ගල් ගුහාවක ජීවත් වන පවුලක්....!!!

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
ගල් ගුහාවක ජීවත් වන පවුලක්....!!!

උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/13

ගල්ගෙයි ගෙවන දුෂ්කර ජීවිතේ

as0912131-1.jpg
as0912131-2.jpg
as0912131-3.jpg
as0912131-4.jpg
as0912131-5.jpg


ඇය ඔහුගේ අතින් අල්ලාගෙන සැතපුම් ගණනක් දුර ගෙවන්නීය. ඇතැම් අයකු ඔවුන් එනතුරු මඟ බලා හිඳින්නාහ. ‘එමුකො බලන්න... පැහිලද බලලා කඩන්න” කෙනෙක් ඔවුන් තම වත්තට කැඳවූහ. ඇය ඔහු අතින් අල්ලාගෙන පොල් ගසක් ළඟට කැටුව ගියාය. ඔහු පොල් ගස් නඟින වළල්ල කකුල්වල පටලවා පොල් ගසට වැන්දේය. හිමින් සීරුවේ ගසට නැග්ගේය. ‘ටක්’... පැහිච්ච පොල් ගෙඩියකට තට්ටු කරන හඬ පහළ සිටි අපට හොඳින් ඇසිනි. ඔහු පොල්වල්ලේ ගෙඩි එකින් එක කඩා බිම දැම්මේය.

”තව එකක් තියෙනවා...”

ඇය පහළ සිට කීවාය.

”හනසුත් තියෙනවා. එහා පැත්තේ වේලිච්ච පොල් අතු දෙකකුත් තියෙනවා.”

ඇය නැවත කීවාය.

ඔහු අමු අත්තක් අතගා බැලුවේය.

”ඕක නෙමෙයි”

”හරි හරි”

ඔහු හනසු දෙක තුන ගලවා දමා වියළි පොල් අතු ද ගලවා දමා ගසින් බැස්සේය.

”පොල් පැහිලද?”

ඔහු ගෙහිමියාගෙන් ඇසුවේය.

”පොල් කඩන්න මේ දෙන්නම යන්න ඕන. නැත්නම් බැහැ. මෙයාගේ ඇස් පේන්නේ නැහැ. එයාගේ පවුල තමයි ඔය ඉන්නේ. මේ ගොල්ලෝ හරි දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ. ඉන්න ගෙයක් දොරක් නෑ. ඉන්නේ ගල්ගුහාවක.”

ගෙහිමියා අපට පොල් කඩන්නා පිළිබඳව වැඩි තොරතුරක් කීවේය.

ඉන්පසුව අපි ඔවුන්ගේ ගල්ගෙට ගියෙමු.

මහපාරේ පියමං කර කැලෑ පාරකට හැරුණෙමු. කළුගල් අතරින් යන ගමන දුෂ්කරය. කිලෝමීටර් භාගයක් පමණ ගිය තැනදී උඩට ඇති අඩිපාරේ මහා කළුගල්වලින් පැන අපි ඔවුන්ගේ ගල්ගෙට ගියෙමු. මේ වන විට ගමේ පවුල් කිහිපයක්ම අප හා එක්ව සිටියහ.

මේ පැත්තට මොකක්ද කියන්නේ.

”මේක අයිති වෙන්නේ ගල්ගමුව ආසනයට. මේ හරියට කියන්නේ් නාකොළගනේ ආ¼ඩියාගම කොටස කියලා.” ගැමියෙක් අපට කීවේය.

එය විශාල කළුගලකි. ඊට එපිටින් එවැනිම විශාල ගල් ඇත්තේය. ගල්ගෙය තුළ අඩි හතරකට වඩා උස නැත්තේය.

දරු පවුලක් කොහොමද මෙතැන ඉන්නේ.?

අපි අපෙන්ම අසා ගත්තෙමු.

කේ.ගුණතිලක. ඔහුගේ දෑස නොපෙනේ. වයස අවුරුදු හතළිස් තුනයි.

අපි ඔහු හා කතා බහ කළෙමු.

”පොඩි කාලේ ඉඳලයි ඇස්පේන්නේ නැතිව ගියේ. ඔලුවේ කැක්කුමක් ආවා... ඊට පස්සේ ඇස් පේන්නේ නැතිව ගියා.. සුළු සුළු දේවල් කරලා ජීවත් වුණේ. දැන් නම් ස්ථිරයටම කරන්නේ පොල්කඩන රස්සාව.

