SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
සුවඳට මල මෙන් යස හැඩට කැපේ

ලක්‍ෂ්මන් රොඩ්‍රිගෝ / රූපා ඉන්දුමතී
( Original)



(PW Protected)

අහා!

Lightning fast reply ....
Thank you Suranga brother
11.gif
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    password dennam
    Me Uyan There
    Nirmala Ranathunga



    Sina Mal Godak
    Nirmala Ranathunga
    / Sewwandi Ranathunga


    Mama me sinduwa gaththa. Thank you verymuch.

    Budu Saranai!

    සුවඳට මල මෙන් යස හැඩට කැපේ
    ලක්‍ෂ්මන් රොඩ්‍රිගෝ / රූපා ඉන්දුමතී

    ( Original)




    (PW Protected)


    නාමේ නොදිරනා කුණු කය දිරනා
    අරුමෙකි සෝබා සංසාරේ

    (ඒ. එම්. යූ. රාජ්)

    Name Nodirana
    A. M. U. Raj
    - Original



    (PW Protected)


    Ela Ela Me Songs Thika MAmaganna Hadanne...
    Thanks Wewa
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    කවුරු හරි ලඟ නන්දා මාලනියගේ

    "අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..."

    ගීතය තියෙනවද?
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    samantha57126 අයියාගේ ඉල්ලීමක්.

    © Sri Lanka Matha Ma Priyadara Jaya Bhumi - Lata Mangeshkar & Mohideen Beg™
    © ශ්‍රී ලංකා මතා මා ප්‍රියාදර ජය භුමි - ලතා මංගිෂ්කාර් සමග මොහිදින් බේග්™

    යතුරු දමා ඇත


     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    කවුරු හරි ලඟ නන්දා මාලනියගේ

    "අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..."

    ගීතය තියෙනවද?


    දෙන්නම් පුතා... හයි කොලිටි එකක්ම දෙන්නම්..!!
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සුවඳට මල මෙන් යස හැඩට කැපේ
    රූපා ඉන්දුමතී / ලක්‍ෂ්මන් රොඩ්‍රිගෝ
    ( මුල් ගීතයම නෙ‍මෙයි)



    (PW Protected)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුභ උදෑසනක් ඔබ සැමටම!

    නන්දා මාලනියගේ ලස්සන ගීත දෙකක් මේ ....

    1) මල් මල් හීනය සීතල උදයේ
    2) කුරුටු ගෑ ගී පොතේ

    http://www.mediafire.com/download.php?1xyvtm23nld
    pw


    Bro. sinduwa Zip karanne nethuwama pw ekak danna puluwan mediafire wala.
    sindu dekak ekapara zip kalama ganna ayata karadarayak wewi
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    කවුරු හරි ලඟ නන්දා මාලනියගේ

    "අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා ..."

    ගීතය තියෙනවද?



    අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී
    Ada Pamanak Nove - Nanda Malani.



    z_p25-Solo.jpg


    උදා සිහින ජාතිය නිදි කිරා වැටෙන්නේ...
    උදාර කර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...



     
    • Like
    Reactions: sandun thilaka

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී
    Ada Pamanak Nove - Nanda Malani.



    z_p25-Solo.jpg


    උදා සිහින ජාතිය නිදි කිරා වැටෙන්නේ...
    උදාර කර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...




    මිතුර මේක මම ගන්නවා
    බො‍‍හෝම ස්තුතියි:)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    © Neela Kadugate - Raini Charuka n Gayan Perera™
    © නීල කදුගැටේ - රයිනි චාරුකා සමග ගයාන් පෙරේරා™





    ඒ.එල් සහෝදරයා... අන්න නියම සින්දුව...!! මම ගත්තා.... බොහොම පින්...
     

    ගීත ලබා දෙන්ඩ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඕනෑම කෙනකුට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගීතයේ තියෙන වටිනාකම ගැන. ඒ කියන්නේ මේ ගීත‍්‍ය හොයා ගැනීමේ ඇති අපහසුව මත සහ එය ඔබ වෙත ලබා දීමට අප දරනා වෙහෙස ගැන.

    පසුගිය දිනවල ඇඟට පතට නොදැනී විවිධ කතිකාවන් දක්නට ලැබුණා මේ මුර පද වැඩේට විරුද්ධව. බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙක් මේ මුර පද දැමීම ඉතාම පහත් කොට (නොදැනෙන ආකාරයට) දක්වා තිබුණා.

