What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

May 17, 2006
3,632
90
0
ow amlaka anagatha wansaya thamai. habai mata mehemath hithenawa.
atheetha lankawe oya poth liyanakota dutugamunu rajathuma rata eksesath
karala sanwardanaya karalane thibune.
ithin rajya bhakthiya nisa e kale hitapu sahithya karuwo thamange rajjuruwo,
anagatha budunge agasaw wenawa kiyala kiwwa wenna barida.
nikan sadarana sakayak witharai mata.

නමුත් මචො දැන් ඉන්න බුදුන් අනාගත බුදුන්ට විවරන දීම අනිවාර්යයෙන්ම කෙරෙන්නක්.... නමුත් ගෞතම බුදුන් එලෙස කාටවත් විවරන දී නැත....මෙය සමහර විට ඔනැ කමින් ඉවත් කිරීමට ඉඩ ඇත (මොකද ඉන්දියාව අත හැර ලංකාවේ කෙනෙක්ට විවරන දීම නිසා) එමනිසා මෙම කාරනය ඇත්තවීමට හැක...ලංකාවෙ රජුන්ව දෙවියන්ට සමාන කරත් බුදුන්ට සමාන කර නැත....පලමු රාවන රජු ගෞතම බුදුන් කාලයේ නොසිටි නිසාත් (කාලය ගැලපෙන්නේ නැත) එය ප්‍රබන්දක් වීමට නොහැකියැයි මම සිතමි.
 
May 17, 2006
3,632
90
0
me mama kalin dapu post ekak. dan topic ekata sambanda nisa mathak karanna hithuwa. :)

Code:
1.නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවෙන කෙනෙක් වෙනුවෙන් හදපු ස්ථානයක්.
නාලන්දා ගෙඩිගේ කියන්නෙ මතු බුදුවෙන්න පතන රාවන රජ්ජුරුවන් සම්ග සම්බන්ධ ස්ථානයක්

2.නාථ දේවාලෙ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගයට බෙහෙවින් සමානයි. නමුත් පසුකාලීනව බස්නායක නිළමෙ වරු විසින් නුවර යුගයෙ ගෘහ නිර්මාණ ලක්ෂණ මෙයට එකතු කර තිබෙනව නවීකරණයන් හිදි.

3.දැන් තිබෙන නුවර දළදා මාළිගාවටත් වඩා (අතීතයේ මහනුවර අගනුවර වෙලා තියෙද්දිත්) නුවර තිබෙන පැරණිතම ඉදිකිරීමක් තමා ගෙඩිගේ කියන්නෙ. ඒ කියන්නෙ පෙනෙනවට වඩා ලොකු ඉතිහාසයක් නාථ දේවාලෙට තියෙන්න ඕනා.

4.නාථ දෙවියන්ට රෝග සමනය කිරීමේ හැකියාවක් තිබෙන බව විශ්වාස කරනව
ඒ වගේම රාවන රජතුමාත් වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය විද්වතෙක්

5.නාථ දේවාලයෙ තිබෙනව කියන්නෙ (මම අහල තියෙන විදියට) රාජ ලීලාවෙන් වැඩ සිටින නාථ දෙවියන්ගෙ පින්තූරයක්.

6.අවසාන තියෙන ප්‍රධානම සාධකය තමයි අපි භාවිතා කරන අවලෝකිතේෂ්වර නාථ කියන වචනය. 
මේ thread එකේ මීට කලිනුත් කතා උනා මට මතක විදියට අවලෝකිතේෂ්වර කියන්නෙ මතු බුදුවෙන්නට පෙරුම් පුරන රාවනයන් කියල.

ඉතිං මොකද හිතෙන්නෙ....

මම මේවා නැවත දැම්මා අපි දෙන්නම කියන්නේ එක දෙයක් නෙද ?

හැබයි මම දන්න විදිහට මෛත්‍රීය බුදුන් විදිහට බුදුවෙන්නේ දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ය....තවත් විදිහකින් කිවහොත් රාවණ පරම්පරාවේ පළමුවෙනි මහා රාවණ රජුය.....

