සිංහලයා ගෙට වෙලා!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිංහලයා ගෙට වෙලා!

ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත​. නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත්‍ර-වාරිත්‍ර නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇඳෙන් බහින​, නාන​, කන​, බොන, වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත් නැති, විටෙක නීච වන​, තවත් විටෙක කිපෙන නව ග්‍රහයෝ ය​. ඇගේ සියළු දෛනික කටයුතු කොට උඩ ය​……. ඒ ගෙට වූ දැරිවිය යි. සාමාන්‍ය තත්ත්ව යටතේ දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාර්‍ෂිකව 'ගෙට වෙති'. රටේ සියළු ආයතන වල සේවකයෝ නිවාඩු යති. බැංකු, කාර්‍යාල​, ව්‍යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති. නොබොති. නොනාති. ජාතියම ගෙට වෙති. සූර්‍යයාගේ දෙක මාරු වනතුරු බලා සිටිති. අනේ අනිච්ඡං....!

වසරක් පුරාවටම සාගින්නෙන් සිටියවුන් මෙන් කෑම බීම රැස් කරති. බුදින්නට නැකත එනතුරු මඟ බලති. වසර පුරාවටම නිරුවතින් සිටියවුන් මෙන් ඇඳුම් ගන්නට පෝළිං ගානේ ය​. නොකා නොබී සිටි මේ නිරුවත් ගඳ ගසන ජාතිය නාන්නේ ද නැත​. ඊට ද නැකත එනතුරු මුවඅයා බලා සිටිති. නානු ගා නාන්න සෙට්වෙන මොවුන්ගේ හිසට කොහොඹ කොළය​. පයට නිදිකුම්බාය. කොහොඹ හා නිදිකුම්බා වෙනුවට කහඹිලියා හා පතොක් භාවිතයෙන් නැකත මහත් ඵල මහානිසංස වනු ඇත​. සැමදා පායන හඳ දකින්නට ද මේ බත් බුදින වෘෂභයින්ට නැකතක් ඇත​. සියල්ල අහවර වී රැකී රක්‍ෂා බලා යන්නේද ග්‍රහයා කියන පරිදි ය​. ජොබ් එක ගහලා ගිය ද ග්‍රහයාට එරෙහි විය නොහැක​.

පිඹුරුපත් සැකසෙමින් පවතින්නේ ආසියාවේ ආශ්චර්‍යය බවට පත් වීමට ය​. ඊට කළින් මේ ජාතිය වනසන මිථ්‍යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට brain wash එකක් වුවමනාය​. නැතහොත් සියළු ආශ්චර්‍යයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම නොවැළක්විය හැකිය​.

බුදුන් පහළ වූ දඹදිව මිථ්‍යා දෘෂ්ඨිකයින්ගේ මහ ගෙදරයි. එදා - අද මෙන්ම හෙටටත් එය එසේමය​. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කොටගත් පරම සත්‍ය වූ ධර්මයන් දේශනා කරන විට වේදය සරණ ගිය බමුණු මත කරපින්නා ගත් සමාජය මුළුමනින්ම මේ උතුම් ධර්මයට එරෙහි විය​. පිනැති බුද්ධිමතුන්ට පමණක් ගෝචර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධකරනට සමර්ථ වූයේ මහපොළොවෙන් බුදු නියසිළඟට ගත් පස් පිඬ හා සම වූ ඉතා අල්ප පිරිසකි. මහ පොළොව වන් සෙස්සෝ නිරය හරහා වැටුනු සසරටම වන් හ​. බුදු බණක් නෑසූ සමාජයක් තිසරණයෙහි පිහිටුවීම අති බැරෑරුම් කර්තව්‍යය කි. බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක් විය​. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය​. අධර්මවාදී මාර බලයන් දසත වෙලාගෙන ය​. සත්‍යට ඉඩක් නැත​. 'සත්‍යය ජයගනී' යන්න ද දඹදිවින් පාත් වූ බමුණු මතයක් විනා බුදු දහමේ සඳහන් නොවන්නකි.

ලාංකිකයා සියවස් ගණනාවක් පුරාවට බුදු බණක් ඇසුවේ නැත​. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය​. 99%ක්ම වූයේ බුදු බණ නාමයෙන් වූ සම්පප්‍රලාප ය​. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු දහම ඉස්මතු නොවී ය​. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද අධර්මවාදී බලවේග විසින් සූක්‍ෂමව මැඩලනු ලැබීය​. බුදු බණ නොදත් චීවරධාරීහු බමුණාගේ වේදය සරණ ගියහ​. බුදු දහමේ නාමයෙන් පැවිදිව, මහා සඟරුවට පිදෙන උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්, විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්, යාග​ -හෝම කරති. වස් කවි කියති. ඒ මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ, නැකතේ ගුණ වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක ත්‍රිපිටකය පුරා අන්තර්ගත ය​. මේ අධර්මවාදී චීවරධාරීන් හට උඩගෙඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි මනාව පැහැදිලි කොට ඇත​. සැප කැමැත්තෝ අප්‍රමාදී වෙත්වා!!!
 
