ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"
සරත් ෆොන්සේකා අර්බුදයේ සුල මුල

P16-1.jpg

පළපුරුදු යුද සෙනවියකු වන ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව යුද කාලයේදී තිබූ ප්‍රසිද්ධියටත් වැඩි ප්‍රසිද්ධියක්‌ මේ දිනවල පැතිර යමින් පවතී. ඔහු මීළඟ ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා බව සමහරු කියති. එහෙත් මංගල සමරවීර කියන්නේ හොඳ අපේක්‍ෂකයන් 9 දෙනකු ගැන දැනටමත් සලකා බලා ඇති බව ය. ජනරාල්ගේ ඉරණම කුමක්‌ විය හැකිද?

P16-2.jpg
ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ත්‍රිමූර්තියක්‌ තිබේ. මේ ත්‍රිමුර්තිය නිර්මාණය වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ යුද හමුදාපති සරත් ෆොන්සේකා යනාදීන්ගෙනි. යුද ජයග්‍රහණයෙන් මාස 6 ක්‌ ගත වූ තැන මේ ත්‍රිමූර්තිය එක්‌තැනකින් බිඳී ගොස්‌ ඇත. ඒ වූ කලී ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිතුමා සමග දේශපාලන සටනකට අවතීර්ණ වීමේ ස්‌වරූපයක්‌ හටගෙන ඇති බැවිනි. මෙය දෙවැනි ලෝක යුද්ධයේදී යුද ජයග්‍රහණයේ මූලිකයා වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්‌ටන් චර්චිල් සමග එරට එවකට හමුදාපතිව සිටි බර්නාඩ් මොන්ට්‌ගෝමරි ඡන්ද සටනට පිවිසුණේ නම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වය වැනි තත්ත්වයකි. නැතහොත් බංග්ලාදේශය සමග පැවැති යුද්ධයේදී යුද ජයග්‍රාහකයා වූ ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සමග ඉන්දීය යුද හමුදාවේ හමුදාපති සෑම් මෙනෙක්‌ෂෝ ඡන්දය ඉල්ලුවානම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වයට සමාන තත්ත්වයකි.


ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වගකිව යුතු හමුදාපතිවරයා ඔහුගේම සේනාධිනායකයා සමග මෙවැනි අර්බුදයක පැටලුනේ මන්ද? එයට පසුබිම් වූ කතාව මෙසේය.

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපති පදවියට පත්වීමත් සමගම මැදමුලන සහ වැල්වැටිතුරේ අතර යුද්ධයක්‌ පටන් ගත්තේය. වැල්වැටිතුරේ යනු ප්‍රභාකරන්ගේ උපන් ගමයි. කොටි සංවිධානය සමග පැවැති යුද්ධයේදී ජනාධිපති රාජපක්‍ෂ වැදගත් පත්වීම් දෙකක්‌ සිදු කළේය. ඉන් පළමුවැන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ලෙස පත් කිරීමය. දෙවැන්න සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා ලෙස පත්කොට විශ්‍රාම යැමට නියමිත අවස්‌ථාව වන විට ඔහුගේ සේවය දීර්ඝ කිරීමයි.

ගෝඨාභය වෘත්තියෙන්ම සොල්දාදුවෙකි. ඔහු 1991 දී හමුදාවෙන් ඉවත්වී ඇමරිකා එක්‌සත් ජනපදයට සංක්‍රමණය වන විට ලුතිනන් කර්නල් තනතුර දරමින් සිටියේය. එහෙත් සිය සහෝදරයා බලයට පත්වූ විට රට වෙනුවෙන් කාර්ය භාරයක්‌ ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු ආවේ කොටි සංවිධානය පැරදවීම පිණිසමය.

සරත් ෆොන්සේකා හමුදාපති කරන ලද්දේ ගෝඨාභයගේ උවමනාවටය. වසර 2005 දෙසැම්බර් 6 වැනිදා වන විට 55 වැනි වියට එළඹ සිටි සරත් ෆොන්සේකා විශ්‍රාම යැමට සූදානමින් සිටියේය. එහෙත් ඒ මොහොතේ රටේ පැවැති තත්ත්වයට අනුව යුද හමුදාව මෙහෙයවීම සඳහා සිටි සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා බව සිය සහෝදරයා වූ ජනාධිපතිතුමාට කී ගෝඨාභය සරත් ෆොන්සේකාට විශ්‍රාම යැමට ඉඩ නොදී හමුදාපති තනතුරට පත් කළේය. ඒ අනුව එවකට හමුදාපතිවරයාව සිටි මේජර් ජනරාල් ශාන්ත කෝට්‌ටේගොඩ බ්‍රසීලයේ තානාපති ලෙස පිටත්කර යවන ලදි. ඉන්පසු සෑම වසරකම දෙසැම්බරයේදී සරත් ෆොන්සේකාගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුවිය
 
  • Like
Reactions: Zeus and feed

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සරත් ෆොන්සේකා යනු ඉතා දැඩි සොල්දාදුවෙකු සහ හමුදාපතිවරයකු බව කිසිදු තර්කයකින් තොරව පිළිගනු ලැබේ. එහෙත් ඔහුගේ චරිතයේ වෙනස්‌ ලක්‍ෂණ තිබේ. ප්‍රධාන ලක්‍ෂණය වූයේ තමා කරන කාර්යයෙහි විශාලතම කොටස කෙරෙහි ඔහු තුළ ආශාවක්‌ තිබීමය. මේ නිසා සරත් ෆොන්සේකා සහ ඔහුගේ සමකාලීනයන් අතර අරගල ඇතිවිය. වසන්ත කරන්නාගොඩ සමග හටගත් ගැටුම එවැන්නකි. මේජර් ජනරාල් ජානක පෙරේරා සමගද මෙවැනිම අවුලක්‌ විය. එසේම ඔහු විවිධාකාර චරිත වෙතින් ආවේෂයක්‌ ලැබූ බවද පෙනිණ. එය හනිබාල්, මහ ඇලෙක්‌සැන්ඩර්, නැපෝලියන් බොනපාට්‌ සහ දෙවැනි ලෝක යුද්ධයේ මිත්‍ර පක්‍ෂයේ වීරයෙකු වූ ෆීල්ඩ්මාෂල් රොමෙල් සෙනෙවියා වැනි චරිත වූවා විය හැකිය. සරත් ෆොන්සේකාගේ දැක්‌මට අනුව ඔහු වූ කලී ශ්‍රී ලංකාව සතු විශාලතම යුද්ධමය ධනය වූ අතර සියලු සම්මාන ඔහු වෙත යා යුතුය. ඒ වූ කලී මම, මගේ, මම තනියෙන් යනාදී වශයෙන් වූ මානසික මට්‌ටමක පිහිටි සංකීර්ණතාවකි. සරත් ෆොන්සේකාට පහළින් සිටි නිලධාරීහූ වෘත්තිකයකු ලෙස ඔහු අගය කළහ. එහෙත් පුද්ගලික මට්‌ටමින් ඔහුට අකමැති වූහ. කෙසේ වුවද ෆොන්සේකා හමුදාව තුළ බෙහෙවින් ජනප්‍රිය වෙමින් සිටියේය. ඔහු තමන් අයත්ව සිටි සිංහ රෙජිමේන්තුවේ සුභ සාධනය සඳහා කටයුතු කරමින් එම සොල්දාදුවන් බලා හදාගත් අතර ඔවුන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගත්තේය.

සරත් ෆොන්සේකාට විරුද්ධව විවිධ චෝදනා තිබුණේය. ඒවායින් සමහරක්‌ ඔප්පු නොකරන ලද බැවින් මෙහි සඳහන් කිරීම නොවටී. මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳව ඔහුට ප්‍රශ්න තිබිණ. උදාහරණයක්‌ වශයෙන් 1990 දී අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දෙමළ තරුණයන් සමූහයක්‌ සංහාරය කරන ලදි. එකල එම දිස්‌ත්‍රික්‌කය පැවැතියේ ඔහු යටතේය. පසුගිය දිනවලද පුවත්පත් කලාවේදීන්ට එල්ල වූ ඇතැම් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ෆොන්සේකාගේ නම ගෑවී තිබිණ. ජානක පෙරේරාට ද මෙවැනිම චෝදනා විය. ඔහු දෙස ද මානවහිමිකම් සංවිධාන නිරතුරුව බලා සිටියේය. මේ දෙදෙනා අතර ප්‍රශ්න තිබුණද ඔවුන් දෙදෙනාම සිටියේ එකම බෝට්‌ටුවේය. ඔවුන් හමුදාපතිවරුන් ලෙස පත් කිරීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහද පැකිලුණහ. සොල්දාදුවන් වශයෙන් සාර්ථක වුවද ඔවුන්ගේ ගමන් මාර්ගය ඉදිරිපිට බාධා තිබිණ. මේ දෙදෙනාම හමුදා කුමන්ත්‍රණ සිදුකරනු ඇතැයි සමහරු විශ්වාස කළහ. 1962 දී මේ රටේ ඇතිවීමට ගිය හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු මේ රටේ පහළ වූ රාජ්‍ය නායකයන් හමුදාව කෙරෙහි කටයුතු කළේ කිසියම් ආකාරයක සැක සංකාවකිනි. සරත් ෆොන්සේකා හමුදාපති ලෙස පත්කිරීමට ජනාධිපති රාජපක්‍ෂ උත්සුක නොවූ අතර ඒ සඳහා ඔහු පොළඹවනු ලද්දේ ගෝඨාභය විසිනි. සරත් පාලනය කිරීම තමන්ට කළ හැකි බව ගෝඨාභය කී බැවින් ජනාධිපතිවරයා ඊට එකඟ විය.