ඔය කසුප් බුදුන්ගෙන් බණ අසා දවස් 7 ක් බුදු පාමොක් මහ සංගයාට දන් දුන්නේ ආර්ය මෛත්‍රීය නාථ ශ්‍රී විමලනාත දෙව සෙනඩිපති යනුවෙන් දැන් තුසිත දෙව්ලොව වැඩවසන රාවණ පරපුරේ 3 වෙනි රාවණ ලු....
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
me mama kalin dapu post ekak. dan topic ekata sambanda nisa mathak karanna hithuwa. :)
ඔව්නෙ..... මෙතනදි අපි නාථ දෙවියන්ගෙයි මහා රාවන රජතුමාගෙ චරිතයෙයි තියෙන සමානකම් ගැනත් කතා කලානෙ

ow amlaka anagatha wansaya thamai. habai mata mehemath hithenawa.
atheetha lankawe oya poth liyanakota dutugamunu rajathuma rata eksesath
karala sanwardanaya karalane thibune.
ithin rajya bhakthiya nisa e kale hitapu sahithya karuwo thamange rajjuruwo,
anagatha budunge agasaw wenawa kiyala kiwwa wenna barida.
nikan sadarana sakayak witharai mata.
ඒ බව මටත් හිතුණෙ මේ පෝස්ට් එක දැක්කම.... රජතුමාට තියෙන භක්තිය නිසා එහෙම කලා වෙන්නත් පුළුවන්. හරියට මහාවිහාරයට පක්ෂව බුදු දහම වෙනුවෙන් කටයුතු කල දුටුගැමුණු රජතුමා මහාවංසෙ වීරයා උනා වගේ.

ඒ වුණාට එච්චරටම දුටුගැමුණු රජතුමාට පක්ෂව ලියවුණු මහාවංශෙනුත් දුටුගැමුණු රජතුමා මෛත්‍රී බුදුන් වෙන බව කෙලින්ම නොකියන්නෙ බුදු කෙනෙක් ඉන්දියාවෙන් පිට පහල වෙන බව කියන්න තියෙන අකමැත්ත නිසා වෙන්න ඇති. මහානාම හාමුදුරුවො ඉන්දියාවට පක්ෂව ලංකාවෙ ඉතිහාසය ගොඩනගපු බවක් නේද ඒකෙන් පැහැදිලි වෙන්නෙ. ඒ නිසා 100% ක්ම මහාවංශය හෝ අනෙකුත් වංශකතා මත නොයැපී මේ පැටලිල්ල ලිහා ගන්න බලමු. :)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නමුත් මචො දැන් ඉන්න බුදුන් අනාගත බුදුන්ට විවරන දීම අනිවාර්යයෙන්ම කෙරෙන්නක්.... නමුත් ගෞතම බුදුන් එලෙස කාටවත් විවරන දී නැත....මෙය සමහර විට ඔනැ කමින් ඉවත් කිරීමට ඉඩ ඇත (මොකද ඉන්දියාව අත හැර ලංකාවේ කෙනෙක්ට විවරන දීම නිසා) එමනිසා මෙම කාරනය ඇත්තවීමට හැක...ලංකාවෙ රජුන්ව දෙවියන්ට සමාන කරත් බුදුන්ට සමාන කර නැත....පලමු රාවන රජු ගෞතම බුදුන් කාලයේ නොසිටි නිසාත් (කාලය ගැලපෙන්නේ නැත) එය ප්‍රබන්දක් වීමට නොහැකියැයි මම සිතමි.
ගෞතම බුදුන් වහන්සේගෙන් විවරණ ගත්තු ලංකාවෙ ප්‍රාදේශිය පාලකයො රැසක් ගැන තොරතුරු ඉතිහාසෙ එනවා. දෙවිනුවර උපුල්වන් සහ කතරගම මහාඝෝෂ කියන පාලකයින් ඒ වගේ ගෞතම බුදුන්ගෙන් විවරණ ගත්තු බෝසතුන් බව මම අහල තියෙනවා.
 
YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    නමුත් ගෞතම බුදුන් එලෙස කාටවත් විවරන දී නැතසිතමි.

