ජෙනරාල් ෆොන්සේකා නීති විරෝධී ලෙස
හමුදා සෙබළුන් සහ රථ වාහන ළඟ තබාගෙන
බ්‍රිගේඩියර් උදය නානායක්කාර
සමන් ගමගේ
විශ්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා එම ධුරයේ සිටියදී ඔහුට ලබාදී තිබූ යුද හමුදාව සතු රථ වාහන 26 ක් සහ හමුදා සාමාජිකයන් එකසිය තුන් දෙනකු මේ වන විටත් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර සඳහන් කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා ඉකුත් 16 වැනිදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කළ ලි�ත ඉල්ලීමට අනුව ඔහුගේ ආරක්ෂාව හා අනෙකුත් කටයුතු සඳහා ලබාදී තිබෙන යුද හමුදා රථ වාහන හා හමුදා සාමාජිකයන්ට අමතරව මෙම හමුදා සාමාජිකයන් පිරිස හා රථ වාහන ඔහු රඳවාගෙන සිටින්නේ යෑයිද බ්‍රිගේඩියර්වරයා පෙන්වා දුන්නේය.
යුද හමුදා කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ එක් නිලධාරියකු හා සෙසු නිලයන් විසි දෙනකුත් සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා සෙසු නිලයන් 50 ක්, යුද හමුදා රියෑදුරන් 10 ක්, වෙඩි නොවදින මෝටර් රථයක් ලෑන්ඩ් රෝවර් වර්ගයේ පරිවාර ජීප් රථ 3 ක්, වෑන් රථයක්, එක් බරවාහනයක් සමග ආසන 26 සුඛෝපභෝගී බස් රථයක් ජෙනරාල් ෆොන්සේකා කළ ඉල්ලීම මත ඔහුගේ ආරක්ෂාව හා අනෙකුත් කටයුතු සඳහා රජය මගින් දැනටමත් ලබාදී තිබෙන බවද බ්‍රිගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී බ්‍රිගේඩියර් උදය නානායක්කාර මෙම කරුණු අනාවරණය කළේය.
රජය එලෙස ජෙනරාල්වරයාගේ ආරක්ෂාව හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබියදී ධුර කාලය තුළ සිය සේවා කටයුතු සඳහා අනුයුක්ත කර සිටි කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු හා සෙබළුන් 24 දෙනකු පාලන කටයුතු භාරව සිටි නිලධාරීන් තිදෙනකු සමග සෙසු නිලයන් 17 ක් රියෑදුරු යතුරුපැදි හා අරක්කැමි සෙබළුන් 55 ක් යුද හමුදා වෛද්‍ය බළකායේ සාමාජිකයන් 7 දෙනකු සමග මෝටර් රථ තුනක්, ලෑන්ඩ් රෝවර් පරිවාර ජීප් රථ හතක්, ඩබල් කැබ් රථයක්, වෑන් රථ 4 ක්, ගිලන් රථයක්, බස් රථයක් හා යතුරුපැදි නවයක් ඔහු මෙලෙස නීති විරෝධීව රඳවාගෙන ඇතැයිද බ්‍රිගේඩියර් උදය නානායක්කාර එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Today Divaina