සරත් ෆොන්සේකා යුද හමුදාපති වන්නේ මේ තත්ත්වය තුළය. හමුදාපති තනතුරේ වසරක්‌ සේවය කළ පසු ඔහු විශ්‍රාම ගැන්වීමට ජනාධිපති රාජපක්‍ෂට උවමනා විය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ ඊට හරස්‌ විය. යුද්ධයේ මුල් කාලයේදී ගෝඨාභය සහ සරත් ෆොන්සේකා අතර යහපත් සම්බන්ධයක්‌ පැවැති අතර ඒ අනුව යුද්ධය ඉදිරියට ගියේය. මේ දෙදෙනා අතර සමානකම්ද බොහෝ විය. දෙදෙනාම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෝ වූහ. සරත් ෆොන්සේකා යුද හමුදාවට බැඳුණේ ගෝඨාභයට වසරකට කලිනි. 1987 වඩමාරච්චියේදී මේ දෙදෙනාම කොටි සංවිධානය සමග මුහුණට මුහුණලා සටන් කළහ. 1990 යාපනය කොටුවේ සිරව සිටි සොල්දාදුවන් ගලවා ගැනීමේ මාරාන්තික මෙහෙයුමේදී මේ දෙදෙනාම අත්වැල් අල්ලාගෙන කොටින්ට විරුද්ධව සටන් කළහ. එකල සරත් ෆොන්සේකා කර්නල් වරයෙකි. ගෝඨාභය රාජපක්‍ෂ ලුතිනන් කර්නල් වරයෙකි. මේ දෙදෙනා අතර තිබූ අනෙක්‌ පොදු සම්බන්ධය වූයේ දෙදෙනා තුළම කොටි පැරදවීමේ අභිලාෂය තිබීමය. කොටිද මේ දෙදෙනා ඝාතනය කිරීමට අරමුණු කර ගෙන සිටියහ. කලකදී ලුතිනන්වරයකුව සිටි ගෝඨාභය රාජපක්‍ෂ තමාට ඉහළ නිලධාරියා වූ සරත් ෆොන්සේකාට ආචාර කරන්නට ඇත. අද සරත් ෆොන්සේකා සිටින්නේ නිල බලයෙන් ආරක්‍ෂක ලේකම්වරයාට ආචාර කළ යුතු මට්‌ටමකය. ගෝඨාභය රාජපක්‌ෂට ආචාර කොට ප්‍රසිද්ධියේ "සර්" යනුවෙන් ඇමතීමට සිදුවීම සරත් ෆොන්සේකාට දරා ගැනීමට නොහැකි වූවා වන්නට පුළුවන. කෙසේ වුවද ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රියා කළේ සිවිල් ප්‍රධානියකු වශයෙනි. අනුරුද්ධ රත්වත්තේ මෙන් නිල ඇඳුමෙන් සැරසීම ප්‍රතික්‌ෂේප කළ ගෝඨාභය රාජපක්‍ෂ සිවිල් නායකයකු පමණක්‌ම විය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂට ආචාර කිරීමට තමාට සිදුවීම ගැන සරත් ෆොන්සේකා විවේචන කළ අවස්‌ථා විය. ඒවා නිසැකවම ආරංචි ලෙස ගෝඨාභය රාජපක්‍ෂ වෙත ළඟා විය. එහෙත් මේ කිසිවක්‌ පිටතට නොදැමූ ගෝඨාභය සරත් ෆොන්සේකා සමග දිගටම කටයුතු කරමින් යුද හමුදාවේ සිටි, කොටි සංවිධානය සමග සටන් කළ හැකි හොඳම පුද්ගලයා සරත් ෆොන්සේකා බව පිළිගත්තේය. මෙහිදී මතකයට නඟා ගත යුතු වැදගත් කාරණය වන්නේ ගෝඨාභය රාජපක්‍ෂට අරමුණක්‌ තිබූ බවත් එම අරමුණ සාක්‍ෂාත් වන තුරු යක්‍ෂයා සමග වුව කටයුතු කිරීමට ඔහු මැළි නොවූ බවත්ය.

මේ අතර ආරක්‍ෂක හමුදා අංශ අතර ද කඹ ඇදීමක්‌ විය. යුද්ධයේදී යුද හමුදාව සහ සහයෝගයෙන් කටයුතු කිරීම ගුවන් හමුදාවටත්, නාවික හමුදාවටත් නියමව තිබිණ. මේ සම්බන්ධීකරණය සිදු කළ යුතුව තිබුණේ හිටපු ගුවන් හමුදාපති සහ ආරක්‍ෂක මාණ්‌ඩලකි ප්‍රධානි ඩොනල්ඩ් පෙරේරා මගිනි. එහෙත් හමුදාපතිවරයා ඩොනල්ඩ් පෙරේරා ගැන එතරම් තැකීමක්‌ කළේ නැත.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
නාවික හමුදාව මේ යුද්ධයේදී සිදු කළ මෙහෙවර අතිශයින්ම වැදගත්ය. එල්ටීටීඊ නැව් සහ කොටින්ට ළඟා වෙමින් පැවති සැපයුම් වෙත සෘජු ප්‍රහාර එල්ල කළ නාවික හමුදාව ඒවා විනාශ කළහ. මුහුදු කොටින් විනාශ කිරීමට නාවික හමුදාව විශාල මෙහෙවරක්‌ කළේය. ඒ අතර ගුවනින් පහර දී කොටි කඳවුරු විනාශ කිරීමටත් අවි කඳවුරු වැනසීමටත් ගුවන් හමුදාව සහය විය. කොටි සංවිධානය තුළ මෑතකදී සිදුවූ ආරම්භක ප්‍රධාන ඝාතනය වන සුප්පයියා පරමූ තමිල් සෙල්වම් ඝාතනය සිදු කරන ලද්දේ ගුවන් හමුදාවය. එය කොටින්ට එරෙහිව රට ලැබූ ප්‍රධාන ජයග්‍රහණයක්‌ විය.

කෙසේ වුවද සරත් ෆොන්සේකා මේ ජයග්‍රහණයන් පිළිගත් බවක්‌ නොපෙණින. ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීම් වලදී සරත් ෆොන්සේකා වෙතින් ඒ බව ඉතා පැහැදිලිව පිළිබිඹු විය. එහෙත් යුද, නාවික සහ ගුවන් හමුදා තුනේ බලය සමානුපාතික ලෙස පවත්වාගෙන යැමට ගෝඨාභය රාජපක්‍ෂට හැකිවිය. ඒ අතර හමුදාපතිවරයා යුද පෙරමුණේදී සිය ශක්‌තිය තහවුරු කළ කණිෂ්ඨ නිලධාරීන්ට උසස්‌වීම් දෙමින් යුද්ධය ඉදිරියට ගෙන ගියේය. ශක්‌තිමත් සෙබළාට උසස්‌වීමක්‌ ලබාදී දුර්වලයාට දඬුවම් කිරීම මගින් යුද හමුදාව කාර්යශීලී සටන් යන්ත්‍රයක්‌ බවට පත්වන බව හමුදාපතිවරයා කල්පනා කළේය.

මේ ක්‍රියාවලිය මගින් යුද පෙරමුණේදී සාර්ථකත්වයන් ළඟා කර ගැනීමට හැකිවිය. ප්‍රතිපත්තියක්‌ වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂද මෙයට එකඟ විය.

එහෙත් මෙයට ප්‍රතිවිරුද්ධ පැත්තක්‌ද විය. එනම් හමුදාව තුළ හමුදාපතිට විරුද්ධව නිලධාරීන් එකමුතු වීමය. සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපය නිසා හමුදාවේ සිටි මේජර්, ලුතිනන් කර්නල් සහ කර්නල්වරුන්ට උසස්‌වීම් නොලැබී ගියේය. උදාහරණයක්‌ වශයෙන් පරාක්‍රම පන්නිපිටිය ගත හැකිය. නැගෙනහිර ජය ගැනීමේ මූලිකයා වූ පන්නිපිටිය නැගෙනහිරින් මාරුකරන ලද අතර ඔහු ලැබූ යුද ජයග්‍රහණයන්ද නොසලකා තනතුරින් පහ කරන ලදී. එයට හේතුව ඔහු සරත් ෆොන්සේකා සමග ආරවුලක්‌ ඇතිකර ගැනීමය. තනතුරින් පහකරන ලද පන්නිපිටියට සලකන ලද්දේ බෙහෙවින් නොසැලකිලිමත් ලෙසය. ඔහුට ආරක්‍ෂාව ලබා නොදෙන ලදී. නැවත ආරක්‍ෂාව ලබා ගැනීම සඳහා ඔහු උසාවි ගියේය. අනතුරුව කිසිදු පදනමක්‌ නැති නිධන් හොරකමකට සම්බන්ධ කෙරුණු පන්නිපිටියට දඬුවම් කෙරිණ.

