"Birthday" සහ බෞද්ධයා

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
[FONT=&quot]උපන් දිනයට වඩා දැන් අපට සමීප [/FONT][FONT=&quot]'Birthday'[/FONT] [FONT=&quot]නෙ. ඒක ඒ විදියටම වෙන්න සුද්දා වගබලා ගත්තා​. සුද්දගෙ නාස් ලණුව දාගත්ත අපේ කළු සුද්දො ඒ දේවල් ඒ විදියටම පරපුරෙන් පරපුරට දායාද කරන්නත් වගබලා ගත්ත​. නාස් ලණුව දාගත්තට පස්සෙ ඉතින් කොහෙද ගැලවීමක්....:baffled:

අද අපේ වෑයම අපිව හූරගෙන කාල[/FONT],[FONT=&quot] රටක්[/FONT],[FONT=&quot] ජාතියක් වශයෙන් අපිව[/FONT] [FONT=&quot]වලපල්ලට ඇදලා දාපු ඒ අයට දෙස් දෙවොල් තියන එක නම් නෙවේ.

නමුත් අපි අර මුලින් කතා කරපු [/FONT][FONT=&quot]'Birthday'[/FONT] [FONT=&quot]සංකල්පය තිසරණ සරණ ගිය බෞද්ධ ජනතාව කෙසේ පිළිගත යුතුද​[/FONT], [FONT=&quot]ගලපාගත යුතුද කියන දේ ගැන කෙටි කතිකාවතක නියැලෙන්න​.

[/FONT][FONT=&quot]අපි හැමෝටම උප්පැන්න සහතිකයක් තියෙනවනෙ. ඒකෙ උපන් දිනයකුත් තියෙනවනෙ. ඔයාලගෙන් කවුරුහරි ඇහුවොත් උපන් දිනයක් තියෙද කියල බයනැතුව​[/FONT], [FONT=&quot]නොපැකිලිව කියයි "ඔව් තියෙනව​" කියල​. ඕන නම් දිනය කියල වෙලාවත් කියයි. අහවල් අවුරුද්දෙ[/FONT], [FONT=&quot]අහවල් මාසෙ[/FONT], [FONT=&quot]අහවල් දවසෙ[/FONT], [FONT=&quot]අහවල් වෙලාවෙ කියල​. එතකොට ඒ අහං ඉන්න කෙනා කිව්වොත් "නැහැ ඕක වැරදියි" කියලා.....[/FONT]? [FONT=&quot]තුන්දොර සංවර කරපු නැති[/FONT], [FONT=&quot]අඩුගානෙ උත්සහයක්වත් දරන්නේ නැති කෙනෙකුට නම් ඕනතරම් දේවල් කියවෙන්න පුළුවනි[/FONT][FONT=&quot] අර පුද්ගලයා දොඩන අපභ්‍රංසය ගැන​. සාමාන්‍ය සමාජයීය කෝණයකින් බැලුවොත් ඒක අපභ්‍රංසයක් තමයි[/FONT]. [FONT=&quot]නමුත් ඒ පුද්ගලයා නිවැරදියි.

අපි කවුරුවත් දන්නේ නෑ අපි ඉපදුන දවස​. කොටින්ම​ අපිව මේ ලෝකෙට බිහිකරපු ඒ අම්මා තාත්තවත් දන්නෙ නැහැ. ඒ දේ දන්නෙ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණම යි.:yes:[/FONT] [FONT=&quot]

අපි හැමෝම පොදුවේ දන්න [/FONT]'[FONT=&quot]ඉපදීම[/FONT]' [FONT=&quot]තමයි මව් කුසෙන් එළියට එන එක​. නමුත් මේ සියළු ලෝක පරිපූර්ණව අවබෝධ කරපු ඔබ අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ [/FONT]'[FONT=&quot]ඉපදීම​[/FONT]' [FONT=&quot]ට ලබා දුන්නේ තරමක් වෙනස් විග්‍රහයක්. ඒ උන්වහන්සේ ඇති තතු ඒ අකාරයෙන්ම දුටු නිසා.[/FONT] [FONT=&quot]මේ ලෝකයේ යම් සත්‍යයක් වේද​[/FONT], [FONT=&quot]ඒ පරම සත්‍යය[/FONT] [FONT=&quot]උතුම් සම්බුදු නුවණින් අවබෝධ කළ නිසා.[/FONT]
:yes:

