සංස්කාර...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    'සංස්කාර' කියන්නේ ආර්ය ශ්‍රාවකයකු විසින් අවබෝධ කළ යුතු වූ දෙයක්.

    පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ 'විස්මිත අවබෝධය' නම් වූ ග්‍රන්ථ රත්නයේ 'සංස්කාර' ගැන එන විවරණය පහත තියෙන්නේ...
    එය ඒ ගැන අවබෝධය දියුණු කර ගැනීමට රුකුලක් වේවි...

    තෙරුවන් සරණයි!

    ------------------------------------------------------------------------
    සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වේ

    සංස්කාර යන වචනය පාළි භාෂාවේ "සංඛාර" යන පදයට අප විසින් දැන් භාවිත කරන වචනයයි. සංස්කාර යන වචනයේ හැඩය දෙස බලා බොහෝ දෙනෙක් "සකස් කිරීම" යන අර්ථයෙන් එය විස්තර කරත්.
    එහෙත් සංඛාර යන වචනය විවිධ තේරුම් ඔස්සේ ධර්මය තුළ භාවිත වන බව අප දැන සිටිය යුතු ය.

    පංච උපාදානස්කන්ධය විස්තර කරන තැන ද "සංඛාර" යන වචනය හමුවේ. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ පවසන සේක.

    [FONT=&quot]පංච උපාදානස්කන්ධයේ සංස්කාර වෙනස්[/FONT]

    "පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවා ද? පින්වත් මහණෙනි, එය වනාහී සය ආකාර වූ චේතනා සමූහයයි.
    එනම් රූප සංචේතනාව ය. ශබ්ද සංචේතනාව ය. ගන්ධ සංචේතනාව ය. රස සංචේතනාව ය. පහස සංචේතනාව ය. (මනසේ ඇතිවෙන) අරමුණු සංචේතනාව ය.
    පින්වත් මහණෙනි, මේවාට ය සංස්කාර කියා කියන්නේ. ස්පර්ශයේ හට ගැනීමෙන් සංස්කාරයෝ හටගනිත්. ස්පර්ශ නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙත්."
    (උපාදාන පරිවත්ත සුත්ත – සං. නි. 03)

    මෙතැන දී ඉතාම පැහැදිලි ව "සංඛාර" යන වචනයට "චේතනාව" යන අර්ථය දී තිබේ. ඒ චේතනාව ද අවිද්‍යාසහගත වූ චේතනාවක් ය. මෙතැන විස්තර වන සංස්කාර හා පටිච්චසමුප්පාදයේ විස්තර වන සංස්කාරත් අතර පැහැදිලි වෙනසක් තිබේ. පළමුව අපි "චේතනාව" නම් වූ සංස්කාර තේරුම් ගනිමු.

    ඒ චේතනාව තුළ තිබෙන්නේ යළි යළිත් මේ භව පැවැත්ම සකස් වීම යි. එවිට ඒ තුළින් යළි යළිත් සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයන් ම ය. එම නිසා එය භාග්‍යවතුන් වහන්සේ වදාළේ "අභිසංස්කරණයක්" වශයෙනි.

    අභිසංස්කරණ සංස්කාර!
    "පින්වත් මහණෙනි, සංස්කාර යයි කියන්නේ කවර කරුණක් නිසා ද? පින්වත් මහණෙනි, සංඛතයක් අභිසංස්කරණය කරත් ය, යන අර්ථයෙන් ය, 'සංඛාර' යයි කියන්නේ.
    කුමන සංඛතයක් ද අභිසංස්කරණය කරන්නේ?
    පින්වත් මහණෙනි, රූපය නම් වූ සංඛතය යළිත් රූපය වීම පිණිස අභිසංස්කරණය කරති. වේදනාව නම් වූ සංඛතය යළිත් වේදනාවක් පිණිස අභිසංස්කරණය කරති. සඤ්ඤාව නම් වූ සංඛතය යළිත් සඤ්ඤාවක් පිණිස අභිසංස්කරණය කරති. සංස්කාර නම් වූ සංඛතය යළිත් සංස්කාරයන් පිණිස අභිසංස්කරණය කරත්. විඤ්ඤාණය නම් වූ සංඛතය යළිත් විඤ්ඤාණයක් පිණිස අභිසංස්කරණය කරත්. සංඛතයක් අභිසංස්කරණය කරත් ය, යන අර්ථය නිසා ම 'සංඛාර' යයි කියනු ලැබේ."
    (ඛජ්ජනීය සුත්ත – සං. නි. 03)

    "සංඛත" යනුවෙන් හඳුන්වන්නේ "හටගැනීමක් පෙනෙන, වැනසීමක් පෙනෙන, පවතින දේ තුළ වෙනස් වීමක් පෙනෙන දේවල් ය". රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන පඤ්චුපාදානස්කන්ධයේ තිබෙන්නේ ද එම ලක්‍ෂණය පමණි. එම නිසා එයට "සංඛත" යයි කියනු ලැබේ. සංඛාරවලින් යළි යළිත් එය ම සකස් වන නිසා ය සංඛාරවලට අභිසංස්කරණ කරනවාය යන අදහස දී තිබෙන්නේ.
    මේ අදහසට ම ගැළපී යන තවත් දේශනාවක් අපට දැක්ක හැකි ය.