මීට සමාන්තරව සරත් ෆොන්සේකා තම හිත දිනාගත් අය කෙරෙහි දැක්‌වූ සැලකීම වෙනස්‌ විය. සමන්ත සූරිය බණ්‌ඩාර උදාහරණයක්‌ ලෙස ගනිමු. 53 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස අසාර්ථක වූ ඔහුට විරුද්ධව දඬුවම් නොකරන ලදි. මුහමාලයේ එල්ටීටීඊ ආරක්‍ෂක වළල්ල කඩාගෙන ඇතුල් වීමට තැත් කළ සූරිය බණ්‌ඩාර ඇතුළු පිරිස පරාජයන් බොහෝ ලදහ. එහෙත් ඒ ගැන කිසිදු පියවරක්‌ නොගත් අතර වොෂිංටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයා ලෙස ඔහු පත්කර හරින ලදී. සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපය පිළිබඳ හොඳම විග්‍රහය කරන්නේ බ්‍රිගේඩියර් රාජගුරුය. "අප ඉදිරියට ගියොත් ජොනි බට්‌ටෝ සිටිති. අප පසුපසට ආවොත් පිටිපසින් සිටින්නේ ෆොනීය." මෙහිදී ෆොනී යනුවෙන් හඳුන්වනු ලබන්නේ සරත් ෆොන්සේකාය.

හමුදාපතිවරයාගේ ක්‍රියා කලාපය තවදුරටත් හෙළිකරන අවස්‌ථාවක්‌ වූයේ වසර 2007 විශිෂ්ට සේවා විභූෂණ සම්මානය පිරිනැමීමේ අවස්‌ථාවය. යුද හමුදාවේ තිස්‌ වසරක අඛණ්‌ඩ සේවයක නිරතව සිටි ලුතිනන් කර්නල් පන්තියට ඉහළින් සිටින නිලධාරීහු මේ සම්මාන ලැබීමට නියමිත අය වෙති. වසර 2000 දී යුද හමුදාවේ තිස්‌වසරක්‌ සම්පූර්ණ කළ සරත් ෆොන්සේකාට ද මේ සම්මානය තවමත් හිමිවී නැත. 2007 දී එම සම්මාන ප්‍රදානය කිරීමට නියමිත වූ නමුදු හමුදාපතිවරයා ඒ සඳහා සුදුසුකම් ලද කිසිදු නිලධාරියකු සම්මානයට නිර්දේශ කළේද නැත. ඊට අමතරව වූ ඔහු තවත් යෝජනාවක්‌ද කළේය. එනම් මේ සම්මානය ප්‍රදානයකළ යුත්තේ විශ්‍රාමික හෝ හමුදාවේ තවමත් සේවය කරන හමුදාපතිවරුන්ට පමණක්‌ බවය. ගෝඨාභය රාජපක්‍ෂ මෙයට විරුද්ධ විය. හමුදාපතිවරයා පනවා තිබූ නීතිය ඉවත් කළ ආරක්‍ෂක ලේකම්වරයා විශිෂ්ඨ සේවා විභූෂණ සම්මානය ලැබීමට නියමිතව සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් එකොළොස්‌ දෙනෙකුට එය ලබා දීමට පොරොන්දු විය. මේ නිසා සරත් ෆොන්සේකා කෝප විය.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ආරක්‍ෂක ලේකම් සහ හමුදාපතිවරයා අතර තිබූ ගැටුම හමුදාවට පමණක්‌ සීමා වූයේ නැත. මාධ්‍ය සාකච්ඡාවලදී ඒ බව එළි දැක්‌වීමට සරත් ෆොන්සේකා උනන්දු විය. වරක්‌ ඔහු තමිල්නාඩුවේ දේශපාලනඥයන් කොටින්ගෙන් පඩි ලබන විහිළුකාරයින් බව කීවේය. නවදිල්ලිය මේ ගැන බලවත් අප්‍රසාදය පළ කළ අතර ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගැනීමට සරත් ෆොන්සේකා විරුද්ධ විය. එහෙත් දෙරට අතර සබඳතාවය යහපත්ව තබා ගැනීම සඳහා ගෝඨාභය තමන් නොකළ වරදකට ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටියේය.

මේ අතර කැනඩාවේ පුවත්පතක සරත් ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාවක්‌ පළ විය. ශ්‍රී ලංකාව එහි බහු ජාතිය වන සිංහලයන්ට අයත් බවත් සුළු ජාතීන්ට එහි ජීවත් විය හැකි වුවද කිසිදු බලයක්‌ නොතිබිය යුතු බවත් ඔහු කීවේය. මේ ප්‍රකාශයෙන් ඇතිවූ හානිය අවම කර ගැනීම සඳහා වෙනත් සම්මුඛ සාකච්ඡාවකදී සාධනීය අදහස්‌ පළකරන ලෙස හමුදාපතිට දන්වන ලදී. එම සාකච්ඡාවේදී හානිය දෙගුණ කරමින් සරත් ෆොන්සේකා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වෙසෙන සුළු ජාතීන් ෆෙඩරල් වාදය වැනි තමන්ට අයිති නැති ඉල්ලීම් කළ යුතු නැති බවයි. හමුදාපති සරත් ෆොන්සේකාගේ අදහස්‌ පිළිනොගන්නා ලද නමුදු ඒවාට ඉඩක්‌ දීමට රජයට සිදුව තිබිණ. එයට හේතුව ඔහු යුද්ධයට අත්‍යවශ්‍යම මිනිසා වීමය. එහෙත් යුද්ධය නිමාවූ විට තමන් සතු සීමා පැන යැමට සරත් ෆොන්සේකාට තවදුරටත් ඉඩනොදිය යුතුව තිබිණ.

යුද ජයග්‍රහණය පිළිබඳව නිතරම ඉහළින් කතා කිරීම සරත් ෆොන්සේකා කළේය. තමා අතීත දුටුගැමුණු රජු ලෙස දුටු ඔහු දුටුගැමුණු රජ ඉදිරිපිට ධන නමන එළාරගේ චිත්‍රයක්‌ ළඟ තබාගෙන සිටියේය. මෙය විදේශික පුවත්පත් කලාවේදීන් විසින් ද දක්‌නා ලදී.

රුහුණට තමන් තුළ ඇති අයිතිවාසිකම සරත් ෆොන්සේකා විසින් ක්‍රමයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමගම රාජපක්‍ෂවරු නොසන්සුන් වූහ. එහෙත් යුද්ධය දිනන තුරු නිහඬව සිටීමට ඔවුන් තීරණය කළ තිබිණ. මේ අතර සරත් ෆොන්සේකා ලබමින් සිටින ජනප්‍රියත්වය නිසා ජනාධිපතිවරයා තුළ ක්‍රමානුකූල අනාරක්‍ෂිත අදහසක්‌ ඇතිවිය. මෙය ඩෙන්සිල් කොබ්බෑකඩුව කෙරෙහි රණසිංහ ප්‍රේමදාස තුළ තිබූ භීතිය හා සමානය. එහෙත් ජනාධිපතිතුමාට එක්‌ විශ්වාසයක්‌ තිබිණ. ඒ වූ කලී සිය සහෝදර ගෝඨාභය රාජපක්‍ෂ සියලු දේ පාලනය කරන්නේය යන අදහසය. යුද ජයග්‍රහණය නිසා ජනාධිපතිතුමා සහ රජය ලබන ජනප්‍රියත්වයෙන් කොටසක්‌ තමන්ටද අයත් බව හමුදාපතිවරයා කල්පනා කළේය. උදාහරණයක්‌ වශයෙන් සාම්පූර් ප්‍රදේශය රජය අතට පත්වීම ප්‍රකාශ කිරීම ගත හැක. මේ ජයග්‍රහණය පසුදින පැවැත්වෙන ශ්‍රීලනිප සමුළුවේදී ප්‍රකාශ කිරීමට රජය තීරණය කරගෙන සිටියේය. සරත් ෆොන්සේකා මෙයට විරුද්ධව කතා කළේය.

යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රශංසාවට ලක්‌වීම සරත් ෆොන්සේකාගේ නොසන්සුන්තාවයට හේතුවූ තවත් අවස්‌ථාවක්‌ ලෙස ප්‍රභාකරන්ගේ මරණය දැක්‌විය හැකිය. මේ වසරේ මැයි 16 වැනිදා ජනාධිපතිතුමා විදේශ ගතව සිටින අවස්‌ථාවකදී ප්‍රභාකරන් මරා දමන ලද බව ඔහුට දන්වන ලදී. එය වැරදි තොරතුරක්‌ විය. ජයග්‍රාහී ජනාධිපතිතුමා 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ මහපොළව සිඹ සිය දේශප්‍රේමීත්වය විදහා දැක්‌වීය. එහෙත් ප්‍රභාකරන් තවමත් මරණයට පත්ව නැති බවත් හමුදාව විසින් වටකරනු ලැබ ඉතාම නුදුරේදීම මරා දැමෙන බවත් ජනාධිපතිවරයා දැන ගත්තේය. එබැවින් මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ මරණය ජාතියට ප්‍රකාශ කිරීම පිණිස කතාවක්‌ පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

එහෙත් ප්‍රභාකරන්ගේ මරණය ස්‌ථිර කිරීම සරත් ෆොන්සේකා විසින් ප්‍රතික්‌ෂේප කරන ලදි. එබැවින් ජනාධිපතිතුමා ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිරීමට තිබූ ප්‍රකාශය කතාවට ඇතුළත් නොකෙරිණ. එහෙත් ජනාධිපතිතුමාගේ කතාව නිමවූ පසු ප්‍රභාකරන් මියගිය බව හමුදාපතිවරයා ජාතියට ප්‍රකාශ කළේය. එබැවින් ඒ ඓතිහාසික ප්‍රකාශය සිදුකිරීම මහින්ද රාජපක්‍ෂ වෙතින් නොව සරත් ෆොන්සේකා වෙතින් සිදුවිය.