  • Like
Reactions: GihanFX

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් ලද සංස්කෘතික උරුමයන් බව ය​. ඊටත් වඩා මුලාවක් නැත​. වැඩිහිටියන්ට ගරු කිරීම​​, නෑ ගම් යාම​, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත​. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය​. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය​. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහුබූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය​. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලෙසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්‍යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.

බුදු දහමේ ඒකායන අරමුණ සියළු කෙලෙසුන් ප්‍රහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙකේ පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය​. බුදු දහමෙහි මූලිකම වන්නේ සෝතාපත්ති ඵලය යි. එනම් මිථ්‍යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසරේ ආරක්‍ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්‍ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්‍යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහමෙහි හැසිරෙන ප්‍රඥාවන්තයින් හට පමණක් ඇතිවන අවබෝධයකි.

කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය​. ඔහු අඳුරේම ඉපිද​, අඳුරේම ජීවත්ව​, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තයෙ කි.

ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනිය​. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය​. දියඹ තව බොහෝ දුරය​.
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
2znmgit.jpg
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
වටිනා ලිපියක්, මේකෙ හරය තේරුම් ගන්න දෙතුන්පාරක් වත් කියවන්න ඕන, පලවෙනි පාර මේක කියවනකොට මගෙ හිතට ආවෙ මේකෙ ඇත්තත් තියෙනව බොරුත් තියෙනව කියල, ඒත් දෙවනි, තුන්වන පාරට කියවනකොට මට තේරුනා මේකෙ කියල තියෙන දේවල් ඇත්ත කියල, මේක අපිත් එකක් බෙදාගත්තට ස්තුතියි වි.. මල්ලි :D
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මිත්‍ර වේශයෙන් එන සතුරා වඩාත් බයානයක..නැණ පමණින් තේරුම් ගනිත්වා
දැන හෝ නොදැන කරන හානිය බලවත්ය
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් (මහින්දගේ ආගමනයෙන්) ලද සංස්කෘතික උරුමයන් බව ය​. ඊ

lolz haha
 
හ්ම්ම්... කාලෝචිත මාතෘකාවක්..:) සිතන්නට දෙයක්..
වෙනස් විදිහකින් යතාර්ථය ගෙනහැර දක්වලා තියෙනවා.. සිංහලයාගේ සංස්කෘතික අංගයක් කියා සංස්කෘතියට පදනම වියයුතු බුදුදහමින් එපිටට ගිහින්
අපි කරන තවත් එක වැඩක්..:(:(
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
හොඳ ලිපියක්. මගේ අදහස් මෙහෙමයි.

මිත්‍යා දෘශ්ටිය සහ සංස්කෘතිය වෙන් කරන ඉර අඳින්නේ කොතනින්ද?

සිංහල සංස්කෘතිය යනු බුදු දහම සමගවත්, විජය රජු සමගවත් පැමිනියක් නොව අනාදිමත් කාලයක සිට පැවතගෙන එන සිරිත් විරිත් සමුදායකි. අරිසෙන් අහුබුදු ශූරීන්ට අනුව වසර තිස්දහසකට පෙර සිටි මහා සම්මත මනු රජුගේ රජාභිෂේකය සනිටුහන් කරමින් සිංහල අලුත් අවුරුද්ද නැමති උත්සවය ආරම්භ විය. එබැවින් ඇතම් සිරිත්, නැවත නැවතත් කරමින් අප කරනුයේ, අපේ ඉතිහාසය මතක් කර ගැනීමකි.

එබැවින් මිත්‍යා දෘශ්ටියක් වේවා හෝ නොවේවා යම් ක්‍රියාවක් අප කරනුයේ කුමන සිතුවිල්ලක් සිතේ රඳවාගෙනද යන්න සලකා බැලීම වටී. මන්ද යත් අවසනයේ වැඩගත් වන්නේ සිතුවිල්ල වන බැවිනි.

අපේ සන්ස්කෘතිය අප විසින් රැක ගත යුතුය. අවබොධයෙන් අප යමක් කරන්නේ නම් එහි ගැටලුවක් නොමැත.

සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල නොහැක. අපට සංස්කෘතිය ඉවත දැමීමද කල නොහැක. කල හැක්කේ අවබොධයෙන් ක්‍රියා කිරීම පමනි.

