...වික්ටර් රත්නායක -ඔබෙ දෙතොළ් පෙති ලිහී..
ඔබෙ දෙතොළ් පෙති ලිහී..
පිපුනු හසරැල් විලේ..
හද දියව ගලා යයි..
රැලි ලමින් සැලි සැලී..
මෙවන් සුව පෙර නුදුටු තුන් සිතම සලිත වේ..
සසර සැරිසරණ තෙක් ඔබ මගේ ඔබ මගේ..
...අඹ ගස් යට මල් හැළිලා - වික්ටර් රත්නායක සම්ඟ නිර්මලා රණතුංග..
අඹ ගස් යට මල හැළිලා සුවඳේ බැරුවා හිඳින්න..
ඒ අඹ මල් සුවඳ දිගේ වන බඹරෝ රොනට එන්න..
මගෙ බඹරිය කැළේ දමා එන්නට බෑ අඹ වනයට..
මුසා බසින් මා නොතලා එන්න සුවඳ මල් හෙවනට..
බඹරු නැත්ද අඹ් වනයේ ඔබේ සිතට ගතට ඔබින..
අන් බඹරුන් ඕනෑ නෑ ඔබයි මගේ පැතුම් විමන..
හරිම රසවත් සංවාදයක්...!
...වික්ටර් රත්නායක සමඟ ලතා වල්පොල- ගහ කොල මල් කඳු වැටි ..
ගහ කොල මල් කඳු වැටි
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිලිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා රහසේ..
දෑස් වලින් කතා කරමු...
දෑස් වලින් රහසේ...
රන් දුනුකේ මල් මුවරද
දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ රහසේ..
දෑස් වලින් කතා කරමු...
දෑස් වලින් රහසේ...
සීගිරියේ පෙම් සිරිසර
නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවනේ
මා ගී හඳ ගොලුයි
මුවට වදන් මතක නෑ..
දෑස් වලින් රහසේ
සැමට ප්‍රීතිමත්, ප්‍රබෝදමත් දවසකට ආසිරි!
Akkata bohoma sthuthiy me lassana geetha walata...... Amba Gas Yata, Gaha Kola Mal geetha deka mama ahuwe palaweni sareta..... Amba Gas Yata geethaya harima lassanay......
podi yojanawak thiyanawa.... geetha labadenakota, Sinhalen wagena Singlish walintuh geethaye nama sandahan karanawa nam, pasuwa unath search karala hoyaganna puluwan, nathnam post eke title eka widihata yeduwath kamak ne....