මෙය රඳවාගෙන තිබූ විශාල ජල ධාරාවක්‌ මුදාහැරීමක්‌ හා සමාන විය. ජයග්‍රහණයේ ප්‍රධානතම හේතුව තමා ලෙස පෙනී යන පරිදි හමුදාපති කටයුතු කර තිබිණ. ජයග්‍රහණයට සම්බන්ධ වූ සෙසු නිලධාරීන්, සෙසු ආරක්‍ෂක සේවාවන්, ආරක්‍ෂක ලේකම් සහ ජනාධිපතිවරයා නොසලකා හැර තිබිණ. සරත් ෆොන්සේකාගේ ගුණ ගායනා කරමින් පුවත්පත්වල ලිපි පළ වීමට පටන් ගත්තේය. ඔහු තමාගේම නළාව පිඹිමින් සිටින බව පෙනී ගියේය. සරත් ෆොන්සේකාට සමීපව සිටින පුවත්පත් කලාවේදීන් කීප දෙනෙකු ඔහුට තවදුරටත් ගෞරවය ලබා දෙමින් පොත් ලියූහ.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
යුද්ධයේදී සරත් ෆොන්සේකා කළ මෙහෙවර මෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ කළ මෙහෙවරද අගය කළ යුතුව තිබිණ. මේ යුද්ධය සැලසුම් කළේ ගෝඨාභය විසිනි. යුද උපක්‍රම ක්‍රියාත්මක කර වූයේ සහ සම්බන්ධීකරණය වූයේ ඔහු විසිනි. දේශපාලන බලඅධිකාරිය සමග ආරක්‍ෂක අංශ සම්බන්ධ කළහ. පුරුක වූයේ ඔහුය. ඒ අතර ඉන්දියාව දිනා ගැනීමේ කාර්ය බැසිල් රාජපක්‍ෂ සහ ලලිත් වීරතුංග විසින් සිදුකරන ලදි.

එසේම මේ සඳහා ඉහළ දේශපාලන නායකත්වය සැපයූවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. යුද්ධය නවත්වන ලෙස විවිධ බලවේග මගින් කරන ලද විවිධ බලකිරීම් වලට නොනැමුණු ඔහු දිගටම යුද්ධ කරන ලෙස හමුදාවට දැන්වීය. යුද්ධය සිදුකරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මට්‌ටමෙන් කෙරුණු දැඩි වේව්චනයන්වලදී ඔහු සෘජු ලෙස නැගී සිටියේය. යුද්ධය නිමා කිරීම පිණිස හමුදාවට නිදහස දුන් ජනාධිපතිතුමා ඊට උදව් කළේය.

මේ තත්ත්වයට සමරූපව යුද ජයග්‍රහණයේ ප්‍රශංසාවෙන් කොටසක්‌ ස්‌ථිර වශයෙන්ම ජනාධිපතිතුමාට හිමිය. යුද ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණ සමග සම්බන්ධ කිරීමට ජනාධිපතිතුමා උත්සහ කළ අතර සරත් ෆොන්සේකාගේ උත්සාහයන් නිසා මේ සැලසුම් වලට හානි සිදුවිය.

පාර්ශ්ව දෙක අතර නොමනාපය වැඩිවීමට තවත් හේතුවක්‌ වූයේ වන්නියේ යුද අනාථයන් පදිංචි කිරීමේ ක්‍රියාවලියයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, බටහිර රටවල් සහ ඉන්දියාව සමග මේ සම්බන්ධයෙන් අදහස්‌ හුවමාරු කරගත් ජනාධිපතිතුමා අනාථයන් පදිංචි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගත්තේය. එහෙත් මේ පිළිබඳව සරත් ෆොන්සේකා දැරූ අදහස්‌ වෙනස්‌ විය. යුද අනාථයන් දිගින් දිගටම රැඳවුම් කඳවුරුවල සිටිය යුතු බව විශ්වාස කළ හෙතෙම සිවිල් ජනයා ලෙස සැරසී සිටින කොටි සාමාජිකයන් අල්ලා ගන්නා තුරු ඒ තත්ත්වය පැවැතිය යුතු බව විශ්වාසය කළේය.

හමුදාපති සරත් ෆොන්සේකාගේ තවත් අදහසක්‌ වූයේ යුද හමුදාවේ බලය තවත් තුන් ලක්‍ෂයකින් වැඩිකොට එයින් ලක්‍ෂයක්‌ වන්නියේ කඳවුරුවල තැබිය යුතු බවය. හමුදා පවුල් ජනපද ලෙස වන්නියේ පදිංචි කළ යුතු බව ඔහු කී අතර ඒ අනුව උතුරේ ජන ඝණය වෙනස්‌ කිරීම ඔහුගේ උවමනාව විය. තමා ළමයෙකුව සිටි කාලයේදී අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ජාතිකයන් එල්ල කළ ප්‍රහාර ගැන ඔහු සිහිපත් කළේය. සරත් ෆොන්සේකාට අනුව යුද්ධය තවමත් අවසන්ව තිබුණේ නැත.

ඇතැම් අවස්‌ථාවාලදී ජෙනරාල්වරයා කථා කළේ නිදැල්ලේ හැසිරෙන කාලතුවක්‌කුවක්‌ ලෙසිනි.

දෙමළ මිනිසුන් පරදා රට බේරා ගත් රුහුණු පුත්‍රයා ලෙස තමන් හඳුන්වා ගන්නට පටන්ගත් හෙතෙම ඊළඟ ජනාධිපති වීමට තමාට නොහැක්‌කේ මන්දැයි මිතුරන්ගෙන් විහිලුවට මෙන් විමසූ අවස්‌ථා විය. යුද්ධය දිනා රට බේරා ගත් මහා අධිරාජ්‍යයා මහින්ද රාජපක්‍ෂ බව පිළිගැනීමට නොකමැති වූ හෙතෙම යුද්ධය දිනන ලද්දේ මහින්ද රාජපක්‍ෂ නොව තමන් ලෙස හිතන මට්‌ටමකට පත් වූ බව පෙනෙන්නට තිබිණි. මේ බව රාජපක්‍ෂ සහෝදරයන්ගේ කන්වලට යවන ලදී. ඒ අනුව ඉදිරියේදී ආරක්‍ෂා විය යුතු බව ඔවුන්ට හැඟී ගියේය. නිල මට්‌ටමෙනුත් නිල නොවන මට්‌ටමෙනුත් ඔත්තු සේවා වාර්තා තුනක්‌ සාදන ලදී. මේවායේ හරය වූයේ ජනරාල් තුළ දේශපාලන අරමුණු ඇති බවත් ඔවුහු ජනාධිපතිතුමාගේ මට්‌ටමට වාගේ ජනප්‍රිය වෙමින් තිබෙන බවත් ය.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
සරත් ෆොන්සේකා ක්‍රමයෙන් හිස ඔසවමින් පවත්නා තර්ජනයක්‌ බව රාජපක්‍ෂ සහෝදරයන්ට පෙනී ගියේය. සරත් ෆොන්සේකා යනු රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත් කරන්නෙකු ලෙස ජනාධිපතිතුමාට හැඟිණි. ඒ අතර අනිත් පැත්තෙන් ආරක්‍ෂක ලේකම්වරයා යුද්ධයේදී ක්‍රියාත්මක වූ වගකීම් සහගත ස්‌වභාවය නොවැදගත් එකක්‌ ලෙස දැක්‌වීමට ජනරාල් ගන්නා උත්සාහය නිසා ගෝඨාභය රාජපක්‍ෂ අසහනයට පත්වී සිටියේය.

තව දුරටත් ජනරාල්ට ඉඩනොදිය යුතු තත්ත්වයක්‌ නිර්මාණය වී තිබිණ. ඒ අනුව ත්‍රිවිධ හමුදාපතිවරුන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ආරක්‍ෂක ලේකම්වරයා විසින් තහනම් කරන ලදී. එසේ පැවැත්විය යුතු නම් එය ආරක්‍ෂක ලේකම්වරයාගේ අධීක්‍ෂණය සහ අවසරය මත කළ යුතු විය. එමගින් සරත් ෆොන්සේකා සතුව තිබූ මාධ්‍ය ඒකාධිකාරය බිඳ වැටිණ.

මේ අතර තවත් ප්‍රශ්නයක්‌ මතුව තිබිණි. යුද්ධයට පෙර ඇනවුම් කරනු ලැබු උණ්‌ඩ සහ කාලතුවක්‌කු උණ්‌ඩ පුරවාගත් නැව් දෙකක්‌ වරායට ළඟාවී තිබිණ. යුද්ධය නිමාවට පත් වී ඇති බැවින් තවදුරටත් ආයුධ අනවශ්‍ය බව කිවූ ගෝඨාභය එම නැව් හරවා යෑවීය. මේ ගනුදෙනුවේ අතරමැදියා අහමඩ් නිසාර් නමැති පාකිස්‌තානු ජාතිකයෙකි. අප්‍රසිද්ධියේ පැතිර යමින් තිබූ කථාව වූයේ සරත් ෆොන්සේකාගේ බෑණා වූ ධනූන තිලකරත්න සහ පාකිස්‌තාන් ජාතිකයා අතර සම්බන්ධයක්‌ ඇති බවත් සෑම උණ්‌ඩයකටම ඩොලර් ශත දෙකක කොමිස්‌ මුදලක්‌ ඔහුට ලැබෙන බවත් ෂෙල් වෙඩිල්ලක්‌ සඳහා ඩොලර් විස්‌සක කොමිස්‌ මුදලක්‌ ඔහුට ලැබෙන බවත්ය. මේ කට කතා කිසිවක්‌ ඔප්පු කර නැති බව මෙන්ම අදාල පාර්ශව විසින් ප්‍රතික්‍ෂේප කර නැති බවත් කිව යුතුය.

