කුවේණි-අන්ධකාරෙන්
අන්ධකාරෙන් දුරාතීතේ
අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක්
අන්ධකාරේ සිට කියන්නේ
බොහෝදේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්ධකාරේ
පොලෝ පස් යට උනුන් කදුලැලි
ලෙයත් දහදිය එකට මුසුවී
විජේරත්න වරකාගොඩ සහ හෙන්රි ජයසේන
search ekak dala hambunoth daannanMachan..mae song eka tiyenawada?? "pombule mage pombule "...

මුදු මොලොක් මල්
නාට්‍යය-කුවේනි(හෙන්රි ජයසේන)
මුදු මොලොක් මල්
ගායනය-නලින් අල්විස්,ඉන්ද්‍රකාන්ති ජයතිලක
මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
ලය පුරා සෙනෙහසිනි අප දෙදෙන වැඩු පෙමින්
මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
මෑණියන් මා පෙවූ කිරි දහර රුහිරු විද
මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද
එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
රැගෙන ඔබ අප දෙදෙන වනවැදිනි අතරමග
නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා
නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
පන් දහස් කල්ගෙවී එන තුරා හෝ නැවත
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි




. thanks !!!! i downloaded most of these songs.ගීතය හොයල දුන්න ශිවන්තටත් පද පේලි වල අඩුපාඩු පෙන්වා දුන් අමාටත් ස්තූතියි.
නාට්‍යය - කුවේනි(හෙන්රි ජයසේන)
ඔබ සිහිලැති
ගායනය - චිත්‍රා වරකාගොඩ,ජනනාත් වරකාගොඩ
ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ
රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ
මුහුදේ දෙවියන් අහසේ දෙවියන්//
ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා
සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ
නිල්වන් දෙනෙතින් උතුරා
ගැලු උණුසුම් සෙනෙහස දහරා
අපමය දුටුවේ අපමය ලැබුවේ//
පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ
ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී
කී සඳ එදින පියාණන්
ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා
නොකියා වැළපිළි නොසලා කඳුලැලි//
දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ//
අද ලංකාවෙ
අද ලංකාවෙ
අද ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
ඇන්නෑවෙ අනුවණකං තේරී නෑ මේ වෙනකන්//
ඉන්නා නිකම්ම නිකං ගුං ගුං තමා//
ඉන්නා දැන් දුසිරිතියා මම්මා පප්පාද කියා//
ඔරවන්නා දැන් ඇන්ටි පුප්පන්නා දැන්//
ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
චීස් බටර් හැම් බේකන් සාඩින් ඔම්ලට් කට්ලට් බොහොම රසයි
ටේස්ට් එකට කන බිස්කට් සාදන එළු සුප් ගව සුප් බොහොම රසයි
කුකුළා කූ කූ හරකා දෝ දෝ වස්සා උම්බැයි කියති බොලං
බල්ලා බහු බහු බළලා ඤව් ඤව් ළමයා උංගී කියති බොලං
පේදුරු පාවුල් ජෝකොබ් ජාකොබ් මේරි ආර්තර් නෝනාලා
ලැයිසා ලුයිසා එලිසා සමගින් කල්දේරා පෙත්සම්ම ලියයි
තුඹකරි විලදිග පිපිඤ්ඤ සියඹල තිහව පළාතේ වට්ටක්කා
බුත්තල ජාඩී වත්තල ඌරෝ මීගමු අලුවා හරිම රසයි
කෝට්ටෙ දොඩං යස නාවල අන්නසි රත්නපුරේ සොඳ මැණික් තමයි
උඩරට තේකොල සිරියලෙ දුංකොල යාපනෙ සුරුට්ටු හරිම සැරයි
නුවර පොල් හොදී කොළඹ මස් කරී කොම්පඤ්ඤ වීදියෙ ඉඳිඅප්පන්
මොරටුවෙ ලී බඩු පානදුරේ රා කලුතර මැංගුස් හරිම රසයි
කොස්ගොඩ රට දෙල් බලපිටි බලයන් අම්බලන්ගොඩ පොල් සම්බෝලේ
කජ්ජම ඉස්සන් කොග්ගල කකුලුවො මාතර කට්ටඬි හරි පුත්තූ
ලංකාවෙ කලු සිංහල නාමේ දිරන්නා ජාති ආලේ අඩූ නිසයි//
ඇන්නෑවෙ අනුවණකං තේරී නෑ මේ වෙනකන්//
ඉන්නා නිකම්ම නිකං ගුං ගුං තමා//



ස්තූතියි අදහස් වලටWow Good Work... Oyata Bohoma Sthuthi.
podi deyak kiyanna ona. noorthi nadagam gee kiuwata wena drama style wala geethath thiyenawa neda. "Natya Gee" Kiyala dammanam hodai neda.
Kohoma Unath Me wade nam ape natya kalawata wagema ape ratatath Loku sewayak.
Mamath geetha 108K Download kara gaththa.
Me Natya karuwanta Digasiri Pathana gaman Me wadeta mahansi wena hamotama Suba pathanawa....
Api Oba Samagai..... Suba Anagathayak..... BS...
ඔව් නූර්ති නාඩගම් කියල දැම්මට ගොඩක් වේදිකා නාට්‍ය ගීත් තියෙනව. දැන් වෙනස් කරන්න අමාරුයි title එක.
කමක් නැහැ ඒ ඔක්කොම ලස්සනට දුර්ලභ ගීත නිසා.