තාත්තා කවුද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තාත්තා කවුද?


    වෙළෙඳ නෞකාවක කපිතාන්වරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ලින්ටන්; තම 75 වැනි විවාහ සංවත්සරය ජයටම සැමරීමට කටයුතු සුදානම් කෙළේය.
    උත්සවය අතරතුර ලින්ටන් තම බිරිඳට ආදරයෙන් කතා කොට මෙසේ ඇසීය.
    ”එඩ්නා.. අපි කසාද බැඳලා අදට අවුරුදු 75 යි. ඔයාට සතුටුද?”
    ”ඔව්...” එඩ්නා පිළිතුරු දුන්නාය.
    ”මම පොඩි කාරණයක් අහන්න තරහ වෙන්නේ නැත්ද?” යි ලින්ටන් යළිත් ඇසුවේය.
    ”නෑ.. ඕන දෙයක් අහන්න”
    ”අනිත් ළමයි වගේ නෙවෙයි... අපේ හයවැනියා බාලම පුතා... ටිකක් අමුතුයි. ඕතෑනියි. ඒ වගේම මුස්පේන්තු මුහුණක් තියෙන්නේ... මට ඇත්ත කියන්න.. මේ ළමයා වෙන තාත්තා කෙනෙක් ගේ නේද?” යි ලින්ටන් තතනමින් ප්‍රශ්න කෙළේය.
    ”ඔව්.. ඔයා හරි” එඩ්නා කීවාය.
    ”කවුද ඒ ළමයා ගේ තාත්තා?” යි ලින්ටන් වේගයෙන් ප්‍රශ්න කෙළේය.
    ”ඒ ළමය ගේ තාත්තා ඔයා”
    යි එඩ්නා හරිබරි ගැසෙමින් කීවාය.

    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොරුව


    බොරුව



    පිට පිට දින දෙකක්ම ප්‍රමාද වී වැඩට යෑම නිසා සෑම්, තම ප්‍රධානියා ගේ උදහසට ලක්ව සිටියේය. තුන්වැනි දිනයේත් හෙතෙම ප්‍රමාද වී වැඩට පැමිණියේය.
    ප්‍රධානියා - සෑම් තමුසේ අදත් පරක්කුයි. අද මොකක්ද කියන බොරුව?
    සෑම් – නෑ සර් අද නම් ඇත්තමයි කියන්නේ මම වැඩට එන්න හදන කොට වයිෆ් කිව්වා කාරෙකේම ගිහිං දාන්නම් කියලා. එයාට ඇඳ ගන්න විනාඩි 10 ක් විතර ගියා. ඔන්න අපි එනකොට පාලම කැඩිලා. ඒ පාර මම ගඟට බැහැලා එගොඩ පීනුවා. ඒකට පැය භාගයක් විතර ගියා. ඊළඟට මම හෙලිකොප්ටරයක් කුලියට අරගෙන උඩින්ම නගරයට ආවා. ඒකටත් විනාඩි 15 ක් විතර ගියා. හෙලිකොප්ටරය සිටි ටවර් එකේ වහලයට බස්සලා ලණුවක් දිගේ පහළට බැස්සා. ඒකටත් විනාඩි 15 ක් විතර ගියා. ඉන් පස්සේ ටැක්සියක් අරගෙන මෙහාට ආවා. ඒකටත් විනාඩි 10 ක් විතර ගියා.
    ප්‍රධානියා - තමුසේ අදත් කියන්නේ බොරු.
    සෑම් - මොකක්ද සර් මම කියපු බොරුව.
    ප්‍රධානියා - කිසිම ගෑනියෙකුට විනාඩි 10 කින් ඇඳුම් අඳින්න බෑ ඕයි.


    :lol:


    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     
    • Like
    Reactions: jkadithya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රටේ ඉන්න බැරිවෙයි

    රටේ ඉන්න බැරිවෙයි


    ‘අපි බැඳලා පිටරටකට යමු ද ඒයි.’ උදිතා, පේ‍්‍රමපාල ගෙන් ඇසුවේ බස් රථයේ පිටුපස අසුනේ ඔහුට තුරුළු වී යමින් සිටියදීය.
    මඳක් කල්පනා කළ හේ මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘ඔව් මාත් හිතනවා ඒක හොඳයි කියල. මොකද ඔයාව බැඳ ගත්තයින් පස්සේ, කොහොමත් අපිට මේ රටේ ඉන්න බැරිවෙයි.’




