(පාඨකයකු ගේ මනසෙහි රඟදැක්වෙන සංවාද නාටකයෙකි.)
වේදිකාව මත රුවල් ඉරුණු පරණ ඔරුවක් තිබේ. ඒ තුළ ගල්කටස් තුවක්කුවක්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අත් බෝම්බයක්, හා ඉරීගිය පෝස්ටරයක් තිබේ. පෝස්ටරයෙහි ඇත්තේ “තෙවන අරගලයට සූදානම් වෙනු!” යන්න ය.
වේදිකාව රක්ත වර්ණයෙන් බබළයි. ඒ අතර ලන්ඩන් සෝමේ ප්‍රේක්ෂකාගාරය මැදින් වේදිකාව දෙසට දුවයි. ඔහු පසු පසින් වාර්තාකරුවෙක් හඹා එයි.
බෙර හඬ සමඟ “සෝමෙ අයියා!” “සෝමෙ අයියා!” යනුවෙන් වාර්තාකරුවා කෑ ගසයි.
සෝමෙ අයියා ද වාර්තාකරුවා ද වේදිකාවට පිවිස හති දමති.
වාර්තාකරුවා :- මොනව ද අයියෙ හොයන්නෙ?
ලන්ඩන් සෝමේ:- මං ප්‍රජාතන්ත්‍රවාදෙ හොයනවා!
වාර්තාකරුවා:- පුහ්! අලි ළඟ ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙනව ද?
ලන්ඩන් සෝමේ:- අපි අලි බෙටිවලින් ප්‍රජාතන්ත්‍රවාදෙ නිෂ්පාදනය කරන ක්‍රමවේදයක් හොයා ගත්තා!
වාර්තාකරුවා:- මාරයිනෙ අයියේ!
ලන්ඩන් සෝමේ:- මාර නෑ! මාර නෑ!
හිතන දේ ලියන්න නිදහස තියෙන්න ඕනෑ. ලියන දේයි කියන දේයි කරන්න නිදහස තියෙන්න ඕනෑ. ඒ නිදහස හීතල සුළඟක් වාගෙ අපේ ඇඟේ වදින්න ඕනෑ.
වාර්තාකරුවා:- මාරයිනෙ අයියෙ!
අයිය කලබල කාලෙ රට පැන්නෙ ඒක ද? අයිය නම් මාර ලකී!
ලන්ඩන් සෝමේ:- පයිත්තියමා!
මං 1978 ඉඳලා ප්‍රාර්ථනා කරපු දෙයක් මේක, සැහැල්ලු රටක්! සනීප ජීවිතයක්!
වාර්තාකරුවා:- එතකොට අයියෙ, ප්රජාතන්ත්රවාදය කියන්නෙ මොකක් ද?
ලන්ඩන් සෝමේ:- ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ, ඇඟට දැනෙන සනීපෙ. මේ රටේ ජනතාව ඒක තව ම තේරුම් අරගෙන නෑ! මිනිස්සු ජීවත්වෙන්නෙ කැලේ!
වාර්තාකරුවා:- ඉතින් අයියෙ නුවරඑළි පලයංකො එහෙ මාර සනීපයි නෙ!
ලන්ඩන් සෝමේ අඩව්වක් අල්ලා ගීතයක් ගායනා කරයි.
සිංහයා කැතයි මල්ලියේ
හංසයා සුදුයි මල්ලියේ
ඔබාමා හොඳයි මල්ලියේ
අපි දැන් වෙනස් මල්ලියේ
මට දැන් හීන පෙනෙනවා
සීතල හුළං වදිනවා
ප්‍රභා වුණත් වටිනවා
සිතියම ඉබේ මැකෙනවා
රට මොට ද නංගියේ
දැය මොට ද මල්ලියේ
කැට මොට ද නංගියේ
අපි ගොඩයි මල්ලියේ
වාර්තාකරුවා:- එතකොට හංසය දිනනව ද අයියේ?
ලන්ඩන් සෝමේ:- පිස්සු ද? දිනන්නෙ සීනුව!
වාර්තාකරුවා:- මාරයිනෙ අයියේ!?
ලන්ඩන් සෝමේ:- හොඳට මතක තියාගනින්, එහෙම දේවල් ලංකාවෙ සිද්ධ වෙනවා!
වාර්තාකරුවා:- එතකොට විධායකය!
ලන්ඩන් සෝමේ:- ඒක මගෙන් අහන්න එපා, හංසයගෙන් අහපන්!
වාර්තාකරුවා:- හංසයට දිව දෙකයිනෙ අයියෙ දැන් කියපු දේ හෙට වෙනස් කරනවා!
ලන්ඩන් සෝමේ:- හංසයො, පාත්තයො, කැරපොත්තො ඔක්කොම එකයි බං!
වාර්තාකරුවා:- එතකොට අයියේ හංසයත් එක්ක ගිවිසුමක් නැති ද?
ලන්ඩන් සෝමේ:- ගිවිසුමක් නෑ! හංසය අපට විශ්වාසයි, විශ්වාසා පරමා ඥාති!
වාර්තාකරුවා:- අයිය බුද්ධාගමත් දන්නවනෙ, කාගෙන් ද ඉගෙන ගත්තෙ?
ලන්ඩන් සෝමේ:- විජේවීර සහෝදරයගෙන්, හොඳට මතක තියාගනින්, විජේවීර සහෝදරයා බුද්ධාගම දන්නවා!
වාර්තාකරුවා:- අයිය විජේවීර සහෝදරයට ආදරෙයි ද?
ලන්ඩන් සෝමේ:- මා ඔහුට ද්‍රෝහි වූවා නො වේ පණ බේරා ගැනීම සඳහා රට පැන්නා පමණි. (ලන්ඩන් සෝමේ හඬයි.)
වාර්තාකරුවා:- අයියට දුක ද?
ලන්ඩන් සෝමේ:- බෝම දුකයි මල්ලී!
වාර්තාකරුවා:- හෙනං විජේවීර මරපු අලිත් එක්ක සෙට් වුණේ මොක ද?
ලන්ඩන් සෝමේ:- මැරිච්චි එකා මළා! අපි ජීවත්වෙන්න ඕනෑ මල්ලී, ජීවත්වෙන්න නම්; වෙනස්වෙන්න ඕනෑ! අපි වෙනස් වුනා මල්ලී!
(සෝමෙ අයියා අඩව්වක් අල්ලා හූ කියා ගීතයක් ගායනා කරයි.)
හන්තානේ කඳු මුදුනේ
රතු මැයිමල් පිපීයන්
බටලන්දේ වැට අයිනේ
ටයර් සෑය පෙනීයන්
වවුල් කැලේ ගස් අයිනේ
මරළතෝනි ඇසීයන්
සූරියකන්දෙ පස් අතරේ
ඇටකටු ගොඩ ගැසීයන්
කොල්ලන්ගේ කන් අඩියේ
පරාල ඇණ වැදීයන්
බල්ලන්ගේ කාණු කටේ
මස්කටුවක් වැටීයන්
වාර්තාකරුවා:- මාර සිංදුව අයියෙ!
ලන්ඩන් සෝමේ:- තනුව මගෙ, පදමාලාව ගල්කොරලියගෙ!
වාර්තාකරුවා:- සංගීතෙ ටිල්වින් ගෙ වෙන්ටැ!
ලන්ඩන් සෝමේ:- පයිත්තියමා! ඌට තාලෙට අප්පුඩියක්වත් ගහන්ට බෑ. සංගීතෙ රනිල්ගෙ, මිනිහට ජාතික ගීය කියන්ට බැරිවුණාට ඩෝල ගහන්ට පුළුවන්, මිනිහ පොඩි කොල්ලොත් එක්ක දාපු “බෑන්ඩ්” එකකුත් තියෙනවා!
වාර්තාකරුවා:- මාරයිනෙ අයියෙ!?
ලන්ඩන් සෝමේ:- මාර නෑ! හොඳට මතක තියාගනින් අලුත් – අලුත් දෑ නො තනන ජාතිය මර ගී ගයමින් ලගී!
වාර්තාකරුවා:- අනේ, තව සිංදුවක් කියන්ටකො අයියේ!
ලන්ඩන් සෝමේ:- මේ දවස්වල මං දිගට ම බයිල කියනවා!
ලන්ඩන් සෝමේ අඩව්වක් අල්ලා හූවක් ද කියා ගීතයක් ගායනා කරයි.
අපි බයිල කියනවා,
මිනිස්සු ඒව අහනවා
හංසය පිස්සු කෙළිනවා
එතකොට හූව ඇහෙනවා
අලිය ගෙ හුළං බහිනවා
ම’ යන්න දෙකට කැඩෙනවා
හංසය සවුත්තු වෙනවා
සීනුව ඉබේ දිනනවා
පන්තිය අප ට වැඩක් නෑ
විප්ලව අප ට වැඩක් නෑ
හංසය පිස්සු කෙළිනවා
සීනුව ඉබේ දිනනවා
වාර්තාකරුවා : ‘මාරයි අයියෙ ! මං උඹේ ෆොටෝ එකක් ගන්ටෙ යි !’
ලන්ඩන් සෝමේ : පත්තරේ දානවද ?
වාර්තාකරුවා : රාජ්‍ය මාධ්‍යයක දාන්ට ද ? වෙන එහෙක දාන්ට ද ?
ලන්ඩන් සෝමේ : වෙන ඒව වැඩක් නෑ ! රාජ්‍ය මාධ්‍යයක දානව ද ?
වාර්තාකරුවා : පුහ් ! පුහ් ! පුහ් ! (කට අතින් වසාගෙන සිනාසෙයි)
ලන්ඩන් සෝමේ : මොකෑ බොල හිනා වෙන්නෙ ?
වාර්තාකරුවා : හැබෑට අයියෙ මාධ්‍ය නිදහස කියන්නෙ මොකක්ද ?
ලන්ඩන් සෝමේ : හොඳට මතක තියා ගනින් ! අයි. ටී. එන්. එකට ඇතුළු වෙන්ටත් බෑ ! ඇතුළු වෙච්ච අයට පිටවෙන්ටත් බෑ ! එහෙම දවසක් එනවා !
වාර්තාකරුවා : එහෙම කොහොම ද අයියෙ ?
ලන්ඩන් සෝමේ : හොඳට මතක තියා ගනින් ! ශ්‍රී ලංකාවෙ එහෙම දේවල් වෙනවා !
වාර්තාකරුවා : ඔය කතා කියන කොට මටත් මල පනිනවා අයියේ !
ලන්ඩන් සෝමේ : උඹට නෙමෙයි යකෝ ! මටත් මල පැනලා ඉන්නෙ ?
වාර්තාකරුවා : ඇයි අර ?
ලන්ඩන් සෝමේ : නෑ බං, එක අතකින් හංසය පිස්සු කෙළිනවා, ඌ කට ඇරියොත් මිනිස්සු පෙළපාලි යනවා. ඊළඟට අපේ උනුත් පිස්සු කෙළිනවා, උන්ගෙ කතාවල් අන්තිමයි,
වාර්තාකරුවා : ඉතින් අයියෙ උඹ නායකය නෙමෙයි ද ?
ලන්ඩන් සෝමේ : පිස්සු ද බං ගල් කොරලිය මං කියන දේවල් අහන්නෙ නෑ.
වාර්තාකරුවා අඩව්වක් අල්ලා ගීතයක් ගායනා කරයි
රත්තරනින් රන්
තෙල් ගොඩගන්නේ
හම්බ’තොටින් නැව්
රටට ඇදෙන්නේ්
අම්පාරෙන් වී
සහල් කරන්නේ
නැඟෙනහිරින් ඇම
මුහුදට ලන්නේ
කිරි පැමිණියෙන් රට
උතුරා යන්නේ
මහින්දටයි අපි
කතිරෙ ගහන්නේ !
ලන්ඩන් සෝමේ : සිංදුව මාරයි මල්ලී !
වාර්තාකරුවා : මාර නෑ ! මාර නෑ !
ලන්ඩන් සෝමේ : උඹට කියන්ඩ මල්ලි මටත් හිතෙනව වෙනස් වෙන්ඩ ! ගහන්ඩ හිතෙනව අනිත් පැත්තට කතිරයක් ! හංසයට නෙමෙයි පාත්තයකුට ගහන්ඩ හිතෙනවා.
වාර්තාකරුවා : මාරයි නේද අයියෙ ? !
ලන්ඩන් සෝමේ : මාර නෑ ! මාර නෑ ! මං කියන්නෙ ඇත්ත බොරු නං උඹේ හදවතට තට්ටු කරල අහපං
වාර්තාකරුවා : මොකද අයියෙ නිකං අප්ෂෙට් වාගෙ ද ?
ලන්ඩන් සෝමේ : ඔව් බං 26 වෙනිදට පස්සෙ, මං ලන්ඩන් යනවා !
(ලන්ඩන් සෝමේ හා වාර්තාකරුවා අඩව්වක් අල්ලා හූ කියයි)
තිරය වැසේ

but weradi thena post karala thiyenne 