සුලඟින් බිත්ති තැනූ - අනුලා බුලත්සිංහල
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්
http://www.mediafire.com/?tj2g0nwruwn

සුලඟින් බිත්ති තැනූ - අනුලා බුලත්සිංහල
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්
http://www.mediafire.com/?tj2g0nwruwn

එනමුත් නෑ සැනසෙන්නේ
නාට්‍යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)
එනමුත් නෑ සැනසෙන්නේ
එනමූත් නෑ සැනසෙන්නේ.. සිත මාගේ දැවේ ගින්නේ
එනමූත් නෑ සැනසෙන්නේ.. සිත මාගේ දැවේ ගින්නේ
රජ සැප මට මන්ද..කෙලෙස මෙ උසුලම්ද//
දියණිය ඇඳුරින්දූ රුව මාගේ සිතේ ඇන්දූ
රුසරූ එසුර ලන්දූ දැඩි ආලෙ ලයේ රැන්දූ
කෙලෙසින් ඈ හැරා යම්දෝ
සරණේට කෙසේ ගම්දෝ
කෙලෙසින් ඈ හැරා යම්දෝ
සරණේට කෙසේ ගම්දෝ
පියඳූරූ අනුදැන්මා හැකිවේද ලබාගැන්මා//
දියණිය ඇඳුරින්දූ රුව මාගේ සිතේ ඇන්දූ
රුසිරු එසුර ලන්දූ දැඩි ආලෙ ලයේ රැන්දූ
නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
මේ තියෙන්නෙ කන්තෝරුව
ගායනය - සැන්ටින් ගුණවර්ධන සහ පිරිස
මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව
මේ තියෙන්නෙ කන්තෝරුව..
ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා
ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා
මේක තමයි කන්තෝරුව
මං ඉපදුනු කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යන තුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව
උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා
උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා
මගෙ නම පුටුපාලයා
මෙතන පියුම්කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටුපාලයා
නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ජනේලයෙන් නිල් අහස
ගායනය - සුධාරක ජයසේන
ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
රෑ ආකාසේ තරු බබලන්නේ
ජීවන සුළඟයි පිසගෙන එන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
ජීවිතයයි එහි රළ පෙරළන්නේ
ජීවිතයයි ඉන් පිටත පෙනෙන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
ජීවිතයෙන් හද පුරවාගන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
ජනේලයෙන්මයි මා පැනයන්නේ
මුහුදු පතුල යට ඉඳලා
නාට්‍යය - මූදු පුත්තු
මුහුදු පතුල යට ඉඳලා
(සෝමලතා සුබසිංහ)
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//
මූදු පතුල යට ඉඳලා..
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//
මූදු පතුල යට ඉඳලා..
වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///




































































රෙප් +++++++