    අවිජ්ජාගත පුද්ගලයා ගේ සංස්කාර!
    "පින්වත් මහණෙනි, අවිජ්ජාගත වූ මේ පුරුෂ පුද්ගලයා ඉදින් පුණ්‍ය සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය පිනට අනුව සකස් වෙන්නේ වේ. ඉදින් අපුණ්‍ය සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය පවට අනුව සකස් වෙන්නේ වේ. ඉදින් ආනෙඤ්ජ (රූප – අරූප ධ්‍යාන) සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය ආනෙඤ්ජයට අනුව සකස් වෙන්නේ වේ."
    (පරිවීමංසන සුත්ත – සං. නි. 02)
    තවත් සංස්කාර!
    එමෙන් ම සංස්කාර යන වචනය වදාළ තවත් තැනක් අපට දැක්ක හැකි ය.
    "පින්වත් මහණෙනි, කවර ආකාරයෙන් දැන ගන්නා විට ද කවර ආකාරයෙන් දැක ගන්නා විට ද මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ක්‍ෂය වීම වන්නේ?
    පින්වත් මහණෙනි, මෙ කරුණෙහි ලා අශ්‍රැතවත් පෘථග්ජනයා 'රූපය ආත්මය වශයෙන් මුළාවෙන් දකී' පින්වත් මහණෙනි, එසේ මුළාවෙන් වූ යම් දැකීමක් වේ ද, එය සංස්කාරයකි. ඒ සංස්කාරය වනාහී කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට හටගත් දෙයක් ද?
    පින්වත් මහණෙනි, අවිජ්ජා සහගත වූ ස්පර්ශයෙන් හටගත් විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට හටගන්නා ව යම් තණ්හාවක් ඇත්ද, අන්න ඒ තණ්හාවෙන් ය ඒ සංස්කාරය හටගත්තේ.
    මෙසේ පින්වත් මහණෙනි, ඒ සංස්කාරය ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ තණ්හාව ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ විඳීම ද අනිත්‍ය දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ ස්පර්ශය ද අනිත්‍ය වූ දෙයකි, සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ අවිද්‍යාව ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි.
    පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් දැනගන්නා විට, ඔය ආකාරයෙන් දැක ගන්නා විට, මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ගේ ක්‍ෂයවීම වේ."
    (පාරිලෙය්‍යක සුත්ත – සං. නි. 03)
    සංස්කාර නැතිවීම!
    මේ කියන ලද රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන සංඛතයන් අභිසංස්කරණය කරන්නා වූ අවිද්‍යා සහගත චේතනාව ම ය මේ දේශනාවල සංස්කාර වශයෙන් හඳුන්වන්නේ. ඒ සංස්කාර නිරුද්ධ වීම ගැන "විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා" වශයෙන් අපගේ ධර්මස්වාමී වූ බුදුසමිඳාණන් වදාළ උදන වාක්‍යයක් ද තිබේ.

    භව පැවැත්ම සකස් වන ස්වභාවයෙන් සිත නිදහස් වීම ම යි "විසංඛාර ගතං චිත්තං" යනුවෙන් පෙන්වා තිබෙන්නේ. මෙම අර්ථය පටලවා ගත් සමහරුන් "චිත්තය" යනු සංඛතයක් නොව අසංඛතයක්! යයි කියමින් ශාස්වත දෘෂ්ටියට පැමිණෙමින් වාදාභිමුඛව ගෝරණාඩු කරන අයුරු ද වර්තමානයේ දක්නට ලැබේ. ඒ සියලු දෙනා ම කැරකෙන්නේ සක්කාය දිට්ඨිය තුළ ම ය.
    සිත විමුක්තියට පත් වීම ම ය, තණ්හාවෙන් නිදහස් වීම ම ය "විසංඛාර ගතං චිත්තං" යනුවෙන් හඳුන්වන්නේ.

    විමුක්ත සිත
    මහාකච්චාන තෙරුන් ඒ ගැන ඉතා ම සුන්දර විවරණයක් හාලිද්දිකානි ගෘහපතියාට ඉදිරිපත් කරන ලදී.
    "පින්වත් ගෘහපතිය, රූප ධාතුව කෙරෙහි, වේදනා ධාතුව කෙරෙහි, සඤ්ඤා ධාතුව කෙරෙහි, සංඛාර ධාතුව කෙරෙහි, විඤ්ඤාණ ධාතුව කෙරෙහි යම් ඡන්දයක්, යම් රාගයක්, යම් ආශ්වාදයක්, යම් තණ්හාවක්, තණ්හා සහගත යම් බැසගැනීමක්, බැඳීයාමක්, සිතින් කරන ලද අදිටනක්, දෘෂ්ඨිගතික ව බැසගැනීමක්, අභ්යයන්තරික ව කෙලෙස් සැඟවී පැවතීමක් වේ ද, ඒවා සියල්ල ගෙවී යාමෙන්, නො ඇලීමෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින් ම දුරු වීමෙන් 'චිත්තය' (සිත) විමුක්තියට පත්වූයේ යයි කියනු ලැබේ."
    (දුතිය හාලිද්දිකානි සුත්ත – සං. නි. 03)

    ඊළඟ post එක බලන්න...
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ඉගෙන ගන්න පටිච්චසමුප්පාදයේ සංස්කාර

    දැන් අප ඊළඟට දැන ගන්නට සූදානම් වන්නේ පටිච්චසමුප්පාදයේ "සංඛාර" යන වචනය තෝරා ඇති ආකාරය යි. මේ විස්තරය ද හොඳින් තේරුම් ගන්න.

