මගේ දයාබර සොයුරු සොයුරියනි.....
අප හැමෝගෙම ජීවිත පුරාම තියෙන්නේ යාම් සහ ඊම් පමනයි..
ඒක නිරවුල් පැහැදිලි සත්‍යයක් හා ධර්මතාවයක්...
එහෙත් වඩා වැදගත් වෙන්නේ එම යාම් සහ ඊම් අතරේ අප කරනා හා කියනා දේවල් පමනයි...
මටත් දැන් යන්න කාලය ඇවිත්..
මගෙත් මේ අවුරුද්දක් වැනි කෙටි කාල පරාසයක යාම් සහ ඊම් අතරේ මෙම පින්බිම තුල මා හඳුනා ගත් පිරිස අති මහත්..
පිලිසකර කරන්නට හා අලුතින්ම හදන්නට මා විසින් වෙර දැරෑ සිත් ගනන ඉලක්කම් වශයෙන් ගොඩාරියයි..
ඒ හැම හිතකම හෘද ස්පන්දනය ඔවුන්ට වඩා හයියෙන් මට දැනුනා..
ඒවට හුස්ම පිඹින්න මට වුවමනා කලේ ඔවුන්ට සැබෑ සහෝදරයෙක් කියල දෝත පාලා හදවතින් බදාගෙන ඔවුන්ව ඉඹලා..
මට පුලුවන් උපරිමයෙන් කැපවෙලා නිකන්ම කථාවෙන් විතරක් නෙවෙයි..
මට සතුටුයි මං වගේ පුංචි මිනිහෙකුට අලුතින් හිතන්න පුලුවන් කීප දෙනෙක් හරි මගේ මේ පුංචි ව්‍යායාමය තුල ගොඩ නගා ගන්න පුලුවන් වුනා නේද කියල හිතෙන හැම වාරයකම..
ඒ අය හෙට දවසේ අපේ රට ගොඩ නැගුමට කුමක් කලයුතුද හා සැබෑ මිනිසත්කම විශ්වය පුරා භේදයකින් තොරව වැපිරිය හැක්කේ කෙලෙසද කියා හොඳටම දැනුවත් බව මට ඉර හඳ වගේ විශ්වාසයි..ඒ වෙනුවෙන් ඔවුන් නොපැකිලව කැපවෙයි කියලත් මට විශ්වාසයි....
එයම ඇති මගේ අවසන් හුස්ම පොද මේ රත්තරං හූය මත අද දින මෙසේ හෙලන්නට...
රත්තරං වගේ එදත් හිටපු අදටත් ඉන්න මල්ලිලගෙන් සහ නංගිලගෙන් මං මෙසේ හද පිරි සතුටින් අද නික්ම යනවා..
අපි ආයේ කවදා හරි දවසක කවුරුත් එන්නැති... කවුරුත් දන්නැති කටුකොහොලින් පිරුණු දුර්ඝ මාර්ගයකදී හමුවෙමු... හමුවෙලා හිනැහෙමු..
මා මෙම හූයෙන් අද දින මෙසේ සමු ගත්තත් එලකිරිය තුල කොහේ හෝ ඈතක සිට ඔබ දෙස බලා හිඳින්නම්..උදව්වක් ඇවැසි ඕනෙම විටකදී පසු පස හැරිලා බලන්න මම ඔබ සමඟ එතැන ඇති.....
මට මේ පුංචි කාලය තුල නන් අයුරින් උදව් උපකාර කරපු හැමෝටම මට දෙන්න පුලුවන් පිං විතරයි..
ගොඩාක් මල්ලිලා නංගිලා ඉන්න හින්දා මං නම් වශයෙන් සඳහන් නොකලාට මා සමඟ උරන නොවනු ඇතැයි උදක්ම සිතමි..අතපසු වීමකින් මට සඳහන් කරන්න හෝ ස්තුති කරන්න දෙයක් අමතක වුනා නම් මේ පුංචි අය්යට ඔය නංගිලා මල්ලිලා සමාව දෙන්න....
මා පිටුපස සිට මට දැවැන්ත හයියක් දුන්න ඔයගොල්ල ඔක්කොටම ගොඩාරියක් පින් මලේ නඟේ..
ඔබ සැමට තෙරුවන් බෙලෙන් යහපතක්ම වේවා..
මේ පින් හූය දිගු කල් රැදේවා!!එය මතු මතුත් ආරක්ෂා කර ගැනීම හා මතු පරපුරට දායාද කිරීම ඔබ සතු පැහැදිලි වගකීමකි......