Jan 24, 2009
3,532
130
0
අපි බෞද්දයො කියලා බුදුදහමට අදාල නෑ කියලා අපේ සියලුම අනෙක් සංස්කෘතිකාංග අත් හරින්න ගියොත් අපිත් අර ජිහාඩ් කාරයෝ වගේ වෙනවා. සිංහල අවුරුද්ද අපේ ජාතික උත්සවයක්. හැම සිංහලයෙක්ටම ඒක සමරන්න පුලුවන්. ආගමික උත්සවයි, ජාතික උත්සවයි පටලව ගන්න එපා. (මතක තියාගන්න සියලුම සිංහල අය බෞද්ධයන් නොවේ)

අපි මේ නැකැත් සාස්තරේ පැත්තකින් තියමුකෝ. හිතලා බලන්න අලුත් අවුරුද්දේ හොද පැත්ත
1. දුරක ඉන්න ලමයි, පිටරට ඉගෙන ගන්න ලමයි, වැඩ කරන දෙමව්පියෝ ලංකාවට ඇවිත් එකට එකතු වෙනවා. අම්ම/තාත්තා නැකතට දරුවන්ට කිරිබත් කවනවා. බුලත් දීලා දෙමව්පියන්ට වදිනවා. මේක දෙමාපිය-දූ දරු සහ සම්බන්ධතා වඩාත් තර කරන්න හේතු වෙන්නේ නැත්ද?

2. එලුවා පෝලිමේ ඉදන් ඇදුම් ගන්න කතාවක් කිව්වා නේ. ඔයා දැකල නැතුව ඇති ඒ ගන්න කට්ටිය ඇදුම් ගන්නේ තමන්ට විතරද?? අම්මට, තාත්තට, නැන්දට, මාමට, ගෙදර වැඩ කරන කෙනාට සරමක්, පුතාලට, දුවලට ඇදුම් ඔන්න ඔහොම ගොඩාක් දෙනාට ගන්නවා. මම අහලා තියෙනවා, දැකලා තියෙනවා සමහර අය රෙදි කඩවලදි කියනවා, " මට ඇදුමක් ගන්න වුනේ නෑ, ඒත් කමක් නෑ මම දෙන්න ඕන හැමෝටම තෑගි ගත්තා කියලා" ඔන්න සිංහල අලුත් අවුරුද්ද යුතුකම් ඉටු කිරීම , කලගුණ සැලකීම එක්ක සම්බන්ධ වෙන විදිය

3. නගරේ ඉන්න අය දරු පවුල් එක්ක තමන්ගේ අම්මලා බලන්න ගමට යනවා. පිටරට ඉන්න පවුල් ලංකාවේ නෑයෝ බලන්න නෑ ගම් එනවා. හැමෝම දන්න විදියට අද තියෙන අවිවේකි ජීවන රටාවත් එක්ක නෑදෑ සබදතා පවත්වාගන්නවත් වෙලාවක් නෑ නේ. අවංකව කතා කරනවා නම් මට මගේ ආත්තම්මලා බලන්න යන්න වෙන්නේ අලුත් අවුරුද්දට විතරයි. එයාලා අවුරුද්දටවත් මම එනකන් මග බලාගෙන ඉන්නවා. අවුරුද්ද කැන්සල් කරලා ඒ මිනිස්සුන්ගේ සතුට නැතිකරන එක මොන කුහක වැඩක් ද??:oo::oo:

4. එලුවාඅ වැරදිලාවත් අහලා තියෙනවද අලුත් අවුරුද්දට තරහ කාරයෝ යාලු වෙනවා කියන එක?? අහල නැත්නම් දැන ගන්න, එහෙම දෙයක් වෙනවා. වඅවුරුද්ද පුරා නයි වයිරෙන් ඉන්න බුවාලා අලුත් අවුරුද්දෙ එකිනෙකාගෙ ගෙවල්වලට ගිහින් සමාව අරගෙන-සමාව දීලා සාමදාන වෙනවා

5. ඒ විතරක් ද? ගමේම සුහදතාවය දියුණු කරගන්න පවත්වන අවුරුදු උත්සව, වෙලාවට වැඩක් කරන්න උගන්වන නැකැත්???:baffled:

හිතලා බලන්න කොච්චර වටිනා ජාතික උත්සවයක් ද ඔයාලා අහෝසි කරන්න කතා කරන්නේ:baffled::baffled::baffled:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
1. ඕක වෙන කාගෙ හරි බ්ලොග් එකකින් ගත්තනම්, මුල් රචකයගෙ නමවත් මෙන්ෂන් කරන එක හොඳයි නේද?

2. මෙතන අවසාන වශයෙන් කියන්න අදහස් කරන්නෙ මොකක්ද කියල මට පැහැදිලි නෑ. බුද්ධාගම ගැන කියලා, ඒ හේතුවෙන් සිංහල අවුරුද්ද මිත්‍යාදෘෂ්ටියක් කියලද කියන්න හදන්නෙ? මට හිතෙන්නෙ ටිකාක් විතර පටලවගෙන කියලයි.

