පින්වත් මිතුරනි,
'සංස්කාර' කියන්නේ ආර්ය ශ්‍රාවකයකු විසින් අවබෝධ කළ යුතු වූ දෙයක්.
පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ 'විස්මිත අවබෝධය' නම් වූ ග්‍රන්ථ රත්නයේ 'සංස්කාර' ගැන එන විවරණය පහත තියෙන්නේ...
එය ඒ ගැන අවබෝධය දියුණු කර ගැනීමට රුකුලක් වේවි...
තෙරුවන් සරණයි!
------------------------------------------------------------------------
සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වේ
සංස්කාර යන වචනය පාළි භාෂාවේ "සංඛාර" යන පදයට අප විසින් දැන් භාවිත කරන වචනයයි. සංස්කාර යන වචනයේ හැඩය දෙස බලා බොහෝ දෙනෙක් "සකස් කිරීම" යන අර්ථයෙන් එය විස්තර කරත්.
එහෙත් සංඛාර යන වචනය විවිධ තේරුම් ඔස්සේ ධර්මය තුළ භාවිත වන බව අප දැන සිටිය යුතු ය.
පංච උපාදානස්කන්ධය විස්තර කරන තැන ද "සංඛාර" යන වචනය හමුවේ. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ පවසන සේක.
[FONT="]පංච උපාදානස්කන්ධයේ සංස්කාර වෙනස්[/FONT]
"පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවා ද? පින්වත් මහණෙනි, එය වනාහී සය ආකාර වූ චේතනා සමූහයයි.
එනම් රූප සංචේතනාව ය. ශබ්ද සංචේතනාව ය. ගන්ධ සංචේතනාව ය. රස සංචේතනාව ය. පහස සංචේතනාව ය. (මනසේ ඇතිවෙන) අරමුණු සංචේතනාව ය.
පින්වත් මහණෙනි, මේවාට ය සංස්කාර කියා කියන්නේ. ස්පර්ශයේ හට ගැනීමෙන් සංස්කාරයෝ හටගනිත්. ස්පර්ශ නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙත්."
මෙතැන දී ඉතාම පැහැදිලි ව "සංඛාර" යන වචනයට "චේතනාව" යන අර්ථය දී තිබේ. ඒ චේතනාව ද අවිද්‍යාසහගත වූ චේතනාවක් ය. මෙතැන විස්තර වන සංස්කාර හා පටිච්චසමුප්පාදයේ විස්තර වන සංස්කාරත් අතර පැහැදිලි වෙනසක් තිබේ. පළමුව අපි "චේතනාව" නම් වූ සංස්කාර තේරුම් ගනිමු.
ඒ චේතනාව තුළ තිබෙන්නේ යළි යළිත් මේ භව පැවැත්ම සකස් වීම යි. එවිට ඒ තුළින් යළි යළිත් සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයන් ම ය. එම නිසා එය භාග්‍යවතුන් වහන්සේ වදාළේ "අභිසංස්කරණයක්" වශයෙනි.
අභිසංස්කරණ සංස්කාර!
"පින්වත් මහණෙනි, සංස්කාර යයි කියන්නේ කවර කරුණක් නිසා ද? පින්වත් මහණෙනි, සංඛතයක් අභිසංස්කරණය කරත් ය, යන අර්ථයෙන් ය, 'සංඛාර' යයි කියන්නේ.
කුමන සංඛතයක් ද අභිසංස්කරණය කරන්නේ?
පින්වත් මහණෙනි, රූපය නම් වූ සංඛතය යළිත් රූපය වීම පිණිස අභිසංස්කරණය කරති. වේදනාව නම් වූ සංඛතය යළිත් වේදනාවක් පිණිස අභිසංස්කරණය කරති. සඤ්ඤාව නම් වූ සංඛතය යළිත් සඤ්ඤාවක් පිණිස අභිසංස්කරණය කරති. සංස්කාර නම් වූ සංඛතය යළිත් සංස්කාරයන් පිණිස අභිසංස්කරණය කරත්. විඤ්ඤාණය නම් වූ සංඛතය යළිත් විඤ්ඤාණයක් පිණිස අභිසංස්කරණය කරත්. සංඛතයක් අභිසංස්කරණය කරත් ය, යන අර්ථය නිසා ම 'සංඛාර' යයි කියනු ලැබේ."