'[FONT=&quot]ඉපදීම කියන්නේ මව් කුසක හටගත් කළලය සමඟ විඤ්ඤාණයේ එකතු වීම​[/FONT]'
[FONT=&quot]තමුන්ගේ [/FONT]'[FONT=&quot]උපන් දිනය​[/FONT]' [FONT=&quot]දන්න කෙනෙක් දැන් අත උස්සන්න බලන්න​....[/FONT]

[FONT=&quot]ඒ විඤ්ඤාණය කළලය හා සම්බන්ධ වුන මොහොතෙ ඉඳල තමයි අපේ වර්ධන ක්‍රියාවලිය පටන් ගත්තෙ. අපිව ජරාවට පත්වීම පටන් ගත්තෙ. අපිට මරණයක් උරුම වුනේ. අන්න ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නේ [/FONT]'[FONT=&quot]ගබ්සාව​[/FONT]' [FONT=&quot]අයිති වෙන්නේ [/FONT]'[FONT=&quot]ප්‍රාණඝාත​[/FONT]' [FONT=&quot]අකුසලයට කියලා. මේ හිරු-සඳු දැක්කේ නැති වුනාට ඒ මව්කුස ඇතුලෙ ඉන්නෙත් මනසක් සහිත​[/FONT], [FONT=&quot]හැඟීම් දැනීම තියෙන[/FONT] [FONT=&quot]සම්පූර්ණ සත්වයෙක්. ඉපදුන දා ඉඳල මව් කුස ඇතුළෙ අනන්ත දුක් විඳින සත්වයා ඒකෙන් මිදිලා ඉතිරි දුක් කඳරාව විඳින්න මේ ලෝකෙට පය ගහන්න සුදුස්සෙක් වෙනවා. අන්න ඒ දවස තමයි මේ උඩදාගෙන දඟලන ප්‍රෝඩාව​..... [/FONT][FONT=&quot]'Birthday'[/FONT]

[FONT=&quot]හය හතර තේරෙන කාලෙ ඉඳල අද දක්වා අපි විවිධ නම් වලින් තියෙන[/FONT], [FONT=&quot]අනේක වැදෑරුම් විද්‍යාවන් ගැන අහල​[/FONT], [FONT=&quot]ඉගෙනගෙන තියෙනවනෙ. ඔය කොයි විද්‍යාවෙද නිවැරදිව ඉගැන්නුවෙ “උඹල ඉපදුනේ[/FONT] [FONT=&quot]මෙන්න​ මෙහෙමයි”[/FONT] [FONT=&quot]කියලා. කොටසකට [/FONT]'[FONT=&quot]ඉපදීම​[/FONT]' [FONT=&quot]කියන්නේ හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සම හරක්ට[/FONT]'[FONT=&quot]ඉපදීම​[/FONT]' [FONT=&quot]කියන්නේ දේව මැවිල්ලක්. නිකමට හිතල බලන්න​.... ඔය කියන ආකාරයට ඒ කෙනා අපිව මැව්වනම්[/FONT],[FONT=&quot] එයා මහ පව්කාරයෙක්. මොකද ඉපදීම නිසා කෙනෙකුට ලැබෙන්නෙ ජරා[/FONT], [FONT=&quot]මරණ[/FONT], [FONT=&quot]සෝක වැළපීම​[/FONT], [FONT=&quot]දුක් දොම්නස්[/FONT], [FONT=&quot]සුසුම් හෙලීම්…[/FONT]..[FONT=&quot] ඉතින් කෙනෙකුට[/FONT] [FONT=&quot]චේතනාත්මකව​ දුකක් උරුම කරල දෙන කෙනා පව්කාරයෙක්ම මිස වෙන කවරෙක් ද​[/FONT]?[FONT=&quot]
[/FONT]
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
FlamingBirthdayCake.jpg



[FONT=&quot]මේ ලෝකෙ සත්වයො උපදින ආකාර [/FONT]4[FONT=&quot]ක් තියෙනව අණ්ඩජ​[/FONT], [FONT=&quot]ජලාබුජ​[/FONT], [FONT=&quot]සංසේදජ හා ඕපපාතික වශයෙන්. මේ මොන ආකාරයට ඉපදුනත් එයාල උරුම කරගන්නේ ඉපදුන කාටත් පොදු ජරා[/FONT], [FONT=&quot]මරණ[/FONT], [FONT=&quot]සෝක වැළපීම්[/FONT], [FONT=&quot]දුක් දොම්නස්[/FONT], [FONT=&quot]සුසුම් හෙලීම්. මීට වඩා දෙයක් උපතෙදි උරුම කරගත්ත කෙනෙක් ඉන්නවද​[/FONT]? [FONT=&quot]ඉතින් එහෙව් තුච්ඡ උපතක්ද අපි මේ කේක් කපල​[/FONT], [FONT=&quot]පාටි දාල​[/FONT], [FONT=&quot]සින්දු කියල සමරන්නෙ[/FONT]? [FONT=&quot]ඒ ආකාරයෙන් සමරන්න දෙයක් ඇත්තටම ඒ [/FONT]
[FONT=&quot]තුළ තියෙනවද​[/FONT]?