    "පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවා ද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් ය."
    (විභංග සුත්ත – සං. නි. 02)

    මෙම "සංස්කාර" ගැන ඉතා පැහැදිලි විස්තරයක් මජ්ඣිම නිකායේ පළමු වන කොටසට අයත් චූලවේදල්ල සූත්‍රයේ දක්නට ලැබේ.

    ආශ්වාස – ප්‍රශ්වාස, විතර්ක – විචාර, සඤ්ඤා – වේදනා
    "පින්වත් ආර්යාවෙනි, කාය සංස්කාර යනු මොනවා ද? වචී සංස්කාර යනු මොනවා ද? චිත්ත සංස්කාර යනු මොනවා ද?"

    "පින්වත් ආයුෂ්මත් විශාඛ, කාය සංස්කාර කියන්නේ ආශ්වාස – ප්‍රශ්වාසයට යි. වචී සංස්කාර කියන්නේ විතර්ක – විචාරවලට ය. චිත්ත සංඛාර කියන්නේ සඤ්ඤා – වේදනාවලට ය."

    "පින්වත් ආර්යාවෙනි, ආශ්වාස – ප්‍රශ්වාස කාය සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද? විතර්ක – විචාර වචී සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද? සඤ්ඤා – වේදනා චිත්ත සංස්කාර වශයෙන් හඳුන්වන්නේ මක් නිසා ද?"

    බැඳී තිබෙන නිසා "සංස්කාර" කියයි.
    "පින්වත් ආයුෂ්මත් විශාඛ, ආශ්වාස – ප්‍රශ්වාස අයත් වන්නේ කයට යි. ආශ්වාස – ප්‍රශ්වාස කය හා බැඳි (ඒතේ ධම්මා කාය පටිබද්ධා) තිබේ. එම නිසා ආශ්වාස – ප්‍රශ්වාසය කාය සංස්කාර නම් වේ.
    පින්වත් ආයුෂ්මත් විශාඛ, කලින් ම විතර්ක කොට විචාර කොට (සිතුවිලි හසුරවා) පසුව යි වචන කථා කරන්නේ. එම නිස යි විතර්ක – විචාර වචී සංස්කාර වන්නේ.
    සඤ්ඤා – වේදනා අයිති වන්නේ සිතට යි. සඤ්ඤා – වේදනා සිත හා බැඳී පවතී (ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා). එනිස යි සඤ්ඤා – වේදනා චිත්ත සංස්කාර වන්නේ."
    (චූළ වේදල්ල සුත්ත – ම. නි. 01)

    පටිච්චසමුප්පාදය දකින්නා ධර්මය දකී.
    යම් කෙනෙක් පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමෙන් අවබෝධ කරන්නේ දුක්ඛාර්ය සත්‍යය යි. එමෙන් ම පඤ්ච උපාදානස්කන්ධ අවබෝධ කර ගැනීමෙන් ද අවබෝධ කරන්නේ දුක්ඛාර්ය සත්‍යය යි.

    වරක්, පංච උපාදානස්කන්ධය ආයතන ඔස්සේ හටගන්නා ආකාරය විස්තර කළ සැරියුත් තෙරණුවෝ තව දුරටත් මෙසේ පැවැසූහ.

    "මේ ආකාරයට ය මේ පංච උපාදානස්කන්ධයන් ගේ එකට එකතු වීම, එකට මුසු වීම, එකට රැස්වීම සිදුවන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරණ ලදී. 'යමෙක් පටිච්චසමුප්පාදය දකී නම්, ඔහු ධර්මය දකියි. යමෙක් ධර්මය දකී නම්, ඔහු පටිච්චසමුප්පාදය දකියි' යනුවෙනි. මේ පංච උපාදානස්කන්ධයන් ද පටිච්චසමුප්පන්න හෙවත් හේතු ප්‍රත්‍යයන් ගෙන් හටගත් දේවල් ය. මේ පඤ්චුපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක්, යම් ආලයක්, යම් සෙනෙහසක්, යම් බැස ගැනීමක් වේ ද, එය දුකේ හටගැනීම යි. මේ පඤ්චුපාදානස්කන්ධයන් කෙරෙහි තිබෙන ඡන්දරාගයේ යම් දුරු වීමක් වේ ද, ඡන්දරාගයේ යම් ප්‍රහාණයක් වේ ද, එය දුකේ නැතිවීම යි."
    (මහාහත්ථිපදෝපම සුත්ත – ම. නි. 01)
    නිරෝධ සමාපත්තිය
    පටිච්චසමුප්පාදය විස්තර කරන ලද කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන සංස්කාර තුන ම ප්‍රායෝගිකව නිරුද්ධ වන සමාපත්තියක් ද තිබේ. එය හඳුන්වන්නේ නිරෝධ සමාපත්තිය වශයෙනි.

    "පින්වත් ආර්යාවෙනි, සඤ්ඤා – විඳීම් නිරුද්ධ වන සමාපත්තියට සමවදින්නා වූ භික්‍ෂුවට කවර ධර්මයන් ද පළමුව නිරුද්ධ වන්නේ? කාය සංස්කාර ද, එසේත් නැති නම් වචී සංස්කාර ද, එසේත් නැතිනම් චිත්ත සංස්කාර ද?"