3. මිත්‍යාදෘෂ්ටියක් කියල කියනවනම්, එහෙම නැත්නම් මතවාදයකට අසුවීමක් කියල කියනවනම්, අවුරුදු චාරිත්‍රවල එහෙම දේකට තියෙන්නෙ නැකතට අනුව කටයුතු කිරීම විතරයි. නැකත කියන දේ පැත්තකින් තියල, මොනවද මේ නැකත් අනුව කරන්න කියල තියෙන්නෙ යන කාරණය බැලුවොත් පේනවා ඒවා බුදු දහමට විරුද්ධ නොවන බව.

පුණ්‍ය කාලය, නෑ හිතමිතුරන් බැහැ දැකීම, එකිනෙකා තෑගි හුවමාරු කරගැනීම, එක්ව ආහාරපාන ගැනීම, ස්නානය, වැඩිහිටියන් සමා කරගැනීම වගේ දේවල්නෙ කෙරෙන්නෙ. මමත් නැකැත් අනුගමනය කරන කෙනෙක්නම් නෙවෙයි. නමුත් මේ විදිහට වෙලාවන් වෙන් කර තිබීමෙන් ඒ ඒ කටයුතු කා අතිනුත් කෙරෙනවා නේද? උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් පන්සලට යන්නෙ නැති කෙනෙක් වුණත් පුණ්‍යකාලෙට පන්සලට යයි- වෙන කරන්න දෙයක් නැතිකමට හරි. ඒ වගේම, විවේකයක් නොගෙන හැල්මේ දුවන සමාජක්‍රමයකට හුරු වෙලා ඉන්න මිනිස්සු ඒ කාලය තුළ මුකුත් කරන්න හොඳ නෑ කියල හිතන නිසා හරි ටිකක් විවේකෙන් ඉන්න, නෑ හිතමිතුරන් සමග සෙල්ලම් කරන්න පෙළඹෙයි.

පෞද්ගලිකව මමනම් හිතන්නෙ ලංකාවෙ තියෙන නිවාඩු දින ගණන ගැන කවුරු කෑ ගැහුවත්, අපි ජීවත් වෙන්නෙ මැරීගෙන වැඩ කරන්න නෙවෙයි කියල; විවේක ගැනීම, විනෝද වීම ජීවිතයේ වැදගත් දේවල්- අපි රැකියා කරන්නෙ, ඉගෙන ගන්නෙ ජීවිතයේ ප්‍රීතිය උදෙසා ඒ දේවල් (සහ එයින් ලැබෙන වැටුප් ආදිය) අවශ්‍ය වන නිසා.

4.
වැඩිහිටියන්ට ගරු කිරීම​​, නෑ ගම් යාම​, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත​. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය​. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය​. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ.

වැඩිහිටියන්ට සැළකීම ඇතුලු වෙනත් යහපත් දේවලට වෙනම දින ඕනෙ නැති බව කියනවනම්, එහෙනම් පෝය කියන සංකල්පයට එරෙහිවත් ඔය තර්කය ගෙනෙන්න පුලුවන්. නමුත් යම් දිනයක්, වෙලාවක් ඒ සඳහා වෙන් කිරීමෙන් ආධ්‍යාත්මික දියුණුව උදෙසා පරිශ්‍රමයක් දැරීමට පුලුවනි. (මේකත් අර සියල්ල අවබෝධ වෙලා පන්සිල් ඉබේ රැකෙනකම් බලා ඉන්නව වගේ වැඩක් තමයි. එහෙම එක පාරට වෙන්නෙ නෑනෙ.) අමතක කරන්න එපා සෝවාන් වුණත් තරහ ඇතිවෙන ගතිය, රාගය ඇතිවන ගතිය අප හැර නොයන බව. ඒ නිසා තිසරණයට පැමිණුන පමණින් ඔය කියන විදිහට හැමදාම ජීවත්වන ගිහියන් මේ කාලෙ නෙවෙයි ඒ කාලෙත් ඉන්න ඉඩක් නෑ.

දැන් කාලෙ සමාජය පැත්තකින් තියන්නකො. අතීතයේ ඔය යහගුණයන් බහුලව තියෙද්දිත් අවුරුද්දෙ මේ සිරිත් කෙරුණා. මොකද, එහෙම දේවල් අලුත් කරගන්න, අලුත් ජීවිතයක් පටන්ගන්න, තමන්ගෙ වැරදි හරිගස්සගන්න වඩා පහසුයි මේ වගේ දිනයක් යොදාගන්න එක.