    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්:)


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිංහල පිචර් එකක්

    සිංහල පිචර් එකක්


    නන්දනීට තම පාසල් මිතුරියක වූ මල්ලිකා අතරමඟකදී හමු වූයේ අහම්බෙනි. බොහෝ කලකින් මුණ ගැසුණු මිතුරියෝ දෙදෙන අවන්හලකට ගොඩවී සිසිල් බීම පානය කරමින් ආගිය තොරතුරු කථා කරන්නට වූහ.
    ‘ඉතින් කොහොමද නන්දනී ඔයාගෙ මහත්තයා එහෙම?’ මල්ලිකා ඇසුවාය.
    ‘අපොයි කතා කරන්න එපා ඔය මිනිහ ගැන විතරක්. ගිය සුමානෙ මට අතටම අහුවුණා, එයා වෙන ගෑනියෙක් එක්ක පික්චර් හෝල් එකකට රිංගනවා.’ නන්දනී දිග කතාවකට මුල පිරුවාය.
    ‘මොනවා, කවුද ඉතින් ඒ ගෑනි?’ මල්ලිකා ඇසුවේ පුදුමයෙනි.
    ‘මම හරියට මූණ දැක්කෙ නෑ අනේ.’ නන්දනී කීවේ සන්තාපයෙනි.
    ‘ඉතින් ඇයි ඔයා පික්චර් හෝල් එක ඇතුළට ගිහිල්ලා හරියටම තොරතුරු බලා ගත්තෙ නැත්තෙ...?’
    ‘කොහොමද අනේ යන්නෙ? එදා ඒ හෝල් එකේ පෙන්නුවේ අලුත් සිංහල චිත්‍රපටියක් නේ.’ නන්දනී වහා පිළිතුරු දුන්නා ය.




    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙකේ වෙනස

    දෙකේ වෙනස


    එක් සභාවක් ඇමතීම සඳහා නියමිත වූ කථිකයන් දෙදෙනෙක් තම වාරය එන තෙක් වේදිකාවට පිටුපසින් වූ කාමරයක කතා බහක යෙදී සිටියෝය.
    ‘මට තරහ යන්නෙ, මම කතා කරන කොට මිනිස්සු අතේ බැඳලා තියෙන ඔරලෝසුව දිහා බලන කොට තමයි.’ එක් කථිකයෙක් අනෙකාට කීය.
    ඔහු දෙස සෝපහාසයෙන් බැලු අනෙක් කථිකයා මෙසේ කීවේය.
    ‘ඒක මොකද්ද? මට තරහ යන්නෙ, මිනිස්සු වෙලාව බලල ඉවර වෙලා, ඔරලෝසුව නැවතිල ද බලන්න, කනට කිට්ටු කරලා බලන කොටයි.’


    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකද අමතක

    මොකද අමතක


    ගුණසේන තද ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් මැච් එකක් පැවැත්වෙන දිනවල ඔහු රූපවාහිනියේ ඇලී ගැලී සිටියි. එවැනි දිනවලදී ගෙදර අවශ්‍යතා පිළිබඳව වගේ වගක් නැතිව ඔහු රූපවාහිනිය නරඹයි.
    එවැනි දිනෙක ඔහුගේ බිරිඳ මැසිවිලි නඟන්නට වූයේ ඔහුට ක්‍රිකට් මිස මෙලෝ සිහියක් නැති බව කියමිනි.
    ‘මගෙ අලුත් හැට්ටෙට අල්ලන්න රේන්ද යාරයක් ගේන්ඩ කිව්වා. ඒක මතක නෑ. ඔයාට ක්‍රිකට් ගැන නම් හැම දෙයක්ම මතක තියෙනවා. වෙන එකක් තියා අපි බැඳපු දවස ගැනවත් මතකයක් ඔයාට නැහැ.’
    ඇගේ කන්දොස්කිරියාව නොඉවසූ ගුණසේන කෝපයෙන් වහා පිළිතුරු දුන්නේය.
    “මොකෝ මට මතක නැත්තෙ. අපේ මුළු ටීම් එකම ලකුණු තිස් පහකට අවුට් වුණේ අපි බැන්ද දවසෙනෙ.”

    :lol:


    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔච්චර නම් ගොඩක්

    ඔච්චර නම් ගොඩක්


    තම පේ‍්‍රමයට පිටු පෑ පෙම්වතිය අවසන් වරට හමුවූ පාලිත ඉමහත් ආවේගයකින් යුතුව ඇයට මෙසේ කීවේය.
    ‘සුමාලි, ඔයා මට මේ වගෙ වේදනාවක් දීලා මාව අමතක කළාට කමක් නැහැ. ඒත් ඔයා හොඳට මතක තියා ගන්න ඔයාට අවංකවම ආදරය කරපු පාලිත කියල කෙනෙක් මේ ලෝකෙ හිටියයි කියල.’
    සුමාලි තම සුපුරුදු තොදොල් ස්වරයෙන් ඔහුට මෙසේ පිළිතුරු දුන්නාය.
    ‘අනේ පාලිත, මම කොහොමද ඔච්චර නම් ගොඩක් මතක තියා ගන්නෙ.’

    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)
     
    • Like
    Reactions: laknath123

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැලේ යන්නෙ මොකටද?

    කැලේ යන්නෙ මොකටද?


    මගීන් නංවා ගැනීම පිණිස නවතා තිබූ බස් රථය වෙත පැමිණි රූපා, රියැදුරු අසුනේ වාඩිවී, සිගරැට්ටුවක් උරමින් සිටි ගැටයා ගෙන් මෙසේ ඇසුවාය.
    “මා උස්සා කැලේ’ට යන්ඩ පුළුවන් ද?”
    රූපා ගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා කෑදර බැල්මක් හෙළූ ගැටයා මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘කැලේ යන්ඩ ඕනෙ නෑ. අපි රෙස්ට් හවුස් එහෙකට යමු.’

    :lol:

    ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්
    :)