Thank you sis.
අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා //
හෙළයේ
මංගලයි ///
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //
ලාමක ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
හෝ... ලාමක ළඳ
ලාමක ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
මුකුළූ කඩා හලා කැකුළූ සිනා නගා //
කැවුම් විකා කිරිබත් කා ප්රීති වෙලා
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //
අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා
හෙළයේ
මංගලයි ///
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
හෝ... ජාතික ගති
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
ප්රීති සුසුම් හෙලා සාමේ කුසුම් නෙලා //
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //
අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා
හෙළයේ
මංගලයි ///
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //
thanks puuwo 



