SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Oygolan awruhari laga thiyenawada me song eka.

    Shri Lanka.............. Heladiwa -mata mathaka hetiyata originaly Latha Mangeskar,Sada sulan film eke. thiyenawanam denna . godak pin.

    Subha dawasak wewa!
    Budu saranai!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මට හැමදෙනාටම කාරණාවක් කියන්ඩ තියෙනවා.

    ‍අපේ සහෝදර සහෝදරියන් ලබා දෙන ගීත වලට මුර පද යෙදීම සම්බන්ධයෙන් විවිධ අයගේ විවිධ අදහස් තිබෙන බවත් පසුගිය කාලේ දක්වා තිබුණ අදහස් වලින් පැහැදිලි වුණා.

    ගීත ලබා දෙන්ඩ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඕනෑම කෙනකුට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගීතයේ තියෙන වටිනාකම ගැන. ඒ කියන්නේ මේ ගීත‍්‍ය හොයා ගැනීමේ ඇති අපහසුව මත සහ එය ඔබ වෙත ලබා දීමට අප දරනා වෙහෙස ගැන.

    හුඟ දෙනෙක් දැන් අළුතින් මේ ත්‍රෙඩ් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම ඒක හොඳ නැඹුරුවක්. ඒ අයත් උත්සහා කරනවා තමන් ලඟ තියෙන සිංදු මේ ත්‍රෙඩ් එකට දාන්ඩ. ඒක බොහෝම හොඳ දෙයක්. ඒ අයත් මේ ජනතා සේවයට කැපවීම ගැන හරිම සතුටුයි.

    පසුගිය දිනවල ඇඟට පතට නොදැනී විවිධ කතිකාවන් දක්නට ලැබුණා මේ මුර පද වැඩේට විරුද්ධව. බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙක් මේ මුර පද දැමීම ඉතාම පහත් කොට (නොදැනෙන ආකාරයට) දක්වා තිබුණා.

    මේ සඳහා ඉතාම සූක්ෂම උපක්‍රම භාවිතා කර තිබුණා. එකම කෙනා වෙනත් නම් වලින් පැමිණ විවිධ ආකාරයේ ප්‍රකාශ කිරීම. මෙහිදී එකම වෙලාවේදී එකම කෙනා නම් කිහිපයකින් සම්බන්ධව සිටින බවත් අපට පැහැදිලිව දක්නට තිබුනා. දැන් මේ අය සිදුකරන්නේ එයා කොහෙන් හරි ගත්ත සිංදු ටිකක් අරගෙන ඒවා මේකට දාලා හැම වෙලේම ඒකට අදහස් දක්වලා විවිධ ඉඟි මඟින් අපේ සහෝදර සහෝදරියන්ගේ මේ මුර පද සම්බන්ධයෙන් ඇති එකමුතු බව බිද වැට්ටවීමට මේ හැමෝම කරලා උත්සහා කරන්නේ. දැන් කිහිප දෙනෙක් මේකට එකතු වෙලා.

    සමහර අයට අමුතුම මාන්නයක් තියෙනවා මුර පදයක් ඉල්ලලා සිංදුවක් ගන්ඩ බැරි තරමේ.

    අපේ සහෝදර සහෝදරියන්ගේ මේ උතුම් ජනතා සේවයෙන් ලබා ගත් අයුතු ප්‍රයෝජන නැවතත් ලබා ගැනීමටයි කියලා මට හිතෙන්නේ.

    මේ හැමෝම කියන්නේ පරිත්‍යාගයක් කරනකොට ඒකට මොකුත් බලාපොරොත්තු වෙන්ඩ එපා කියලා.

    මම උදාහරණයක් දෙන්නම්,
    හැමෝම වගේ දන්සැල් වලට ගිහින් තියෙනවානේ දන්සැලේ ඒ අය කරන්නෙත් විශාල කැප කිරීමක් වගේම විශාල මුදලක් වැය කරලා තමයි මේ පරිත්‍යාගය කරන්නේ. ඉතිං දන්සැලකට අපි ගියාම අපිට ඕනේ විදියකට හැසිරෙන්ඩ පුළුවන්ද? එතනත් නීතිරීති පද්ධතියක් තියෙනවා නේද?. අපිට හදිස්සි තිබ්බට යනකොටම කාලා එන්ඩ බෑනේ. ආපු පිළිවෙලට තමයි පෝලිමේ ඉඳලා කන්ඩ වෙන්නේ. පොලිං පනින්ඩ බෑ. ඔය විදියට මොනවා හරි නීති තියෙනවානේ. ඉතිං ඒ වගේ දෙයක්වත් තේරුම් ගන්ඩ බැරි සමහර අය ඒ වගේ තැන්වලටත් ගිහිල්ලා මෙතන කියන කතාව කිව්වොත් වෙනදේ හිතා ගන්ඩ පුළුවන්නේ.

