සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...
ගීය: මුවරද සිඳුනේ
ගේය පද රචනය: දයාසේන ගුණසිoහ
මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?nm2njmzwmzu
මේ ගීයේ ඉතිහාසය මෙවැනියි....
1975 දී 'නව පදමාලා' නම් වූ ගුවන්විදුලි සoස්ථාවේ වැඩසටහනක් වෙනුවෙන් තමයි මේ නිර්මාණය මුලින්ම ඉදිරිපත්කර තිබෙන්නේ.
මේ ගීතයෙහි සුවිශේෂත්වයක් තිබෙනව... එනම්, මෙහි තනුව නිර්මාණයකර තිබෙන්නේ අප අතරින් වියූවූ
'ගුණදාස කපුගේ' ශිල්පියායි.. ඔහු එවකට ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ ශබ්ද පරිපාලකයෙක්ව සිටි සමයේ ඔහු විසින්මයි මෙය පටිගත්කර ඇත්තේ. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණනම් - ගුණදාස කපුගේ ශිල්පියා විසින් සුනිල් එදිරිසිoහයන් වෙනුවෙන් කළ එකම තනු නිර්මාණයද මෙයයි....!
>> මේ එය ආදරණීය කලාකරු රෝහණ වීරසිoහයන් විසින් සoගීතය ප්‍රතිනිර්මාණයකළ නැවත කළ පටිගත කිරීමකි. <<
මෙය අතිශය අලන්කාර ගීයකි. හැමෝම අහන්න විතරක් නෙමෙයි; හොඳින් රසවිඳින්න - ගුණ දොස් කියන්න.
ඔබ සැම වෙනුවෙන් මා මෙහි පදපෙළ මෙහි පලකරමි.
*************************
මුවරද සිඳුනේ
රත්සර ලවනේ
බිඟු නැත යළි ආවේ
සත්සර නිමවී
අනුරා ගීයේ
සුසුමකි මතුවූයේ.....
හිරු හා පෙම් බැඳි
යොවුන් කුමාරිය
දැක ඇයි සඳු හැඬුවේ
ගිළිහුනු රුවගෙන
සීතල රළපෙල
කොයිදෙසදෝ ඇදුනේ.....
හෙටදින අරුණලු
දිය මත විසිරී
මල් පුබුදන මොහොතේ
පෙරදා රසඳුන වූ රුව සිහිවී
කවුරුද වැළපෙන්නේ.....
***************************
මේ අතිශය දුලභ ගීයට සවන්දෙන ගමන් හිමිහිට මේ පද මෙනෙහිකර බලන්න - කොයිතරම් අර්ථවත් මිහිරි එකක්ද කියලා...
ස්තූතියි.
>>LDS<<