පොල් පැහිලද කියලා බලන්න පේන්නේ නැහැනේ. දැන් නම් තට්ටු කරලා බලලම පැහිච්ච පොල් අඳුර ගන්න පුළුවන්. මගේ දුව තාම ඉස්කෝලේ යනවා. එයා තුනේ පංතියට පාස් වුණා.

දරුවා ඉස්කෝලේ ගියාට පස්සේ බිරියයි මමයි දෙන්න තමයි රස්සාවට යන්නේ. එයා මාවත් තියාගෙන බයිසිකලේ පදිනවා. එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. ඒනිසා බයිසිකලේ පදින්නේ නැහැ. අනිත් එක දැන් ඒකත් හොඳටම අබලන් වෙලා.

ඔවුන්ගේ ජීවිතවල නැතිබැරිකම් එමටය. ඔවුන්ගේ උදව්වට ද කිසිවෙක් නැත. ගල්ගෙය අවට නිවෙස් කිහිපයක් තිබුණ ද ඔවුන් ද එතරම් පොහොසතුන් නොවේ.

ගල්ගෙයි එක් පසෙක විශාල හුඹසකි. අනෙක් පැත්තෙන් එළියට යා හැකි විවරයකි. එය දෙකට තුනට නැමී යා යුතු ගමනකි. ගල් ගෙය තුළ කණ්ඩියක ඔවුන්ගේ උයන පිහන භාජන ඇත්තේය. පෝර මලු කිහිපයක අඳින ඇඳුම් දමා ඇත්තේය.

පසෙක ඇත්තේ ළිපකි. ඔවුන්ගේ සියලු දේ සිදුවන්නේ ගල්ගෙය තුළය. නිදියන්නට කියා පැදුරක් හෝ වාඩිවන්නට කියා පුටු කබලක්වත් නැත. තුඹස ළඟම බිම එළාගත් ඉටිරෙද්දක ඔවුන් තිදෙනා රාත්‍රිය පහන් කරති. ගල්ගෙයි දොර මුවාකර ඇත්තේ කොහෙන්දෝ සොයාගෙන ආ දිරා ගිය මදුරු දැල්, ඉටි රෙදි ආදියෙනි.

”අපි මෙතැනට ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි. මීට කලින් හිටියේ මහගෙදර. එතන පවුල් දෙකතුනක්. එයාලත් මහ ලොකුවට තියෙන අය නෙමෙයි. එකට ඉන්න අමාරු නිසා එහෙන් ආවා. ගේන්න කියලා අපිටම කියලා තිබුණේ මේ තියෙන ප්ලාස්ටික් කෑලි ටික විතරයි. ඕන් ඔය පල්ලෙහා ඉන්න මාමා කෙනෙක් තමයි කිව්වේ මේ ගල්ගේ ගැන. අපි එනකොට මෙතැන හොඳටම කැලෑව වැවිලා තිබුණේ.

සුද්ද කරලා ඉන්න හදාගත්තා. රෑට හඳ තියන දවස්වලට නම් ගාණක් නැහැ. හඳ නැති රෑට තිත්ත කරුවලයි. අපේ එක්කෙනාට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට රැයත් දහවලත් එකයිනේ. දරුවයි මමයි කුප්පි ලාම්පු එළියෙන් ඉන්නවා. මට ඕන මොන දුකක් හරි විඳලා අපේ දරුවට උගන්න ගන්න.” ගුණතිලකගේ බිරිය සීලවතී පවසන්නීය.

සෑම අම්මා කෙනෙකුම ජීවිතයේ බොහෝ දුක් ගැහැට විඳදරා ගන්නේ තම දරුවන්ගේ ලෝකය තැනීමටය. ඇය ද ප්‍රාර්ථනා කරන්නේ තම දියණියගේ අනාගත සුබ සිද්ධියයි. සීලවතී හදවත් රෝගියෙකි. හදවතේ සිදුරක් වැසීම සඳහා ඇය ශල්‍යකර්මයකට භාජනය කරන ලද්දේ මීට මාස දෙකහමාරකට පමණ පෙරය.

