ම0 හි0ගල...

Article1.png
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේක නම් කියලා වැඩක් නැහැ. අපි කොච්චර වැරදි කරගෙන තියෙනවද අපි අපිටම. කොච්චර සහයෝගයෙන් ඉන්න තිබුණද අපට. මේ එළකිරියේ මා මෙතෙක් දුටු වඩාත්ම හදවතට කාවැදුණු නිර්මාණයයි. විශිෂ්ඨයි! අති විශිෂ්ඨයි!
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියමම නිර්මාණයක් සහෝ...

    අපි හැමෝම අපිට නොදැනුවත්වම කාගෙ හරි ඉත්තො වෙලා අපි අපිවම මරා ගන්නවා. අන්තිමේදි බලද්දි දිනපු කෙනෙක් නැහැ. අපි හැමෝම පැරදිලා.

    විශිෂ්ඨ නිර්මාණයක් සහෝ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමෝම කියවිය යුතුම යථාර්තවාදී පද පෙලක්...

    විශේෂයෙන් ඇඟේ ලේ අපිරිසිදු කරගෙන එක පැත්තක පාට කන්නාඩියකින් මුලූ මහත් සමාජයම දෙස බලන, පොතෙන් දුටු අද වෙනකොට කිසිදු ප්‍රායෝගික බවක් නැති ලොකු සිද්ධාන්ත හා මතවාදවල එල්බගෙන ඒවා අනුන්ගේ ඕනෑ එපා කම්වලට කරලියට රැගෙන එමින් ඉතිහාසයේ පිටු බදාගෙන ඒ අතරම අපේ රට දිය කර හරිමින් බඩ වඩවා ගන්නා පිරිසට මෙය ආත්මෝපදේශයකි...

    ඔබේ සාර්ථක අනගි සද්ජන සමාජ මෙහෙවරට මගේ සහෝදර ආචාරය...

    තව තවත් මෙවැනි සමාජ අන්තර්ගතයන් ගැඹුරින් ස්පර්ශ කරමින් ඔබේ වටිනා අද දින හෙට ගොඩ නැගෙන අපේ රට හා කෙලින්ම බද්ධ කරන මෙන් ආදරයෙන් ඉල්ලමි...

    ඔබට ජය.....
     
    Last edited:
    මම මේ නිර්මාණය ගැන ලියූ සටහන් දෙකක් මකලා දැම්මා.මගේ වෛරය දළුලා වැඩුනේ මිනිසුන් මෙතැනට ඇ දැමූ අමන නායකයන්-පාලකයන් ගැනයි.
    අමුතු ශෛලියකින් හිතන්න වටින දෙයක් ලියූ ඔබට සුබ පැතුම්!&+++
     
    • Like
    Reactions: thilangr8
    හැමදාම පිට රට වල උදවිය අපට කියනවා අපි මනුස්ස කමක් දන්නෙ නැති ජතියක් කියලා
    නැ අපිට සිද්ද වෙන දෙවල් උන්ට තෙරෙන්නෙ නැ
    එහෙමත් නැත්ත ම් තෙරෙන්නෙ නැ වගෙ ඉන්නවා
    අනික් හැමොම වෙනුවෙන් කතා කරන්න අය ඉන්නවා
    එත් මෙ හිච්චායියලා වගෙ අය ගැන කතා කරන්න කවුරුත් නැ
    තාම අපෙ මනුස්ස කම තියනවා
    එ නිසා නෙ මගෙ රටෙ නඩෙලා ත0ගම්මලා විතරක් නෙවි
    සිරාජ් නානලත් තාම ඉන්නෙ
    මොක වුනත් අපි හි0ගල කියල විතරක් වත් මතක තියා ගන්න
    ම0, මරණය
     