    "පින්වත් ආයුෂ්මත් විශාඛ, සඤ්ඤා – විඳීම් නිරුද්ධ වන සමාපත්තියට සමවදින්නා වූ භික්‍ෂුවට පළමුවෙන් නිරුද්ධ වන්නේ වචී සංස්කාරයන් ය. ඊළඟට නිරුද්ධ වන්නේ කාය සංස්කාරයන් ය. ඊළඟට නිරුද්ධ වන්නේ චිත්ත සංස්කාරයන් ය."
    (චූළ වේදල්ල සුත්ත – ම. නි. 01)

    මෙම විස්තර කිරීම් තුළින් "සංස්කාර" යන වචනයේ විවිධ තේරුම් තිබෙන බව දැන් අපට වටහා ගත හැකිය. දැන් අප කථා කළ නිරෝධ සමාපත්තියට සියලු දෙනාට ම සමවැදිය නො හැකි ය. ඒ තැනැත්තා පළමු කොට රූපාරූප ධ්‍යානයන් නේවසඤ්ඤානාසඤ්ඤා මට්ටම ට දියුණු කර ගත යුතු ය. එය කරන්නේ සමථය මුල් කොට ය. ඊ ළඟට විදර්ශනාවෙන් අනාගාමී ඵලය දක්වා දියුණු කොට තිබිය යුතු ය. ඒ තැනැත්තාටත්, එමෙන් ම විදර්ශනාවෙන් අරහත්වය දක්වා දියුණු කළ තැනැත්තාටත් පමණි නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ. එම නිසා සමාධිය හතර වන ධ්‍යානය දක්වා පමණක් දියුණු කළ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි බවක් ධර්මයේ සඳහන් නො වේ.

    මෙය වරදවා තේරුම් ගැනීමෙන් ය සමහරුන් තුළ ශුෂ්ක විදර්ශනාවෙන් රහත් විය හැකි ය යන වැරදි මතය ඇති වී තිබෙන්නේ. ඔවුන් ගේ අදහසට අනුව හුදෙක් විදර්ශනාවෙන් අරහත් වීමට වත් සම්මා සමාධිය අවශ්‍ය නැත. ක්‍ෂණික සමාධිය නම් වූ කුමක්දෝ දෙයක් ගැන ඔවුහු පවසති. එහෙත් සම්මා සමාධිය ගැන සෑම දේශනයකම විස්තර වන්නේ ධ්‍යාන සතර ගැන ය. සමාධිස්කන්ධය පිණිස ආර්ය මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංශ තුනක් දක්වා තිබේ. සම්මා සමාධිය ප්‍රතික්‍ෂේප කළවිට මේ මාර්ග අංග තුන ම ප්‍රතික්‍ෂේප වේ. එවිට ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාංග පහක් දක්වා පහළ වැටේ. ධ්‍යානවලින් තොරව අරහත් විය හැකි ය යන මතයේ භයානක කම මේ තුළින් මනාව තේරුම් ගත හැකිය.

    ...
    ...
    ...

    සංස්කාර හටගන්නේ කුමක් නිසා ද?
    "සංස්කාර ඇති වන්නේ කුමක් ඇති කල්හි ද? සංස්කාර හටගන්නේ කුමක් හේතු කොට ගෙන ද?
    සංස්කාර ඇති වන්නේ අවිද්‍යාව ඇති කල්හි ය. සංස්කාර හටගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන ය."
    (ගෝතම සුත්ත – සං. නි. 02)

    මෙම සංස්කාර හටගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන බව භාග්‍යවතුන් වහන්සේ විසින් සොයා ගන්නා ලදී. එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ මෙම පටිච්චසමුප්පාද න්‍යාය ම මනාකොට පෙන්වා දෙන්නේ මෙසේ ය. එනම් අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හටගනී. සංස්කාර... විඤ්ඤාණය හටගනී... නාම-රූප... ආයතන හය... ස්පර්ශය... විඳීම... ආශාව... බැඳීම... විපාක පිණිස කර්ම සකස් වීම (භවය)... ඉපදීම (අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන්) හටගනී. ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ සෝක වැළපීම් දුක්, දොම්නස්, සුසුම් හෙළීම් ආදිය හටගනී.

    මේ ආකාරයෙන් ය මුළු මහත් දුක්ඛස්කන්ධයා ගේ ම හට ගැනීම සිදුවන්නේ (ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති).

    මෙලෙසින් දක්වන ලද පටිච්චසමුප්පාදය තුළින් පෙන්වා තිබෙන්නේ සත්වයා ගේ සාංසාරික දුක සකස්වන ආකාරය ම ය.

    මෙහි සඳහන් “අවිද්‍යාව” යනු සුළු පටු දෙයක් නොවේ.

    කුමක් ද මේ අවිද්‍යාව?

    "පින්වත් මහණෙනි, කුමක් ද මේ අවිද්‍යාව? පින්වත් මහණෙනි, අවබෝධ කළ යුතු දුක්ඛාර්ය සත්‍යය ගැන ඤාණයක් නැත්තේ වේ ද, ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදයාර්ය සත්‍යය පිළිබඳ ව ඤාණයක් නැත්තේ වේ ද, සාක්ක්‍ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිළිබඳ ඤාණයක් නොමැත්තේ වේ ද, ප්‍රගුණ කළ යුතු දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ඤාණයක් නැත්තේ වේ ද, මෙය වනාහී 'අවිද්‍යාව' යයි කියනු ලැබේ."
    (විභංග සුත්ත – සං. නි. 02)
    ...
    ...