    සමහර අයට අමුතුම මාන්නයක් තියෙනවා මුර පදයක් ඉල්ලලා සිංදුවක් ගන්ඩ බැරි තරමේ.
    මේ හැමෝම කියන්නේ පරිත්‍යාගයක් කරනකොට ඒකට මොකුත් බලාපොරොත්තු වෙන්ඩ එපා කියලා.

    නමුත් මෙතෙන ඉන්න සහෝදර සහෝදරියන් බහුතරයක් ඉතාමත් වෙහෙස වෙලා, මුදල් වැයකරලා තමයි මේ හොයාගන්ඩ අපහසු ගීත හොයා ගන්නේ. සමහර පැරණි ගීත අහන්ඩ පුළුවන් ආකාරයට සංස්කරණය කර ගන්ඩ පැය ගානක් මහන්සි වෙන්ඩ වෙනවා. පරණ කැසට් වලින් ගීත පටිගත කරන්ඩ පවා කොච්චර වෙහෙසෙවාද? මේ ගී මිලදී ගන්ඩ කොතරම් මුදලක් මේ අය වැයකරලා තියෙනවාද. ඉතිං මෙච්චර මහන්සි වෙලා හොයා ගන්නා ගීත අපේ මේ සහෝදර සහෝදරියන් කිසිම ලෝබ කමක් නැතුව ඕනෑම කෙනෙකුට ලබා දෙනවා.

    පැහැදිලිව මම නැවත වරක් කියා සිටින්නේ මෙහිදී අප සිදු කළේ ගීත ලබා දීම සීමා කිරීම හෝ තෝරා ගත් අයට ලබා දීම නෙමෙයි. මේක හැමෝම තේරුම් ගන්ඩ ඕනේ. (මේ කියන අය මේකටත් වැරදි අදහසක් දක්වනවා.

    අප සිදු කළේ අවශ්‍යතාවය ඇති කෙනාට පමණක් ගීතය ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. මෙහිදී මේ කෙනා අළුත් ද පරණද යන්න හෝ මෙතෙන්ට ගීත ලබා දෙන කෙනෙක්ද කියන එක් අපට වැදගත් නෑ. අප ඔවුන්ගේ අවශ්‍යතාවය ඒ අයුරින්ම ඉටුකර තිබෙනවා. මුර පද දැම්මා කියා කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදුව නැති බවත් කියන්ඩ පුළුවන්. (හොරෙන්ම ගීත අරන් ගිය අයට නම් මේක ප්‍රශ්නයක්)
    මටනම් ‍තේරෙන විදියට මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ගියේ මෙතනින් හොයා ගන්ඩ ඉතාම අපහසු ගීත ලබා ගන්ඩ පුළුවන් වුණ නිසයි. එහොම නැතුව ඔය ඉන්ටනෙට් එකෙන් කොහොන් හරි අරන් මේකේ දාපු සිංදු නිසා නෙවෙයි. එහෙම වුනා නම් මේක වැහිලා හුඟක් කල්.
    ඉතිං කිසිම ආර්ථික ලාබයක් නොලබා, තම කාලය, ශ්‍රමය , මුදල් වියදම් කරමින්අපේ සහෝදර සහොදරියන් කරනා මේ කැපකිරීම මුර පදයක් යෙදූ සැනින් මෙසේ විවිධ ආකාරයේ මඩ ගැසීම් වලට ලක්වූයේ කෙසේදැයි මට නම් හිතා ගන්ඩ බෑ.

    ගීතයක් ලබා ගෙන ස්තුතියි කියන වචනය ටයිප් කරන්ඩ බැරි අය මේ මුර පද වැඩේට විරුද්ධව කොච්චර නම් ලියන්ඩ ඇත්ද ? මුරපද දාන එක අයින් කර ගන්ඩ කොච්චර මහන්සි වෙනවද.
    අනේ මන්ද මෙහෙමත් මිනිස්සු..............:shocked::shocked::shocked:
    ඒක නිසා අපටත් තියෙන්නේ පැත්කට වෙලා බලාගන ඉන්ඩ තමයි. අතින් කාලා හරක් බලන්ඩ ඕනේ නෑනේ