මේ අදහසට ම ගැළපී යන තවත් දේශනාවක් අපට දැක්ක හැකි ය.
අවිජ්ජාගත පුද්ගලයා ගේ සංස්කාර!
"පින්වත් මහණෙනි, අවිජ්ජාගත වූ මේ පුරුෂ පුද්ගලයා ඉදින් පුණ්‍ය සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය පිනට අනුව සකස් වෙන්නේ වේ. ඉදින් අපුණ්‍ය සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය පවට අනුව සකස් වෙන්නේ වේ. ඉදින් ආනෙඤ්ජ (රූප – අරූප ධ්‍යාන) සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය ආනෙඤ්ජයට අනුව සකස් වෙන්නේ වේ."
එමෙන් ම සංස්කාර යන වචනය වදාළ තවත් තැනක් අපට දැක්ක හැකි ය.
"පින්වත් මහණෙනි, කවර ආකාරයෙන් දැන ගන්නා විට ද කවර ආකාරයෙන් දැක ගන්නා විට ද මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ක්‍ෂය වීම වන්නේ?
පින්වත් මහණෙනි, මෙ කරුණෙහි ලා අශ්‍රැතවත් පෘථග්ජනයා 'රූපය ආත්මය වශයෙන් මුළාවෙන් දකී' පින්වත් මහණෙනි, එසේ මුළාවෙන් වූ යම් දැකීමක් වේ ද, එය සංස්කාරයකි. ඒ සංස්කාරය වනාහී කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට හටගත් දෙයක් ද?
පින්වත් මහණෙනි, අවිජ්ජා සහගත වූ ස්පර්ශයෙන් හටගත් විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට හටගන්නා ව යම් තණ්හාවක් ඇත්ද, අන්න ඒ තණ්හාවෙන් ය ඒ සංස්කාරය හටගත්තේ.
මෙසේ පින්වත් මහණෙනි, ඒ සංස්කාරය ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ තණ්හාව ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ විඳීම ද අනිත්‍ය දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ ස්පර්ශය ද අනිත්‍ය වූ දෙයකි, සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ අවිද්‍යාව ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි.
පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් දැනගන්නා විට, ඔය ආකාරයෙන් දැක ගන්නා විට, මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ගේ ක්‍ෂයවීම වේ."
මේ කියන ලද රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන සංඛතයන් අභිසංස්කරණය කරන්නා වූ අවිද්‍යා සහගත චේතනාව ම ය මේ දේශනාවල සංස්කාර වශයෙන් හඳුන්වන්නේ. ඒ සංස්කාර නිරුද්ධ වීම ගැන "විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා" වශයෙන් අපගේ ධර්මස්වාමී වූ බුදුසමිඳාණන් වදාළ උදන වාක්‍යයක් ද තිබේ.
භව පැවැත්ම සකස් වන ස්වභාවයෙන් සිත නිදහස් වීම ම යි "විසංඛාර ගතං චිත්තං" යනුවෙන් පෙන්වා තිබෙන්නේ. මෙම අර්ථය පටලවා ගත් සමහරුන් "චිත්තය" යනු සංඛතයක් නොව අසංඛතයක්! යයි කියමින් ශාස්වත දෘෂ්ටියට පැමිණෙමින් වාදාභිමුඛව ගෝරණාඩු කරන අයුරු ද වර්තමානයේ දක්නට ලැබේ. ඒ සියලු දෙනා ම කැරකෙන්නේ සක්කාය දිට්ඨිය තුළ ම ය.
සිත විමුක්තියට පත් වීම ම ය, තණ්හාවෙන් නිදහස් වීම ම ය "විසංඛාර ගතං චිත්තං" යනුවෙන් හඳුන්වන්නේ.