    මෙතනදී වෙන්නේ ඒක තේරුම් ගන්ඩ බැරිකමකුත් නෙමෙයි මටනම් හිතෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය වුනානම් අනිකාට මොන දේ වුනත් කමක් නෑ කියන අදහස. ‍

    මිමැස්සා, සිංහල මියුසික්, මියුරු ගී වලින් වගේ හෝ වෙනත් තැන් වලින් සිංදු අරන් දාන එක ඕනෑම කෙනෙකුට කරන්ඩ පුළුවන් හරිම ලේසි වැඩක්. ඉතිං අනිත් අයට ඒ වෙබ් අඩවි සොයා ගන්ඩ බැරිනම් ඒක කමක් නෑ. ඉතිං එහෙම අරන් දාන සිංදුවලට ඒ දාන කෙනාට කිසිම අගයකුත් නෑ. ඔය නිකම් ඉන්ටනෙට් එකේ සර්ච් කරා. ඩවුන්ලෝඩ් කරා දැම්මා. එකම අයම දිගට හරහාට මේවට අදහස් දක්වන ගමන් ඉතාම දුර්ලභ සිංදු වෙහෙස මහන්සි වී ලබා දෙන අයට, මුර පද දාන අයටත් වැරදි ආකාරයේ ඉඟි පළ කරනවා.

    නමුත් මෙතෙන ඉන්න සහෝදර සහෝදරියන් බහුතරයක් ඉතාමත් වෙහෙස වෙලා, මුදල් වැයකරලා තමයි මේ හොයාගන්ඩ අපහසු ගීත හොයා ගන්නේ. සමහර පැරණි ගීත අහන්ඩ පුළුවන් ආකාරයට සංස්කරණය කර ගන්ඩ පැය ගානක් මහන්සි වෙන්ඩ වෙනවා. පරණ කැසට් වලින් ගීත පටිගත කරන්ඩ පවා කොච්චර වෙහෙසෙවාද? මේ ගී මිලදී ගන්ඩ කොතරම් මුදලක් මේ අය වැයකරලා තියෙනවාද. ඉතිං මෙච්චර මහන්සි වෙලා හොයා ගන්නා ගීත අපේ මේ සහෝදර සහෝදරියන් කිසිම ලෝබ කමක් නැතුව ඕනෑම කෙනෙකුට ලබා දෙනවා.

    මෑතකදී සිට මේ ගීත ලබා දීමේ පිළිවෙලේ වෙනසක් බොහෝ අය සිදු කළා. (අදාල සිදුවීම් පසු පිටුවල සවිස්තරාත්මකව විස්තර කර ඇත)

    පැහැදිලිව මම නැවත වරක් කියා සිටින්නේ මෙහිදී අප සිදු කළේ ගීත ලබා දීම සීමා කිරීම හෝ තෝරා ගත් අයට ලබා දීම නෙමෙයි. මේක හැමෝම තේරුම් ගන්ඩ ඕනේ. (මේ කියන අය මේකටත් වැරදි අදහසක් දක්වනවා.

    අප සිදු කළේ අවශ්‍යතාවය ඇති කෙනාට පමණක් ගීතය ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. මෙහිදී මේ කෙනා අළුත් ද පරණද යන්න හෝ මෙතෙන්ට ගීත ලබා දෙන කෙනෙක්ද කියන එක් අපට වැදගත් නෑ. අප ඔවුන්ගේ අවශ්‍යතාවය ඒ අයුරින්ම ඉටුකර තිබෙනවා. මුර පද දැම්මා කියා කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදුව නැති බවත් කියන්ඩ පුළුවන්. (හොරෙන්ම ගීත අරන් ගිය අයට නම් මේක ප්‍රශ්නයක්)


    මටනම් ‍තේරෙන විදියට මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ගියේ මෙතනින් හොයා ගන්ඩ ඉතාම අපහසු ගීත ලබා ගන්ඩ පුළුවන් වුණ නිසයි. එහොම නැතුව ඔය ඉන්ටනෙට් එකෙන් කොහොන් හරි අරන් මේකේ දාපු සිංදු නිසා නෙවෙයි. එහෙම වුනා නම් මේක වැහිලා හුඟක් කල්.