    --------------------------------------------------------------------
    වැඩි විස්තර සඳහා 'විස්මිත අවබොධය' කෘතිය බලන්න; අදාළ සූත්‍ර දේශනා ත්‍රීපිටක පරිවර්තනයකින් ගෙන බලන්න...

    තෙරුවන් සරණයි!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,340
    754
    113
    I dont know how to thank you

    මේක මම නැවත නැවතත් කියෙව්වා.. ආයෙත් කියෙව්වා..මේ වගෙ පියවරෙන් පියවර, කෙනෙක්ගෙ සිත සහ ඒ ආශ්‍රයේ හට ගන්නා සියුම් දේ, මේ තරම් විස්තර කරල උගන්වන වෙනත් දහමක් මම නම් දැකලා නෑ...මාරයි නේද.. දැන් මට පැහැදිලියි..සංස්කාර නැත් නං ඇස, කන, නහය ආශ්‍රිත වින්නානය පහල වෙන්නෙත් නැහැ..මාරයි.. මේවා දිගටම ලියන්න.. මම දන්නේ නෑ කොහොම ස්තුති කරන්නද කියලා...අනේ සමහර මගේ ලඟම නෑයන් ගැන මට දුකයි..ඒ අයට මේ ගැන කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ.. කවදාවත් ම මේ වගේ දහමක් ගැන ජීවිතේටම.ඇත්තටම ඒ සමහරක් අන්තිම හොඳ අය..ඒත් ඒ අයගේ ජීවිත ගැන මට දුකයි.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මේක මම නැවත නැවතත් කියෙව්වා.. ආයෙත් කියෙව්වා..මේ වගෙ පියවරෙන් පියවර, කෙනෙක්ගෙ සිත සහ ඒ ආශ්‍රයේ හට ගන්නා සියුම් දේ, මේ තරම් විස්තර කරල උගන්වන වෙනත් දහමක් මම නම් දැකලා නෑ...මාරයි නේද.. දැන් මට පැහැදිලියි..සංස්කාර නැත් නං ඇස, කන, නහය ආශ්‍රිත වින්නානය පහල වෙන්නෙත් නැහැ..මාරයි.. මේවා දිගටම ලියන්න.. මම දන්නේ නෑ කොහොම ස්තුති කරන්නද කියලා...අනේ සමහර මගේ ලඟම නෑයන් ගැන මට දුකයි..ඒ අයට මේ ගැන කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ.. කවදාවත් ම මේ වගේ දහමක් ගැන ජීවිතේටම.ඇත්තටම ඒ සමහරක් අන්තිම හොඳ අය..ඒත් ඒ අයගේ ජීවිත ගැන මට දුකයි.

    ඔච් මිතුර... ක්‍ෂණ සම්පත්තිය අතිශයින්ම දුර්ලභයි නේ...
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා; ඔබේ ඤාතීන් ඔබ තුළ සුන්දර වූ වෙනසක් වෙනු දැක්කොත් ඒ අයත් ධර්මය ගැන පැහැදෙන්න පුළුවන්... ඒ හින්ද කරන්න ඕනෙත් ඔව්න් එක්ක ගැටෙන්නේ නැතිව ධර්මය ඔබ තුළ ප්‍රගුණ කර ගන්න එකයි...

    අනෙක බුදු රජාණන් වහන්සේ ගේ කාලයේත් ධර්මයට ආවේ උපතින් බෞද්ධයෝ නෙමේ නෙ... අපිට වඩා, දැනට අන්‍යාගමික විදිහට ඉන්න අය අතර අවබෝධ කරන්න ඉඩ තියෙන අය ඕනෙ තරම් ඇති... ඒ කෙනෙක්ට ක්‍ෂණ සම්පත්තිය විවර වුණොත්, එයා වළාකුලෙන් මිදුණ සඳ වගේ බබළයි...

    ඔයා කියපු දේ ඇහුවම බුදු රජාණන් වහන්සේ ගේ කාලේ බුදු දහමට පැමීණි උපාලී නම් ගෘහපතියා කී යමක් මතක් වුණා. ඒ කෙනාට කලින් එයාගේ ශාස්තෘ වූ නිගණ්ට නාථ පුත්‍රයන් චෝදනා කරනවා "බුදු රජාණන් වහන්සේගේ, ආවට්ඨනීය (කරකවා දමා අල්ලා ගන්නා) මායාවට අහුවෙලා කැරැකැවිලා ගියා නේ ද?" කියා. මෙන්න උපාලි ගෘහපතියා ගේ පිළිතුර...