විමුක්ත සිත
මහාකච්චාන තෙරුන් ඒ ගැන ඉතා ම සුන්දර විවරණයක් හාලිද්දිකානි ගෘහපතියාට ඉදිරිපත් කරන ලදී.
"පින්වත් ගෘහපතිය, රූප ධාතුව කෙරෙහි, වේදනා ධාතුව කෙරෙහි, සඤ්ඤා ධාතුව කෙරෙහි, සංඛාර ධාතුව කෙරෙහි, විඤ්ඤාණ ධාතුව කෙරෙහි යම් ඡන්දයක්, යම් රාගයක්, යම් ආශ්වාදයක්, යම් තණ්හාවක්, තණ්හා සහගත යම් බැසගැනීමක්, බැඳීයාමක්, සිතින් කරන ලද අදිටනක්, දෘෂ්ඨිගතික ව බැසගැනීමක්, අභ්යයන්තරික ව කෙලෙස් සැඟවී පැවතීමක් වේ ද, ඒවා සියල්ල ගෙවී යාමෙන්, නො ඇලීමෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින් ම දුරු වීමෙන් 'චිත්තය' (සිත) විමුක්තියට පත්වූයේ යයි කියනු ලැබේ."

(උපාදාන පරිවත්ත සුත්ත – සං. නි. 03)

(ඛජ්ජනීය සුත්ත – සං. නි. 03)
"සංඛත" යනුවෙන් හඳුන්වන්නේ "හටගැනීමක් පෙනෙන, වැනසීමක් පෙනෙන, පවතින දේ තුළ වෙනස් වීමක් පෙනෙන දේවල් ය". රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන පඤ්චුපාදානස්කන්ධයේ තිබෙන්නේ ද එම ලක්‍ෂණය පමණි. එම නිසා එයට "සංඛත" යයි කියනු ලැබේ. සංඛාරවලින් යළි යළිත් එය ම සකස් වන නිසා ය සංඛාරවලට අභිසංස්කරණ කරනවාය යන අදහස දී තිබෙන්නේ.
මේ අදහසට ම ගැළපී යන තවත් දේශනාවක් අපට දැක්ක හැකි ය.
අවිජ්ජාගත පුද්ගලයා ගේ සංස්කාර!
"පින්වත් මහණෙනි, අවිජ්ජාගත වූ මේ පුරුෂ පුද්ගලයා ඉදින් පුණ්‍ය සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය පිනට අනුව සකස් වෙන්නේ වේ. ඉදින් අපුණ්‍ය සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය පවට අනුව සකස් වෙන්නේ වේ. ඉදින් ආනෙඤ්ජ (රූප – අරූප ධ්‍යාන) සංස්කාරයක් අභිසංස්කරණය කරන්නේ නම් විඤ්ඤාණය ආනෙඤ්ජයට අනුව සකස් වෙන්නේ වේ."
(පරිවීමංසන සුත්ත – සං. නි. 02)
තවත් සංස්කාර!
එමෙන් ම සංස්කාර යන වචනය වදාළ තවත් තැනක් අපට දැක්ක හැකි ය.
"පින්වත් මහණෙනි, කවර ආකාරයෙන් දැන ගන්නා විට ද කවර ආකාරයෙන් දැක ගන්නා විට ද මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ක්‍ෂය වීම වන්නේ?
පින්වත් මහණෙනි, මෙ කරුණෙහි ලා අශ්‍රැතවත් පෘථග්ජනයා 'රූපය ආත්මය වශයෙන් මුළාවෙන් දකී' පින්වත් මහණෙනි, එසේ මුළාවෙන් වූ යම් දැකීමක් වේ ද, එය සංස්කාරයකි. ඒ සංස්කාරය වනාහී කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට හටගත් දෙයක් ද?