    නැහැ ඒක වැරදියි සමිත්.
    ගෞතම බුදුන් විවරණ ලබා දී තිබෙනව මෛත්‍රිය බෝධිසත්වයන්ට.
    වරක් ගෞතම බුදුන් තවුතිසාවේ සිට සංකස්ස නුවරින් දඹදිවට වඩින විට (ඒක හරියට වෙන dimensions එකකට යන්න portal එකක් වගේද දන්නෙ නෑ)
    බොහෝ කලක් බුදුන් නොදුටු නිසා මහජනයා, සංඝයා පිරී හිටියලු සංකස්ස නුවර පිරෙන්න.
    මේ අතර සිරිවද්ධ සිටුවරයාත් (මතු බුදුවෙන මෛත්‍රී බුදුන්) සිටියලු.
    එහිදී බුදුන් යමා මහ පෙළ හර පෑවලු.
    මේ දැක බොහෝ දෙනෙක් සිත පහදාගෙන බුදුසසුනේ මහණ වි තිබෙනව. මේ අතර සිරිවද්ධ සිටුවරයාද සිටිනව
    දිනක් මේ භික්ෂුව තමන්ට ලැබුණු අගනා සිවුරක් බුදුන්ගේ කුටියේ වියනක් ලෙස සකස් කළාලු.
    මේ දැකපු බුදු හාමුදුරුවො මේක කවුරු දීපු එකක්ද කියල අහනකොට මේක සිරිවද්ධ හිමියන් පූජ කළා කියල
    එවිට භික්ෂුන් කැදවපු බුදුහිමියන් දේශනා කළාලු මහණෙනි මේ සිරිවද්ධ භික්ෂුව තමා මතු බුදුවන
    මෛත්‍රී බුදුන් කියල. සංක නම් පාලකයා සිටින කේතුමති රාජධානියේ එතුමා පහළ වෙනවා යැයි දේශනා කළාලු.

    මේ කතාව මම ඇහුවෙ පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන්ගෙ බණ දේශනාවකදි.
    සිරිධම්ම හාමුදුරුවන්ගෙ web site එකෙන් මෛත්‍රි බුදුන් ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.

    http://www.ashramaya.org/index.php?...ticle&id=51:who-is-a-bodhisattva&catid=6:news
     
    May 17, 2006
    3,632
    90
    0
    ගෞතම බුදුන් වහන්සේගෙන් විවරණ ගත්තු ලංකාවෙ ප්‍රාදේශිය පාලකයො රැසක් ගැන තොරතුරු ඉතිහාසෙ එනවා. දෙවිනුවර උපුල්වන් සහ කතරගම මහාඝෝෂ කියන පාලකයින් ඒ වගේ ගෞතම බුදුන්ගෙන් විවරණ ගත්තු බෝසතුන් බව මම අහල තියෙනවා.

    අමල්කා ඔය දෙන්නාට විවරන දුන් බවක් මම අසා නැත... අඩු තරමින් දෙවිනුවර පුරාණය පොතෙවත් නොමැත....දෙවිනුවර මිනිසුන් වත් එසේ කියනවා මම අසා නැත.
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    නැහැ ඒක වැරදියි සමිත්.
    ගෞතම බුදුන් විවරණ ලබා දී තිබෙනව මෛත්‍රිය බෝධිසත්වයන්ට.
    වරක් ගෞතම බුදුන් තවුතිසාවේ සිට සංකස්ස නුවරින් දඹදිවට වඩින විට (ඒක හරියට වෙන dimensions එකකට යන්න portal එකක් වගේද දන්නෙ නෑ)
    බොහෝ කලක් බුදුන් නොදුටු නිසා මහජනයා, සංඝයා පිරී හිටියලු සංකස්ස නුවර පිරෙන්න.
    මේ අතර සිරිවද්ධ සිටුවරයාත් (මතු බුදුවෙන මෛත්‍රී බුදුන්) සිටියලු.
    එහිදී බුදුන් යමා මහ පෙළ හර පෑවලු.
    මේ දැක බොහෝ දෙනෙක් සිත පහදාගෙන බුදුසසුනේ මහණ වි තිබෙනව. මේ අතර සිරිවද්ධ සිටුවරයාද සිටිනව
    දිනක් මේ භික්ෂුව තමන්ට ලැබුණු අගනා සිවුරක් බුදුන්ගේ කුටියේ වියනක් ලෙස සකස් කළාලු.
    මේ දැකපු බුදු හාමුදුරුවො මේක කවුරු දීපු එකක්ද කියල අහනකොට මේක සිරිවද්ධ හිමියන් පූජ කළා කියල
    එවිට භික්ෂුන් කැදවපු බුදුහිමියන් දේශනා කළාලු මහණෙනි මේ සිරිවද්ධ භික්ෂුව තමා මතු බුදුවන
    මෛත්‍රී බුදුන් කියල. සංක නම් පාලකයා සිටින කේතුමති රාජධානියේ එතුමා පහළ වෙනවා යැයි දේශනා කළාලු.