    මගේ ආදරණීය මිත්‍රයාට නම් මේ ගැන කියන්න දෙයක් ඇත්තෙම නෑ.ගීත වල වටිනාකම-ඒවා දෙන්න වෙන වෙහෙස ගැන අපි කතා කරලා තියන නිසා.මගේ අදහස් වරදවා තේරුම් ගත්තා යැයි මා සිතන්නේනෑ.එනිසයි ප්‍රතිචාරයක් වත් එකතු නොකලේ.KHzසොයුරා මා ගැන සඳහන් කර ඇති නිසයි මේ සටහන තියන්නේ.අඟුලක් දැමීම(ව්‍යාපාරිකයන්ගෙන් බේරා ගැනීමට පමණක්-පාස්වර්ඩ් ම නොවේ) ගැන මුල්ම අදහස ගෙනාවේ මම.ඉතින් එහෙව් කොට මා මේ වැඩ පිළිවෙලට විරුද්ධ යැයි යමෙක් වරදවා වටහා ගැනීම බොළඳ තර්කයක්.මට ලක්‍ෂ වාරයක් කිව්වත් කියන්න ඇති එකම දේ මේ වැඩෙන් ඒ අරමුණ ඉටුවෙන්නෙ නෑ කියන එකයි.ඉල්ලන අයට (කාට නමුත්)දෙනවානම් එතන ඇති ආරක්‍ෂාව මොකද්ද?.සිදුවන එකම දෙය මහන්සිවෙලා සිංදුව දීපු කෙනා තව තව කරදර වැඩිකරගනිමින් pm බලමින්-උත්තර යවමින්password ලිස්ට් හදමින් දුක්-වැඩ වැඩිකර ගන්න එක විතරයි. මේක ඇතුළෙන් කරන්න ඕන දෙයක් කියන මතය මිස අප ආදරණීය මිතුරන් දැනට කරගෙන යන පිළිවෙල දැනට ඔවුන්ට කලහැකි එකම දෙය හා තමන්ගේ දෙය ගැන තමන්ට ඇති අයිතිය ගැන මගේ විවාදයක් ඇත්තෙම නෑ.(මට මේ ගැන නැවත ලියන්න දෙයක් නැත)
    ක්වෝට් කරලා කියන්න පුරුදු උනා නම් තමා හොද එතකොට උත්තර දෙන්න ලේසී නෙ
    මේකට උත්තරේ මන් මගෙ බ්ලොග් එකේ පෝස්ට් කරලා ඇති යාළු ( ලින්ක් එක ඇති දකුණු කොණේ) :D මොකෝ කියන්නෙ :P
    (ත්‍රෙඩ් එකේ නැතිව බ්ලොග් එකේ පෝස්ට් කළේ වඩා හොදට ;)මන් වැඩිය මේකේ ඔවා කතා කරන්න කැමති නෑ ඒ මේ ත්‍රෙඩ් එක Music ත්‍රෙඩ් එකක් මිසක් Discussion ත්‍රෙඩ් එකක් නොවන නිසා )

    අපි ඕනි කෙනෙක්ට තමන් කැමති ඕනි ම විදිහකට මේකට දායක වෙන්න අවසර තියෙනවා ....
    අපිට ඒකට එපා කියන්න කිසිම අයිතියකුත් නෑ එහෙම කියන්නත් බෑ :D මන් මේ ත්‍රෙඩ් එකේ වැටිච්ච අමිල අයියගේ පෝස්ට් එකකට රිප්ලයි කරලා මගේ මතය කිව්වා එච්චරයි
    ඉතින් ඒකට වැටෙන් පෝස්ට් වලට රිප්ලයි කළා

    යාළුවන් ගෙ සිත් රිදුනා නම් සමා
    ඒත් කිව යුතු දේ කොහේ උනත් කිව යුතුයි
    පෝස්ට් 50 000 තිස්සෙ පවත්වා ගත් සම්ප්‍රදාය ගහෙන් ගෙඩි එන්න වගේ වෙනස් වූ විට ඕනිම කෙනෙකුට පුදුමයක් ඇති වෙනව නෙ

    ඔබ වැරදි යමක් කියා ඇති බවක් මට නම් පෙනෙන්නේ නෑ.මේක කාගෙවත් බූදලයක් නොවේ.අලුතෙන් එකතුවෙන අයට හැමවිටම මා කියන්නේ අද අප වගේම හෙට තව පිරිසක් මේ වැඩේ කරගෙන යාවී.හැකි තරමින් මෙය පෝෂණය කරගෙන යමු කියන එකයි.අඩුතරමේ මධු වත් මේක තමන්ගේ කියා කරගහගෙන- බදාගෙන-වැට කඩොළු දාගෙන හිටියානම් මේක තවත් එක් ත්‍රෙඩ් එකක් විතරයි.(මෙතුවක් දුර මේක ඇදගෙන ආව අයට නිසි සැළකිල්ලක්-ගෞරවයක් ලැබෙනවාද කියන එක නම් ???.අනිත් අතට නොලැබෙන දෙයක් (වචනයෙන් හෝ)ගැන අඩා පාලි කීමෙන් ඇති ඵලයකුත් නෑ,මොකද මේක සේවයක් නිසා.)