birthday.jpg


[FONT=&quot]අනාගාමී ඵලය සාක්‍ෂාත් කරපු ස්වාමින්වහන්සේ නමක් බණ භාවනාවට වැඩි උනන්දුවක් නොදක්වා විවේකීව කල් මරමින් සිටිනවා දවසක් බුදුරජාණන්වහන්සේ දැක්කා. ඉතින් අරහත්වය දක්වා තවදුරටත් වීරිය නොකර ප්‍රමාදීව සිටීමට හේතු විමසූ විට ඒ භික්‍ෂූන් වහන්සේ සඳහන් කළේ මරණින් මතු බඹ ලොව ගොස් එය සිදු කිරීමට සිතාගෙන සිටින බව​. අනාගාමී වුන අයට තියෙන්නෙ තව එක භවයක් පමණයි උපදින්න​. ඒ භවයෙදි එයා පිරිනිවන් පානවා. ඉතින් මේ භික්‍ෂුවත් එයාගෙ සසර ගමන තව එක් උපතකින් දික් කරගන්න තමයි අදහස් කරගෙන හිටියෙ. මේ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ අහනවා "පින්වත් භික්‍ෂුව​[/FONT], [FONT=&quot]අසූචි ටිකක් තිබුනත්[/FONT], [FONT=&quot]ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් තියෙනවද[/FONT]?" [FONT=&quot]කියලා. ඒ භික්‍ෂුව පිළිතුරු දෙනවා "ස්වාමීනී භග්‍යවතුන් වහන්ස​[/FONT], [FONT=&quot]අසූචි ටිකක් තිබුනත්[/FONT], [FONT=&quot]ගොඩක් තිබුනත් ගඳේ වෙනසක් නම් නැහැ." නැවතත් බුදුරජාණන්වහන්සේ වදාරණවා "මේ ආකාරයෙන් පින්වත් භික්‍ෂුව​[/FONT], [FONT=&quot]යළි උපත වගේම මේ සසර ගමන මම නම් මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ."[/FONT] [FONT=&quot]ඔබ අපි සරණ ගියේ ඒ උතුම් ශාස්තෘන් වහන්සේවයි. ඉතින් උන්වහන්සේ අසූචි හා සමකොට දැක්වූ උපත නේද අපි මේ [/FONT][FONT=&quot]'Birthday'[/FONT] [FONT=&quot]කියාගෙන මහ ඉහළින් සමරන්නෙ. දහස් ගණන්[/FONT], [FONT=&quot]සමහරු ලක්‍ෂ ගණන් මුදල් වියදම් කරගෙන​. බලන්න ශාස්තෘන් වහන්සේ[/FONT], [FONT=&quot]ශාස්තෘ ධර්මය​[/FONT], [FONT=&quot]ශාස්තෘ ශාසනය හඳුනා නොගැනීම නිසා අපි විසින්ම කපාගෙන තියෙන මෝහාන්ධකාරය නම් අගාධයේ ගැඹුර​...! ප්‍රඥාවන්ත නොවුනෝතින් කවදානම් ගොඩ එන්නද​[/FONT]?

