SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

epa

Member
Feb 18, 2010
1
0
0
Hey., i too need this lovely song .., "Mama mawaganimi obe sina sapiri muwa" of Asanga priyamantha... The above link for ths song is no working anymore.... Can you Gayan or someo0ne can upload it again..., plzzzzzzzzzzzzzzz...
 

shani26

Member
Oct 22, 2006
567
35
0
ඇල්ල ලඟ වලව්ව ටෙලි නාට්‍යයෙන් - ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ මියුරු සංගීතයෙන්.
http://www.mediafire.com/?nmwlmjg2wjq

වන සරණ ටෙලිනාට්‍යයේ තේමා ගීතය - සේනානායක වෙහෙරලියැද්ද
http://www.mediafire.com/?2ojzggzmj40

පිස්සු පූසා -ගැමුණු විජේසූරිය
http://www.mediafire.com/?wijzfmyiqkw

me sindu walata godak isthuthi samantha :)
 
Oct 17, 2007
101
7
0
Lubbock, TX
පාවී ඇදී එන්න - මිල්ටන් මල්ලවාරච්චි

thnx ayyee..meeke lyrics ehema hoyaa ganna widiyak nedda..?

මට මේකෙ සමහර වචන හරියට ඇහෙන්නෙ නැහැ. පුළුවන් නම් ඔයා හරිද කියල බලන්න.

පාවී ඇදී එන්න - මිල්ටන් මල්ලවාරච්චි

Pavi Adi Enna - Milton Mallawarachchi (Lyrics)

පාවී ඇදී එන්න ආයෙ මාගේ දෑසේ යා වීලා...
පීදී සැලී රෝස යායෙ පාවේ දෑසේ සිහින ඡායා..

මාදං කැලේ ලා නිල් තලාවේ ගාවේ
පාසල් වියේ ඈ හා එදා මේ වාගේ
බාලේ ඈත ලොවේ පාවි දෑස තෙමේ
සිත පාවී.....

පාවී ඇදී එන්න...

රෑනින් මිදී යාවේ අරුණු හෝරාවේ..
සිහිනෙන් වගේ පාවී මියුරු ගී රාවේ...
බාලේ ඈත ලොවේ පාවි දෑස තෙමේ
සිත පාවී.....

පාවී ඇදී එන්න...



http://www.mediafire.com/?zgoduj31yzj
 
Last edited:
  • Like
Reactions: lmw

NoWayOut

Member
May 13, 2009
578
13
0
පිස්සු පූසා -ගැමුණු විජේසූරිය
http://www.mediafire.com/?wijzfmyiqkw

වන සරණ ටෙලිනාට්‍යයේ තේමා ගීතය - සේනානායක වෙහෙරලියැද්ද
http://www.mediafire.com/?2ojzggzmj40

අපි හැඟුම් වලට - වික්ටර් රත්නායක.
http://www.mediafire.com/?jyjmzlyhzlk

වෛරොඩි වන්නම - චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
http://www.mediafire.com/?uzzgnnd3oyu

mithraya me geetha tika mama gannawa.... itha parani durlaba geetha labademin oba karana sewaya itha agaya karanawa.
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
සප්ත ස්වර නද මවා ,ඔබේ මදුර හඬින් ,අනන්ත සිත් විනිවිද දුටු වික්ටර් රත්නායක උතුම් සංගීත වේදියානනි,ඔබට දීගායු සහ නීරෝගී සුවය එක්සිත්ව අපි සැවොම පතමු!

..වික්ටර් රත්නායක සමඟ චන්ද්‍රලේකා පෙරේරා -ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ..

...Aadaraye mandhire -Victor Rathnaayaka and Chandraleka Perera...

ආදරයේ මන්දිරේ ඇරුණා වාගේ..
ගීතේ ඇසේ යොවුන් මල් බඹර කලාපේ..

ගැවසෙන්නේ දෙනෙත ලඟ පුර සඳ දෝ..
සුවඳ හුරු බව තේරේ දයිවයද මේ අපේ..
මා හා ඒ හඬ නතු උනේ ඈත සංසාරේ පෙරදා..
සංසාරේ පෙරදා..

හිනැහෙන්නේ අසල හිඳ ඉරණමදෝ..
දෙනෙත කිම විමසන්නේදයිවයයි මේ අපේ..
මා හා ඒ හඬ නතු උනේ ඈත සංසාරේ පෙරදා..
සංසාරේ පෙරදා..
 
  • Like
Reactions: ac2000

NoWayOut

Member
May 13, 2009
578
13
0
නිවන් දුටු හිමි - වික්ටර් රත්නායක

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු, ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන්, අනේ හිමියනි මටද දැන්...
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්.... මහා කරුණාවෙන්....

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන්වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළාවූ... ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්.... මහා කරුණාවෙන්....

මලක් වන්නට නොහැක හිමියනි, මිනිස් බව ලැබ සිටින මාහට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පාමුල පර වුනාවේ...
නිවන් දුටු හිමි...

