~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    කුවේණි-අන්ධකාරෙන්

    අන්ධකාරෙන් දුරාතීතේ
    අන්ධකාරෙට අනාගතයේ
    රැගෙන යාමට කතා පුවතක්
    අන්ධකාරේ සිට කියන්නේ

    බොහෝදේ සිදුවූ අතීතේ
    වැළලිලා ඇත අන්ධකාරේ
    පොලෝ පස් යට උනුන් කදුලැලි
    ලෙයත් දහදිය එකට මුසුවී


    විජේරත්න වරකාගොඩ සහ හෙන්රි ජයසේන

    thank u ayya!

    නා‍ට්‍යය-කුවේනි
    අන්දකාරෙන් දුරාතීතේ
    ගායනය-විජේරත්න වරකාගොඩ,හෙන්රි ජයසේන


    අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ
    රැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට කියන්නේ

    බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ
    පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී

    පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල
    අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත් දහදිය මද සිනා රැළි

    අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා
    අපේ කඳුලැලි ලෙයත් දහදිය සමග මුසුවී ලෝ දහම සේ

    අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
    මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය

    අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
    දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම්කරන්නී

    සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
    එදා හෙලු කඳුලුත් රුහිරු වී සදා අප වෙනුවෙන් හෙලන්නී

    සදාකාලෙම ලොව පහල වූ සදාකාලෙම ලොව පහල වන
    කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්

    ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ
    ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ






     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thank u shiwantha for the song! :)



    නොහඬනු කුමරුනි

    නාට්‍යය - කුවේනි(හෙන්රි ජයසේන)
    නොහඬනු කුමරුනි
    ගායනය - මානෙල් ජයසේන


    නොහඬනු කුමරුනි ඇවිල ලසෝ ගිනි//
    එන රජ කුමරිය ඈත එතෙර සිට//
    ඔබ සනසාලයි දුකඳුරු දුරුකොට//
    ඔබ නරපතියෙකි මැති දන සේනා//
    උන් උපදෙස් දෙත රජකුල සිරිතෙන්//
    ලැබ අග බිසවුන් අභිසෙස් ලදයුතු//
    බැඳි පෙම් සටනින් මම පැරදුනෙමි//
    දරුවන් සමගින් යමි මම නික්මී//
    එනමුත් කුමරුනි මතු සන්සාරේ//
    ඔබ සොයනෙමි මම භවයෙන් භවයේ//
    මේ පෙම් වියොගින් මතු සන්සාරේ//
    කෙදිනක හෝ යලි සැනසුම් ලබමී////


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පොළොව උසුලන දෙවියනේ(කුවේනියගේ සාපය)

    නාට්‍යය - කුවේනි(හෙන්රි ජයසේන)
    පොළොව උසුලන දෙවියනේ(කුවේනියගේ සාපය)
    සමූහ ගායනා


    පොළොව උසුලන දෙවියනේ
    අහස උසුලන දෙවියනේ
    මුහුද උසුලන දෙවියනේ
    නැගෙන ඉර සඳ දෙවියනේ
    අග්නි අසනිය දෙවියනේ
    වැහිවළාවක දෙවියනේ
    මේඝ ඝර්ජන දෙවියනේ
    බලන් මට කල මේ විනේ

    පොළොව පුපුරා පැලීයන්
    අහස ගිනිගෙන දැවීයන්
    සයුරු කැළඹී සැලීයන්
    නැගෙන ඉර හඳ වැසීයන්

    තබන තබන පය ගින්නෙන් දැවීයන්
    වහින වහින වැහි අහසේ සිඳීයන්
    ගහන ගහන හෙණ හිස මත වැටීයන්
    ජාතිත් භවේ ගිනි දැල් මත දැවීයන්
    උපන් උපන් කුමරුන් මතු නැසීයන්
    දියෙන් ගොඩින් ගිනි ජාලා මැවීයන්
    ලෙඩින් දුකින් සංහතියම පෙළීයන්
    නිරන්තරින් බඩසායෙන් මැරීයන්

    පොළොව පුපුරා අහස ගුගුරා දිය දෙබෑකර වරෙල්ලා
    සක්වලින් මුහුදින් ගොඩින් අහසින් සැනින් තොපි වරෙල්ලා
    අෂ්ඨ බන්ධන අග්නි අසනිය ලෝදියත් ගෙන වරෙල්ලා
    අෂ්ඨ මායා අංජනම් කර මේ රජුට විනකරල්ලා...