    මේ කතාව මම ඇහුවෙ පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන්ගෙ බණ දේශනාවකදි.
    සිරිධම්ම හාමුදුරුවන්ගෙ web site එකෙන් මෛත්‍රි බුදුන් ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.

    http://www.ashramaya.org/index.php?...ticle&id=51:who-is-a-bodhisattva&catid=6:news

    මිතුර මම ඔය කතාව මම පොදා ඇසුවෙමි....

    නමුත් ඔය කතාව මම පිලිගැනීමට පෙර තව දුරටත් සොයා බලමි.. මොකද දන්නවාද ? ඔය පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොය දවසට වැදගත් කමක් නැතිව තිබ්බා කියා.. වැදගත් කම ඇරබෙන්නේ මෙම පොයෙන් කියා ඔය කතාව කියලා මෛත්‍රී බුදුන් ගැන කියලා රැ මහ පෙරහැරක් ගියා... මට ඔක පෙනුනේ කොලොන්නාවෙ ශ්‍රි සුමන්ගල හිමියන් (මම විශාල වශයෙන් ගරැ කරනවා) විසින් අපි බුදුන්ගේ අම්මාට (මතෘ දෙවියන්ට) වදින්නේ නැහැ කියලා.. පත්තිනි මැනියො කියන්නේ මතෘ දෙවියන්ටම කියලා (මට මෙතන පටලිලා තියෙන්නේ)... බුදුන්ගේ අම්මාගේ ඉටි රුපයක් හදලා එක පෙරහැරක ගෙනියලා කරන දෙම කොපි කිරිමක් විදිහටයි... (මම නම් දෙකම අනුමත කරන්නේ නැත...බුදුදහම යනු දෙව ඇදහීමක් නොවෙ)

    මම තව කියන්නම් මම දන්නා විදිහට මෛත්‍රී බුදුන්ව ලංකාව තුල අදහන විදි...

    ලංකාවේ අබේපුස්ස හන්දියෙන් (වරකාපොල පසු කරාම) අනුරාධපුර පැත්තට යන පාරට හරවපු ගමන් මෙත්මුනිගම කියා ගමක් ඇත. එහි මෙත්මුනි විහාරය කියා පන්සලක් ඇත...මෙම පන්සල චන්ද්‍රවිමල හිමියන් විසින් මෛත්‍රී බුදුන් වෙනුවෙන් සාදන ලද පන්සලකී. මෛත්‍රී බුදුන් වෙනුවෙන් පෙරහැරක් යාම ආරම්බවුයේ මෙම පන්සලෙන් විමට බොහො ඉඩ ඇත (දැනට අවු 7 - 8 විතර කල් සිට) මෙය කරනේ පිරිත් කියමින් හාමුදුරැවන් නැගි රථ පෙරහැරක් පිරිත් පැන් සහ පිරිත් නූල් ගැට ගසමින් වරකාපොල සිට නුවර දලදා මාලිගාවටත් ඉන් පසු නාථ දෙවාලයටත් ඉට පසු දින නැවත වරකාපොලටත් එමයි.... ( මාගේ හැගීම මෙය ඉතා විශාල ආගමික මෙහෙයක් බවයි...) මෙම පන්සලට යැමට හැකි උනොත් ඔබට නාථ දෙවියන්ගේ පිලිම ගොඩාක් බලාගත් හැකි වෙවි....

    පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන් කිව් මෛත්‍රී බුදුන්ට (නාථ දෙවියන්ට) පහනක් දල්වන්න කියපු කතාව ගැනත් මා දන්නා දෙයක් කියන්නම්... ඔය කතාව පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොයට කිවත් මම දන්නා තරමින් ලංකාවේ ඔක කෙරෙන්නේ ඇත අතීතයෙ සිටයි.. අපෙන් ගිලිහි තිබු එය නැවත් අරගෙන එන්නේඅපවත් වී වදාල කපුදුවේ සිරිගුණලංකාර මාහිමි විසින් මිට අවු 50 කට පෙරය... මෙහිදී පහන් 3 ක් දල්වන අතර ඉන් එකක් දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ගේන් අපිට ආරක්ශාව ඉල්ලාය...

