මේ මම ඉන්නේ
    එනමුත් ගෙතුමට කවියක් නැත දන්නේ
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____


    කවියට හිතැති කවි පබඳින අය නැතුවා
    Thread එක පාලුවට වාගේ ගොස් ඇතුවා
    උදෑසන හිරුත් ගොස් දහවල වී ඇතුවා
    මනසේ කව් සිතුවිලිනම් දැන් නැතුවා
    ද‍හ‍ව‍ල‍ උ‍න‍ත්‍ හි‍රු‍ අ‍හ‍සෙ‍ බැ‍බ‍ලෙ‍න්‍ නෙ‍.......
    ක‍ව රු‍ නැ‍ත‍ත්‍ අ‍පි‍න‍ම්‍ මෙ‍හි‍ ඉ‍න්‍ නෙ‍...
     

    ත්‍රෙඩ් එක පාළු වී නෑ මේ මම ඉන්නේ
    එනමුත් ගෙතුමට කවියක් නැත දන්නේ

    ගෙතුවානම් තව පද කීපයක් රසට
    කවියක්ම වේවි නේද මල්ලී නෙත ගැටෙන්න
    හිතට පොඩ්ඩක් සැරි සරන්න ඉඩ දෙන්න
    එවිට කවු සිතුවිලි ගලා ඒවී එබේටම