    "කරකවල දැම්ම මායාව හරි ෂෝක්. (භද්දිකා භන්තේ, ආවට්ටනී මායා)
    ස්වාමීනී, උන්වහන්සේ කරකෝල ගන්න මායාව හරි ලස්සනයි. (කළ්‍යාණි භන්තේ, අවට්ටනී මායා)
    ස්වාමීනී මගේ සියලු ලේ නෑදෑයෝ ඒ අවට්ටනී මායාවට අසුවෙත්වා! එය මගේ ප්‍රිය වූ ලේ නෑදෑයන්ට බොහෝ කල් හිත සුව පිණිස පවතීවි.
    ස්වාමීනී, සියලු ක්ෂත්‍රියයෝ ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආවට්ටනී මායාවට හසුවෙත්වා!
    ස්වාමීනී, සියලු බ්‍රාහ්මණයෝ ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ සුන්දර ආවට්ටනී මායාවට කැරකී එත්වා!
    ස්වාමීනී සියලු වෛශ්‍යයෝ ඒ අවට්ටනී මායාවට අසුවෙත්වා!
    ඔවුන්ට බොහෝ කල් හිත සුව පිණිස පවතිනවා.
    ස්වාමීනී, දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ සියලු දෙනාම
    ඔබ වහන්සේලා ඔය කියන ශ්‍රමණ ගෞතමයන්ගේ ආවට්ටනී මායාවට අහුවෙනව නම්,
    ඒ සියලු දෙනාට ම බොහෝ කල් හිත සුව පිණිස පවතිනවා"

    මේ වගේ කථා කරන්න හේතුව උපාලි ගෘහපතියා තුළ ඇති වූ ශ්‍රද්ධාවයි අවබෝධය යි නේ ද?

    මේ thread එක කියවද්දී අප තර්කානුකූලව හිතා ගලපල නේ දැනට වටහා ගත්තේ... හැබැයි ප්‍රත්‍යක්‍ෂ අවබෝධයකට එකත් මදී... නුවණින් විමසමින් මේවා නැවත නැවත පිරික්සන කොට තමයි අපට එහෙම අවබෝධයක් කවදා හෝ ලැබෙන්නේ...

    තව දහම් කරුණු බලන කොට ඔයිටත් වඩා සියුම් ලෙස විග්‍රහ කර තියෙනු පෙනේවි...
    ඒවා අපි ඉදිරියේ දී සොයා බලමු...
    ධර්මය අනුපිළිවෙලින් ගැඹුරට යා යුතු එකක් නේ... හරියට මුහුදෙ පීනන්න පුරුදු වෙනවා වගේ, වෙරළ ළඟින් පටන් ගන්න ඕනෙ... :)

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,340
    754
    113
    අම්මෝ කල්යානමිත්‍ර දන්නේ නැද්ද ..මම මේ ත්‍රෙඩ් එක අපිරිසිදු කරන්න කැමති නැහ. මගේ පරන ආගම අත්හරින ඔනෑම කෙනෙක් මරන්න පුලුවන්.. ඒක ඒ ආගමේ නීතියක්...අද කාලේ සල්ලි විසිකරන්න ලෑස්ති නම් ආගමත් ඉස්සරහට දැම්මම මගෙ ජීවිතේ අනතුරට පත් කරන්න පුලුවං..ඔනේ කෙනෙකුට..අපේ නෑයො දන්නේ නෑ මම ආගම අත්හැරිය බව
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    අම්මෝ කල්යානමිත්‍ර දන්නේ නැද්ද ..මම මේ ත්‍රෙඩ් එක අපිරිසිදු කරන්න කැමති නැහ. මගේ පරන ආගම අත්හරින ඔනෑම කෙනෙක් මරන්න පුලුවන්.. ඒක ඒ ආගමේ නීතියක්...අද කාලේ සල්ලි විසිකරන්න ලෑස්ති නම් ආගමත් ඉස්සරහට දැම්මම මගෙ ජීවිතේ අනතුරට පත් කරන්න පුලුවං..ඔනේ කෙනෙකුට..අපේ නෑයො දන්නේ නෑ මම ආගම අත්හැරිය බව

    එසේ නම් මිතුර, නිහඬව ධර්මය ප්‍රගුණ කර ගන්න කො..
    ඇත්තටම ධර්මය පෞද්ගලික දෙයක් නේ... අප කෙතෙක් ප්‍රගුණ කරාද කියා අන් අය දැනගන්න ඕනෙ ම නෑ...

    ඒ උතුම් වතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා!
    තෙරුවන් සරණයි!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,340
    754
    113
    එසේ නම් මිතුර, නිහඬව ධර්මය ප්‍රගුණ කර ගන්න කො..
    ඇත්තටම ධර්මය පෞද්ගලික දෙයක් නේ... අප කෙතෙක් ප්‍රගුණ කරාද කියා අන් අය දැනගන්න ඕනෙ ම නෑ...

    ඒ උතුම් වතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා!
    තෙරුවන් සරණයි!

    ඔව් ඔව් ජීවිතේ බේරගන ඕන , ඔක්කොම කරන්න. දැන් ඔබට තේරෙනව ඇති මුස්ලිම් අයට වෙනත් දහමකට එන්න ඔන වුනත් එලිපිට කරන්න බැහ..බලෙන් තියන් ඉන්නවා ඒ ආගමෙ නැත්නම් මරණය.

    මම අද හෙටම බවුද්ද පන්සලකට යනවා..මගේ මෙත් බාවනාව සර්තකව කෙරෙන්වා. ඔබලා සැමට ගොඩාක් පින් ලැබේවා..
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ඔව් ඔව් ජීවිතේ බේරගන ඕන , ඔක්කොම කරන්න. දැන් ඔබට තේරෙනව ඇති මුස්ලිම් අයට වෙනත් දහමකට එන්න ඔන වුනත් එලිපිට කරන්න බැහ..බලෙන් තියන් ඉන්නවා ඒ ආගමෙ නැත්නම් මරණය.