    ඉතිං කිසිම ආර්ථික ලාබයක් නොලබා, තම කාලය, ශ්‍රමය , මුදල් වියදම් කරමින්අපේ සහෝදර සහොදරියන් කරනා මේ කැපකිරීම මුර පදයක් යෙදූ සැනින් මෙසේ විවිධ ආකාරයේ මඩ ගැසීම් වලට ලක්වූයේ කෙසේදැයි මට නම් හිතා ගන්ඩ බෑ.

    ගීතයක් ලබා ගෙන ස්තුතියි කියන වචනය ටයිප් කරන්ඩ බැරි අය මේ මුර පද වැඩේට විරුද්ධව කොච්චර නම් ලියන්ඩ ඇත්ද ? මුරපද දාන එක අයින් කර ගන්ඩ කොච්චර මහන්සි වෙනවද.

    අනේ මන්ද මෙහෙමත් මිනිස්සු..............:shocked::shocked::shocked:

    ඒක නිසා අපටත් තියෙන්නේ පැත්කට වෙලා බලාගන ඉන්ඩ තමයි. අතින් කාලා හරක් බලන්ඩ ඕනේ නෑනේ
    ක්වෝට් කරලා කියන්න පුරුදු උනා නම් තමා හොද එතකොට උත්තර දෙන්න ලේසී නෙ
    මේකට උත්තරේ මන් මගෙ බ්ලොග් එකේ පෝස්ට් කරලා ඇති යාළු ( ලින්ක් එක ඇති දකුණු කොණේ) :D මොකෝ කියන්නෙ :P
    (ත්‍රෙඩ් එකේ නැතිව බ්ලොග් එකේ පෝස්ට් කළේ වඩා හොදට ;)මන් වැඩිය මේකේ ඔවා කතා කරන්න කැමති නෑ ඒ මේ ත්‍රෙඩ් එක Music ත්‍රෙඩ් එකක් මිසක් Discussion ත්‍රෙඩ් එකක් නොවන නිසා )

    අපි ඕනි කෙනෙක්ට තමන් කැමති ඕනි ම විදිහකට මේකට දායක වෙන්න අවසර තියෙනවා ....
    අපිට ඒකට එපා කියන්න කිසිම අයිතියකුත් නෑ එහෙම කියන්නත් බෑ :D මන් මේ ත්‍රෙඩ් එකේ වැටිච්ච අමිල අයියගේ පෝස්ට් එකකට රිප්ලයි කරලා මගේ මතය කිව්වා එච්චරයි
    ඉතින් ඒකට වැටෙන් පෝස්ට් වලට රිප්ලයි කළා

    යාළුවන් ගෙ සිත් රිදුනා නම් සමා
    ඒත් කිව යුතු දේ කොහේ උනත් කිව යුතුයි
    පෝස්ට් 50 000 තිස්සෙ පවත්වා ගත් සම්ප්‍රදාය ගහෙන් ගෙඩි එන්න වගේ වෙනස් වූ විට ඕනිම කෙනෙකුට පුදුමයක් ඇති වෙනව නෙ

     
    Last edited:

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    gd mornin everybody............
    mata "Suraliyaka wage ruwinaa, age gathi guna hari aganaa, madu rasa bonnam, nithi surakinnam oya kamathida ran ethana," song eka denawada
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    Kap Suwahaskal
    Nanda Malini




    බොහොම ස්තූතීයි මේ ගීතය ලබා දුන්නාට!!!

    Thanks!!!


    මට තව ගීතයක් හොයාගන්න ඕන

    Deno dahak gewasena sarasaviyaka

    මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන එක මා ළග තියෙනවා පුලුවන්නම් රනිල් මල්ලවආරච්චි කියන එකක් ලබා දෙන්න

    බොහොම ස්තූතීයි!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉතාම ලස්සන පද මාලාවක් වගේම හැඟීම්බර ගායනයක්. මේ ගීතයේ ලස්සන පසුබිම් කතාවකුත් තියෙනවා.

