නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

එක් පොශි මට්ටමකින් තවත් පෝශි මට්ටමකට යදිදි ශක්තිය 90% ක් අපතෙ යනව එක හම පොශි මට්ටමකටම පොදුය්

ඉතිං ඒකෙන් ගම්‍ය වෙන්නෙ මොකක්ද..පුලුවන් තරම් primary consumer level එකේ ඉන්නකොට වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබිය හැකි කියලානෙ..:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
සත්ව ආහාරයක සියලුම ඇමයිනෝ අම්ල අඩංගු වීමේ ප්‍රවණතාවය වැඩි අතර ශාක ආහාරවල, එක් වර්ගගයක් තුළ සියලුම ඇමයිනෝ අම්ල හමුවීමේ ප්‍රවණතාවය අඩු බවයි කියන්නෙ. නමුත් ආහාරයේ විවිධත්වයක් ඇත්නම්, සියලු ඇමයිනෝ අම්ල වර්ගවල දෛනික අවශ්‍යතාවය ශාක ආහාර තුළින්ම සපයාගත හැකියි.

ඒ වගේම ඒ සියලු ඇමයිනෝ අම්ල එකම වේලක අඩංගු වියයුතු නැහැ. සිරුරට ඇමයිනෝ අම්ල යම් ප්‍රමාණයක් ගබඩා කර තබා ගත හැකි නිසා, ඒවා පසුව පරිහරණය කළ හැකියි.

මෙහෙම කතාවකුත් කියනවා: සත්ව ආහාරවල ඒකකයක ප්‍රෝටීන වැඩි නිසා සත්ව ආහාර බහුලව කන කෙනෙක් ගන්නා මුලු ප්‍රෝටීන් ප්‍රමාණය දෛනික අවශ්‍යතාවයයට වඩා වැඩි විය හැකියි. එය ඔස්ටියෝපොරෝසිස් , වකුගඩු රෝග වැනි රෝගවලට හේතු විය හැකිය.

http://www.vegsoc.org/info/protein.html
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    එක ඈත්ත නමුත් ඔතනින් අදහස් වෙන්නේ සුර්යාගෙන් ප්‍රාතමික නිශ්පාදකයො ලබා ගත්ත ශක්ය්තිය කියන එකය්...........නෑතුව පෝශක කොටස් කියන එක නෙමේ....... අපිට ශාක වලිනුත් අපිට අවශය පෝශක ඔක්කොම ගන්න පුලුවන්...........................
    මම කියන්නෙ මිනිසා ගෙ ශරිරය නිර්මනය වෙලා තියෙන්නෙ සත්ව කොටසුත් ගන්න පුලුවන් වෙන විදිහට කියන එකඉ මම කියන්නෙ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපි රණ්ඩු නොකර නිකම් සාකච්ඡා කරමු නේද?
    නලින් කියන කතාව හරි. විද්‍යාත්මකව මස් මාලු කන එකට වරදක් කියන්න බැහැ. මොකද, ඇතැම් රටවල තියෙන්නෙත් එච්චරයි. අර කිව්වත් වගේ ඒකකයක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය, ඇමයිනෝ අම්ල සියලු වර්ග අඩංගු වීම, ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වීම වගේ සාධක තියෙනවා.

    නමුත් ශාක ආහාර වඩා සුදුසු සහ ප්‍රායෝගික බව තමයි අපි කතා කරන්නෙ.
     
    අන්න හරි අපි ශාක ආහාර විවිදත්වයක් අතුව ගත්තොත් අපිට අවශ්‍ය ඈමඉනෝ අම්ල අපිට ගන්න පුලුවන්.........
    එත් අමය්නො අම්ල ශරිරයේ ගබඩා කරන්න බ මචන් එව විස වෙනව ඈමඉන් කාන්ඩය නිසා එක නිසා අක්මාවෙදි ඈමඉන් හරනය කරල මුත්‍රා සමග පිට කරනව ශරිරයේ පෑවත්මට........
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo

    Consumption of excessive protein has become a serious problem in the western world.