ඔවුන්ගේ ජීවිත බෙහෙවින් දුෂ්කරය. වතුර පොදක් බොන්නට ළිඳක් නැත. වතුර ගෙන එන්නට පහළ ගෙදරකට යා යුතුය. එයත් දුෂ්කරය. දෑස් නොපෙනෙන නිසා ගුණතිලකට වතුර පනිට්ටුව රැගෙන ගලින් ගල පැන ගල්ගෙට ඒම දුෂ්කරය. සීලවතීට බර ඔසවන්නට හොඳ නැත.

ඔවුහු උදයෙන්ම අවදි වෙති. සීලවතී උයා පිහා දියණිය අවදිකර පාසල් යෑමට සූදානම් කරන්නීය. උදේට කෑම කා ඉතිරි කෑම භාජනවලට දමා පහළ ගෙදරට ගෙන යන්නීය.

ඒ රිලවුන්ගෙන් පරිස්සම් කරගැනීම සඳහාය. ඇතැම් දිනවල දවල් කෑමට බත් මුලක් බැඳගෙන යන්නීය. දරුවා ද පාසලට හැරලවා ඔවුහු පොල් කැඩීමට වත්තෙන් වත්තට යන්නාහ. ඒ ඔවුන්ගේ දෛනික ජීවිතයයි. මේ තත්ත්වය වෙනස් වන අවස්ථා ද නැතිවා නොවේ. පැල්බැඳගෙන එක දිගට වහින්නට ගත් විට ඔවුන් තව තවත් අසරණවේ.

”දවසකට කොහොම හරි රුපියල් දෙසීයක් තුන්සීයක් හොයා ගන්නවා. ඒත් වැස්ස දවස්වලට ගස් නගින්න බැහැනේ. එහෙම දවස්වලට අහල පහල අය උදව් කරනවා. හාල් ටිකක්, තුනපහ එළවුළු ටිකක් දෙනවා. වැස්ස කාලෙට වේල පිරිමහ ගන්නේ එහෙම. මේ ගල්ගෙයි වුණත් වැස්ස කාලෙට ඉන්න අමාරුයි. ඒත් ඉතිං වෙන කරන්න දෙයක් නැහැනේ.” ගුණතිලක පවසන්නේය.

කොතරම් දුෂ්කරතා තිබුණ ද ඔවුනගේ බලාපොරොත්තුව දියණියගේ අනාගතය යහපත් කිරීමය. පී.නිමේෂා දිල්හානි දියණිය ඉගෙනුම ලබන්නේ පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේය. අලුත් අවුරුද්දේ අලුත් පංතියක (තුන්වැනි ශ්‍රේණියේ) ඉගෙනුම ලබන්නට ඇය ආසාවෙන් බලාහිඳී. ඇස් නොපෙනෙන තාත්තා කෙසේ හෝ තම පාසල් පොත් ලබාදේය යන බලාපොරොත්තුව ඇයට ඇත.

නගරයේ දරුවන්ට මෙන් කිරිකොක් සුදට බැබළෙන සපත්තු, ඇඳුම් ඇයට නැත. විසිතුරු පොත් බෑග් නැත. එහෙත් ඇයට ඉගෙනීමට ආසාව හා උනන්දුව ඕනෑවටත් වඩා ඇත. ”ගල්ගේ ඇතුළේ නෙමෙයි පොත් බෑග් එක තියෙන්නේ. පල්ලෙහා නැන්දලාගේ ගෙදර ඒවා තියෙන්නෙ! රිලව් ආවහම ඇදලා දානවා.” ඇය පවසන්නේ දුකෙනි.

ඇගෙත් අම්මාගේත් තාත්තාගේත් දුක හඳුනාගත් අයෙක් මේ අතර දී අපට හමුවූයේය. ඔහු ලංකා බැංකුවේ කළමනාකරුවකු වන ඊ.එම්.යූ.එදිරිසිංහ මහතාය. ඔහු අපට ගුණතිලක පවුල වෙසෙන ගල්ගෙයට යෑමට පාර පෙන්නුවේය. ඒ පිළිබඳව තොරතුරු සැපයුවේය. අවසන ඔහු ගුණතිලක පවුල වෙනුවෙන් යහපතක් කිරීමට ද ඉදිරිපත් වූයේය.