Nivan Dutu Himi - Victor Rathnayaka

http://www.mediafire.com/?nwlfwhyytti

රුවන් නිදන හෙල බිමයි - වික්ටර් රත්නායක

රුවන් නිදන හෙල බිමයි - නුවන් හදන හෙල බිමයි
නිවන් පුදන හෙල බිමයි - ලොව හෙළි කළ හෙල බිමයි
මගේ රුවන හෙල බිමයි - මගේ නුවණ හෙල බිමයි
මගේ නිවන හෙල බිමයි

මිහිරෙන් පිරි හෙල බිමයි - රුහිරින් වැරි හෙල බිමයි
ඉසුරින් සරි හෙල බිමයි - ලොව බල පෑ හෙල බිමයි
මගේ මිහිර හෙල බිමයි - මගේ රුහිර හෙල බිමයි
මගේ ඉසුර හෙල බිමයි

විරුවන් ලත් හෙල බිමයි - පඬිඳුන් පත් හෙල බිමයි
යුදුවන් මත් හෙල බිමයි - ලොව හෙබැවූ හෙල බිමයි
මගේ තිදස හෙල බිමයි - මගේ සිරස හෙල බිමයි
මගේ නිවස හෙල බිමයි

Ruvan Nidana Hela Bimai - Victor Rathnayaka

http://www.mediafire.com/?dccm4yimeuj

හෙවනැල්ල වගේ - වික්ටර් රත්නායක

හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේ
පිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේ
නේක ජාති සංසාරේ... නේක ජාති සංසාරේ....

ගරා වැටුනු නගර කොනේ හඬා වැටුනු මට නුඹගේ //
සිනා පොදින් දැනුණු සුවේ ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ...

හෙවනැල්ල වගේ..

හිතේ ඉඩට පාර බැඳන් කුමක් කරම් කොටුවුනු මං //
හමු වෙන්නයි පතනු මිසක ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ...

හෙවනැල්ල වගේ..

Hevanalla Wage - Victor Rathnayaka


http://www.mediafire.com/?gzbdw5hmzrd

හඳ පායාලා - වික්ටර් රත්නායක

හඳ පායාලා.. තිබුනද,
සරදාකාසේ
හමුවූදා සේ...

පහස ලබා දෑත වෙලා යාවූ ඒ....
අපටම හෙවන හදා ගහකොල වෙහෙස වුනා ඒ කාලේ

හඳ පායාලා..

මට ද හොරා අපම හෙවූ රෑ යාමේ...
හෙවනට හිටිය එදා ගහකොල යටම මෙදා ඈ කාගේ

හඳ පායාලා..

Handa Payala - Victor Rathnayaka

http://www.mediafire.com/?vxtkkhijdzv

ඇසේ කඳුළු බිඳු ඉවර වෙලා - වික්ටර් රත්නායක

ඇසේ කඳුළු බිඳු ඉවර වෙලා ඔබේ පෙමට හඬලා
ඇලට දොලට මුහුදට යලි දෙනු බෑ
ඇසට කඳුළු කිසිදා....

එක තරුවක්වත් නැති බොල් අහසක් සේ
නිල්ල වසා ගිය වැහි කළුවක් සේ
ජීවිතයෙන් ඔබ පලා ගියේ
දුවන මුවන් දැක නෙලූ පළා බිම හෙළූ දිනේ

ඇසේ කඳුළු බිඳු ඉවර වෙලා…

කැඩපතකින් රුව දැක ඔබ ඔබෙ මුහුණේ
යම් දවසක මතු හඬන දිනක් ඒ
ඒ දවසට ඔබෙ දුක් බෙදා හදා
හඬනු කෙසේදෝ ඔබේ කඳුළු හා තුරුල් වෙලා

ඇසේ කඳුළු බිඳු ඉවර වෙලා…


Ase Kandulu Bindu - Vistor Rathnayaka

http://www.mediafire.com/?2z4lnwxvmyy

සායම් පෙඟූ ලවන් පුරා - වික්ටර් රත්නායක

සායම් පෙඟූ ලවන් පුරා ආරාධනා ඡායාවෝ
දඟකාරියේ ආශා මවයි මායම් නෙතේ රූ සිනා

දම් පාට මල් සාය දැවටී ඉඟේ ඔබ පා නඟා යද්දි කරනා දඟේ
චංචලේ උකුල් තලේ කලඹයි සිතුම් මගේ

සායම් පෙඟූ ලවන් පුරා

සබකෝල සුවිනීත සීතාවියන් නොදනීවි බිඟු ලොල් සරාගී හැඟුම්
ජීවිතේ සැබෑ ලොවේ ඉඳුරන් බලා හිඳී

සායම් පෙඟූ ලවන් පුරා

Saayam Pengu Lavan Pura - Victor Rathnayaka

http://www.mediafire.com/?nx4tmgnzo1y

Geethaya pamanak nowa ehi padha rachanayada labademin oba karannaa wu aganaa sewayata behewinma sthuthiy..... me geetha keepaya mama gaththa.... meyn keepayak ma asaa athi namuth ma langa nothibuna geetha.... e wagema samahara geetha meeta kalin asaa thibune ne... ithin nawathath obata bohoma sthuthiy.
 
Status
Not open for further replies.