තත්ත්වය මෙසේ පවතිද්දී නාමල් රාජපක්‍ෂ සහ ජනාධිපති ආර්යාව උතුරට ගියෝය. මගදී යුද හමුදාව විසින් ඔවුන් නවත්වන ලදී. මෙය ෆොන්සේකා විසින් කරන ලද්දක්‌ බව පෙනෙන්නට තිබිණ.

ජූලි 9 වැනිදා පැවති පොතක්‌ ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයකදී තමන් විසින් අත්පත්කරගත් යුද ජයග්‍රහණය ගැන ජනරාල් ඉහලින් කතා කළේය. ජනාධිපතිතුමාගේ කැපවීම සම්බන්ධයෙන් මෙහිදී කථා කරන ලද්දේ නාම මාත්‍රයෙනි. ගෝඨාභය ගැන කිසිදු සඳහනක්‌ නොකරන ලදී. ජනරාල් අනුව ජනාධිපතිවරයාගේ සහයෝගයෙන් යුද්ධය ජයග්‍රහණය කර තිබුනේ ඔහුම පමණි. මෙයින් කියවුනේ රටේ ගැලවුම්කරුවා මහින්ද රාජපක්‍ෂ නොව සරත් ෆොන්සේකා බවය.

ජුලි 10 වනදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී උත්සවයක්‌ පැවැත්විණ. මේ උත්සවය සඳහා ගාලු පාරේ ගමනා ගමනය පැය දෙකක්‌ නවත්වා තිබිණ. එය ගමනාගමනයට මහත් බාධාවක්‌ විය. ඒ බාධාව සිදු කරන ලද්දේ ජෙනරාල්ගේ ආරක්‍ෂක සෙබළුන් විසිනි.

ජෙනරාල් සහ යුද හමුදාවේ සිටින ඔහුගේ පිරිස නීතිය තමන් රිසි ලෙස සකසා ගනිමින් සිටියේය. එයින් හැඟී ගියේ සරත් ෆොන්aසේකා සමාන්තර පාලනයක්‌ පිළිබඳ අභ්‍යාසයක යෙදෙමින් සිටින බවය. එක්‌ අවස්‌ථාවකදී සරත් ෆොන්සේකාගේ ගුණ ගායනා කළ පත්‍රකලාවේදීන් පස්‌ දෙනෙකුට යුද හමුදාවේ විශේෂ ආරක්‍ෂාව ලැබිණි. එයට හේතුව නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ මිනිසුන් එම පත්‍රකලාවේදීන්ට මරණ තර්ජන එල්ල කරන බව පැවසීමය.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මේ අතර ජගත් ජයසූරියගේ සහායකයෙකු ජනරාල්ගේ නියෝග මත අත්අඩංගුවට ගන්නා ලදී. ජගත් ජයසූරිය ද අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ නමුත් එය ව්‍යර්ථ විය.

මේ සියලු කරුණු අතර හොන්ඩියුරස්‌ නමැති ලතින් ඇමරිකානු රාජ්‍යයේ පෙළගැසෙමින් තිබූ දේශපාලන සිදුවීම් මාලාවක්‌ ශ්‍රී ලංකාවටද න්‍යායාත්මක වශයෙන් බලපෑමක්‌ කළේය. ඒ රටේ ජනාධිපති මැනුවෙල් සෙලායා ජනමත විචාරණයකට ගොස්‌ සිය පාලන කාලය දීර්ඝ කර ගැනීමට තැත් කරමින් සිටියේය. අධිකරණය සෙලායාගේ උත්සාහය ව්‍යර්ථ කරන ලදී. එහෙත් ඒ නොතැකූ සෙලායා ඡන්ද පත්‍රිකා බෙදා ජනමත විචාරණයට සූදානම් වන ලෙස හමුදාවට නියෝග කළේය. එවිට හොන්ඩියුරස්‌ හමුදාපති ජෙනරල් රොමියෝ වාස්‌ක්‌වේස්‌ වෙලාසුවෙස්‌ ජනාධිපති නියෝග ප්‍රතික්‍ෂේප කළේය. එවිට ජනාධිපතිවරයා හමුදාපතිවරයාගේ වැඩ තහනම්කොට ජනමත විචාරණයට සූදානම් විය. ජූනි 28 වැනි දා වැඩ තහනම් වූ හමුදාපතිවරයා හමුදා කුමන්ත්‍රණයක්‌ දියත් කළේය. අත්අඩංගුවට ගනු ලැබූ සෙලායා අසල්වැසි කොස්‌ටාරිකාටව රැගෙන යන ලදී. මේ ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකාවේ රජයේ පුවත්පතක්‌ විශාල වශයෙන් විස්‌තර පළ කළේය.

මේ කුමන්ත්‍රණයෙන් අනතුරුවම වාගේ ශ්‍රී ලංකාවට ඉතා හිතවත් රටක්‌ ශ්‍රී ලංකාව තුළ හමුදා කුමන්ත්‍රණයක්‌ ඇති වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන රහස්‌ වාර්තාවක්‌ නිකුත් කළේය. මිත්‍ර රටේ අදහස වූයේ හමුදාපතිවරයා තවත් රටක අනුග්‍රහය මත කුමන්ත්‍රණය සිදු කිරීමට ඉඩ ඇති බවය. මේ රටවල් දෙකම එකිනෙකා සමග මහත්සේ වෛරයෙන් පසුවුවද ශ්‍රී ලංකාව සමග මිත්‍රව සිටියහ.

මේ පසුබිමේ සිට රජය සිය කටයුතු ආරම්භ කළේය. ජුලි 12 වැනිදා කැඳවනු ලැබූ ජනරාල්ට දින තුනක්‌ කල් දෙනලද අතර හමුදාපති ධුරයෙන් ඉවත්ව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට පත්වීමට නියෝග කෙරිණි. මේ තනතුර දශක කීපයක්‌ පුරා ශ්‍රී ලංකාවේ තිබිණ. එහෙත් මෑතක සිට ඒ තනතුරට එතරම් බලතලයක්‌ තිබුණේ නැත. මේ තනතුරේ කටයුතු කරමින් සිටියේ හිටපු එයාවයිස්‌ මාෂල් ඩොනල්ඩ් පෙරේරා විසිනි. ඩොනලඩ් පෙරේරා ඉවත් වූ විට එම තනතුරට වසන්ත කරන්නාගොඩ පත් කිරීමට නියමිත විය. එහෙත් ජනරාල්වරයා එයට තරයේ විරුද්ධ විය. ඔහුට එම තනතුරට ලැබෙන්නේ ඒ අනුවය.

ජනරාල්ට තනතුරු ලබාදුන් නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ හැටවන සංවත්සර උත්සවය නිම වන තුරු හමුදාපති ධුරයේ රැඳී සිටීමට ඔහුට ඕනෑ විය. ජනරාල් කොහොමටත් සිටියේ අසතුටිනි. හේතුව ඔහු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ලෙස රාජකාරි වාර්තා කළ යුතුව තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂට නිසාය. මේ නිසා එම තනතුරේ ක්‍රියාකාරීත්වයට කිසියම් සංශෝධනයක්‌ අවශ්‍ය බව ජෙනරාල්ගේ මතය විය.

වසන්ත කරන්නාගොඩ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් බවට පත් කළ ජනාධිපතිතුමා ඔහුට ජනාධිපති උපදේශක තනතුරක්‌ ලබා දුන්නේය. ජනරාල් මේ ගැන මහත්සේ කෝප විය. ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහ කරන්නාගොඩ ගේ බිරිය අතර ඇති හිතවත්කම ගැන ද ඔහු තුළ ප්‍රසාදයක්‌ නොවීය.

තමන්ගෙන් පසු හමුදාපති විය යුත්තේ ජෙනරල් චන්ද්‍රසිරි බව සරත් ෆොන්සේකාගේ මතය විය. එහෙත් ජනරාල්ට හිතවත් කෙනෙකු මෙම පදවියට පත්කිරීමට තරම් නිදහස්‌ මානසිකත්වයක්‌ මේ වන විට රාජපක්‍ෂවරුන්ට තිබුණේ නැත. ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් නම වැනි තැන සිටි ජගත් ජයසූරිය හමුදාපති තනතුරට පත්කරන ලදී. ඊළඟට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් තනතුර ජනරාල්ට පිරිනැමිණ. ක්‍රීඩා ඇමැතිවරයාට නිල වශයෙන් ඒ ගැන දන්වා නොතිබුණද ඔහු ඊට මහත්සේ සතුටු විය. එහෙත් ජනරාල් එය ප්‍රතික්‍ෂේප කළේය. මෙවිට විරුද්ධ පක්‍ෂයේ සිටි ජනරාල්ගේ හිතවත්තු ඔහුට ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් තනතුරු දීම විවේචනය කළහ. ජනරාල් පිළිබඳ අර්බුදයේ මෙතෙක්‌ කථාව මෙයයි.

ඩී. බී. එස්‌. ජෙයරාඡ්
කැනඩාවේ සිට සැපයු ලිපියක්‌ අනුසාරයෙන් සැකසුනි.

http://www.divaina.com/2009/11/22/feature14.html
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ජනරාල්ගේ නික්‌මයැම සහ ගිනි අවුළුවන්නන්ගේ ක්‍රියාදාමය?