[FONT=&quot]'Happy Birthday'[/FONT] [FONT=&quot]කියන සංකල්පය [/FONT]'[FONT=&quot]සතුට​[/FONT]', '[FONT=&quot]සැපය​[/FONT]' [FONT=&quot]යනු වෙස්වලා ගත් දුක කියලා නොදන්න බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකෙට හඳුන්වා දීපු තවත් එක වාණිජ[/FONT][FONT=&quot] උගුලක්. මව්-පිය වරුන් සමරන්න පවා දින වෙන්කරගෙන ඒකත් විකුණගෙන කන ලෝකයක මේ දේවල් වලින් ඈත්වී සිටිම තරමක අභියෝගයක්. විශේෂයෙන්ම සිදුවෙමින් පවතින ගෝලීයකරණය එහෙම නැතිනං [/FONT]'[FONT=&quot]විශ්ව ගම්මානය​[/FONT]' [FONT=&quot]සංකල්පය හමුවේ.[/FONT] [FONT=&quot]Birthday cards, Birthday gifts, Birthday songs, Birthday cakes[/FONT] [FONT=&quot]වගේ පුංචි[/FONT], [FONT=&quot]පුංචි දේ[/FONT][FONT=&quot]වල් වල ඉඳලා ශිෂ්ඨසම්පන්නව කතිකා කිරීමට පවා නොහැකි දේවල් වැනි අති පුළුල් වූ පරාසයක් දක්වා මේ [/FONT][FONT=&quot]'Happy[/FONT][FONT=&quot] Birthday'[/FONT] [FONT=&quot]සංකල්පය වර්තමානයේ ව්‍යාප්ත වෙලා. ලො[/FONT][FONT=&quot]කු කුඩා සියළු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒකෙ ගොදුරු බවට පත්වෙලා. තමුන් මේ කරන්නෙ මොකක්ද කියලා තමුන්ම දන්නෙ නැහැ. ඔහේ කරන්නන් වාලෙ කරනවා. අනිත් අය කරන නිසා. එහෙම නොකලොත් සමාජයෙන් කොන් වෙයි කියන බය නිසා. හීනමානය නිසා. මහලොකුවට ධනාත්මක සංකල්ප​[/FONT], [FONT=&quot]පෞරුෂත්ව සංවර්ධනය ගැන කතාකරන වත්මන් පරපුර[/FONT][FONT=&quot] සමාජයට දායාද කරන ධනාත්මක භාවය මේකද...... මහා පෞ[/FONT][FONT=&quot]රුෂත්වය මේකද.... කොන්ද පණ නැති[/FONT], [FONT=&quot]කකුල් දෙකෙන් හිටගන්න බැරි නිවට රැලක්....[/FONT]?




 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
HappyBirthday.jpg


[FONT=&quot]දැන් ඔයාල දන්නවනෙ ඉපදීම කියන්නෙ මොකක්ද කියලා. ඉපදීමෙන් අපට ලබුනෙ මොනවද කියලා. ඒ වගේම අද අපි මේ අන්ධානුකරණයෙන් වැළඳගෙන ඉන්න [/FONT][FONT=&quot]'Happy Birthday'[/FONT] [FONT=&quot]සංකල්පය තිසරණ සරණ ගිය බෞද්ධ අපි සැලකිය යුත්තේ මොන ආකාරයටද කියලා.[/FONT] [FONT=&quot]

අපි නැවතත් ඔයාලට ආදරයෙන් මතක් කරනවා…… පෙ[/FONT][FONT=&quot]ර පිනකට ඔය මොලේ ලැබුනෙ දුමේ දාල තියන්න නෙවේ. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න​. හරි වැරැද්ද​[/FONT], [FONT=&quot]කුසල [/FONT][FONT=&quot]අකුසලය අඳුනගන්න​. එහෙම නැතිවුනොත් අර කරත්තෙ බඳින තණකොළ කන කෙනාගෙයි[/FONT], [FONT=&quot]පරිගණකයක් ඉදිරියේ මේ ලිපිය කියවන[/FONT] [FONT=&quot]බත් කන ඔබෙයි අතරෙ වෙනසක් නැති වේවි.

http://dhammamedicine.blogspot.com/2010/01/birthday-08.html
[/FONT]
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

අනිත් එක යාළුවා අපි උපන්දිනය කියලා සම්මුතියෙන් ගන්න දවසක් ගානේ අපි ලං වෙන්නේ මරණයට. ඒ දවස විතරක් නෙමේ හැම ගෙවෙන දවසක්, මොහොතක් පාසාම අපි ලං වෙන්නේ මරණයට. සාමාන්‍යයෙන් කෙනෙක් මරණයට ලං වෙද්දි දුක් වෙනවා. තමන් කරපු කර්මයන් මතක් වෙලා. බෞද්ධයෙක් නම් තමන් කරපු කුසල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒත් අපි කාලා, බීලා සැමරුවට මරණයට ලං වෙනවා කියන එක හිතන්නෙවත් නෑනේ. ඒ බව ටිකක් හරි හිතුව නම් අපේ බෞද්ධයෝ ඔය විකාර කරන්නේ නෑ, හොද පිං කිරියවත් වල යෙදෙනවා මිසක් ඔය මෝඩ චූං කරන්නේ නෑ. ඒත් අපි දැන් පරිහාණියට යන ජාතියක් වෙලා. අපි අතරෙන් 100ක්, 1000ක් වත් හරි විදියට ජීවත් වෙනවා නම් ඒ ඇති
.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

