SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිනි වැස්ස උනත් ගිනි ගන්න සුලුයි

    Pini wessa unath gini ganna sului




    Mama hithanne meka aluth sinduwak. Radio cut.


     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Reply



    සමාවෙන්න මිත්‍රයා... මම දැන් තමයි බැලුවෙ...

    මා ඉල්ලූ ගීතයනම් මෙය නොවේ.
    'හද ගී පොතේ පිටුවක් ඉරා - ලියා එවමි ආදරේ.... සඳ ඉල්ලා තරු ..... (ඉතිරිටිකනම් මතක නැහෑ)

    ඔබ විසින් ලබාදී ඇත්තේ 'හද වේදනා' කියන එක. මේක වෙනත් එකක්.

    ඔබගේ උත්සාහයට ගොඩාක් ස්තුතියි.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුභ දවසක් වේවා මිතුරු සැමදෙනටම...
    ලස්සන ගීතයක් ඇහුනා....
    ගීතය: හද ගී පොතේ පිටුවක් ඉරා
    ගායනය: රාජු බන්ඩාර සහ චන්ද්‍රා බන්ඩාර
    ඔබ කාලඟ හෝ තිබේනම් - අපට ලබාදෙන්න හැකිනම් ගොඩාක් පින්.
    ස්තුතියි.
    >>LDS<<
    meka balannako

    Raju Bandara-Hada Gee Pothe.mp3
    http://www.mediafire.com/?yillmmdyjvv
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Thanks a lot

    meka balannako

    Raju Bandara-Hada Gee Pothe.mp3
    http://www.mediafire.com/?yillmmdyjvv


    ඔන්න ඒ සැරේනම් හරි.............! මේක තමයි මා ඉල්ලූ ගීතය.
    ඔබටත් අනි සැමටත් බෙහෙවින්ම ස්තූතියි.


    මෙහි පදපෙළ අතිශය අලන්කාරයි. එය අප අතරින් අකල්හි වියෝවූ 'ප්‍රේමකීර්ති ද අල්විස්' ශූරීන්ගෙ ගේය පද රචනයක්. මෙහි ඇති අලන්කාරයත් එයමයි.....!

    මාගේ හර්දයාන්ගම ස්තූතිය පුදකරන අතරම හැමෝටම ඇරයුම්කරනවා - මේ අතිශය මනහර ගීය රසවිඳින්නට....

    නැවත නැවතත් ස්තුතියි - ගොඩා...ක් පින්.
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...

    ගීය: මුවරද සිඳුනේ
    ගේය පද රචනය: දයාසේන ගුණසිoහ

    මෙතනින් බාගන්න:
    http://www.mediafire.com/?nm2njmzwmzu

    මේ ගීයේ ඉතිහාසය මෙවැනියි....

    1975 දී 'නව පදමාලා' නම් වූ ගුවන්විදුලි සoස්ථාවේ වැඩසටහනක් වෙනුවෙන් තමයි මේ නිර්මාණය මුලින්ම ඉදිරිපත්කර තිබෙන්නේ.

    මේ ගීතයෙහි සුවිශේෂත්වයක් තිබෙනව... එනම්, මෙහි තනුව නිර්මාණයකර තිබෙන්නේ අප අතරින් වියූවූ 'ගුණදාස කපුගේ' ශිල්පියායි.. ඔහු එවකට ශ්‍රී ලoකා ගුවන්විදුලි සoස්ථාවේ ශබ්ද පරිපාලකයෙක්ව සිටි සමයේ ඔහු විසින්මයි මෙය පටිගත්කර ඇත්තේ. එසේම මෙහි අනෙක් සුවිශේෂ කරුණනම් - ගුණදාස කපුගේ ශිල්පියා විසින් සුනිල් එදිරිසිoහයන් වෙනුවෙන් කළ එකම තනු නිර්මාණයද මෙයයි....!

    >> මේ එය ආදරණීය කලාකරු රෝහණ වීරසිoහයන් විසින් සoගීතය ප්‍රතිනිර්මාණයකළ නැවත කළ පටිගත කිරීමකි. <<

    මෙය අතිශය අලන්කාර ගීයකි. හැමෝම අහන්න විතරක් නෙමෙයි; හොඳින් රසවිඳින්න - ගුණ දොස් කියන්න.

    ඔබ සැම වෙනුවෙන් මා මෙහි පදපෙළ මෙහි පලකරමි.

    *************************

    මුවරද සිඳුනේ
    රත්සර ලවනේ
    බිඟු නැත යළි ආවේ
    සත්සර නිමවී
    අනුරා ගීයේ
    සුසුමකි මතුවූයේ.....

    හිරු හා පෙම් බැඳි
    යොවුන් කුමාරිය
    දැක ඇයි සඳු හැඬුවේ
    ගිළිහුනු රුවගෙන
    සීතල රළපෙල
    කොයිදෙසදෝ ඇදුනේ.....
    හෙටදින අරුණලු
    දිය මත විසිරී
    මල් පුබුදන මොහොතේ
    පෙරදා රසඳුන වූ රුව සිහිවී
    කවුරුද වැළපෙන්නේ.....

    ***************************

    මේ අතිශය දුලභ ගීයට සවන්දෙන ගමන් හිමිහිට මේ පද මෙනෙහිකර බලන්න - කොයිතරම් අර්ථවත් මිහිරි එකක්ද කියලා...


    ස්තූතියි.
    >>LDS<<
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුනිල් එදිරිසිoහයන් විසින් 70 දශකයේදි ගුවන්විදුලියට ගැයුනු ඉතාමත් මිහිරි ගීයක් ඔබ සැවොම සමග බෙදා-හදාගන්නයි මේ වෑයම...

    ගීය: මුවරද සිඳුනේ
    ගේය පද රචනය: දයාසේන ගුණසිoහ

    මෙතනින් බාගන්න:
    http://www.mediafire.com/?nm2njmzwmzu
    ගොඩක් ස්තූතියි මම අරගත්ත මේ ගීතය.
     
    Status
    Not open for further replies.