P18.jpg
කොටි ජාත්‍යන්තර ජාලය දෙකඩවීම ගැන ඊළම්වාදීහු කම්පාවෙති
නෝර්වේ ඊළම්වාදීහු නෙදියවන් හා රුද්රකුමාරන්ව ප්‍රතික්‍ෂේප කරති.
ලෝක ද්‍රවිඩ වෙබ් අඩවිය ඇමරිකානු කුමන්ත්‍රණයක්‌ හෙළිකරයි
කොටි සමග සාම සාකච්ඡා ඇරඹීමේ යළි ප්‍රතිඥවක්‌ ගැන
තමිල්නාඩු මහ ඇමැති හෙළිදරව් කරයි.
කොටින්ට දේශපාලන රැකවරණ ලබාදීමට ක්‍රියා කළ
තැනැත්තියක්‌ද විදේශගත වූවන්ගේ සමුළුවට එවලා.
කොටි පරාජය කළ නොහැකි යෑයි කියා සිටි
කැනඩා ජෙයරා-ගෙන් ජනරාල්ට චරිත සහතික
ජනරාල් වෙත ප්‍රශ්නාවලියක්‌ යෑව්වා.
ඊට ලි�තව ප්‍රතිචාර ලැබී නැහැ. - මනෝaගනේෂන්
ඩුප්ලිකේට්‌ පොට්‌ටුඅම්මාන් ඉදිරිපත් කිරීමේ උත්සාහයක්‌

කොටි ඝාතන සමාගමේ නායකත්වය සමූල ඝාතනයවී පසුගිය 19 වැනිදාට සය මසක්‌ ගත විය. එහෙත් කොටි විනාශ කිරීමට දායක වූ මාණ්‌ඩලික ප්‍රධානී සරත් පොන්සේකා ඊට දින කීපයකට පෙර විශ්‍රාම ගියේය. මෙය දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන - කොළඹ කොටි හිතවාදීන්, සාම වෙළඳුන්, බටහිර තානාපතිවරුන් සහ විදෙස්‌ රටවල් විසින් කලක්‌ තිස්‌සේ බලාපොරොත්තු වූවකි.

මොවුන්ගේ එකම අරමුණ වූයේ කොටින්ගේ ඉරණම තීන්දු කළ රාජ්‍ය සහ හමුදා යාන්ත්‍රණයේ දෙදරීමක්‌ ඇති කිරීමයි. මාණ්‌ඩලික ප්‍රධානියා විශ්‍රාම යැම සඳහා ජනාධිපති වෙත ඉල්ලීම් කිරීමට පෙර ගිනි අවුළුවන්නන් විසින් දැඩි ලෙස රහස්‌ මෙහෙයුම් දියත් කර තිබුණි. මේ තත්ත්වය කොතරම් බරපතල වූවාද කීවොත් ත්‍රිවිධ හමුදාපතිවරු පවා ජනරාල්වරයා වෙනුවෙන් පැවැති සම්ප්‍රදායානුකූළ ආචාර පෙළපාලියට සහභාගි වූයේ නැත. තමා මාණ්‌ඩලික ප්‍රධානි ධුරයෙන් විශ්‍රාම යැමට තුඩු දුන් හේතූන් දක්‌වමින් ජනරාල්වරයා විසින් 1984 දී ඉන්දීය ජනරාල් අරුන් විද්‍යා සික්‌ ත්‍රස්‌තයන්ව විනාශ කිරීම සඳහා දියත් කළ ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුමින් පසු ජනරාල් විද්‍යා ත්‍රස්‌තවාදීන්ට ගොදුරු වූ අයුරු ජනාධිපති වෙත යෑවූ ලිපියේ සඳහන් කර තිබිණි.

ඉන්දියාවේ රන්දෙවොල මුදා ගැනීමට ක්‍රියාකළ ජනරාල් විද්‍යා ඊට වසර දෙකකට පසු නවදිල්ලියේදී සික්‌ ත්‍රස්‌තයන්ට ගොදුරු විය. අපි මේ සිද්ධිය මුලින්ම සඳහන් කර අනතුරු ඇඟවූවෙමු. කෙසේ වෙතත්, ජනරාල්වරයා විශ්‍රාම යැමෙන් පසු ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ආරක්‍ෂාව වැඩි කිරීම සඳහා එකඟත්වය පළ විය. එහෙත් ජනරාල්වරයා පවසන්නේ තම ආරක්‍ෂාව පනහකට සීමා වී ඇතිs බවත් හිටපු නාවික හමුදාපතිට 120 ක්‌ වූ ආරක්‍ෂකයන් ලබාදී ඇති බවයි.

මෙහිදී ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියේ තොරතුරු රාජ්‍ය නොවන සංවිධානවල සිට කොළඹ බටහිර තානාපතිවරුන්ටද, යුරෝපා කොටි වෙබ් අඩවිවලටද කලින්ම ලැබී තිබූ බව අනාවරණය විය.

ජාතික ආරක්‍ෂාවට බලපාන රහස්‌ තොරතුරු ඇතුළත් ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වූ කරුණු දෙවිදියකට විකාශනය වී තිබූ බව තවදුරටත් හෙළි විය.

ජනරාල්ගේ ලිපියේ අටවැනි කරුණ වූයේ කොටින්ට එරෙහිව දිවිදුන් හමුදා නිලධාරීන් සහ සෙබළුන්ට ලබාදෙන රුපියල් පන් ලක්‍ෂයක වන්දි මුදල ප්‍රමාණවත් නැති බවයි. සිය ජීවිතය පුද කළ මෙම හමුදා නිලධාරීන් වෙනුවෙන් යුද හමුදාව සහ රජය විසින් අවධානය යොමු නොකිරීම ගැන තමා වරදකරුවකු ලෙස හැඟෙන බවත් සඳහන් වූ කරුණ කොටි වෙබ් අඩවිවල දැක්‌වූයේ නැත.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මේ නිසා ජනරාල්වරයාගේ ලිපියේ රහස්‌ තොරතුරු විදෙස්‌ රටවලට විකාශය කිරීම පසුපස අභ්‍යන්තර බලවේග ක්‍රියාත්මක වී ඇතැයි සනාථය.

ජනරාල්ගේ ලිපිය අනාවරණය වීමෙන් පසු කොටි වෙබ් අඩවි හා ඒවාට ප්‍රතිචාර දක්‌වන්නන් විසින් මඩ ප්‍රචාර දියත් කෙරිණ. එක්‌ වෙබ් අඩවියක මෙසේ සඳහන් විය. ආසියාවේ මීලඟ සදාම් හුසේන් වන්නේ මොහුයි. ඔහු සියලු දෙනාව ඝාතනය කරනු ඇත. රජය දැන් කළ යුත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සියල්ල මොහු මත යොමු කිරීමයි.

කොටින්ගේ මඩ ප්‍රචාරවලට අමතරව කොළඹ සිට මඩ මෙහෙයුම් දියත් විය. මේ අතර කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතැයි යන කියමන සනාථ කරමින් ලෝක ද්‍රවිඩ වෙබ් අඩවිය විසින් පසුගිය බදාදා විකාශනය කළ පුවතකින් කියා සිටියේ ඇමරිකානු බලධාරීහු ජනරාල්වරයාට ඉල්ලා අස්‌වී ජනාධිපතිවරණයට තරග වදින ලෙස යොමු කළ බවයි.

එම පුවතේ මෙලෙස සඳහන් විය.

ඇමරිකාව හා යුරෝපා රටවල් ජනාධිපති රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති කෙරේ කැමැත්තක්‌ නැත. ඔවුන්ගේ ඉල්ලීම පවා ජනාධිපති විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. රාජපක්‍ෂ විසින් විගස වියට්‌නාමය, මියන්මාරය, ඉරාකය, ලිබියාව, පකිස්‌තානය හා ඉන්දියාව සමඟ සබඳතා පැවැත්වීම ගැන බටහිර රටවල කැමැත්තක්‌ නැත. මේ නිසා ඇමරිකානු පාලනය විසින් ජනරාල් පොන්සේකාට ඉල්ලා අස්‌වී ජනාධිපතිවරණයට ඉල්ලන්නැයි දන්වා ඇත්තේ රාජපක්‍ෂ ඉවත් කිරීමටයි. මෙහිදී ජනරාල්වරයා පරාජය වූවොත් ජනපතිවරණය දූෂිත බව දන්වමින් රටේ අස්‌ථාවර තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා ඇමරිකාව අරමුදල් සපයමින් සහය දක්‌වනු ඇත.

මෙහිදී ද්‍රවිඩ වෙබ් අඩවිය පවසා ඇත්තේ පකිස්‌තානයේ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝට අගමැති ධුරය සඳහා තරගවදින ලෙසට බලපෑම් කළේද ඇමරිකාව බවය.

මේ නිසා ඉතා බලගතු කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක වී ඇතැයි සනාථ නොවන්නේද?

මෙරට යුද වීරයා වූ ජනරාල්ව දේශපාලනයට ඇද දැමීම සඳහා දියත් වූ රහසිගත වැඩපිළිවෙළ ගැන විමර්ශනය කරනවිට වන්නි යුද මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් සුධර්ඔලි පුවත්පත පැය විසිහතරෙන් වෙනස්‌ වී ජනරාල්ට සහාය දීමට ඒකරාශී වන්නැයි ද්‍රවිඩ ජනතාව වෙත සිය කතුවැකියකින් ඉල්ලා සිටියේය.