අනිත් එක යාළුවා අපි උපන්දිනය කියලා සම්මුතියෙන් ගන්න දවසක් ගානේ අපි ලං වෙන්නේ මරණයට. ඒ දවස විතරක් නෙමේ හැම ගෙවෙන දවසක්, මොහොතක් පාසාම අපි ලං වෙන්නේ මරණයට. සාමාන්‍යයෙන් කෙනෙක් මරණයට ලං වෙද්දි දුක් වෙනවා. තමන් කරපු කර්මයන් මතක් වෙලා. බෞද්ධයෙක් නම් තමන් කරපු කුසල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒත් අපි කාලා, බීලා සැමරුවට මරණයට ලං වෙනවා කියන එක හිතන්නෙවත් නෑනේ. ඒ බව ටිකක් හරි හිතුව නම් අපේ බෞද්ධයෝ ඔය විකාර කරන්නේ නෑ, හොද පිං කිරියවත් වල යෙදෙනවා මිසක් ඔය මෝඩ චූං කරන්නේ නෑ. ඒත් අපි දැන් පරිහාණියට යන ජාතියක් වෙලා. අපි අතරෙන් 100ක්, 1000ක් වත් හරි විදියට ජීවත් වෙනවා නම් ඒ ඇති
.

ඇත්ත කතාව ඕකයි..:dull:
 

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    සමහර ගෙවල් වල මම දෙකල තියෙනව පොඩ් අයගෙ birth day party වල ලොකු අය බොතල් එහෙම ගෙනත් සෙට් වෙනව, ඊට පස්සෙ පොඩ් අය ලොකු වෙනකොට එක ආදර්ෂයට ගන්නව.
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    machang I am not a gud sinhala reader but I have a question regarding this topic ?

    will a real buddhist
    - attend birthday celebrations ?
    - celebrate his own birthday ?
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    machang I am not a gud sinhala reader but I have a question regarding this topic ?

    will a real buddhist
    - attend birthday celebrations ?
    - celebrate his own birthday ?

    yes machang. Real Buddhists are attend to birthday celebrations and they also celebrate their birthdays. But macha, its not a " Party". Real buddhists are never celebrate birthday parties. They went to the temple and spent their day peacefully, done some alms and done many kind of good things (good kamma). According to Buddhism, in every moment we are closing to our death. Then how do we get a "party"?
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    haapooo marra amaaruvakneaa oya dennata thiyaneaa deyaak danagandaa ahnawaanama eakata uthara dendaa nathanam uthara dena ayata idaa arinda

    anithekaa danna nathi nisay questions ahaneaa !

    In my replies I am sticking to the topic and I din offend any religious or way of life views

    if u don't know the answer please let the thread starter reply I have seen many good replies from him

    for a simple yes no question oyaa denna maawa kandaa hadanawaneaa !!! ::((
     
    Last edited:

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    haapooo marra amaaruvakneaa oya dennata thiyaneaa deyaak danagandaa ahnawaanama eakata uthara dendaa nathanam uthara dena ayata idaa arinda

    anithekaa danna nathi nisay questions ahaneaa !

    In my replies I am sticking to the topic and I din offend any religious or way of life views

    if u don't know the answer please let the thread starter reply I have seen many good replies from him

    for a simple yes no question oyaa denna maawa kandaa hadanawaneaa !!! ::((

    Its o.k. friend. lets see ? according to your view what is a Party? In a party macha, time waste misak wena use ekak na. For a Buddhist time is very precious.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    machang I am not a gud sinhala reader but I have a question regarding this topic ?

    will a real buddhist
    - attend birthday celebrations ?
    - celebrate his own birthday ?

    Don't worry. attending a birthday party is not a sin.

    Plus, parting is neither allowed nor disallowed in Buddhism.

    However, if you analyze "parting" in deeply, you would realize that parting is futile.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    haapooo marra amaaruvakneaa oya dennata thiyaneaa deyaak danagandaa ahnawaanama eakata uthara dendaa nathanam uthara dena ayata idaa arinda

    anithekaa danna nathi nisay questions ahaneaa !

    In my replies I am sticking to the topic and I din offend any religious or way of life views

    if u don't know the answer please let the thread starter reply I have seen many good replies from him

    for a simple yes no question oyaa denna maawa kandaa hadanawaneaa !!! ::((
    sorry sorry. my bad!!! i thot u r a trouble starter:sorry::sorry::sorry: