මේ ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහතා සමග කරුණාරත්න දිවුල්ගනේ මහතා
(අපේ ආණ්ඩුකාරතුමා). දිවුල්ගනේ මහතාගේ හුඟක් ගීත වලට කපුගේ මහතා සංගීතය සපයලා තියෙනවා.
දිවුල්ගනේ මහතා ක්ෂේත්රයේ ඉහලට යන්ඩ හුඟක් උදව්කරපු කෙනෙක් තමයි ගුණදාස කපුගේ කියන ඒ ශ්‍රේෂ්ඨ සංවේදී මිනිසා.
අපේ අවාසනාවට එතුමා අකාලයේ අපෙන් සමු අරන්.....
එදා අනතුර වුණු වෙලාවේ එතුමා රෝහලට ගෙනියන්ඩ පරක්කු වුනේ නැත්නම් තවමත් අපිත් ඒක්ක..
මේ ඉතිං කාගේ වැරදිද???
එතුමා දැරූ පුද්ගලික මතය නිසා, මෙවන් රටක් වටින මිනිසෙකුට මෙසේ සලකාවියැයි කාට හිතන්ඩ පුළුවන්ද?
ඒකෙන් ඉතිං උන්ට පාඩුවක් උනේ නෑනේ...
උන්ට ඕනේ මොන ක්‍රමේකින් හරි තමන්ගේ මතේට විරුද්ධව යන රටක් ජාතියක් ගැන ආදරය කරන මිනිසුන්ව අයින් කරන්ඩනේ..........
මේ විදියට අපේ වටිනා කියන මිනිස්සු කීදෙනෙක් අකාලයේ අපිට අහිමි වුනාද? අහිමි කළාද? ......