මෙයට සමගාමීව ප්‍රංශ ඒ. පී. එෆ්. පුවත්පත සමීක්‍ෂණයක්‌ කළ බව කියමින් ජනරාල්වරයා රට තුල ජනප්‍රිය බව කියා සිටියේය. මේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවාව පසුගිය ජනාධිපතිවරණයේත් වන්නි යුද මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්‌ථාවෙත් කටයුතු කළ අයුරු ගැන කිව යුතු නැත.

ජනරාල්වරයාත් රජයත් කේවට්‌ටයන්ගෙන් ප්‍රවේසම් විය යුත්තේ මේ නිසාය. මෙවන් වාතාවරණයක්‌ මැද කොටි ඝාතකයන්ව විනාශකිරීමට උරදුන් ජනරාල්වරයා මුහුණ පෑ අයහපත් තත්ත්වය පසු පස මාධ්‍ය අඳ බාලයන් පිරිසක්‌ සිටි බව සනාථ විය. මොව්හු ක්‍රමවේද දෙකක්‌ අනුගමනය කළහ. ඒ ජනරාල්ට හිතවත්කම් දක්‌වමින් යුද හමුදාව යුද අපරාධකරුවන් කිරීමට සැලසුම් කළ ජර්මනියේ ඡේ. ඩී. එස්‌. සංවිධානයට හා ඊට සම්බන්ධ මවා පෑහ. වෙබ් අඩවියට තොරතුරු විකාශනය කිරීමයි.

මෙලෙස ජනරාල්ට සමීපව සිටි මේ ගිනිඅවුළුවන්නන්ගේ කණ්‌ඩායම කිසිවිටෙක කොටි ත්‍රස්‌තවාදය විනාශ කළ යුතුයෑයි කියා සිටියේ නැත. ඔවුන් කොටින්ට කොතරම් බිය වූවාද කීවොත් කොටි ඝාතකයන්ව හඳුන්වනු ලැබුවේ ගරිල්ලන් ලෙසිනි. යුද හමුදාවේ එකම හිමිකරුවන් මෙන් සිතා ගනිමින් ක්‍රියා කළ මොව්හු සෑම දිනකම ඡේ. ඩී. එස්‌ මඩ වෙබ් අඩවියට ජනරාල් හා ජනාධිපති අතර අර්බුද මවාපාන එසේම හිටපු නාවික හමුදාපතිවරයා පස්‌දෙනකුගෙන් සමන්විත මාධ්‍ය කණ්‌ඩායමකට මරණීය තර්ජන එල්ල කළ බවටද මොවුන් විසින් සාවද්‍ය පුවත් විකාශනය කෙරුණි.

ඉන් කීපදෙනෙක්‌ යුද හමුදා ආරක්‍ෂාවද ලබා ගත්හ. එහෙත් මේ ගිනි අවුළුවන්නන්ගේ රහස්‌ සැලසුම දෙදරා ගියේ මරණ තර්ජන එල්ල වූ බවට හැඳින් වූ මාධ්‍යවේදියෙක්‌ මෑතකදී අපරාධ විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක්‌ කරමින් තමන්ට හිටපු නාවික හමුදාපතිවරයා මරණීය තර්ජනය නොකළ බව පවසමින්a එකී කණ්‌ඩායමේ සියලු අතීත තොරතුරු හෙළි කිරීමයි. මේ නිසා ජනරාල්වරයාට සමීප වී ද්විත්ව රංගනයේ යෙදුණු මෙම කණ්‌ඩායමේ රැඟුම අනිකුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට බරපතල ප්‍රහේළිකාවක්‌ විය.

ජනරාල්වරයාට සමීප වූ මේ මාධ්‍ය අඳබාල කණ්‌ඩායම හෙවත් ගිනි අවුළුවන්නන්ගේ ඒකකයේ පසුබිම කුමක්‌ද? 2002 වසරේ මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් තම උසස්‌ නිලධාරීන්ටද නොදන්වා අතුරුගිරියේ පිහිටි අතිශයින්ම රහසිගත දිගු දුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගෙන මෙරට යුද හමුදාවට ෙද්‍රdaහිකමක්‌ කළේය.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මෙහිදී ගිනි අවුළුවන කණ්‌ඩායමේ ප්‍රධානියා යුද හමුදාවට එරෙහි විය. ඔහු එවකට හමුදාපති වූ ජනරාල් ලයනල් බලහල්ල හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්ද්‍රdවිතාරණව අධිකරණය වෙත ගෙන යැම සාධාරණීකරණය කරමින් අන්වර්ථ නම්වලින් ලිපි ප්‍රකාශයට පත් කළේය.

එවකට ඇමරිකාවේ සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නමේ කොටසක්‌ භාවිත කරමින් ගෝඨාභය රණවීsර නමින්ද මොහු ක්‍රියාත්මක විය. එහෙත් දිගු දුර විහිදුම් බලකාය පාවාදුන් උඩුගම්පොළව බේරා ගැනීමට ඔහුට නොහැකි විය.

දෙවැනි ජගත් සංග්‍රාම සමයේදී බ්‍රිතාන්‍ය අගමැති වින්සන්ට්‌ චර්චිල් මෙසේ පවසා තිබුණි.

"අපි ගිනි අවුළුවන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි."

චර්චිල් ඒ බව පැවසුවේ ඔහු හා මොන්ටිගෝමරි නම් වූ හමුදා නිලධාරියා අතර ගිනි ඇවිලවීමට පිරිසක්‌ ක්‍රියා කර තිබූ බැවිනි.

එසේම ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි සහ හමුදාපති සෑම් ධනෙන්ෂෝ අතර ද ගිනි අවුළුවා තිබිණි. එහෙත් ජෙනරාල්වරයා මේ ගිනි අවුළුවන මෙහෙයවන්නන්ගේ දොස්‌තර ජෙකිල්a ඇන්ඩ් මිස්‌aටර් හයිඩ් නම්වූ ද්විත්ව රංගනය ගැන දැන සිටියේ නැත. එසේම යුද ටැංකි කොළඹ නගරයේ ඔබමොබ ධාවනය වීමට ආසන්න යෑයිද ප්‍රචාරයක්‌ දියත් විය.

මේ අතර ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශයක්‌ කරමින් තමන් අතර පවතින වෙනස්‌කම් ඉවත දමා එක්‌සත් වන්නැයි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරනු ලැබීය.

ශ්‍රී කොටි ජාලයට සම්බන්ධ වූවන් විදේශ රටවල සිට හිස එසවීමට කරන උත්සාහය පරාජය කළ යුතු යෑයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ආරක්‍ෂක ලේකම්වරයා මේ ප්‍රකාශය කිරීමෙන් පැය විසිහතරකට පසු කොටි රූකඩය වූ ලන්ඩනයේ බී. බී. සී සේවාවේ අන්බරායන් එතිරාජන් නමැත්තා විදෙස්‌ ගත කොටින්ට ජීවය ලබාදීමට උත්සාහයක්‌ ගත්තේය. කොටින්ගේ ජාත්‍යන්තර ජාලය සහ ඔවුන්ගේ වත්කම්වල අනාගතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ පැනනැඟී තිබෙනවා යෑයි ඔහු පවසා ඇත.

ඊළම් රාජ්‍යයක්‌ ආරම්භ වනු ඇතැයි දැඩි විශ්වාසයක්‌ පළ කළ ස්‌විට්‌සර්ලන්තයේ කොටි ඒජන්තවරයකු වූ ෂාන් තේවරාජා නමැත්තාද ජාත්‍යන්තර කොටි ජලය කුමක්‌ කරන්නේද යන්න ගැන ද්‍රවිඩ ජනතාව විමසන බව පවසා තිබේ.

ද්‍රවිඩ අරමුණ (ඊළම) ඉටු කර ගැනීම ජාත්‍යන්තර ජාලයේ තරගකාරී කණ්‌ඩායම් දෙක එක්‌සත් විය යුතු යෑයි තෙවරාජා නමැත්තා පැවසීමෙන් කොටි ජාලය දෙකඩ වී ඇතැයි සනාථ විය. මෙයට මූලික හේතුව වූයේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානි කේ. පී. විසින් කොටි ජාලයට සම්බන්ධ වූවන්ගේ වගතුග හෙළි කිරීමයි.

ඒ වනවිට 1991 කොටුවේ මහ බැංකුව විනාශකිරීම පිණිස රාත්තල් 400 ක පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරිය කොළඹට ගෙන ආ නවරත්නම් සෙල්ලතම්බි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් චෙට්‌ටිකුලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබිණි.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
2002 වසරේදී කොළඹ අධිකරණය විසින් ඔහුට වසර 200 ක සිරදඬුවමක්‌ නියම කර තිබුණි. මේ අතර මුල්වරට විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික පාර්ශ්වයන් මෙරටට කැඳවූ ජනාධිපතිවරයා පසුගිය 14 වැනිදා දේශනයක්‌ කළේය. සමහරු මේ රටේම ඉපදිලා මැරෙනකම්ම ජීවත් වෙනවා. නමුත් ඔවුන් රටේ බෝඩිම්කාරයෝ වගෙයි ජීවත් වන්නේ අපි ත්‍රස්‌තවාදය පරාජය කරන්න දැවැන්ත මෙහෙයුම් කරන කොට මේ බෝඩිංකාරයෝ රට ගැන නොසිතා හැසිරෙන හැටි මම දැක්‌කා. තමුන්නාන්සේලා ජීවත් වුණු රටවලට මේ අය අවුත් කුමන්ත්‍රණ කළ බව මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ යෑයි ජනාධිපතිරවයා කියා සිටියේය.

මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහාවූ උත්සවයක්‌ පසුගිය 15 වැනි ඉරිදා රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට එරෙහිව කොටි ජාත්‍යන්තර ජාලය බරපතල ලෙසින් ක්‍රියාත්මක වෙත්දී මේ පිරිසගෙන් වැඩි දෙනකු සිටියේ කොහේද යන්න අපට ප්‍රශ්නයක්‌ විය.

විදෙස්‌ගත වූවන් මෙරටට කැඳවා ශ්‍රී ලංකාව නඟාසිටුවීමට සහය ඉල්ලීම උත්කෘෂ්ට ක්‍රියාවකි. එය සංවිධානය කිරීමට කළ මෙහෙයුමද අගය කළ යුතුය. එහෙත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන රටවල අපේ තානාපති කාර්යාලවලින් නිර්දේශ කර එවූ විදෙස්‌ගත වූවන්ගෙන් ඇතමෙක්‌ අඩු වශයෙන් කොටි විරෝධතාවයකට පවා සහභාගි වූවන් නොවේ.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කණ්‌ඩායමේ කාන්තාවක්‌ ද්‍රවිඩයන්ට දේශපාලන රැකවරණ ලබා ගැනීමට සහය වූ තැනැත්තියකි. ප්‍රංශයේ සිට පැමිණි කාන්තාවක්‌ සටන් විරාම සමයේ ක්‍රියාත්මක වූ අයරුe මුළු ප්‍රංශ ශ්‍රී ලාංකිකයන්ම දනී. ඉතාලියේ සිට වසර ගණනාවක්‌ම යුද මෙහෙයුම්වලට එරෙහිව ප්‍රචාරය ගෙන ගිය අයද පැය විසිහතරෙන්ම දේශප්‍රේමියකුවී මෙම උත්සවයට සහභාගි විය.

මේ නිසා මව් බිමේ සැබෑ දේශප්‍රේමීන් තෝරාගෙන මෙරටට එවීමට ක්‍රියා නොකිරීම ගැන අපේ තානාපති කාර්යාල වගකිව යුතුවේ.

මේ අතර කොටි සංවිධානයේ වළ කපා ගත්තේ ප්‍රභාකරන් යෑයි තමිල්නාඩු මහ ඇමැති මුතුවෙල් කරුණානිධි කියා සිටියේය. 2005 ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන් ලක්‌ෂ හතක්‌ වූ ද්‍රවිඩයන්ට ඡන්දය පාවිච්චි කරන්ඩ දුන්නේ නැත. හිටපු අගමැතිවරයා කොටි සමග සාම සාකච්ඡා පැවැත්වීමේ ප්‍රතිඥ දුන්නා. තම යුද ක්‍රමවේදවලින් ලැබෙන ප්‍රතිවිපාක ගැන කොටින් අවධානය කළේ නැහැ යෑයි කරුණානිධි චෙන්නායි නගරයේදී සඳහන් කරනු ලැබීය.

ප්‍රභාකරන්ගේ ඉක්‌මන් තීරණය නිසා කොටි සංවිධානය යුදමය පරාජයකට ලක්‌වූ බවද හෙතෙම තවදුරටත් පළ කළේය.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී කොටි සංවිධානය ජීවමාන බව පෙන්නුම් කිරීම සඳහා ඊළම්වාදීන් සඳහා වූ නෝවීජීයානු සංවිධානය විසින් ජනමත විචාරනයක්‌ පවත්වා ඇත. නෝර්වේ රාජ්‍යයේ 27000 කට වඩා ද්‍රවිඩයන් සිටියත් මේ ව්‍යාජ ජනමත විචාරණයට සහභාගි වී ඇත්තේ 2767 කි. මෙය කොටි සංවිධානයේ නෝර්වේ නායක තෙදියවන් හා ඇමරිකානු ඒජන්ත රුද්රකුමාරන්ව ප්‍රතික්‍ෂේප කිරීමකි.

රටින් පිටත ඊළම් ආණ්‌ඩුවක්‌ පිහිටුවීම නෝර්වේ සිට ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම මුළුමනින්ම බිඳ වැටුණා යෑයි නෝර්වේහි ප්ලෝට්‌ නායක රාජන් රාජසිංහම් කියා සිටියේය.

මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස නිරීක්‍ෂණය කරද්දී වන්නි මෙහෙයුමට එරෙහිව විවිධ ප්‍රකාශ කළ විපක්‍ෂය ජනරාල් වෙත කරුණු දහයකින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර එය පිළිගත යුතු යෑයි කියා සිටියේය.

රටේ හමුදා නායකත්වයට සටන් විරාම ගිවිසුම ගැන අධ්‍යයනය කිරීමට ඉඩ නොදී ප්‍රභාකරන්ව පෝෂණය වීමට ඉඩ හැරී පාර්ශ්වයන්ගේ ඉල්ලීම්වලට ජනරාල් ප්‍රතිචාර දැක්‌විය යුතුද?

මේ අතර ශ්‍රී ලංකා හමුදාවට මල්ටිබැරල් නම් ප්‍රහාරක යානා තිබුණත් කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවත් 50,000 කට අධික අමතර සටන්කරුවන් සිටින බව පැවසූ කැනඩාවේ ජෙයරාඡ් නම් වූ තැනැත්තා දැන් ජනරාල්ට චරිත සහතික දීමට ද ඉදිරිපත් වී ඇත.

කොටි නියෝaජ්‍ය නායක මහේන්ද්‍රරාජාගේ හිතවතකු ලෙස ක්‍රියා කළ ජෙයරාඡ්ගේ සහය වරක්‌ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විසින් ඉල්ලා සිටි බව අමතක නොකළ යුතය.

මෙරටින් සිංගප්පූරුවට පැනගිය පිරිස්‌ මේජර් ජනරාල් ජානක පෙරේරාව යුලිසිස්‌ වීරයා කිරීමට උත්සාහ කළේය. ඔව්හු ජනරාල් සරත් ෆොන්සේකාව ද අන්දවන්න යන්නේ එලෙසිනි.

මේ අතර තමා හිටපු මාණ්‌ඩලික ප්‍රධාන ජනරාල් සරත් පොන්සේකා වෙත ප්‍රශ්නාවලියක්‌ යෑවූ බව බස්‌නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් නමැත්තා පිළිගෙන ඇත.

එහෙත් තමා යෑවූ ප්‍රශ්නවලට ජනරාල්වරයා ලි�තව ප්‍රතිචාර ලබාදී නැති බවත් එසේ ලි�තව දන්වනතුරු කිසිවක්‌ ගැන අවධානය යොමු කරන්නේ නැති බවත් මනෝගනේෂන් විසින් තවදුරටත් සඳහන් කර තිබේ

. Sද ෙaර ඨැබැර්ක ය්s බදඑ ටසඩැබ පැ aබහඑයසබට සබ අරසඑසබටග ඹබකැss සඑ සබ අරසඑසබටග ෂ අසකක බදඑ eඩැබ ජදබිසාeර aබහඑයසබට eකිe - ප්බද ට්‌බැsaබග

මනෝගනේෂ්න් මේ ඉල්ලන්නේ වැනිසියේ වෙළෙන්දා ග්‍රන්ථයේ එන ෂයිලොක්‌ යුදෙව්වා මෙන් මස්‌ රාත්තලමය. මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසුවේ මනෝගනේෂන් නමැත්තාගේ ඇතැම් ඉල්ලීම් ජනරාල් විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

මෙම නොවැම්බර් මාසය කොටි ත්‍රස්‌තයන් විසින් සැමරුවේ තම මියගිය ත්‍රස්‌තයන් වෙනුවෙනි. එහෙත් කොළඹ කොටි හිතවාදීන්ට දැන් ඉමහත් දුකක්‌ ඇති වී ඇත. ඒ එදා යුද වීරයන් ලෙස අතිශයෝක්‌තියෙන් සැමරූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තයන්ව සැමරීමට දැන් නොහැකි වීමයි. පොට්‌ටු අම්මාන් කෙනකු තමිල්නාඩුවෙන් මතු කිරීමේ උත්සාහයක්‌ ද ඇතැයි වාර්තා වේ.


"සිංහල බෞද්ධ රාජ්‍යයේ ඉරිතැලීම් ගැන අවධානය යොමු කළ යුතුයි.

-බෲස්‌ ෆෙයින් හිටපු ඇමරිකානු නියෝජ්‍ය තානාපති හා කොටින්ගේ නීතිවේදී 23.01.2009 - චෙන්නායි නගරයේදී

ධබැ ය්d එද කදදනි දෙර Cර්ජනි සබ එයෑ Sසබය්ක්‌ ඊමාdසිඑ ඡදකසඑහ - ඊරමජැ Feසබ

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/11/22/defence.html
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔය එලිවෙන්නේ ඇත්ත

පළවෙනි ලිපියෙ මුල් original එක නම් ලියල තිබ්බෙ සරත් ෆොන්සෙකට ගහන්නමයි. ඒත් දිවයිනෙ දාන කොට ඒවා සංස්කරණය කරල දාල තියෙන්නෙ.
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පළවෙනි ලිපියෙ මුල් original එක නම් ලියල තිබ්බෙ සරත් ෆොන්සෙකට ගන්නමයි. ඒත් දිවයිනෙ දාන කොට ඒවා සංස්කරණය කරල දාල තියෙන්නෙ.

ඔව්, සමහර දේවල් සංස්කරණය කරනවනේ