    Yes. That has created a widespread kidney problems there, among other problems.
     
    මම දීල තියෙන සෝස් එක බලන්න: වගුවට ඉහළින් ඇති ඡේදයේ කියනවා කෙටිකාලීනව ගබඩා කළ හැකි බව. (විද්‍යාව වෙනස් වෙන බව මතකනෙ.)
    ඒ වගේම අපි බොහෝවිට ආහාර වර්ග දෙක තුනක් එක විට ගන්න නිසා සියලු ඇමයිනෝ අම්ල වර්ග එකම වේලකදි ලබා ගන්න තියෙන ඉඩ වැඩියි.
     
    ඔව්, මස් වැඩිපුර භාවිතය නිසා හෘද රෝග, අඝාතය, තරබාරුබව, කොලෙස්ටරෝල් වැඩිවීම වැනි රෝග ඉහළ ගිහින්. දැන් ප්‍රතිකාර ලෙස ශාක ආහාරවලට යොමු වෙනවා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපි රණ්ඩු නොකර නිකම් සාකච්ඡා කරමු නේද?
    නලින් කියන කතාව හරි. විද්‍යාත්මකව මස් මාලු කන එකට වරදක් කියන්න බැහැ. මොකද, ඇතැම් රටවල තියෙන්නෙත් එච්චරයි. අර කිව්වත් වගේ ඒකකයක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය, ඇමයිනෝ අම්ල සියලු වර්ග අඩංගු වීම, ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වීම වගේ සාධක තියෙනවා.

    නමුත් ශාක ආහාර වඩා සුදුසු සහ ප්‍රායෝගික බව තමයි අපි කතා කරන්නෙ.

    මම 100% එකගය් තනිකර ශාක ආහාර ගන්න එකට.... අව්ශයතාවය තියෙනවනම් ශාක ආහාර වලිනුත් අපිට අව්ශය පොශනය සම්පුර්නයෙන් ගන්න බරි කමක් නෑ.......මම කිව්වෙ සත්ව ආහාර වලින් ගන්න පුලුවන් හිතකර පත්ත විතරය....... නමුත් එකේ ඒ වගෙම අහිතකර පත්තකුත් තියෙනව........... මම කියන්නෙ විද්‍යාත්මකව වෑරදි කියන්න බෑ කියන එක විතරය් මස් කන එක..... හොදම උදාහරනය අපෙ දත් සෙට් එක.........
    නමුත් ශාක අහාර අපිට හිතකරය් සහ අවශ‍ය පොශනයත් ගන්න පුලුවන්නම් අපි ශාක ආහාර මත යෑපෙන එක තමා වඩාත් ම හොද...... මොකද එක වඩා මානුශිකඉත් එක්ක...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එක ඈත්ත නමුත් ඔතනින් අදහස් වෙන්නේ සුර්යාගෙන් ප්‍රාතමික නිශ්පාදකයො ලබා ගත්ත ශක්ය්තිය කියන එකය්...........නෑතුව පෝශක කොටස් කියන එක නෙමේ....... අපිට ශාක වලිනුත් අපිට අවශය පෝශක ඔක්කොම ගන්න පුලුවන්...........................

    ඔයා කියන කතාවත් හරි. සමහර පෝෂක කොටස් ශාකාහාර වල නෑ.
    නමුත් පෝෂක කොටස් තුළ ශක්තිය ගබඩා වෙන බවත් අමතක නොකළ යුතු කාරණයක්.

    සත්ත්ව ආහාර තුළ ඇති පෝෂක කොටස් තුළ ගබඩා වෙලා තියෙන්නෙ අවලම්බනය වූ ශක්ති ප්‍රමාණයක්.

    නමුත් මම කියන් නෑ 100% නිර්මාංශී විය යුතුය කියලා.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයා කියන කතාවත් හරි. සමහර පෝෂක කොටස් ශාකාහාර වල නෑ.
    නමුත් පෝෂක කොටස් තුළ ශක්තිය ගබඩා වෙන බවත් අමතක නොකළ යුතු කාරණයක්.

