ඉස්සරහට ගියොත් ජොනී පස්සට ආවොත් "ෆොනී"
ඉස්සරහට ගියොත් ජොනී පස්සට ආවොත් "ෆොනී"
සරත් ෆොන්සේකා අර්බුදයේ සුල මුල
පළපුරුදු යුද සෙනවියකු වන ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව යුද කාලයේදී තිබූ ප්‍රසිද්ධියටත් වැඩි ප්‍රසිද්ධියක් මේ දිනවල පැතිර යමින් පවතී. ඔහු මීළඟ ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව සමහරු කියති. එහෙත් මංගල සමරවීර කියන්නේ හොඳ අපේක්ෂකයන් 9 දෙනකු ගැන දැනටමත් සලකා බලා ඇති බව ය. ජනරාල්ගේ ඉරණම කුමක් විය හැකිද?
ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ත්‍රිමූර්තියක් තිබේ. මේ ත්‍රිමුර්තිය නිර්මාණය වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාපති සරත් ෆොන්සේකා යනාදීන්ගෙනි. යුද ජයග්රහණයෙන් මාස 6 ක් ගත වූ තැන මේ ත්‍රිමූර්තිය එක්තැනකින් බිඳී ගොස් ඇත. ඒ වූ කලී ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිතුමා සමග දේශපාලන සටනකට අවතීර්ණ වීමේ ස්වරූපයක් හටගෙන ඇති බැවිනි. මෙය දෙවැනි ලෝක යුද්ධයේදී යුද ජයග්‍රහණයේ මූලිකයා වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් සමග එරට එවකට හමුදාපතිව සිටි බර්නාඩ් මොන්ට්ගෝමරි ඡන්ද සටනට පිවිසුණේ නම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වය වැනි තත්ත්වයකි. නැතහොත් බංග්ලාදේශය සමග පැවැති යුද්ධයේදී යුද ජයග්‍රාහකයා වූ ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සමග ඉන්දීය යුද හමුදාවේ හමුදාපති සෑම් මෙනෙක්ෂෝ ඡන්දය ඉල්ලුවානම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වයට සමාන තත්ත්වයකි.
ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වගකිව යුතු හමුදාපතිවරයා ඔහුගේම සේනාධිනායකයා සමග මෙවැනි අර්බුදයක පැටලුනේ මන්ද? එයට පසුබිම් වූ කතාව මෙසේය.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපති පදවියට පත්වීමත් සමගම මැදමුලන සහ වැල්වැටිතුරේ අතර යුද්ධයක් පටන් ගත්තේය. වැල්වැටිතුරේ යනු ප්රභාකරන්ගේ උපන් ගමයි. කොටි සංවිධානය සමග පැවැති යුද්ධයේදී ජනාධිපති රාජපක්ෂ වැදගත් පත්වීම් දෙකක් සිදු කළේය. ඉන් පළමුවැන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීමය. දෙවැන්න සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා ලෙස පත්කොට විශ්‍රාම යැමට නියමිත අවස්ථාව වන විට ඔහුගේ සේවය දීර්ඝ කිරීමයි.
ගෝඨාභය වෘත්තියෙන්ම සොල්දාදුවෙකි. ඔහු 1991 දී හමුදාවෙන් ඉවත්වී ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන විට ලුතිනන් කර්නල් තනතුර දරමින් සිටියේය. එහෙත් සිය සහෝදරයා බලයට පත්වූ විට රට වෙනුවෙන් කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු ආවේ කොටි සංවිධානය පැරදවීම පිණිසමය.
සරත් ෆොන්සේකා හමුදාපති කරන ලද්දේ ගෝඨාභයගේ උවමනාවටය. වසර 2005 දෙසැම්බර් 6 වැනිදා වන විට 55 වැනි වියට එළඹ සිටි සරත් ෆොන්සේකා විශ්‍රාම යැමට සූදානමින් සිටියේය. එහෙත් ඒ මොහොතේ රටේ පැවැති තත්ත්වයට අනුව යුද හමුදාව මෙහෙයවීම සඳහා සිටි සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා බව සිය සහෝදරයා වූ ජනාධිපතිතුමාට කී ගෝඨාභය සරත් ෆොන්සේකාට විශ්‍රාම යැමට ඉඩ නොදී හමුදාපති තනතුරට පත් කළේය. ඒ අනුව එවකට හමුදාපතිවරයාව සිටි මේජර් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ බ්‍රසීලයේ තානාපති ලෙස පිටත්කර යවන ලදි. ඉන්පසු සෑම වසරකම දෙසැම්බරයේදී සරත් ෆොන්සේකාගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුවිය

I'm UNP