මනමාලියට මඟුල් ගෙදරදීම බබෙක් ලැබීම
මනමාලියට මඟුල් ගෙදරදීම බබෙක් ලැබීම
ඊයේ ටෙලිවිෂන් එකෙන් මා දුටු වේ අපූරු කථාවකි. මනමාලියක් වේල් එක දමා ගෙන හිට ගෙන නෑ මිත්‍රයින් ඉදිරිපිට මංගල උත්සවය කරගෙන යද්දී විලි රුදාව ඈතිවී දරුවෙක් ලැබීමට ඉස්පිරිතාලයට ගෙන ගිය බවය. මංගල කේක් එක කැපීමට නොලැබීම ගැන ඈය පසුව කණගාටු වූවාය. ඒ ඈරුනු විට ඈයත්, මනමාලයාත්, ටෙලිවිෂන් එකේ කාන්තාවත් මේ උදාර වැඩේ ගැන සන්තෝෂය ප්‍රකාශ කලේය. මේවා මේ අබුද්ධස්ස කාලයේ හැටිය. සුද්දන්ට, රොබට් බ්ලේක්ලාට, මිලිබෑන්ඩ්ලාට ආවඩන කොළඹ කළු සුද්දන් ද මේ කතාව ඈසුනොත් උදාර වැඩක් කියා කියනවා නිසැකය.
ඊට දවසකට පමණ කලින් මා දුටුවේ ස්විස්ටර්ලන්තයේ උපත් පාලනය (බර්ත් කන්ට්‍රෝල්) කාර්‍යක්‍ෂම කිරීම සඳහා ගත් තීරණයක් ගැනය. මේ අනුව අවුරුදු 12-13 ළමයින්ට පාවිච්චි කිරීමට කුඩා ප්‍රමාණයේ කොන්ඩොම් නිපදවීමට තීරණය කර ඈත. ලොකු පිරිමින් ගේ භාවිතයට සැදූ ඒවායේ වටප්‍රමානය ලොකු වැඩි නිසා ලමයි ඒවා නැතිව සංසර්ගයේ යෙදෙන එක මේ ලෝකයේම අනර්ග රටක් සේ සැලකෙන ස්විස්ටර්ලන්තයට ගැටලුවක් වී ඈත. එංගලන්තයද මෙය කොපි කිරීමට බලා පොරොත්තු වන්නේ එරට ගැටවරවියේ ගැබ් ගැනීම් ප්‍රමාණයේ අඩුවීමක් සිදුවී නැති නිසාය. මේ කතාව කිව් විට මගේ යාලුවෙක් කිව්වේ දැන් ලංකාවේ දවසකට ගප්සා කිරීම් දාහක් පමන වාර්තා වෙනවාය කියා පත්තරේ තිබුනා කියාය. වාර්තා නොවන ගණන කුමක්ද?
1805 දී පමන මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා ලංකාවේ සිවිල් සේවය ප්‍රතිසංවිධානය කලා කියා අපි ඉතිහාස පාඩම් වල දී ඉගෙන ගත්තෙමු. ඔහුගේ මේ සිවිල් සේවකයින් අවුරූදු හතේ, දොලහේ දහතුනේ කොලු ගැටව් බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසු වෙනත් ඉංග්‍රීසි ජාතිකයෙක් ලිවූ පොතකිනි. මේ අනුව බලන විට වික්ටෝරියා රැජිනගේ කාලයේ මුලු ඈඟම වසා ගත් ගෑනු ඉන් පසු මුලු ඈඟම වාගේ නොවසා (ලංකාවේ දකින්නට තිබුනේ කාන්තාවගේ ඔබේ තීරය පමනි) ගෙන දැන් නැවතත් අතරමැදි තත්වයකට යනවා සේ පරම්පරා විප්ලවයක් ලෝකයේම සිදුවෙනවා වගේ සේ පෙනේ.
ඈමෙරිකාවේ පසැල් වලට ගැබ් ගත් ගෑනු ලමයිද බඩ උස්සා ගෙන පොත් බෑග් එක පිටේ එල්ලා ගෙන එනු මම දැක ඈත්තෙමි. මට මතක් වන්නේ පසේනදී කොසොල් රජතුමාගේ සිහින දෑ සැයෙන් හත්වන එකය. කිරි දරුවන් ගර්භනී වීමය.පසේනදී කොසොල් රජතුමා දුටු සිහින සැබෑවන කාලයක් ඈමෙරිකාවේ හා යුරෝපයේ පමනක් නොව ලංකාවේ ද ඉතා ශීග්‍රයෙන් උදාවීමට ආරම්භ වූයේ 1978 සිටය. ලංකාවට කල සේවය ගැන ජේ.ආර්,ජේ ත්, ආර්. ප්‍රේමදාසත් දිව්‍ය (?) ලෝකයේ සිට බලා ගෙන
ඉන්නවා නිසැකය. ඈමෙරිකාවේ, යුරෝපයේ සිට එන ඕනෑම ගොන්, අසික්කිත දෙයක් බදා ගන්නා පිරිසක් කොළඹ අවටින් බිහිවිය. රෝසි සේනානායකලා, සිසිලියා කොතලාවලලා මේ ව්‍යාපාරයේ පුරෝ ගාමික කාන්තාවන් බව නිසැකය. මෙවැනි ව්‍යාපාර අද යන්නේ තරුනයින්ගේ, තරුනියන්ගේ මානව අයිතිවාසිකම්වල කොටසක් කියාය. මානව අයිතිවාසිකම් කියන සංකල්පයේ වලිගය පැත්තෙන් අල්ලා ගෙන දඟලන එක එක්තරා උපක්‍රමයකි. මිනිසුන් ගේ මූලික අයිතිවාසිකම ආහාර, වස්ත්‍ර හා ආවරණය කියා ඒ කාලයේ අපි ඉගෙන ගත්තා කියා මට මතකය. ඒ වා පෙරට ආවොත් සිතීමේ, ලිවීමේ නිදහස ඉබේම එලියට එනු ඈත.
මෙම බටහිර බලපෑම් කොතරම් උග්‍ර ද යන්න ගැන හොඳ උදාහරණ දෙකක් අන්‍යාගම් වලට දූෂිත ලෙස බෞද්ධයින් හැරවීම පිලිඹඳ 2009 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්තාවේ මම දැක්කෙමි. කුඩා ලමයින් මහණ කිරීම බාල වයස් අය අනිසි ලෙස යොදනවා කියා ක්‍රිස්තියානි අලෙවිකාරයන් කියයි. පන්සල් වල පූජා කිරීමට මල් කඩන නිසා මීමැස්සන්ට මල් පැනි නැතිව යනවා කියා ඔවුන් කියා සිටී. පන්සල් නැති ඈමෙරිකාවේ මී මැස්සන් වඳවී යෑම බරපතල ප්‍රශ්නයක් ව ඈති බව මොවුන් නොදන්නේද? සමාජයෙන් හා අවට පන්සල් පරිසරයෙන් බලපෑම් ආවත් සිවුර හැරදා යාමට නිදහසක් මහණවූ අයට ඈත. සමහර අය මහණ වන්නේ සසරේ පෙර පුරුද්දක් නිසා බවද අප පිලිගත යුතුය.
චන්ද්‍රසිරි විජයවික්‍රම