5.
වසරක් පුරාවටම සාගින්නෙන් සිටියවුන් මෙන් කෑම බීම රැස් කරති. බුදින්නට නැකත එනතුරු මඟ බලති. වසර පුරාවටම නිරුවතින් සිටියවුන් මෙන් ඇඳුම් ගන්නට පෝළිං ගානේ ය​. නොකා නොබී සිටි මේ නිරුවත් ගඳ ගසන ජාතිය නාන්නේ ද නැත​. ඊට ද නැකත එනතුරු මුවඅයා බලා සිටිති. නානු ගා නාන්න සෙට්වෙන මොවුන්ගේ හිසට කොහොඹ කොළය​. පයට නිදිකුම්බාය. කොහොඹ හා නිදිකුම්බා වෙනුවට කහඹිලියා හා පතොක් භාවිතයෙන් නැකත මහත් ඵල මහානිසංස වනු ඇත​. සැමදා පායන හඳ දකින්නට ද මේ බත් බුදින වෘෂභයින්ට නැකතක් ඇත​. සියල්ල අහවර වී රැකී රක්‍ෂා බලා යන්නේද ග්‍රහයා කියන පරිදි ය​. ජොබ් එක ගහලා ගිය ද ග්‍රහයාට එරෙහි විය නොහැක​.

මේ කොටස ටිකක් විතර අන්තවාදියි නේද? මං දන්න විදිහට හඳ බලන්නනම් නැකැත් නෑ. :P එහෙම දින වෙන් කරගෙන ලෝකෙ පුරා එකම දවසෙ හඳ බලන්නෙ මුස්ලිම් ජාතිකයො.:rolleyes:
කෑමබීම රැස් කරන්නෙ, ඇඳුම් ගන්නෙ තමන්ගෙ පරිහරණයට විතරක් නොවෙයිනෙ. නෑදෑ හිතමිතුරන්ට සංග්‍රහ කිරීමටත් එක්ක. නැකත් එනකම් රස්සාවට නොගිහින් ඉන්නෙ තමන්ගෙම ව්‍යාපාර කරන අය හරි ගොවිතැන් ආදිය කරන අයනෙ. අනික් මිනිස්සු එහෙම ඉන්නවා මමනම් අහල නෑ. මේ දිනවල නිවාඩු ගන්න එක ඇත්ත. කලින් කිව්වා වගේ මම හිතන්නෙ අපි වැඩ කරන්නෙ ජීවත් වෙන්න මිසක් අනික් පැත්තට නෙවෙයි. ඒ නිසා නිවාඩු ගන්න එක ඉතාම සාධාරනයි.
 
  • Like
Reactions: smallvilleclerk50

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
අපි බෞද්දයො කියලා බුදුදහමට අදාල නෑ කියලා අපේ සියලුම අනෙක් සංස්කෘතිකාංග අත් හරින්න ගියොත් අපිත් අර ජිහාඩ් කාරයෝ වගේ වෙනවා. සිංහල අවුරුද්ද අපේ ජාතික උත්සවයක්. හැම සිංහලයෙක්ටම ඒක සමරන්න පුලුවන්. ආගමික උත්සවයි, ජාතික උත්සවයි පටලව ගන්න එපා. (මතක තියාගන්න සියලුම සිංහල අය බෞද්ධයන් නොවේ)

අපි මේ නැකැත් සාස්තරේ පැත්තකින් තියමුකෝ. හිතලා බලන්න අලුත් අවුරුද්දේ හොද පැත්ත
1. දුරක ඉන්න ලමයි, පිටරට ඉගෙන ගන්න ලමයි, වැඩ කරන දෙමව්පියෝ ලංකාවට ඇවිත් එකට එකතු වෙනවා. අම්ම/තාත්තා නැකතට දරුවන්ට කිරිබත් කවනවා. බුලත් දීලා දෙමව්පියන්ට වදිනවා. මේක දෙමාපිය-දූ දරු සහ සම්බන්ධතා වඩාත් තර කරන්න හේතු වෙන්නේ නැත්ද?

2. එලුවා පෝලිමේ ඉදන් ඇදුම් ගන්න කතාවක් කිව්වා නේ. ඔයා දැකල නැතුව ඇති ඒ ගන්න කට්ටිය ඇදුම් ගන්නේ තමන්ට විතරද?? අම්මට, තාත්තට, නැන්දට, මාමට, ගෙදර වැඩ කරන කෙනාට සරමක්, පුතාලට, දුවලට ඇදුම් ඔන්න ඔහොම ගොඩාක් දෙනාට ගන්නවා. මම අහලා තියෙනවා, දැකලා තියෙනවා සමහර අය රෙදි කඩවලදි කියනවා, " මට ඇදුමක් ගන්න වුනේ නෑ, ඒත් කමක් නෑ මම දෙන්න ඕන හැමෝටම තෑගි ගත්තා කියලා" ඔන්න සිංහල අලුත් අවුරුද්ද යුතුකම් ඉටු කිරීම , කලගුණ සැලකීම එක්ක සම්බන්ධ වෙන විදිය