පින්වත් මහණෙනි, අවිජ්ජා සහගත වූ ස්පර්ශයෙන් හටගත් විඳීමෙන් පහස ලබන අශ්‍රැතවත් පෘථග්ජනයාට හටගන්නා ව යම් තණ්හාවක් ඇත්ද, අන්න ඒ තණ්හාවෙන් ය ඒ සංස්කාරය හටගත්තේ.
මෙසේ පින්වත් මහණෙනි, ඒ සංස්කාරය ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ තණ්හාව ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ විඳීම ද අනිත්‍ය දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ ස්පර්ශය ද අනිත්‍ය වූ දෙයකි, සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි. ඒ අවිද්‍යාව ද අනිත්‍ය වූ දෙයකි. සංඛතයකි. හේතූන් ගෙන් හටගත් දෙයකි.
පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් දැනගන්නා විට, ඔය ආකාරයෙන් දැක ගන්නා විට, මේ ජීවිතයේ දී ම ආශ්‍රවයන් ගේ ක්‍ෂයවීම වේ."
(පාරිලෙය්‍යක සුත්ත – සං. නි. 03)
සංස්කාර නැතිවීම!
මේ කියන ලද රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන සංඛතයන් අභිසංස්කරණය කරන්නා වූ අවිද්‍යා සහගත චේතනාව ම ය මේ දේශනාවල සංස්කාර වශයෙන් හඳුන්වන්නේ. ඒ සංස්කාර නිරුද්ධ වීම ගැන "විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා" වශයෙන් අපගේ ධර්මස්වාමී වූ බුදුසමිඳාණන් වදාළ උදන වාක්‍යයක් ද තිබේ.
භව පැවැත්ම සකස් වන ස්වභාවයෙන් සිත නිදහස් වීම ම යි "විසංඛාර ගතං චිත්තං" යනුවෙන් පෙන්වා තිබෙන්නේ. මෙම අර්ථය පටලවා ගත් සමහරුන් "චිත්තය" යනු සංඛතයක් නොව අසංඛතයක්! යයි කියමින් ශාස්වත දෘෂ්ටියට පැමිණෙමින් වාදාභිමුඛව ගෝරණාඩු කරන අයුරු ද වර්තමානයේ දක්නට ලැබේ. ඒ සියලු දෙනා ම කැරකෙන්නේ සක්කාය දිට්ඨිය තුළ ම ය.
සිත විමුක්තියට පත් වීම ම ය, තණ්හාවෙන් නිදහස් වීම ම ය "විසංඛාර ගතං චිත්තං" යනුවෙන් හඳුන්වන්නේ.
විමුක්ත සිත
මහාකච්චාන තෙරුන් ඒ ගැන ඉතා ම සුන්දර විවරණයක් හාලිද්දිකානි ගෘහපතියාට ඉදිරිපත් කරන ලදී.
"පින්වත් ගෘහපතිය, රූප ධාතුව කෙරෙහි, වේදනා ධාතුව කෙරෙහි, සඤ්ඤා ධාතුව කෙරෙහි, සංඛාර ධාතුව කෙරෙහි, විඤ්ඤාණ ධාතුව කෙරෙහි යම් ඡන්දයක්, යම් රාගයක්, යම් ආශ්වාදයක්, යම් තණ්හාවක්, තණ්හා සහගත යම් බැසගැනීමක්, බැඳීයාමක්, සිතින් කරන ලද අදිටනක්, දෘෂ්ඨිගතික ව බැසගැනීමක්, අභ්යයන්තරික ව කෙලෙස් සැඟවී පැවතීමක් වේ ද, ඒවා සියල්ල ගෙවී යාමෙන්, නො ඇලීමෙන්, නිරුද්ධ වීමෙන්, අත්හැරීමෙන්, දුරින් ම දුරු වීමෙන් 'චිත්තය' (සිත) විමුක්තියට පත්වූයේ යයි කියනු ලැබේ."
(දුතිය හාලිද්දිකානි සුත්ත – සං. නි. 03)
ඊළඟ post එක බලන්න...
ඊළඟ post එක බලන්න...
Last edited:

(i'm reading slowly)