”මගෙ ඉඩම් කෑල්ලක් තියෙනවා. ගෙයක් හදලා දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනව නම් මම ඒක මේ අයට ලබා දෙනවා. මේගොල්ලෝ ගෙවන දුෂ්කර ජීවිතය අද දැක්කට පස්සෙයි මම ඒ තීරණය ගත්තේ.”

අද නොව හෙට ඔවුන්ගේ ජීවිත සුවපත් වනු ඇත. ඒ ඔබගේ කාරුණික අවධානය යොමු වුවහොත්ය.

(අඹන්පොල සුනිල් කටුපිටිය මහතාට විශේෂ ස්තුතිය.)

ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - සුදම් ගුණසිංහ

උපුටා ගැනීම - සිළුමිණ - 2009/12/13
 
Last edited:
  • Like
Reactions: KHz

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
අපි මෙහෙ ඡන්ද වලට මරා ගන්නවා ... මේ මිනිස්සු එදා වේල කන්න නැතිව දුක් විදිනවා :rolleyes:
 
May 17, 2006
3,632
90
0
අපිට එලකිරි එකේ කට්ටියට එකති වෙලා මොනවා හරි කරන්න බැරිද?....අපි එකතු වෙලා මේ ගොල්ලන්ට ගෙයක් හදලා දෙමු ද?
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අපිට එලකිරි එකේ කට්ටියට එකති වෙලා මොනවා හරි කරන්න බැරිද?....අපි එකතු වෙලා මේ ගොල්ලන්ට ගෙයක් හදලා දෙමු ද?

    හොඳ අදහසක් මචං.. ගෙයක්ම බැරි උණත් පුළුවන් උදවුවක් වත් කරන්න පුළුවන් නම්!!!
     
    May 17, 2006
    3,632
    90
    0
    හොඳ අදහසක් මචං.. ගෙයක්ම බැරි උණත් පුළුවන් උදවුවක් වත් කරන්න පුළුවන් නම්!!!

    අපිට ගෙයක් උනත් හදාගන්න පුලුවන්..අපි FB අකෙත් donate පාරක් දැම්මනම්
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    ටයිකෝට් දේශපාලුවෝ සීත කාමරවල ඉඳන්21 වෙනි ශතවර්‍ෂයක් ගැන බයිලා ගහනවා.මිනිස්සු තාම ගල්ගෙවල්වල
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව් නේ.. හිත ඇත්නම් පත කුඩාද??:)

    eka athta machan..ona dekata mama enawa......api hamotama oka karanna puluwan ekatu wnoth......:):)

    මම හෙට සිළුමිණ පත්තරේට කතා කරලා බලන්නම්..මම හිතනවා අනිත් අයත් එකතු වෙවි කියලා
     

    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    අපිට එලකිරි එකේ කට්ටියට එකති වෙලා මොනවා හරි කරන්න බැරිද?....අපි එකතු වෙලා මේ ගොල්ලන්ට ගෙයක් හදලා දෙමු ද?

    නියමයි සහෝදරයා, ඔබේ අදහස මමත් බෙහෙවින්ම අගය කරනවා. මමත් උදවු කරන්නම්. ඔයා සිළුමිණ පත්තරේට කතා කරන්න.


    මම මේ ලිපිය දානකොට හිතුවා එළකිරි එකේ ඉන්න අනුන්ට උදව් කරන්න කැමති ඔයාලා වගේ අය ඒක දකීවි කියලා...


    අපි හැමෝම පුළුපුළුවන් විදියට උදවුවක් කරමු.
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපිට එලකිරි එකේ කට්ටියට එකති වෙලා මොනවා හරි කරන්න බැරිද?....අපි එකතු වෙලා මේ ගොල්ලන්ට ගෙයක් හදලා දෙමු ද?
    makamai matath hithuna karanawanam menna ape yalu kama manussa kama pannanna honda welawak singi hadagena batahira veerayoo eawata aruuda karagena inna apita haba wadak karanna welawak
    mama kiyanna api athara honda capital ekak thiyanawa rata ratawala inna aya innawa eyalage thawa posath yaluwo inna puluwan mawata udau karanna kamathi karaganna puluwan oya data mahansi wemu ara lamaya gana hithala kattiya set nam kiyanna mama salli danna lasthi