    සොළී ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය අතහැර පොළොන්නරුව වෙත ප්‍රභූන් සංක්‍රමණය වීමෙන් පසුව අනුරාධපුරයේ සිද්ධස්ථාන වල් බිහි වී ගොස් තිබෙනවා. ශ්‍රී මහා බෝධියේ දළු කෑමට එන වල් අලින් අතින් බෝධින් වහන්සේ මුළුමනින් ම විනාශ වන තත්වයක් තිබුනා ලු.

    නුවර කලාවියේ සාමාන්‍ය ජනයා බෝධීන් වහන්සේ තනි කරලා නැහැ. සෑම නිකිණි පෝ දිනකම ගම් නියම්ගම් වල ජනයා දරමිටි හිස තියාගෙන සිරි මහ බෝ මළුව වෙත ඇවිත් තියෙනවා. (මේ සිරිත දැනටත් "දරමිටි පෙරහැර" ලෙස සංකේතවත් වෙනවාලු ) මෙසේ රැස් කර ගත් දර වලින් ගිනිමැල ගසමින්, වල් අලින් ගෙන් බෝධීන් වහන්සේ රැක ගැනීම ඔවුන් බොහෝ කාලයක් මුළුල්ලේ කරලා තිබෙනවා.

    මෙසේ රැක ගත් බෝධීන් වහන්සේ වටා වැටක් බැඳීම උන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යයි සාධාරණීකරනය කළ හැකි වුණත්, එතන දේවාලයක් හදලා, කපුවෙකු යාතිකා කිරීම සඳහා පත් කිරීම කොහොමද බුදු බණට එකඟ වෙන්නේ? උන් වහන්සේ දෙසුවේ "අත්තාහි අත්තනො නාථො - කොහි නාථො පරොසියා" කියලා නේ!


    මේ ගීතය ගැන විස්තරය ලබා දුන්නාට
    බොහොම ස්තූතීයි!

    මමත්, එතන දේවාලයක් හදලා කපුවෙකු යාතිකා කිරීම නම් අනුමත කරන්නෙ නෑ.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් මචං. උඹ කියනදේත් හරියටම හරි. ඒ වුනාට මටනම් දැන් එපා වෙලයි තියෙන්නේ....

    මමත් දිගටම PW දානවා. ඕනේ කෙනෙක් PM කරොත් මම ඒක දෙනවා. කිසිම භේදයක් නෑ.

    හැබැයි අපේ චැට් බාර් එකේ ප්‍රශ්නෙත් තාම විසඳිලා නෑ. ඒකත් ලොකුම ප්‍රශ්නයක් තමයි මචං. මොනවා කරන්නද කියලා හිතා ගන්ඩ බෑ.

    මේ Version එකේ අවුලක් නම් කෙනෙකුට චැට් බාර් වැඩ කරන්ඩත් තව කෙනෙකුට වැඩ නොකරන්ඩත් බෑ නේද? මටනම් තේරෙන්නේ නෑ


    මේවට විසඳුම් පාලකයන්ගෙන් ඉක්මනින් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා....

    බුදු සරණයි....


    මල්ලි මෙතැන වැදගත් දෙය පුළුවන් උපරිමයෙන් අපි ජනතා සේවයට කැප වීමනේ..ඉතිං ඔය වගේ අවස්ථාවලදී මතුවන ගැටළුවලට හිත කඩා ගත්තොත් එහෙමත් නැත්නම් වට්ට ගත්තොත් අපේ වගකීම අපි පැහැර හැරියා වෙනවා..

    අනේක විධ බාධක හා වැට කඩොළු මැදින් අමාරුවෙන් යන ගමන තමයි වඩා සශ්‍රික.

    එයින් ලැබෙන පන්නරය අපේ හූය තුල ශක්තිමත්ව නොසැලී සිටීමටත් වඩා අනාගතයේ තමන්ගේ ඉදිරි ජීවිතයට ලොකු පිටුවහලක් වෙන බව ඉඳුරාම මට කිව හැකියි..

    මල්ලි අපි කාලයත් එක්ක මේ යන අභියෝගාත්මක ගමන කාලය විසින්ම නුදුරු දිනකදී අපූරුවට විසඳාවි..එතෙක් සන්සුන්ව එකා මෙන් එක්ව එක් සිත්ව ඉදිරියටම යමු....