    මම අද හෙටම බවුද්ද පන්සලකට යනවා..මගේ මෙත් බාවනාව සර්තකව කෙරෙන්වා. ඔබලා සැමට ගොඩාක් පින් ලැබේවා..

    සාදු! සාදු! සාදූ! ඒ පින අනුමෝදන් වෙනවා...

    පින්වත් මිතුර, ඔබ පන්සලකට යන්න ඕනෙ නෑ මෙත් සිත වඩන්න.
    ඇවිදින ගමන් වුණත් මෙත් සිත වඩමින් යන්න පුළුවන්, කවුරුත් දැන ගන්න ඕනෙ නෑ :)

    හැබැයි පන්සලකට යන්න පුළුවන් නම් හොඳා තමා...

    තෙරුවන් සරණයි!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අම්මෝ කල්යානමිත්‍ර දන්නේ නැද්ද ..මම මේ ත්‍රෙඩ් එක අපිරිසිදු කරන්න කැමති නැහ. මගේ පරන ආගම අත්හරින ඔනෑම කෙනෙක් මරන්න පුලුවන්.. ඒක ඒ ආගමේ නීතියක්...අද කාලේ සල්ලි විසිකරන්න ලෑස්ති නම් ආගමත් ඉස්සරහට දැම්මම මගෙ ජීවිතේ අනතුරට පත් කරන්න පුලුවං..ඔනේ කෙනෙකුට..අපේ නෑයො දන්නේ නෑ මම ආගම අත්හැරිය බව


    bro...:D

    maranaya katat sidhdha wena deyak neh....maranayata baya wela wadak ne....thamage-anunge well being ekata iwahal wena pin karana kena maranayata baya wen ne....mokada hitha pirisidhui ne....marunath maren welawe hitha pirisidu wunama (chuthi sitha) sapayakmai udawenne....:yes::D
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම ස්තුතියි කළ්‍යාණමිත්‍ර. එකම වචනය වුණත් විවිධ අයුරින් විස්තර කර තිබෙන්නෙ ඒ ඒ තැනට උචිත අයුරින්. භාෂාව කියන්නෙ මිනිසුන් එදිනෙදා ජීවිතයට පහසුවක් වෙන්න නිර්මානය කර ගත් දෙයක්නෙ. එහි ඇති සීමිත වචනවලින් දියුණු කළ සිතකට හසු වෙන හැම දෙයක්ම පැහැදිලි කරන එක කොච්චර අමාරුද?
     

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    ධ්‍යානවලින් තොරව අරහත් විය හැකි ය යන මතයේ භයානක කම මේ තුළින් මනාව තේරුම් ගත හැකිය.

    සමහර අය භාවනා නොකර, බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇසීමෙන් පමණක් රහත් වුණා නේද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සමහර අය භාවනා නොකර, බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇසීමෙන් පමණක් රහත් වුණා නේද?

    මම දන්න විදිහටනම් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩිය යුතුයි- සම්මා සමාධි කියල කියන්නෙ ඒකටනෙ.
    පස්වග මහණුන් වැනි අය දිගු කලක් විමුක්තිය සොයා භාවනා කරමින් සිටි අය. ඒ උතුමන් ධ්‍යාන වඩා තියෙන්න ඇති. මොකද, අට වන ධ්‍යානය දක්වාම සමාධිය වැඩූ උතුමන් ඒ කාලෙ හිටියා. බෝධිසත්ත්වයනුත් අන්‍ය ගුරුවරුන් යටතේ එලෙස ධ්‍යාන වඩා තිබුණා.

    බොහෝ දෙනා ගැන කියන්නෙ බණ අසා සෝවාන් වූ බව නේද? රහත් වූ බව කියන්නෙ කලක් ධර්මය පුහුණු කළ අය; නැත්නම් පැවිදි දිවියක් (බෞද්ධ නුවූවත්) ගත කළ අය.

    නුවණින් විමසීමෙන්නෙ සත්‍යය අවබෝධ වෙන්නෙ. එක දිගට එකම දෙයක් කෙරෙහි සිහිය යොමාගෙන සිටීමේ හැකියාව තියෙන්නම ඕනෙ.
     

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මම දන්න විදිහටනම් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩිය යුතුයි- සම්මා සමාධි කියල කියන්නෙ ඒකටනෙ.
    පස්වග මහණුන් වැනි අය දිගු කලක් විමුක්තිය සොයා භාවනා කරමින් සිටි අය. ඒ උතුමන් ධ්‍යාන වඩා තියෙන්න ඇති. මොකද, අට වන ධ්‍යානය දක්වාම සමාධිය වැඩූ උතුමන් ඒ කාලෙ හිටියා. බෝධිසත්ත්වයනුත් අන්‍ය ගුරුවරුන් යටතේ එලෙස ධ්‍යාන වඩා තිබුණා.

    බොහෝ දෙනා ගැන කියන්නෙ බණ අසා සෝවාන් වූ බව නේද? රහත් වූ බව කියන්නෙ කලක් ධර්මය පුහුණු කළ අය; නැත්නම් පැවිදි දිවියක් (බෞද්ධ නුවූවත්) ගත කළ අය.

    නුවණින් විමසීමෙන්නෙ සත්‍යය අවබෝධ වෙන්නෙ. එක දිගට එකම දෙයක් කෙරෙහි සිහිය යොමාගෙන සිටීමේ හැකියාව තියෙන්නම ඕනෙ.