    මම මේ දෙක දැම්මේ (පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොය දවසට වැදගත් කමක් නැතිව තිබ්බා කියා.. වැදගත් කම ඇරබෙන්නේ මෙම පොයෙන් කියා කිවා) මෛත්‍රී බුදුන්ට සලකන්න පටන්ගත්තේ මේ පොයෙන් නොවන බව කීමටයි...

    පොය දවසේ ගිය වැඩ සටහන තුල ලංකාව සුත්‍රය ගැන සදහන් වෙවි කියා මම බලාගෙන හිටියත් කිසිම කෙනෙක් එක ගැන් කිව්වේ නැත.
     
    May 17, 2006
    3,632
    90
    0
    හින්දු අය කියන්නෙ ගෞතම බුදුහාමුදුරුවො කියන්නෙ විශ්ණූ දෙයියාගෙ avater එකක් කියලනෙ....

    නමුත් ඔය විෂ්ණුගේ අවසන් අවතාරය ගැන හොදට හොයලා බැලුවාම නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් විශ්ණුගේ අවසන් ආත්මය කියලා.... හින්දු ආගමේ විෂ්ණු බුදුවෙනවා කියලා...:lol::lol::lol:

    මොකද ඔය කල්කි අවතාරය ගැන මම අහලා තියන විදිහට සුදු අශ්වයකු පිට නැගලා මිනිසුන් යහ මගට ගන්නවාලු... නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් ගැනම තමා......

    ඔය කියන සුදු අශ්වයා පිටින් එන්නේ මෛත්‍රී බුදුන් වහන්සේ ගැන තමා නමුත් හින්දු ආගමට අනුව විශ්ණුගේ අන්තිම අවතාරය කරලා....(මෙකතමා හොදම විහිලුව 9 වෙනි අවතාරය විදිහට නිවන් දැක්ක විශ්ණු 10 විදිහට නැවත ඉපදෙනවා...)

    මචො ගෞතම බුදුහාමුදුරුවො 9 අවතාරය වෙලා මෛත්‍රීය බුදුන් විශ්ණුගේ අවසන් ආත්මය වෙන්න බැහැනේ ද ? (නිවන් දැකපු බුදුන් අයේ ඉපදෙන්නේ නැහැ)

    ඉතින් ඔය අවතාර කතාව බොරු බන් :lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචො ගෞතම බුදුහාමුදුරුවො 9 අවතාරය වෙලා මෛත්‍රීය බුදුන් විශ්ණුගේ අවසන් ආත්මය වෙන්න බැහැනේ ද ? (නිවන් දැකපු බුදුන් අයේ ඉපදෙන්නේ නැහැ)

    ඉතින් ඔය අවතාර කතාව බොරු බන් :lol::lol:

    ඒක තමා බන්...ඔය මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙ විකාර කතා...:rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    11.gif
    නියමයි

    ඔන්න දැම්මා

    oPy5meuu.jpeg

    YevJiW9.jpeg
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    කට්ටිය ඇහුවද ආපහු පොළොන්නරුව අනුරාධපුරේ පැත්තෙ UFO හොල්මන් තියෙනව කියල කතාවක් යනව මේ දවස්වල. :lol: :lol:
    කවුද ඒ පැත්තෙ ඉන්නෙ..:eek::eek:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කට්ටිය ඇහුවද ආපහු පොළොන්නරුව අනුරාධපුරේ පැත්තෙ UFO හොල්මන් තියෙනව කියල කතාවක් යනව මේ දවස්වල. :lol: :lol:
    කවුද ඒ පැත්තෙ ඉන්නෙ..:eek::eek:

    :baffled:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

    මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි........

    ඉතිරිය....
    http://www.divaina.com/2009/11/18/feature02.html

    දිවයින - 2009-11-18 (බදාදා)
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?

    මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි........

    ඉතිරිය....
    http://www.divaina.com/2009/11/18/feature02.html

    දිවයින - 2009-11-18 (බදාදා)
    :baffled:හනුමා

    විජය ගැන ලස්සන විස්තරයක් තියනවා ඒ එම් කරුණාරත්න මහතාගේ ලංකාවේ විමුක්ති සටන් පොතේ ..:)