     
    • Like
    Reactions: Amalka101

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මුදු මොලොක් මල්

    නාට්‍යය-කුවේනි(හෙන්රි ජයසේන)
    මුදු මොලොක් මල්
    ගායනය-නලින් අල්විස්,ඉන්ද්‍රකාන්ති ජයතිලක


    මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
    වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
    ලය පුරා සෙනෙහසිනි අප දෙදෙන වැඩු පෙමින්
    මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
    යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
    මෑණියන් .. පෙවූ .. රුහිරු වෙද

    මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද
    එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
    පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
    රැගෙන ඔබ අප දෙදෙන වනවැදිනි අතරමග
    නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
    නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා

    නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
    පන් දහස් කල් .. එන තුරා හෝ නැවත
    අපි මෙහිම සිටින්නෙමු
    ඔබ නැතිව නොයන්නෙමු
    අපි මෙහිම සිටින්නෙමු
    ඔබ නැතිව නොයන්නෙමු
    මෑණියනි විගසකිනි
    අප රැගෙන යනු මැනවි
    මෑණියනි විගසකිනි
    අප රැගෙන යනු මැනවි



    ~ 14,000 ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මුදු මොලොක් මල්

    නාට්‍යය-කුවේනි(හෙන්රි ජයසේන)
    මුදු මොලොක් මල්
    ගායනය-නලින් අල්විස්,ඉන්ද්‍රකාන්ති ජයතිලක


    මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
    වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
    ලය පුරා සෙනෙහසිනි අප දෙදෙන වැඩු පෙමින්
    මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
    යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
    මෑණියන් මා පෙවූ කිරි දහර රුහිරු විද

    මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද
    එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
    පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
    රැගෙන ඔබ අප දෙදෙන වනවැදිනි අතරමග
    නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
    නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා

    නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
    පන් දහස් කල්ගෙවී එන තුරා හෝ නැවත
    අපි මෙහිම සිටින්නෙමු
    ඔබ නැතිව නොයන්නෙමු
    අපි මෙහිම සිටින්නෙමු
    ඔබ නැතිව නොයන්නෙමු
    මෑණියනි විගසකිනි
    අප රැගෙන යනු මැනවි
    මෑණියනි විගසකිනි
    අප රැගෙන යනු මැනවි




    කලින් දාල තිබ්බ එකේ පද පේලි වල අඩුපාඩු හැදුව :)
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගීතය හොයල දුන්න ශිවන්තටත් පද පේලි වල අඩුපාඩු පෙන්වා දුන් අමාටත් ස්තූතියි. :)

    ඔබ සිහිලැති

    නාට්‍යය - කුවේනි(හෙන්රි ජයසේන)
    ඔබ සිහිලැති
    ගායනය - චිත්‍රා වරකාගොඩ,ජනනාත් වරකාගොඩ


    ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ
    රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ
    මුහුදේ දෙවියන් අහසේ දෙවියන්//
    ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා

    සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ
    නිල්වන් දෙනෙතින් උතුරා
    ගැලු උණුසුම් සෙනෙහස දහරා
    අපමය දුටුවේ අපමය ලැබුවේ//
    පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ

    ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී
    කී සඳ එදින පියාණන්
    ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා
    නොකියා වැළපිළි නොසලා කඳුලැලි//
    දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ//






     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    The thing U R dowing is realy gooooooood:yes::yes::yes:. thanks !!!! i downloaded most of these songs.

    ගීතය හොයල දුන්න ශිවන්තටත් පද පේලි වල අඩුපාඩු පෙන්වා දුන් අමාටත් ස්තූතියි. :)


    නාට්‍යය - කුවේනි(හෙන්රි ජයසේන)
    ඔබ සිහිලැති
    ගායනය - චිත්‍රා වරකාගොඩ,ජනනාත් වරකාගොඩ

    ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ
    රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ
    මුහුදේ දෙවියන් අහසේ දෙවියන්//
    ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා

    සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ
    නිල්වන් දෙනෙතින් උතුරා
    ගැලු උණුසුම් සෙනෙහස දහරා
    අපමය දුටුවේ අපමය ලැබුවේ//
    පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ

    ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී
    කී සඳ එදින පියාණන්
    ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා
    නොකියා වැළපිළි නොසලා කඳුලැලි//
    දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ//
     

    charithmb

    Junior member
  • Dec 5, 2007
    513
    0
    16
    machan meka nam sira wadak.ela ela.digatama karagena yanna machan.dan kale mewwa hoyanna hambenne na.ubala wage porawalla inna eka mewage pawathmata athatama wadagath.mama hoya hoya hitiye mewa.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තල මල පිපිලා

