සිංහලයා ගෙට වෙලා!
ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත. නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත්‍ර-වාරිත්‍ර නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇඳෙන් බහින, නාන, කන, බොන, වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත් නැති, විටෙක නීච වන, තවත් විටෙක කිපෙන නව ග්‍රහයෝ ය. ඇගේ සියළු දෛනික කටයුතු කොට උඩ ය……. ඒ ගෙට වූ දැරිවිය යි. සාමාන්‍ය තත්ත්ව යටතේ දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාර්ෂිකව 'ගෙට වෙති'. රටේ සියළු ආයතන වල සේවකයෝ නිවාඩු යති. බැංකු, කාර්යාල, ව්‍යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති. නොබොති. නොනාති. ජාතියම ගෙට වෙති. සූර්යයාගේ දෙක මාරු වනතුරු බලා සිටිති. අනේ අනිච්ඡං....!
වසරක් පුරාවටම සාගින්නෙන් සිටියවුන් මෙන් කෑම බීම රැස් කරති. බුදින්නට නැකත එනතුරු මඟ බලති. වසර පුරාවටම නිරුවතින් සිටියවුන් මෙන් ඇඳුම් ගන්නට පෝළිං ගානේ ය. නොකා නොබී සිටි මේ නිරුවත් ගඳ ගසන ජාතිය නාන්නේ ද නැත. ඊට ද නැකත එනතුරු මුවඅයා බලා සිටිති. නානු ගා නාන්න සෙට්වෙන මොවුන්ගේ හිසට කොහොඹ කොළය. පයට නිදිකුම්බාය. කොහොඹ හා නිදිකුම්බා වෙනුවට කහඹිලියා හා පතොක් භාවිතයෙන් නැකත මහත් ඵල මහානිසංස වනු ඇත. සැමදා පායන හඳ දකින්නට ද මේ බත් බුදින වෘෂභයින්ට නැකතක් ඇත. සියල්ල අහවර වී රැකී රක්ෂා බලා යන්නේද ග්‍රහයා කියන පරිදි ය. ජොබ් එක ගහලා ගිය ද ග්‍රහයාට එරෙහි විය නොහැක.
පිඹුරුපත් සැකසෙමින් පවතින්නේ ආසියාවේ ආශ්චර්යය බවට පත් වීමට ය. ඊට කළින් මේ ජාතිය වනසන මිථ්‍යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට brain wash එකක් වුවමනාය. නැතහොත් සියළු ආශ්චර්යයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම නොවැළක්විය හැකිය.
බුදුන් පහළ වූ දඹදිව මිථ්‍යා දෘෂ්ඨිකයින්ගේ මහ ගෙදරයි. එදා - අද මෙන්ම හෙටටත් එය එසේමය. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කොටගත් පරම සත්‍ය වූ ධර්මයන් දේශනා කරන විට වේදය සරණ ගිය බමුණු මත කරපින්නා ගත් සමාජය මුළුමනින්ම මේ උතුම් ධර්මයට එරෙහි විය. පිනැති බුද්ධිමතුන්ට පමණක් ගෝචර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධකරනට සමර්ථ වූයේ මහපොළොවෙන් බුදු නියසිළඟට ගත් පස් පිඬ හා සම වූ ඉතා අල්ප පිරිසකි. මහ පොළොව වන් සෙස්සෝ නිරය හරහා වැටුනු සසරටම වන් හ. බුදු බණක් නෑසූ සමාජයක් තිසරණයෙහි පිහිටුවීම අති බැරෑරුම් කර්තව්‍යය කි. බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක් විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත වෙලාගෙන ය. සත්‍යට ඉඩක් නැත. 'සත්‍යය ජයගනී' යන්න ද දඹදිවින් පාත් වූ බමුණු මතයක් විනා බුදු දහමේ සඳහන් නොවන්නකි.
ලාංකිකයා සියවස් ගණනාවක් පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්ම වූයේ බුදු බණ නාමයෙන් වූ සම්පප්‍රලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද අධර්මවාදී බලවේග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහමේ නාමයෙන් පැවිදිව, මහා සඟරුවට පිදෙන උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්, විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්, යාග -හෝම කරති. වස් කවි කියති. ඒ මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ, නැකතේ ගුණ වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක ත්‍රිපිටකය පුරා අන්තර්ගත ය. මේ අධර්මවාදී චීවරධාරීන් හට උඩගෙඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අප්රමාදී වෙත්වා!!!

සිතන්නට දෙයක්..