~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0


Thank you sis.


අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා //
හෙළයේ
මංගලයි ///
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //

ලාමක ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
හෝ... ලාමක ළඳ
ලාමක ළඳ බොළඳ ලියන් හෙළ දිවේ
මුකුළූ කඩා හලා කැකුළූ සිනා නගා //
කැවුම් විකා කිරිබත් කා ප්‍රීති වෙලා
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //

අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා
හෙළයේ
මංගලයි ///
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //

ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
හෝ... ජාතික ගති
ජාතික ගති සිරිත අපේ ඔප වැටේ
ප්‍රීති සුසුම් හෙලා සාමේ කුසුම් නෙලා //
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //

අවුරුදු ළඟා වුනා එරමුදු මල් පිපුනා
හෙළයේ
මංගලයි ///
නටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා //
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා//
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද//







බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා //
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද //
නැද්ද කණෙයියනි රොන් හැදිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද //

පාර වටේ ඇති සේරම ගස් සරුසාර හැඩයි ගෙඩි හටගැනිලා
ගෙඩි හටගැනිලා
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මේ පැණි පිරිලා
බැද්දට පැණි වරුසාවක් වැහැලද ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද //

රෑණ ගිරා සැළලිහිණි කුරුල්ලන් සීනු හඬින් රස ගී ගයලා
රස ගී ගයලා

තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකී නටලා
බැද්දට ගී වරුසාවක් වැහැලද ගි පොද මේ පොට අස්සට පෙරිලද //


අමිතා වැදිසිංහ සමඟ පියසිරි විජේරත්න


 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුමාරි මුණසිංහ-ලන්දෙ උකුල උඩ

    ලන්දෙ උකුල උඩ
    නින්ද ගිහින් හිටි
    එරබදු ඇහැ ඇරිලා
    අන්න හිනා වෙනවා




     

    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28
    දැනට දාල තියෙන ගීත වල links :D


    1. ලයනල් රංවල-මේ අවුරුදු කාලේ
    2. ලයනල් රංවල-කජු වාරේ
    3. පණ්ඩිත් අමරදේව-සිංහල අවුරුදු ආවා
    4. මිල්ටන් මල්ලවාරච්චි,නීලා වික්‍රමසිංහ-මී අඹ අත්තේ
    5. සනත් නන්දසිරි,සුජාතා අත්තනායක-කොහෝ කොහෝ
    6. මොහිදින් බෙග්-ඇවිල්ල ඇවිල්ලා
    7. ජෝති-අවුරුදු ආවා
    8. ජෝති-ආවා අවුරුදු දේවී
    9. ජෝති-අවුරුදු ලඟාවුනා
    10. ජෝති-අවුරුදු නව සඳ
    11. ජෝති-නව අවුරුදු දා
    12. ජෝති-කිරි ඉතිරේවා නව වසරේ
    13. ලහිරු පෙරේරා-පිපුනු එරබදු
    14. අමිතා වැදිසිංහ,පියසිරි විජේරත්න-බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි
    15. පණ්ඩිත් අමරදේව-නීල කොබෙයි
    16. ණ්ඩිත් අමරදේව-මල් ගුමු ගුමු
    17. ප්‍රදීපා ධර්මදාස-නාඬන් පුංචි හිරමණේ
    18. සහන් රංවල-එරබදුත් පිපී
    19. සුනිල් සාන්ත-සිංහල අවුරුද්දේ
    20. එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට
    21. මොහිදින් බෙග්-සිංහල අවුරුදු කොමළිය
    22. මොහිදින් බෙග්-සිංහල අවුරුදු ආවා
    23. සුජාතා අත්තනායක-අවාදෝ මංගල්ලේ
    24. එරංග,සමිතා-ගමේ සුවඳ
    25. ජෝති-ඔංචිලි චිල්ල මලේ
    26. ලතා වල්පොල-කොහා හඬයි අවුරුදු එයි
    27. වික්ටර් රත්නායක-බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ
    28. එඩ්වඩ් ජයකොඩි-චක් ගුඩු ගුඩු


    great work machan..thnx lot!!!
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    දැනට දාල තියෙන ගීත වල links :D


    1. ලයනල් රංවල-මේ අවුරුදු කාලේ
    2. ලයනල් රංවල-කජු වාරේ
    3. පණ්ඩිත් අමරදේව-සිංහල අවුරුදු ආවා
    4. මිල්ටන් මල්ලවාරච්චි,නීලා වික්‍රමසිංහ-මී අඹ අත්තේ
    5. සනත් නන්දසිරි,සුජාතා අත්තනායක-කොහෝ කොහෝ
    6. මොහිදින් බෙග්-ඇවිල්ල ඇවිල්ලා
    7. ජෝති-අවුරුදු ආවා
    8. ජෝති-ආවා අවුරුදු දේවී
    9. ජෝති-අවුරුදු ලඟාවුනා
    10. ජෝති-අවුරුදු නව සඳ
    11. ජෝති-නව අවුරුදු දා
    12. ජෝති-කිරි ඉතිරේවා නව වසරේ
    13. ලහිරු පෙරේරා-පිපුනු එරබදු
    14. අමිතා වැදිසිංහ,පියසිරි විජේරත්න-බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි
    15. පණ්ඩිත් අමරදේව-නීල කොබෙයි
    16. ණ්ඩිත් අමරදේව-මල් ගුමු ගුමු
    17. ප්‍රදීපා ධර්මදාස-නාඬන් පුංචි හිරමණේ
    18. සහන් රංවල-එරබදුත් පිපී
    19. සුනිල් සාන්ත-සිංහල අවුරුද්දේ
    20. එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට
    21. මොහිදින් බෙග්-සිංහල අවුරුදු කොමළිය
    22. මොහිදින් බෙග්-සිංහල අවුරුදු ආවා
    23. සුජාතා අත්තනායක-අවාදෝ මංගල්ලේ
    24. එරංග,සමිතා-ගමේ සුවඳ
    25. ජෝති-ඔංචිලි චිල්ල මලේ
    26. ලතා වල්පොල-කොහා හඬයි අවුරුදු එයි
    27. වික්ටර් රත්නායක-බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ
    28. එඩ්වඩ් ජයකොඩි-චක් ගුඩු ගුඩු

    THANK YOU VERY MUCH Sis!!!!!!!:):):):):):):):):):):)
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    litha.jpg
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    තැන තැන රවුමට ඉඳගෙන
    ඉද හිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා






    තැන තැන රවුමට ඉඳගෙන
    ඉඳහිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා

    කොපර කොපර පිපිඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඥ්ඥා

    පැණි මොර මල් පිපුනු රෑට
    කජු පුහුලං ඉදුනු දාට
    පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා
    එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

    කොපර කොපර පිපිඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඥ්ඥා

    කුන්දු පැනල නැටුවෙත් අපි
    බච්චි කියල දිව්වෙත් අපි
    හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා
    වයිවාරන සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

    කොපර කොපර පිපිඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඥ්ඥා

    තැන තැන රවුමට ඉඳගෙන
    ඉඳහිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා

    කොපර කොපර පිපිඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඥ්ඥා


    එඩ්වර්ඩ් ජයකොඩි ඇතුළු පිරිස