    සත්ත්ව ආහාර තුළ ඇති පෝෂක කොටස් තුළ ගබඩා වෙලා තියෙන්නෙ අවලම්බනය වූ ශක්ති ප්‍රමාණයක්.

    නමුත් මම කියන් නෑ 100% නිර්මාංශී විය යුතුය කියලා.
    සමහර පෝෂක කොටස් ශාකාහාරවල නැහැ කියන වැකිය, සියලු පෝෂක කොටස් එකම ශාක ආහාරය තුළ නැත කියල හරි ගස්සමු නේද?

    අනික් අතට සියලු පෝෂක කොටස් අවශ්‍ය අන්දමින් සියලු සත්ව ආහාර තුළත් නෑ. උදාහරණයක් ලෙස ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වුණටත් මස්වල එහෙම නෑ. බිත්තරවල, කිරිවල ඇති යකඩ අවශෝෂණයට අපහසු අන්දමිනුයි තියෙන්නෙ. අසංතෘප්ත මේදය මස්වල ඉතා අඩුයි.
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    .............
    මම කියන්නෙ මිනිසා ගෙ ශරිරය නිර්මනය වෙලා තියෙන්නෙ සත්ව කොටසුත් ගන්න පුලුවන් වෙන විදිහට කියන එකඉ මම කියන්නෙ

    You are right. Man can absorb nutrients from animal matter. Particularly when they don't take plant matter.

    But man cannot live a healthy life on animal matter alone like carnivores such as dogs. Man's digestive system is not meant for living on meat alone.

    For example, Eskimos live mostly on meat. That creates excessive acidity.

    But the lifespan of Eskimos is just 40 plus years.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සමහර පෝෂක කොටස් ශාකාහාරවල නැහැ කියන වැකිය, සියලු පෝෂක කොටස් එකම ශාක ආහාරය තුළ නැත කියල හරි ගස්සමු නේද?

    අනික් අතට සියලු පෝෂක කොටස් අවශ්‍ය අන්දමින් සියලු සත්ව ආහාර තුළත් නෑ. උදාහරණයක් ලෙස ඔමෙගා 3 මේද අම්ල මාලුවල බහුල වුණටත් මස්වල එහෙම නෑ. බිත්තරවල, කිරිවල ඇති යකඩ අවශෝෂණයට අපහසු අන්දමිනුයි තියෙන්නෙ. අසංතෘප්ත මේදය මස්වල ඉතා අඩුයි.

    ඔයා හරි..දොස්තර මහත්තයො..:rofl::rofl::rofl:ඉහි ඉහි..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයා කියන කතාවත් හරි. සමහර පෝෂක කොටස් ශාකාහාර වල නෑ.
    නමුත් පෝෂක කොටස් තුළ ශක්තිය ගබඩා වෙන බවත් අමතක නොකළ යුතු කාරණයක්.

    සත්ත්ව ආහාර තුළ ඇති පෝෂක කොටස් තුළ ගබඩා වෙලා තියෙන්නෙ අවලම්බනය වූ ශක්ති ප්‍රමාණයක්.

    නමුත් මම කියන් නෑ 100% නිර්මාංශී විය යුතුය කියලා.

    නිවැරදි කිරීම-සියලු පෝෂක කොටස් (මිනිසාට අවශ්‍ය) එකම ශාකාහාරය තුළ නෑ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම දීල තියෙන සෝස් එක බලන්න: වගුවට ඉහළින් ඇති ඡේදයේ කියනවා කෙටිකාලීනව ගබඩා කළ හැකි බව. (විද්‍යාව වෙනස් වෙන බව මතකනෙ.)
    ඒ වගේම අපි බොහෝවිට ආහාර වර්ග දෙක තුනක් එක විට ගන්න නිසා සියලු ඇමයිනෝ අම්ල වර්ග එකම වේලකදි ලබා ගන්න තියෙන ඉඩ වැඩියි.

    :yes::yes: මම ඔය කිව්වෙ A/L් මතකෙන් ......ගොඩක් අලුත් කරුනු දෑන් හොයගෙන අති.......:)