    ඔබට ජය!!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ක්වෝට් කරලා කියන්න පුරුදු උනා නම් තමා හොද එතකොට උත්තර දෙන්න ලේසී නෙ
    මේකට උත්තරේ මන් මගෙ බ්ලොග් එකේ පෝස්ට් කරලා ඇති යාළු ( ලින්ක් එක ඇති දකුණු කොණේ) :D මොකෝ කියන්නෙ :P
    (ත්‍රෙඩ් එකේ නැතිව බ්ලොග් එකේ පෝස්ට් කළේ වඩා හොදට ;)මන් වැඩිය මේකේ ඔවා කතා කරන්න කැමති නෑ ඒ මේ ත්‍රෙඩ් එක Music ත්‍රෙඩ් එකක් මිසක් Discussion ත්‍රෙඩ් එකක් නොවන නිසා )

    අපි ඕනි කෙනෙක්ට තමන් කැමති ඕනි ම විදිහකට මේකට දායක වෙන්න අවසර තියෙනවා ....
    අපිට ඒකට එපා කියන්න කිසිම අයිතියකුත් නෑ එහෙම කියන්නත් බෑ :D මන් මේ ත්‍රෙඩ් එකේ වැටිච්ච අමිල අයියගේ පෝස්ට් එකකට රිප්ලයි කරලා මගේ මතය කිව්වා එච්චරයි
    ඉතින් ඒකට වැටෙන් පෝස්ට් වලට රිප්ලයි කළා

    යාළුවන් ගෙ සිත් රිදුනා නම් සමා
    ඒත් කිව යුතු දේ කොහේ උනත් කිව යුතුයි
    පෝස්ට් 50 000 තිස්සෙ පවත්වා ගත් සම්ප්‍රදාය ගහෙන් ගෙඩි එන්න වගේ වෙනස් වූ විට ඕනිම කෙනෙකුට පුදුමයක් ඇති වෙනව නෙ



    මචං උදේ පාන්දරම මේ වගේ දෙයක් කතාකරන්න වීම ගැන මම ගොඩක් කනගාටු වෙනවා.
    ඔයා පාස්වර්ඩ් දාන එකට කැමති නැත්තං ප්‍රශ්නයක් නෑ. ඒකට අපි ඔයාට බල කරන්නෙත් නෑ. මේක බොලොග් එකක් දාගෙන තරම් ලියන්න දෙයක් නෑ. තමන්ගෙ කැමැත්තක් කරන්න. අනික සම්ප්‍රදායන් වෙනස් වෙනවා. සිත රිදුන නම් සමා වෙන්න. ගොඩක් සයිට් ඇති සින්දු ගන්න, ඒත් මේකෙ තියෙන සමහර සින්දු මේ quality එකෙන්ම ඒ සයිට් වල තියනවද කියල බලන්න.

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මචං උදේ පාන්දරම මේ වගේ දෙයක් කතාකරන්න වීම ගැන මම ගොඩක් කනගාටු වෙනවා.
    ඔයා පාස්වර්ඩ් දාන එකට කැමති නැත්තං ප්‍රශ්නයක් නෑ. ඒකට අපි ඔයාට බල කරන්නෙත් නෑ. මේක බොලොග් එකක් දාගෙන තරම් ලියන්න දෙයක් නෑ. තමන්ගෙ කැමැත්තක් කරන්න. අනික සම්ප්‍රදායන් වෙනස් වෙනවා. සිත රිදුන නම් සමා වෙන්න. ගොඩක් සයිට් ඇති සින්දු ගන්න, ඒත් මේකෙ තියෙන සමහර සින්දු මේ quality එකෙන්ම ඒ සයිට් වල තියනවද කියල බලන්න.

