මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මිළ මුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස
ඔන්න අපිත් ආවා....................
මෙයත් ඔයාලගෙ සිංහල බෞද්ධ සංගමයෙද ?

මේ දවස්වල අපායේ ලොකු තරගයක්ලු
2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 12:16
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 12) – ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විනකල අය සෙවීමේ ලොකු තරගයක් මේ දිනවල අපායේ පැවැත්වෙන බව පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පැවසූහ.
උන්වහන්සේ පවසන අන්දමට මෙම තරගය සඳහා තරගකරුවන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටිති.
ප්රභාකරන්, රෝහණ විජේවීර සහ ජේ. ආර්. ජයවර්ධන මෙලෙස ඉදිරිපත්ව සිටින තරගකරුවන් වෙති.
සමිත හිමියන් පෙන්වා දෙන්නේ ජේ. ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව හේතුවෙන් අද මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය පුරා ගොස් පෝස්ටර් ගසන්නට සිදුව ඇති බවයි.
එමෙන්ම දිස්ත්‍රික්කයක් පුරා කටවුට් ගහන්නටත්, රැස්වීම් තියන්නටත්, කාර්යාල විවෘත කිරීමටත් සිදුව තිබේ. මේක අපෙක්ෂකයින් හිඟන්නන් බවට පත් කරන ක්‍රමයක් බව උන්වහන්සේ අවධාරණය කරති.
ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කර තිබෙන්නේ මෙම මනාප ක්‍රමය තුළින් අපේක්ෂකයින්ව වෛරක්කාරයෝ බවට පත් කරන ක්‍රමයක් බවට බද්දේගම සමිත හිමියෝ පෙන්වා දෙති.
ඒ අනුව අපායේ පැවැත්වෙන ලංකාවට විනකළ අය තේරීමේ දැවැන්ත තරගයේදී වේලුපිල්ලේ ප්රභාකරන්, රෝහණ විජේවීර, ජේ. ආර්. ජයවර්ධන මේ තුන්දෙනාගෙන් දැනට වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා බවට තොරුතුරු වාර්තාවී ඇතැයි සමිත හිමියෝ වැඩිදුරටත් පවසති.