3. නගරේ ඉන්න අය දරු පවුල් එක්ක තමන්ගේ අම්මලා බලන්න ගමට යනවා. පිටරට ඉන්න පවුල් ලංකාවේ නෑයෝ බලන්න නෑ ගම් එනවා. හැමෝම දන්න විදියට අද තියෙන අවිවේකි ජීවන රටාවත් එක්ක නෑදෑ සබදතා පවත්වාගන්නවත් වෙලාවක් නෑ නේ. අවංකව කතා කරනවා නම් මට මගේ ආත්තම්මලා බලන්න යන්න වෙන්නේ අලුත් අවුරුද්දට විතරයි. එයාලා අවුරුද්දටවත් මම එනකන් මග බලාගෙන ඉන්නවා. අවුරුද්ද කැන්සල් කරලා ඒ මිනිස්සුන්ගේ සතුට නැතිකරන එක මොන කුහක වැඩක් ද??:oo::oo:

4. එලුවාඅ වැරදිලාවත් අහලා තියෙනවද අලුත් අවුරුද්දට තරහ කාරයෝ යාලු වෙනවා කියන එක?? අහල නැත්නම් දැන ගන්න, එහෙම දෙයක් වෙනවා. වඅවුරුද්ද පුරා නයි වයිරෙන් ඉන්න බුවාලා අලුත් අවුරුද්දෙ එකිනෙකාගෙ ගෙවල්වලට ගිහින් සමාව අරගෙන-සමාව දීලා සාමදාන වෙනවා

5. ඒ විතරක් ද? ගමේම සුහදතාවය දියුණු කරගන්න පවත්වන අවුරුදු උත්සව, වෙලාවට වැඩක් කරන්න උගන්වන නැකැත්???:baffled:

හිතලා බලන්න කොච්චර වටිනා ජාතික උත්සවයක් ද ඔයාලා අහෝසි කරන්න කතා කරන්නේ:baffled::baffled::baffled:

:yes: :yes: බෞද්ධයා කියන්නෙ, සෑම විටිම තමන්ගෙ අනාදිමත් කාලෙ සිට රැකගෙන ආ සිරිත් විරිත් එක්ක නිවන කරා යන කොටසක්. ඕවයෙන් නිවන් දකින්න බැහැ කියලා දන්නවා ඒත් පෙර සිරිත් විරිත් අමතක කරලා අන්තවාදි දෘෂ්ඨියකට වැටුනේ නැහැ. ඔය සිංහල අවුරුද්දෙ කෙරුනෙ අස්වනු නෙළුවට පස්සේ.. ඒ ඒ කොටස දිය යුත්තන්ට (පන්සල, දෙවියන්, නෑදෑයෝ, දුගී මගී යාචක ආදි) දීලා තමන්ගෙ කොටස සතුටින් භුක්ති විඳින කාලයක්.

අනික ඔය පෙර සිරිත් විරිත් මිත්‍යා දෘෂ්ඨි කියනව නම්, ඊට වැඩිය මෝඩ කමක් මම දැකලා නැහැ. බුදුපියාණන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨි දහයයි දේශණා කලේ.. (මජ්ජිම නිකාය - සන්දක සූත්‍රය - 310 පිට [තවත් බොහො තැන් ත්‍රිපිටකයෙ තියෙනවා එකක් විතරයි පෙන්නුවෙ] )

1. දානය දීමෙන් ඵලයක් නැහැ
2. පූජා ආදියෙන් විපාක නැත
3. පඩුරු කොට දුන් දෙයින් ඵල නැහැ
4. පිං පව් වල විපාක නැත
5. මෙලොවක් නැත (පරලොව සිටින අයට)
6. පරලොවක් නැත (මෙලොව සිටින අයට)
7. මව කියා විශේෂ කෙනෙක් නැත
8. පියා කියා විශේෂ කෙනෙක් නැත
9. ඕපපාතිකව ඉපදෙන සත්වයෝ නැත
10. මෙලොව සුගතිගාමි වු ශ්‍රමණ බමුණන් නැත

මේවා තමයි නියත මිත්‍යා දෘෂ්ඨි, නියතයෙන්ම අපාගත වෙන මිත්‍යා දෘෂ්ඨි.
 
  • Like
Reactions: smallvilleclerk50
:Dටිකක් විතර අන්තගාමී අදහස්බව නං පේනවා.ඒ වුනාට හිතන්න යමක් නැත්තෙම නෑ.මම දකින විදිහට අපේ අය අනවබෝධයෙන් අන්ධානුකරණය පැත්තට බර වැඩි.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් ලද සංස්කෘතික උරුමයන් බව ය​. ඊටත් වඩා මුලාවක් නැත​. වැඩිහිටියන්ට ගරු කිරීම​​, නෑ ගම් යාම​, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත​. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය​. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය​. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහුබූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය​. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලෙසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්‍යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.

බුදු දහමේ ඒකායන අරමුණ සියළු කෙලෙසුන් ප්‍රහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙකේ පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය​. බුදු දහමෙහි මූලිකම වන්නේ සෝතාපත්ති ඵලය යි. එනම් මිථ්‍යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසරේ ආරක්‍ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්‍ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්‍යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහමෙහි හැසිරෙන ප්‍රඥාවන්තයින් හට පමණක් ඇතිවන අවබෝධයකි.

කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය​. ඔහු අඳුරේම ඉපිද​, අඳුරේම ජීවත්ව​, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තයෙ කි.

ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනිය​. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය​. දියඹ තව බොහෝ දුරය​.

නියමයි එලුවා නියමයි. ඔය තියන්නෙ අලුත් අව් රුදට අලුත් වෙන්න දෙවල්:D. හෑබෑයි . කටියට තෙරේයිද කියන එක තමයි ප්‍රශ්නෙ ? :no:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හොඳ ලිපියක්. මගේ අදහස් මෙහෙමයි.

මිත්‍යා දෘශ්ටිය සහ සංස්කෘතිය වෙන් කරන ඉර අඳින්නේ කොතනින්ද?

සිංහල සංස්කෘතිය යනු බුදු දහම සමගවත්, විජය රජු සමගවත් පැමිනියක් නොව අනාදිමත් කාලයක සිට පැවතගෙන එන සිරිත් විරිත් සමුදායකි. අරිසෙන් අහුබුදු ශූරීන්ට අනුව වසර තිස්දහසකට පෙර සිටි මහා සම්මත මනු රජුගේ රජාභිෂේකය සනිටුහන් කරමින් සිංහල අලුත් අවුරුද්ද නැමති උත්සවය ආරම්භ විය. එබැවින් ඇතම් සිරිත්, නැවත නැවතත් කරමින් අප කරනුයේ, අපේ ඉතිහාසය මතක් කර ගැනීමකි.

එබැවින් මිත්‍යා දෘශ්ටියක් වේවා හෝ නොවේවා යම් ක්‍රියාවක් අප කරනුයේ කුමන සිතුවිල්ලක් සිතේ රඳවාගෙනද යන්න සලකා බැලීම වටී. මන්ද යත් අවසනයේ වැඩගත් වන්නේ සිතුවිල්ල වන බැවිනි.

අපේ සන්ස්කෘතිය අප විසින් රැක ගත යුතුය. අවබොධයෙන් අප යමක් කරන්නේ නම් එහි ගැටලුවක් නොමැත.

සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල නොහැක. අපට සංස්කෘතිය ඉවත දැමීමද කල නොහැක. කල හැක්කේ අවබොධයෙන් ක්‍රියා කිරීම පමනි.

සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල නොහැක. අපට සංස්කෘතිය ඉවත දැමීමද කල නොහැක. කල හැක්කේ අවබොධයෙන් ක්‍රියා කිරීම පමනි.

පෑහෑදිලි ලෙසම සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල හෑක.
ඔබ අවබොදය අති උනෙනම් සංස්කෘතිය, අපෙ කම ජාතිය වෑනි හෑගිම් අති වන්නෙද එවාට වහල් වන්නෙද නෑත. මන්ද එ සියල්ලම මමත්වය නිසා හටගන්නා බවින්.

අවබොදය අතිවු කල්හි මමත්වය නතිවෙ. සියල්ල අනිත්ය බව වෑටහෙ :D
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හ්ම්ම්....:nerd::nerd::nerd:
ලේටස්ට් වර්ශන් එක ඔන්ද වේ වගේ...:nerd::nerd::nerd::nerd::nerd::P:lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපි බෞද්දයො කියලා බුදුදහමට අදාල නෑ කියලා අපේ සියලුම අනෙක් සංස්කෘතිකාංග අත් හරින්න ගියොත් අපිත් අර ජිහාඩ් කාරයෝ වගේ වෙනවා. සිංහල අවුරුද්ද අපේ ජාතික උත්සවයක්. හැම සිංහලයෙක්ටම ඒක සමරන්න පුලුවන්. ආගමික උත්සවයි, ජාතික උත්සවයි පටලව ගන්න එපා. (මතක තියාගන්න සියලුම සිංහල අය බෞද්ධයන් නොවේ)

අපි මේ නැකැත් සාස්තරේ පැත්තකින් තියමුකෝ. හිතලා බලන්න අලුත් අවුරුද්දේ හොද පැත්ත
1. දුරක ඉන්න ලමයි, පිටරට ඉගෙන ගන්න ලමයි, වැඩ කරන දෙමව්පියෝ ලංකාවට ඇවිත් එකට එකතු වෙනවා. අම්ම/තාත්තා නැකතට දරුවන්ට කිරිබත් කවනවා. බුලත් දීලා දෙමව්පියන්ට වදිනවා. මේක දෙමාපිය-දූ දරු සහ සම්බන්ධතා වඩාත් තර කරන්න හේතු වෙන්නේ නැත්ද?