    මල්ලි මෙතැන වැදගත් දෙය පුළුවන් උපරිමයෙන් අපි ජනතා සේවයට කැප වීමනේ..ඉතිං ඔය වගේ අවස්ථාවලදී මතුවන ගැටළුවලට හිත කඩා ගත්තොත් එහෙමත් නැත්නම් වට්ට ගත්තොත් අපේ වගකීම අපි පැහැර හැරියා වෙනවා..
    ඔබට ජය!!
    ඔබ නිවැරදියි ! අප කරන්නේ ජනතා සේවයක් නම් එතනදී ගැරහුම් අලාභ හානි පාඩු විය හැකියි.
    [/QUOTE]

    මචන් මටත් අවශ්‍ය නෑ අපේ කට්ටිය එක්ක ප්‍රශ්න ඇති කරගන්න අපි හැමෝම මැරෙන මිනිස්සු : අනිත්‍ය:
    බලන්න මම මේ ත්‍රෙඩ් එකේ දැම්ම මුල්ම රිපලයි එක අහිංසකව මම මගේ මතය කිව්වා විතරයි
    ඉතින් ඒක නොවැදගත් බොරු එකක් නම් ඒක Ignore කරලා ඉන්න තිබ්බා ... ඇයි ඒකෙම එල්ලිලා ගියේ ??? ... ඉතින් ඒකට මගෙත් ප්‍රශන ඇහුවම මට උත්තර දෙන්න වෙනවා
    ඔයා අර පුදගලයා ලියලා තිබ්බ එක ගැන කතා කරන් නැත්තෙ ඇයි ??? මටත් අනිත් අයට වගේ මතයක් දරන්න බැරිද ... අපි හැමෝම ඉන්නෙ කරන කරන දෙයට එහෙයි එහෙයි කියන්න නම් ඒ වැඩේ ප්‍රගතියක් තියෙයිද
    ඒකෙ තිබ්බා සින්දු දාන අයට මඩ හැහුවළු ... කොහෙන් හරි රෙද්දකින් සින්දුවක් අරන් මෙතන පෝස්ට් කරනවළු ... දාන්නෙත් ඕනි කෙනෙකුට හොයාගන්න පුළුවන් ඒවාළු ෆේක් ID ළූ :ඔව් ඇත්ත වෙන්නැතී: අපිට රෙකෝඩ් බාර් නෑ නෙ අමාරුවෙන් සල්ලි දීලා ගන්න දෙයක් තමා .. නැත්තන් මේ ත්‍රෙඩ් එකෙන් හොයා ගත්තු යමක් විතරයි : අහිංසක හසරැල්:
    ඒ පුදගලයා ළඟ විතරනෙ මුළු විශවයේම ඔක්කොම ගීත තියෙන්නෙ ඉතින් :දෙපැත්තෙන්ම හිනා:
    මන් කාටවත් බල කළේ නෑ නෙ ... ඒක මගේ පෝස්ට් තුනේම අවධාරණය කරලා තියෙනවා
    ඒ වගේ රිප්ලයි එකක් දැකල ඔයා නොදැක්ක වගේ ඉන්නවද ???
    බ්ලොග් කිව්වෙ එළකිරි බ්ලොග් ඒක එළකිරි එකේම කොටසක්
    වැරැද්දක් තියේනම් රිප්ලයි කරන්න සාක්ච්ෂා කරන්න හොදම තැන
    ඒකට බය වෙන්න ඕනි නෑ
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න මගේ යාළුවෝ වෙනුවෙන් මන් මේ ගැන මීට වඩා දෙයක් මෙතන ලියන්නෙ නෑ .. කියන දෙයක් බ්ලොග් එකේ කියන්න
    දයාබර මිතුර !ඔබගේ ආවේගය පැහැදිලියි.මම හිතන්නේ මෙතන ඉන්න අය මේක තමන්ගේම ජීවිතයේම දෙයක් තරමට ආදරෙන් හිතන එකයි-ඒ කැපවීමයි නිසා ඔවුන් සමහර අයට ලොකු සිත්වේදනාවක් දැනීම ස්වභාවිකයි.මින් මතු මා නම් මේ සම්බන්‍ධව යමක් ලියන්නෙ නෑ.ඔබ වගේම එළකිරි එකේමේ ත්‍රෙඩ් එකටත් වඩා පැරණි අයටත් මේ ගැන විවේචන තිබෙන බව පැහැදිලියි.ඉඳින් ඔවුන්ගේ දෙ ඔවුන්ට කැමති අයුරකින් කරගෙන යාමේ ස්වාධීන අයිතියට අප ගරුකරමු.
    (මේ සම්බන්ධව මා මීට ඉහත දැක්වූ අදහස් දෙකක් පහත දක්වන්නේ මීට වඩා යමක් මතුවට මා නොලියන නිසාත් -මගේ අදහස ගැන ව්‍යාකූල හැඟීමක් ඇති නොවීම වළක්වීම පිනිසත් පමණි.)
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී
    Ada Pamanak Nove - Nanda Malani.
    උදා සිහින ජාතිය නිදි කිරා වැටෙන්නේ...
    උදාර කර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...