    සන්තති නම් සෙන්පතියා කිසිදු ධ්‍යාන වැඩීමකින් තොරව බණ ඇසීමෙන්ම රහත් විය.
    මේක බලන්න:

    http://www.silumina.lk/punkalasa/20080106/_art.asp?fn=ar0801063
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සන්තති නම් සෙන්පතියා කිසිදු ධ්‍යාන වැඩීමකින් තොරව බණ ඇසීමෙන්ම රහත් විය.
    මේක බලන්න:

    http://www.silumina.lk/punkalasa/20080106/_art.asp?fn=ar0801063

    ගැටලු සහගත තැනක් නේද? මම මේ කතාව අහල නෑ මීට ඉස්සර.
    නමුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ එක් අංගයක්නෙ සමාධිය වඩන එක.
    සමහර අයට ඉක්මණින් සිත සමාධිගත කරන්න පුලුවන් ඇති.
    බලමු කාට හරි මේක පැහැදිලි කර දෙන්න පුලුවන්ද කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ කල්යානමිත්‍ර දන්නේ නැද්ද ..මම මේ ත්‍රෙඩ් එක අපිරිසිදු කරන්න කැමති නැහ. මගේ පරන ආගම අත්හරින ඔනෑම කෙනෙක් මරන්න පුලුවන්.. ඒක ඒ ආගමේ නීතියක්...අද කාලේ සල්ලි විසිකරන්න ලෑස්ති නම් ආගමත් ඉස්සරහට දැම්මම මගෙ ජීවිතේ අනතුරට පත් කරන්න පුලුවං..ඔනේ කෙනෙකුට..අපේ නෑයො දන්නේ නෑ මම ආගම අත්හැරිය බව

    ෂාහ්... හොද බුද්ධිමත් කෙනෙක් ඔයා , ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තනේ... :):)උපතින්ම තමාගෙ ආගම මේකයි කියල ඉන්නෙ නැතුව ඇත්ත හොයාගෙන යන එක ලොකු දෙයක්.

    කවරුවත් නොදැන ගත්තට කමක් නැහැ , ආගමට අනුව හැසිරෙනවනම් එච්චරයි.. නේද? :)

    දිගටම අපිත් එක්ක ඉන්න.. :)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ෂාහ්... හොද බුද්ධිමත් කෙනෙක් ඔයා , ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තනේ... :):)උපතින්ම තමාගෙ ආගම මේකයි කියල ඉන්නෙ නැතුව ඇත්ත හොයාගෙන යන එක ලොකු දෙයක්.

    කවරුවත් නොදැන ගත්තට කමක් නැහැ , ආගමට අනුව හැසිරෙනවනම් එච්චරයි.. නේද? :)

    දිගටම අපිත් එක්ක ඉන්න.. :)

    ow..
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    සමහර අය භාවනා නොකර, බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇසීමෙන් පමණක් රහත් වුණා නේද?

    Buddha Wishaya achinthyai...
    Budu Rajanan wahanse Ho Rahathan wahanse wani Sundara Nikeles Pudgalayekugen Yatharthaya Awabodha kireeme Awyaja Kamatten kana yoma Sithin wimasamin Daham Desumak Shrawanaya Karana Thanattekuge Sitha Samadhiyata Pathweema Arumayak Nowe.....
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    50
    Kottawa
    ගැටලු සහගත තැනක් නේද? මම මේ කතාව අහල නෑ මීට ඉස්සර.
    නමුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ එක් අංගයක්නෙ සමාධිය වඩන එක.
    සමහර අයට ඉක්මණින් සිත සමාධිගත කරන්න පුලුවන් ඇති.
    බලමු කාට හරි මේක පැහැදිලි කර දෙන්න පුලුවන්ද කියල.

    ධර්මාවබෝධය ලබාගන්න, ඒ කියන්නෙ පළමුවෙනි ආර්‍ය ඵලය වන සෝවාන් ඵලය ලබාගැනීමට ආර්‍යයන් වහන්සේ නමකගෙන් බන අහන්නම ඕන. ඊටපස්සෙ අනික් ඵලවලට (සකදාගාමි, අනාගාමි සහ අරිහත්) භාවනාවෙන් විදර්ශණාව වැඩීමෙන් පුළුවන්.

    ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ මුල් හරිය (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව ) වැඩුවාම් ඉබේම සම්ම සතියයි, සමාධියයි නැගිලා එනවා.

    අනික බණ අහපු ගමන් අරිහත් වෙන්න කාරණය තමා සංසාරෙ වඩපු පාරමිතා ශක්තිය බණ අහන වෙලාවට නැගිලා එනවා (මේකට ශද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය වැඩිලා තියෙන්න ඕනෙ, කෙනෙක්ගෙ මේ ඉන්ද්‍රිය වල ප්‍රබලතාවය 100% බුදුපියාණන්වහන්සේගේ ඉන්ද්‍රිය විනිවිද දකින්න පුළුවන් නුවණට පමණයි පේන්නේ. ඒක නිසා ඒ කෙනාට ගැලපෙන බණක් කියනවා. ඒක නිසා තමා උන්වහන්සේ ලඟ බණ අහන්න ඉඳ ගත්ත කෙනෙක් මාර්ග ඵල අවබොධ කරගෙන නැගිට්ටේ)
     
    • Like
    Reactions: sudunone