2. එලුවා පෝලිමේ ඉදන් ඇදුම් ගන්න කතාවක් කිව්වා නේ. ඔයා දැකල නැතුව ඇති ඒ ගන්න කට්ටිය ඇදුම් ගන්නේ තමන්ට විතරද?? අම්මට, තාත්තට, නැන්දට, මාමට, ගෙදර වැඩ කරන කෙනාට සරමක්, පුතාලට, දුවලට ඇදුම් ඔන්න ඔහොම ගොඩාක් දෙනාට ගන්නවා. මම අහලා තියෙනවා, දැකලා තියෙනවා සමහර අය රෙදි කඩවලදි කියනවා, " මට ඇදුමක් ගන්න වුනේ නෑ, ඒත් කමක් නෑ මම දෙන්න ඕන හැමෝටම තෑගි ගත්තා කියලා" ඔන්න සිංහල අලුත් අවුරුද්ද යුතුකම් ඉටු කිරීම , කලගුණ සැලකීම එක්ක සම්බන්ධ වෙන විදිය

3. නගරේ ඉන්න අය දරු පවුල් එක්ක තමන්ගේ අම්මලා බලන්න ගමට යනවා. පිටරට ඉන්න පවුල් ලංකාවේ නෑයෝ බලන්න නෑ ගම් එනවා. හැමෝම දන්න විදියට අද තියෙන අවිවේකි ජීවන රටාවත් එක්ක නෑදෑ සබදතා පවත්වාගන්නවත් වෙලාවක් නෑ නේ. අවංකව කතා කරනවා නම් මට මගේ ආත්තම්මලා බලන්න යන්න වෙන්නේ අලුත් අවුරුද්දට විතරයි. එයාලා අවුරුද්දටවත් මම එනකන් මග බලාගෙන ඉන්නවා. අවුරුද්ද කැන්සල් කරලා ඒ මිනිස්සුන්ගේ සතුට නැතිකරන එක මොන කුහක වැඩක් ද??:oo::oo:

4. එලුවාඅ වැරදිලාවත් අහලා තියෙනවද අලුත් අවුරුද්දට තරහ කාරයෝ යාලු වෙනවා කියන එක?? අහල නැත්නම් දැන ගන්න, එහෙම දෙයක් වෙනවා. වඅවුරුද්ද පුරා නයි වයිරෙන් ඉන්න බුවාලා අලුත් අවුරුද්දෙ එකිනෙකාගෙ ගෙවල්වලට ගිහින් සමාව අරගෙන-සමාව දීලා සාමදාන වෙනවා

5. ඒ විතරක් ද? ගමේම සුහදතාවය දියුණු කරගන්න පවත්වන අවුරුදු උත්සව, වෙලාවට වැඩක් කරන්න උගන්වන නැකැත්???:baffled:

හිතලා බලන්න කොච්චර වටිනා ජාතික උත්සවයක් ද ඔයාලා අහෝසි කරන්න කතා කරන්නේ:baffled::baffled::baffled:
ආයෙ මීට වඩා හොදට කියන්න ඕනද?
 
Jan 24, 2009
3,532
130
0
සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල නොහැක. අපට සංස්කෘතිය ඉවත දැමීමද කල නොහැක. කල හැක්කේ අවබොධයෙන් ක්‍රියා කිරීම පමනි.
පෑහෑදිලි ලෙසම සංස්කෘතිය සහ මිත්‍යාදෘෂ්ටිය අතර වෙන් කිරීමක් කල හෑක.
ඔබ අවබොදය අති උනෙනම් සංස්කෘතිය, අපෙ කම ජාතිය වෑනි හෑගිම් අති වන්නෙද එවාට වහල් වන්නෙද නෑත. මන්ද එ සියල්ලම මමත්වය නිසා හටගන්නා බවින්.

අවබොදය අතිවු කල්හි මමත්වය නතිවෙ. සියල්ල අනිත්ය බව වෑටහෙ :D

අප තවම නිවන් මගට නොපිලිපන් බැවින් සංස්කෘතිකාංග පවත්වාගෙන යෑමේ වරදක් මට නොපෙනේ.:rolleyes::rolleyes:
 
Jan 24, 2009
3,532
130
0
හ්ම්ම්....:nerd::nerd::nerd:
ලේටස්ට් වර්ශන් එක ඔන්ද වේ වගේ...:nerd::nerd::nerd::nerd::nerd::P:lol:

තමන්ට අදාල නොවන දේ ගැන කතා කරන්න ඇවිත් රිලා ගති පෙන්නන්න එපා:no::no::no:
 
suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    මචන්,කතාව ඇත්ත වුනත් ඔහොම කියන එක එච්චර සාධාරන නැහැ නේද???අවුරුදු චාරිත්‍ර ඒ විදිහට කරන එකෙන් මිනිස්සුන්ට පොඩි නැවුම් ගතියක් සහ සතුටක් ඇති වෙනවා නේද????:oo:..anyway,good post machan....:):)
     
    Similar threads