    නා‍ට්‍ය‍ය‍ - තල මල පිපිලා
    තල මල පිපිලා
    ගායනය - ජයලත් මනෝරත්න


    පුතා හදාගන්න බැරිවුන එකේ මම හිතුවෙ මුණුපුරා හැමදාමත් මා ලඟ ඉඳීවි කියල.
    හේතුට මා ලඟ ආදරේ තිබුන,ආරක්ශාව තිබුන,ආශකරන ශිල්ප ශාස්තරේ තිබුන,
    ජීවිතේ පටන්ගන්න හැදුවෙ එතනින්.
    මට මතකයි හේතු පුංචි සන්දියෙ හඳ පානක නුග ගහ මුලට වෙලා කවි සීපද වන්නම් ඉගෙන ගත්තු හැටි.

    ආරා තල් ගස ගොන් වැඩුනාසේ
    මෝරා තල මල එන අන්දන්
    පීරා වරලස අවුල් හරින සේ
    තල මල සුලඟට යන අන්දන්//

    ආරා තල් ගස ගොන් වැඩුනාසේ
    මෝරා තල මල එන අන්දන්
    පීරා වරලස අවුල් හරින සේ
    තල මල සුලඟට යන අන්දන්//

    මමයි දරුව හැදුවෙ.දරුව කැමති මං කියන දෙයක් කරන්ටයි.

    මමයි දරුව වැදුවෙ.දරුව කැමති වෙන්න ඕනෙ මං කියන දෙයක් කරන්න.

    හේතු උඹ පලයං.මව්පියන්ට කීකරු වීම සිංහලයන්ගෙ හොඳ ගතියක්.
    අනගාරික ධර්මපාල උත්තමයත් ඔය කාරණාව කියල තියෙනව.

    පුතා නැතුව කුමටද රජ සැපත දෙවියනේ
    අද සිතාගෙනම ආවේ රජු මරන විලසිනේ
    පතාගෙනම පූරුවෙ පෙර කරුමයකි අනේ........
    පතාගෙනම පූරුවෙ පෙර කරුමයකි අනේ
    මගෙ පුතා ඉතින් නොදැක යාය ප්‍රාණෙ විගසිනේ
    පුතා නැතුව කුමටද රජ සැපත දෙවියනේ
    අද සිතාගෙනම ආවේ රජු මරන විලසිනේ



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    අද ලංකාවෙ


    අද ලංකාවෙ


    අද ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
    ඇන්නෑවෙ අනුවණකං තේරී නෑ මේ වෙනකන්//
    ඉන්නා නිකම්ම නිකං ගුං ගුං තමා//
    ඉන්නා දැන් දුසිරිතියා මම්මා පප්පාද කියා//
    ඔරවන්නා දැන් ඇන්ටි පුප්පන්නා දැන්//
    ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//

    චීස් බටර් හැම් බේකන් සාඩින් ඔම්ලට් කට්ලට් බොහොම රසයි
    ටේස්ට් එකට කන බිස්කට් සාදන එළු සුප් ගව සුප් බොහොම රසයි
    කුකුළා කූ කූ හරකා දෝ දෝ වස්සා උම්බැයි කියති බොලං
    බල්ලා බහු බහු බළලා ඤව් ඤව් ළමයා උංගී කියති බොලං
    පේදුරු පාවුල් ජෝකොබ් ජාකොබ් මේරි ආර්තර් නෝනාලා
    ලැයිසා ලුයිසා එලිසා සමගින් කල්දේරා පෙත්සම්ම ලියයි
    තුඹකරි විලදිග පිපිඤ්ඤ සියඹල තිහව පළාතේ වට්ටක්කා
    බුත්තල ජාඩී වත්තල ඌරෝ මීගමු අලුවා හරිම රසයි
    කෝට්ටෙ දොඩං යස නාවල අන්නසි රත්නපුරේ සොඳ මැණික් තමයි
    උඩරට තේකොල සිරියලෙ දුංකොල යාපනෙ සුරුට්ටු හරිම සැරයි
    නුවර පොල් හොදී කොළඹ මස් කරී කොම්පඤ්ඤ වීදියෙ ඉඳිඅප්පන්
    මොරටුවෙ ලී බඩු පානදුරේ රා කලුතර මැංගුස් හරිම රසයි
    කොස්ගොඩ රට දෙල් බලපිටි බලයන් අම්බලන්ගොඩ පොල් සම්බෝලේ
    කජ්ජම ඉස්සන් කොග්ගල කකුලුවො මාතර කට්ටඬි හරි පුත්තූ

    ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
    ඇන්නෑවෙ අනුවණකං තේරී නෑ මේ වෙනකන්//
    ඉන්නා නිකම්ම නිකං ගුං ගුං තමා//

     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    අද ලංකාවෙ


    අද ලංකාවෙ


    අද ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
    ඇන්නෑවෙ අනුවණකං තේරී නෑ මේ වෙනකන්//
    ඉන්නා නිකම්ම නිකං ගුං ගුං තමා//
    ඉන්නා දැන් දුසිරිතියා මම්මා පප්පාද කියා//
    ඔරවන්නා දැන් ඇන්ටි පුප්පන්නා දැන්//
    ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//

    චීස් බටර් හැම් බේකන් සාඩින් ඔම්ලට් කට්ලට් බොහොම රසයි
    ටේස්ට් එකට කන බිස්කට් සාදන එළු සුප් ගව සුප් බොහොම රසයි
    කුකුළා කූ කූ හරකා දෝ දෝ වස්සා උම්බැයි කියති බොලං
    බල්ලා බහු බහු බළලා ඤව් ඤව් ළමයා උංගී කියති බොලං
    පේදුරු පාවුල් ජෝකොබ් ජාකොබ් මේරි ආර්තර් නෝනාලා
    ලැයිසා ලුයිසා එලිසා සමගින් කල්දේරා පෙත්සම්ම ලියයි
    තුඹකරි විලදිග පිපිඤ්ඤ සියඹල තිහව පළාතේ වට්ටක්කා
    බුත්තල ජාඩී වත්තල ඌරෝ මීගමු අලුවා හරිම රසයි
    කෝට්ටෙ දොඩං යස නාවල අන්නසි රත්නපුරේ සොඳ මැණික් තමයි
    උඩරට තේකොල සිරියලෙ දුංකොල යාපනෙ සුරුට්ටු හරිම සැරයි
    නුවර පොල් හොදී කොළඹ මස් කරී කොම්පඤ්ඤ වීදියෙ ඉඳිඅප්පන්
    මොරටුවෙ ලී බඩු පානදුරේ රා කලුතර මැංගුස් හරිම රසයි
    කොස්ගොඩ රට දෙල් බලපිටි බලයන් අම්බලන්ගොඩ පොල් සම්බෝලේ
    කජ්ජම ඉස්සන් කොග්ගල කකුලුවො මාතර කට්ටඬි හරි පුත්තූ

    ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
    ඇන්නෑවෙ අනුවණකං තේරී නෑ මේ වෙනකන්//
    ඉන්නා නිකම්ම නිකං ගුං ගුං තමා//



    :eek::eek::eek:
     

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    Thank you sooooooooooo much

    Wow Good Work... Oyata Bohoma Sthuthi.

    podi deyak kiyanna ona. noorthi nadagam gee kiuwata wena drama style wala geethath thiyenawa neda. "Natya Gee" Kiyala dammanam hodai neda.

    Kohoma Unath Me wade nam ape natya kalawata wagema ape ratatath Loku sewayak.

    Mamath geetha 108K Download kara gaththa.
    Me Natya karuwanta Digasiri Pathana gaman Me wadeta mahansi wena hamotama Suba pathanawa....

    Api Oba Samagai..... Suba Anagathayak..... BS...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Wow Good Work... Oyata Bohoma Sthuthi.

    podi deyak kiyanna ona. noorthi nadagam gee kiuwata wena drama style wala geethath thiyenawa neda. "Natya Gee" Kiyala dammanam hodai neda.

    Kohoma Unath Me wade nam ape natya kalawata wagema ape ratatath Loku sewayak.

    Mamath geetha 108K Download kara gaththa.
    Me Natya karuwanta Digasiri Pathana gaman Me wadeta mahansi wena hamotama Suba pathanawa....

    Api Oba Samagai..... Suba Anagathayak..... BS...
    ස්තූතියි අදහස් වලට :) ඔව් නූර්ති නාඩගම් කියල දැම්මට ගොඩක් වේදිකා නාට්‍ය ගීත් තියෙනව. දැන් වෙනස් කරන්න අමාරුයි title එක. :rofl: කමක් නැහැ ඒ ඔක්කොම ලස්සනට දුර්ලභ ගීත නිසා.
    :)