    nwnbs

    Member
    මාව මොහොතකට ගොළු කරා යාළුව මේ නිර්මාණය... හිතට ගොඩාක් දැනුන... අපූරුයි...
    ඇත්තටම ඇයි අපි වෙන් වෙලා? ඇයි අපි වෙන් කරල හිතන්නෙ? අපි හැමෝම එකයි. මිනිස්සු විදිහට ඉපදිලා මිනිස්සු විදියට මැරිල යන්න බැරි ඇයි?
    සාර්ථක නිර්මාණයක් යාළුවා... ගොඩක් සතුටුයි ඔබේ මේ නිර්මාණය ගැන. වෙනස් මාතෘකාවක් ගත්ත එක ගොඩක් වටිනව. හැකියාව අපතේ යවන්න එපා. දිගටම ලියමු සමාජය වෙනුවෙන්...
    සුබ පතනව ඔබට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමෝම කියවිය යුතුම පද වැලක්..

    මේක යටට යා නොදී මා විසින් උඩට ඉස්මතු කලේ මෙයට දක්වා තිබෙන ප්‍රතිචාර මද බව මට හැඟුන නිසයි...

    තවම කියවපු නැති හා මෙය කියවන්නට අත් හැරුණු අයට මං සහෝදරාත්මකව ඇරයුම් කරනවා මෙය කරුණාකර කියවා අපේ නිර්මානකරු දිරි ගැන්වීම සඳහා ඔබේ විචාරයන් මෙහි සටහන් කරනා මෙන්...

    තමන්ගේ නිර්මානය කියවා අන් අය විසින් එහි ගුණ දොස් සටහන් කිරීම නිර්මානකරුවෙකුට කොච්චර නම් වැදගත් වෙනවාද කියලා මා අත්දැකීමෙන් හොඳට දන්නා පැහැදිලි කරුණක්.....

    බොහොම ස්තුතියි.......
     
    බොහොම ස්තුතියි අයියෙ මෙ නිර්මාණ ය අගයැව්වා ට මෙකෙ හොද දෙ අපෙ ඔලුවල ට දා ගෙන දැන් වත් අපි හි0ගල කම වෙනුවෙන් යමක් කරන්න ට හිතනවා නම් එක වැදගත් වෙවි සියලු දෙනාටම ස්තුතියි යමක් ලියා දිරිමත් කලාට
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මචෝ...මම මේක save කරගන්නවා. එපා කියන්න නම් එපා. කියන්න දෙයක් හිතට එන්නේ නැති තරමටම උපරිමයි....
    කවුරැත් කතා කරන්න බය වෙලා තියෙන ( ජාතිවාදී ලේබලය වදියි කියලා ) මාතෘකාවක් මෙතන්ට ගෙන ඒම පිලිබදව මාගේ හදවතින්ම නැගෙන ගෞරවය පිලිගන්න...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    විශිශ්ට නිර්මාණයක්.
    කොච්චර හිතන්න දේ තියෙනවද.ඒත් නඩේට විතරක්ම වැරද්ද් පටවන එකට නම් මම කැමති නැහැ.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කවුරැත් කතා කරන්න බය වෙලා තියෙන ( ජාතිවාදී ලේබලය වදියි කියලා ) මාතෘකාවක් මෙතන්ට ගෙන ඒම පිලිබදව මාගේ හදවතින්ම නැගෙන ගෞරවය පිලිගන්න...
    අනිවා...මගෙන් සුබ පැතුම්....(ඔන්න රෙප් 1ක්)
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    නියමයි සහෝ. ඒත් අපි උංට අනුකම්පා කරමු. පහු ගිය දේවල් ඇදගෙන ආයෙ රණ්ඩුසරුවල් ඇති කරගන්න ඕනෙ නැහැනෙ. ගිය දේ ගියා. උන් ගිය මාර්ගය උන්වත් දැනගෙන හිටියෙ නැහැ. උන්ව ඒ මාර්ගයේ එක්කන් ගියේ කවුද කියලවත් උන් මැරෙනතුරුවත් දැනගත්තෙ නැහැ. එක්කන් ගියවුන් ආයෙමත් පොටක් පැදෙනකල් බලා ඉන්නවා ආයෙමත් රට ගිණි තියන්න. එ නිසා පරිස්සමෙන් මලේ.