එන බව පමණක් කියන්න

  • Jul 4, 2009
    7,259
    462
    83
    එන බව පමණක් කියන්න

    sikkim_railway_track.jpg


    ඔයාට මතකද ඉස්සර දවසක අපි දෙන්න මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියපු හැටි. ඔයා මගෙ උණුහුමට වෙලා අනාගතය ගැන දාහක් දේවල් කියවපු හැටි. ඔයාට ඕන උනේ කවදහරි දවසක මුහුද මැද්දෙ පුංචි දූපතක ලස්සන ගෙයක් හදන්න. ඒත් මම ඒකට කැමති උනේ නෑ. ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. වැරදිලාවත් ආයෙ සුනාමියක් ආවොත්. ඔයාට කරදරයක් වෙයි කියල මට බයයි. ඔයා හැමදාම වැලි වලින් පුංචි මාළිගාවල් හදමු කියල කිව්වත් මම අපි ඒක ඊළඟ දවසෙ හදමු කියල කල් දානව. කම්මැලිකමකටවත් ඔයා කියන දේකට උනන්දුවක් නැති නිසාවත් නෙමෙයි. අපි දෙන්න කොයිතරම් මහන්සිවෙලා ඕක හැදුවත් එක රළ පාරකින් ඒ මාළිගාව විනාස වෙලා යන නිසා. එතකොට ඔයාට කොයිතරන්නම් දුකක් දැනෙයිද ? ඔයාට අබ මල් රේණුවක් තරම්වත් දුකක් දැනෙනවට මම කැමති නෑ.

    අපි දෙන්න එහෙම ගිය හැම දවසකම කන්දෙ විහාරෙටත් ගියා. ඔයාට මතකද අපි දෙන්නත් එක්ක බුදු හාමුදුරුවන්ට එක මලක් පූජ කරපු හැටි. මල් නැතිවට නෙමෙයි. අපි දෙන්න ඒ තරමට අපිට ආදරය කරා. අපි දෙන්න දෙන්නෙක් කියල කවදාවත් නොහිතුන නිසා. ඔයා හැමදාම බුදුගෙට මල් පහන් පූජ කරල ප්‍රාර්ථනාවක් කරනවා. මාත් ඔයා ලඟින්ම ඉඳගෙන ඔයාගෙ ප්‍රාර්ථනාව ඒ විදියට ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මට ප්‍රාර්ථනා කරන්න දේවල් නැතිව නෙමෙයි. ඔයාගෙ සතුට මට ගොඩක් වටින නිසා. ඔයාගෙ ප්‍රාර්ථනාවල් ඒ විදියටම ඉටුවෙලා ඔයා සතුටින් ඉන්නවා දකින්න ආස කරපු නිසා.

    එහෙම ගිය සමහරක් දවස් වලට අපි දෙන්න රේල් පාර දිගේ ඇවිදගෙන යනව. ඔයාට ආසයි රේල් පීල්ල උඩින් ඇවිදගෙන යන්න. ඔයා එහෙම යනකොට මම ඔයාගෙ අතින් අල්ලන් ලඟින්ම ඉන්නවා. ඔයාව වැටෙයි කියල මට බයයි. එහෙම යනකොට ඔයාට නිකමට වත් හිතුනද අපි දෙන්නගෙ ආදරෙත් මේ රේල් පීලි දෙක වගෙයි කියලා. රේල් පීලි දෙක ඈතදි එකතුවෙනව වගේ පෙනුනත් එතනට ගිහින් බලනකොට ඒ එකතුවීම තව දුරයි. හැබැයි අන්තිමට ඒ පීලි දෙක කවදාවත් එකතු වෙන්නෙ නෑ. අපේ ආදරෙත් දැන් ඒ වගේ වෙලා නේද ?

    ඔයාට මතකයි නේද ඉස්සර අපි දෙන්න බයිසිකලේ ඩබල් දාල යන හැටි. ඔයාට ආසයි මාත් එක්ක මුළු දවසම උනත් එහෙම යන්න. මාත් ආසයි. ඇයි මට ඔයාගෙ ලඟින් එන සුවඳ හොඳට දැනෙනවනෙ. මම අදත් ආසයි ඒ සුවඳට. ඔයාට ඕනෙ හෙමින් යන්න. ඒ ගොඩක් වෙලා මා ලඟට වෙලා ඉන්න තියෙන ලෝභකමට. මට ඕන හයියෙන් යන්න. ඔයා ලඟටවෙලා ඉන්න ආස නැතිව නෙමෙයි. ඔයාට මගෙ වැඩ පෙන්නන්න. එහෙම ගිය හැම දවසකම ඔයා ගොඩක් දුක්වෙනවා මගෙ කකුල් රිදෙනව ඇති කියල. ඒ වගේ වෙලාවට ඔයා කියනව ඉන්නකො මම ඔයා ලඟට ආවම ඔයාගෙ කකුල් දෙක අත ගාන්නම් කියල. ඒ වෙලාවට මට ඔයා ගැන පුදුම ආදරයක් හිතෙන්නෙ. දෙයියනේ මා වෙනුවෙන් ඒ තරම් ආදරයක්.

    ඉස්සර මතකද අපි දෙන්න කොහෙහරි යන දවසට මම ඔයා එනකම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නව. ඔයා හැමදාම පරක්කුයි. ඒ මට ආදරේ නැති නිසා නෙමෙයි කියල මම දන්නවා. ඔයා එනකම් බලං ඉන්න හැම තප්පරයක්ම කල්පයකටත් වඩා ලොකුයි කියලයි මට හිතෙන්නෙ. ඔයා පරක්කු වෙන්න වෙන්න හිතට බයයි. සමහරක් දවස් වලටනම් මට පොඩ්ඩක් කේන්ති යනවත් එක්ක. ඒත් ඈතදිම ඔයාගෙ ලස්සන හිනාව දකිනකොට ඒ සේරම අමතකයි.

    ඔයා දන්නවද ඔයා මගෙන් ඈතට ගිහින් අදට අවුරුද්දක් වෙනවා. සතුටින් සමරන්න පුළුවන් දෙයක්නම් නෙමෙයි. ඔයා නැතිව ගෙවුන මේ අවුරුද්දක කාලය මම ජීවත් නොවුන තරම්. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා කියන්න , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා කියන්න , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා කියන්න , ඔයාගෙ ඔළුවෙ කැක්කුමට වෙලාවට බෙහෙත් ගන්න කියන්න අද කවුරුවත්ම මා ලඟ නෑ. ඔයා නැතිව මම ගොඩක් අසරණ වෙලා කියල ඔයාට හිතෙන්නෙ නැද්ද ? මම තාමත් ඔයා එනකම් මග බලන් ඉන්නවා. හරියට ඉස්සර ඔයා බස් එකට එනකම් බලන් ඉන්නවා වගේ. තාම ඔයා ආවෙ නෑ. තරහක්නම් නෑ. ඒත් හිතට බයයි ඔයා නෑවිදින් ඉඳීවි කියල

    ඒත් තාම මේ ඇස් දෙක මග බලන් ඉන්නවා ඔයාගෙ හිනාව දකින්න. ඔයාගෙ හිනාවට පුළුවන් මට මුළු ලෝකයක්ම අමතක කරවන්න. ඔයාට මේ තරම් ආදරේ කරන මාව මගදි දැක්කම ඔයා අහක බලන් යනකොට හිත කොයි තරම්නම් හඬා වැටෙනවද ? ඒත් තුන් හිතකවත් තරහක් නෑ.

    ඔයාට එන්නම වෙනවා.
    එන දවස වැදගත් නෑ
    එන බව පමණක් කියන්න.
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mokadda ban une?
    mechchara adaren idala aath una kyala htagannawat bane
    gewal walin prashnayakda?