    මචන් මටත් අවශ්‍ය නෑ අපේ කට්ටිය එක්ක ප්‍රශ්න ඇති කරගන්න අපි හැමෝම මැරෙන මිනිස්සු : අනිත්‍ය:
    බලන්න මම මේ ත්‍රෙඩ් එකේ දැම්ම මුල්ම රිපලයි එක අහිංසකව මම මගේ මතය කිව්වා විතරයි
    ඉතින් ඒක නොවැදගත් බොරු එකක් නම් ඒක Ignore කරලා ඉන්න තිබ්බා ... ඇයි ඒකෙම එල්ලිලා ගියේ ??? ... ඉතින් ඒකට මගෙත් ප්‍රශන ඇහුවම මට උත්තර දෙන්න වෙනවා
    ඔයා අර පුදගලයා ලියලා තිබ්බ එක ගැන කතා කරන් නැත්තෙ ඇයි ??? මටත් අනිත් අයට වගේ මතයක් දරන්න බැරිද ... අපි හැමෝම ඉන්නෙ කරන කරන දෙයට එහෙයි එහෙයි කියන්න නම් ඒ වැඩේ ප්‍රගතියක් තියෙයිද
    ඒකෙ තිබ්බා සින්දු දාන අයට මඩ හැහුවළු ... කොහෙන් හරි රෙද්දකින් සින්දුවක් අරන් මෙතන පෝස්ට් කරනවළු ... දාන්නෙත් ඕනි කෙනෙකුට හොයාගන්න පුළුවන් ඒවාළු ෆේක් ID ළූ :ඔව් ඇත්ත වෙන්නැතී: අපිට රෙකෝඩ් බාර් නෑ නෙ අමාරුවෙන් සල්ලි දීලා ගන්න දෙයක් තමා .. නැත්තන් මේ ත්‍රෙඩ් එකෙන් හොයා ගත්තු යමක් විතරයි : අහිංසක හසරැල්:
    ඒ පුදගලයා ළඟ විතරනෙ මුළු විශවයේම ඔක්කොම ගීත තියෙන්නෙ ඉතින් :දෙපැත්තෙන්ම හිනා:
    මන් කාටවත් බල කළේ නෑ නෙ ... ඒක මගේ පෝස්ට් තුනේම අවධාරණය කරලා තියෙනවා
    ඒ වගේ රිප්ලයි එකක් දැකල ඔයා නොදැක්ක වගේ ඉන්නවද ???
    බ්ලොග් කිව්වෙ එළකිරි බ්ලොග් ඒක එළකිරි එකේම කොටසක්
    වැරැද්දක් තියේනම් රිප්ලයි කරන්න සාක්ච්ෂා කරන්න හොදම තැන
    ඒකට බය වෙන්න ඕනි නෑ
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න මගේ යාළුවෝ වෙනුවෙන් මන් මේ ගැන මීට වඩා දෙයක් මෙතන ලියන්නෙ නෑ .. කියන දෙයක් බ්ලොග් එකේ කියන්න
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    බල්ලන් බිරුවට නැත මහ කඳු නම් දෙදරන්නේ..............

    ගල් මදුනෙහි නෑ සුන්දර වනමල් හටගත්තේ


    වෙස් මුහුණු බැඳන් ආවට නෑ අපි රැවටෙන්නේ
    අපි නෑ රුවටෙන්නේ නටපු දා එලිවෙන්නේ

    Wes Muhunu Bendan Awata
    H. R. Jothipala



    බමරා මිස නිල මැස්සා නැහැ මලට වහන්නේ

    අඩු කලය තමා පිරුණු කලේ නැහැ සෙලවෙන්නේ
    මේවා ලෝකේ පවතින තුරු නැහැ බොරු වෙන්නේ.....

    (PW Protected)
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Can anyone please help me....

    i've been trying hard to find these songs. i've searched the whole thread but the links (when available) are not working.

    1. Rathu Rosa Pokurin - W. D. Amaradeva (written by Ajantha Ranasinghe Music -Premasiri Kemadasa)

    2. Vikasitha Nayanin - W. D. Amaradeva and Sanath Nandasiri

    3. Heen Serin Oba - W. D. Amaradeva (not the one by wd Aariyasinghe)

    4. Ganga Diye - Nanda Malani

    5. Mulu Nuwarama - Nanda Malani (written by S. Ariyarathna)

    6. Ama Ganga Galala - W. D. Amaradeva


    All these are pretty rare. If anyone has them, please share......

    Thank you in advance.:cool:
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සිහින රැයම මුරට ඉන්න රෑ තුන් යාමේ...
    ශ්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ...

    පියුම් නිතර නොපිපුනාට නේත්‍ර මායිමේ
    සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
    සුසුම් ස්වරය නොතිබුනාට හර්ද රිද්මයේ
    මාත් රාග වෙන්නම් ජීවිත ගීතාවේ.......

    sihina reyama -anuradha perera
    http://www.sendspace.com/file/8t3fu3

    බොහෝම ස්තුතියි ෂම්මී, මමත් මේ ලස්සන ගීතය ගත්තා ...
    3.gif
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නාමේ නොදිරනා කුණු කය දිරනා
    අරුමෙකි සෝබා සංසාරේ

    (ඒ. එම්. යූ. රාජ්)

    Name Nodirana
    A. M. U. Raj
    - Original



    (PW Protected)

     
    Status
    Not open for further replies.