    Ela Ela machan Mamatha Gattaha
     
    (මෙහි මුල් කොටසටම (5164 පිටුව)යා කිරීමට නොහැකි වූ හෙයින් මෙය වෙනම එක් කිරීමට සිදුවිය).බොහොම ස්තුතියි ! අය්යල මේ දුලබ ගීත රැකගනිමින්, බෙදාදෙමින් කරන්නේ අමිල සේවයක්.මේ සමහර ගීත අන්තර්ජාලයේ හෝ මුදලට වත් ගන්න දැන් නෑ.එවක මේ ශිල්පීන් ඉතා දුකසේ නිර්මාණය කල දේවල් අද කලුකඩ කාරයෝ අයිති කරගෙන තමන්ගේ බූදලයක් වගේ මුදලට විකුණන යුගයක තම කාලය-මුදල්-ශ්‍රමය වැය කරමින් ජීවිතේ කිසිදාක නොදුටු, අඩුතරමේ සතුටවත් ප්‍රකාශ නොකර යන අකෘතඥ මිනිසුන්ට පවා ගත හැකි ලෙස පාස්වර්ඩ් එකක්වත් නොදමා කෙලින්ම අන්තර්ජාලයට මුදා හරින්නේ පරිත්‍යාගශීලි බව මොනවට කියා පාමින්.
    ගිය සතියේ දවසක වාහනේ යද්දී ගුවන්විදුලි නාළිකාවක ඇහුනා,බහුතරයක් සමාජයේ දැන් හැඟීමක් තියනවා එළකිරි අඩවියේ ඉල්ලපු දුලබ ගීතයක් නොලැබුනොත් ඒක ගන්න වෙන්නේ මුදලාලි කෙනෙක්ගෙන් තමයි කියලා.(සමහර ගීත අඩංගු තැන් කීපයක්ම සඳහන් වුවත්)එම පුද්ගලයා ඉතා ප්‍රශංසාත්මකව කතා කලේ අඩුතරමේ වෙළඳ දැන්වීමක්වත් නැති සේවාවක් කියලයි.
    සමහර විට මෙබඳු අඩවියක් නොතිබුනානම් සමහර ගීත අතුරුදන් වී යන්නත් ඉඩ තියනවා.මොකද,අහලා නැති,අහන්න-පෙනෙන්න නැති දෙයක් පවතින්න පාදමක් නැති නිසා.අනිත් අතට මෙබඳු ගුනාත්මක ගීත යළි සමාජගත කිරීම ම රසභාව හඳුනන ප්‍රබුද්ධ යුගයක් නැවත බිහිවීමට මහත් පිටුවහළක්.
    සමහර තැනක -සමහර විටක සිංදුව ඉල්ලපු ,ලබාගත් කෙනාගෙන් වත් වචන මාත්‍රයක තරමේ හෝ දිරිගැන්වීමක්,ප්‍රශංසාවක් නොලැබෙන විට දැඩි පසුබෑමක්,කළකිරීමක් ඇතිවීම පුදුමයක් නොවේ.එසේවුවද මෙහි ඵල නෙළන්නේ ගීතය ඉල්ලූ කෙනා පමණක් නොවන බව අපගේ ගීත ගබඩා කල තැන්වලට ආ ගිය සිය ගනනින් වූ ආගන්තුකයන්ගෙන් මොනවට පැහැදිලියි.(මගේ නම් මිඩිෆෙයා එකවුන්ට් එකම කොල්ලකාලා තිබුනා)
    යළි යළිත් ඔබ ඇතුළු සිංදු අසපුවේ හැමෝම පරිසමාප්ත අරුතින්ම කරන්නා වූ මේ අමිල වූ සතුටු දානයමය පුන්‍යකර්‍මය සදාකාලයෙන් සදාකාලයට පවත්‍වා ගෙන යාමටත්,නව පරපුරක් සවිබල ගැන්වීමටත් සියළු සවිබල ලැබේවායි හදවතින්ම ප්‍රාර්‍ථනා කරමි.

