දුකේදී සැබෑ මිනිස් ජීවීන්ට වඩා පණ නැති වස්තූන් අපව අත් නොහැර ගොසින් අපි ලඟින්ම වාඩිවෙලා ඉන්න එක අරුමයක් නොවේ..ඒක සදාතනික දහමක්...
එතකොට හිතට හිතෙනවා මං මෙච්චර කාලයක් පුරාවට හදවතින්ම ආදරය කරපු මිනිස් සමාජය කොයි අතක ගිහින් මගෙන් වහං වෙලාද කියල...
ආයෙ දෙකක් නෑ දුක තුනීවේගන එනකොට ඔය එකා දෙන්නා ආයෙත් හොරෙන් කුරුමානම් අල්ලලා ලඟට බඩ ගාන්නේ මොකුත් වුනේ නෑ... මොකුත්ම දන්නේ නෑ වගේ..ඒකයි ජීවිතයේ අප කවුරුත් බහුතරයක් මුහුණ දෙන සැබෑ ඇත්ත...
අපි ඔන්න ඔය ටික හරි හැටි අවබෝධ කොට නොගෙන මිනිස්කම ඉස්සර කරගෙන අනුන්ගේ බැරි බරත් ගැල පිට පටවාගෙන ගිහින් බොහෝ විට කරන්නේ මහා අනුවණ කමක්.
ඒක දැනෙනකොට, හැඟෙනකොට කාලය අප අතරින් සුරුස් ගාලා ඈතට පියඹලා ගිහින්...
අහස බැලුවත් සඳ වුනත් එතකොට සැදී පැහැදී ඉන්නේ අපිට ඔච්චම් කරන්න...
ඉතා අපුරුවට ලියපු වටිනා නිමිත්තක්..
දිගටම ලියන්න මල්ලියා..
ඔබට ජය..