    (මෙහි තව පැත්තක් ඇති බව නොකියාම බෑ.මෙතනින් ඉතා දුර්ලභ සිංදු හොයාගෙන වෙනත් අඩවි වලට ගොස් වීරයෝ වගේ ඒ සිංදු බෙදලා දෙනවා.නමුත් ඒ අඩවි වල සිංදු ගන්න ඕන නම් ෆෝස්ට් එක දැම්ම කෙනාගෙන් හෝ පාලකයාගන් පාස්වර්ඩ් එක ඉල්ලලා දහ වැඳුම් වඳින්න ඕන.මේ
    Quote:
    Originally Posted by ninenet9
    :lol:ප්‍රසිද්ධ වැසිකිලියකට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැති මිනිස්සු ඉන්න රටක මේ ගැන කතා කරලා වැඩක් නෑ:lol:

    නියම කථාවක් ශම්මි.

    මම මෙච්චර කාලයක් කාටවත් නොදී තියාගෙන හිටපු වටිනා කියන සිංදු සහ එලකිරි අපේ අය දාලා තිබුණ වටිනා හොයාගන්ඩ ආමාරු සිංදුත් එක්කම රොකෝඩ් බාර් එකක mp3 කරලා විකුණනව මට හම්බ වුනා. අපි මේවා මෙච්චර වියදම් කරලා මහන්සිවෙලා දාන්නේ කාටවත් සල්ලි හම්බ කරගන්ඩ නෙමෙයිනේ.

    කැමති අයට අරන් අහන්ඩ. මම ටිකක් හොයලා බැලුවා මේ ගැන. මෙයාලා කවදාවත් එළකිරි එකට ලොග් වෙලාවත් නෑ. ඒත් මේකේ තියෙන සිංදු ඕනෑම කෙනෙකුට කිසිම අවසරයකින් තොරව ගන්ඩ පුළුන්නේ. මට මේ සිංදු ටික දැක්කහම පුදුම දුකක් හිතුනේ අපිනේ දන්නේ මේ හොයන්ඩයි. Upload කරන්ඩයි කොච්චර දුක්විඳිනවද කියලා.


    ඒක නිසා මම නම් PW දාන එක හොඳ වැඩක් විදියට තමයි හිතන්නේ.

    අපිට සිංදුවක් අප් කරලා ඒක ලස්සනටහදලා නම විස්තරය දාලා එළකිරි එකේ දාන්ඩ පුළුවන්නම්. ඒක ගන්න කෙනා ටිකක් මහන්සිවුනාම මොකද.

    දැන් වෙලා තියෙන්නේ ඕනේ එකෙක් එනවා ගන්නවා යනවා.. පස්සේ ශම්මි කිව්වා වගේ වෙන වෙන තැන්වලත් දානවා. අන්තිමට අපි ඔටුවෝ වගේ බලාගෙන ඉන්නවා


    ඔව් සුරංග. අඩුම තරමේ,
    1- මෙතන නැති ගීත 10ක්වත් දෙන කෙනෙකුට
    2-මාසයක වත් සාමාජිකත්‍වය තියන කෙනෙකුට
    3-හරවත් ෆෝස්ට් 10ක්වත් දාපු කෙනෙකුට විතරක් මෙතනට ඇතුල්වෙන්න පුළුවන් වගේ, දෙයක්වත් කරනවා නම් හොඳයි කියලයි මගේ පුද්ගලික මතය.
    ස්තුති කිරීමක් විතරක් නම් කොහෙත්ම ප්‍රමාණවත් නෑ.
    මේ සම්බන්‍ධව පාලක වරයාගේ අවධානයට යොමු කරනවා නම් හොඳයි.
     
    Status
    Not open for further replies.