තීරණය....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හ්ම්ම් දුක් විදින ආත්මයක හඩක් වගේ මට දැනුනේ...

ඒත් අක්කියෝ ජීවිතයෙන් පලා යනවට වඩා ජීවත් වෙන එකයි වටින්නේ...ප්‍රශ්න කියන දේවල් ජීවිත ගමනේදී කාටත් පොදුයි ඒ වගේම ඒවාට විසදුමක් තියනවා :yes:

තව තවත් ලස්සන නිර්මාණ කරන්න අක්කිට සුභ පැතුම්..! :D

හ්ම්ම්....බොහොම ස්තුතියි ඇන්ජි....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ගොඩ දවසකින් දැක්කේ...ලස්සනයි නිර්මානය..

ඒත් ජීවිතය අතහරින්න හිතුනට අත හරින්න නම් එපා...කොහොම හරි අරන් යන්න ඉස්සරහට...:):)

ඔව් සහෝ....ඒක ගොඩාක් අමාරු දෙයක්....උත්සාහ කරනවා
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ඇත්ත ජීවිතයේ වේදනා දැනෙද්දි.....මෙතැනින් මේ ජීවිතය ඉවරවෙනවනම් කොයිතරම් හොඳද කියලා හිතෙන අවස්ථා කොච්චර තියෙනවද....ඒත් ඉවසීමෙන් තම අරමුණට ලගා වුණාට පස්සෙ....දැනේවි ඒ වින්ද වේදනාවත් මිහිරක් ලෙසට.....:)

වේදනාබර හදවතක වේදනාත්මක තීරණයක්....සංවේදිව ලියලාතියෙනවා....
සුභ පැතුම් අක්කි තව තවත් නිර්මාණ කරන්නට.....!!!

මට නම් ගොඩක් අවස්ථාවල එහෙම දැනෙනවා නගෝ...
ස්තුතියි ඔයගේ අදහස් එක් කලාට.......
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ආ දුර කෙටියි
යායුතුය තව බොහෝ දුර
දිරිය ගෙන සිතට
පිය මැන සොයුරියේ

දිණුම් කණුව වෙත

ලස්සන වචන පෙල නංගී.

ස්තුතියි අයියේ......ගොඩාක්
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
රිදීමක් නැති වේදනාවක් නැති ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද??නිකන් ඔහේ ජීවත්වෙනවට ජීවත්වෙනවා...කිසිම වටිනාකමක් නෑ ඒ ජීවිතයේ...එහෙම නෙවෙයි දුක් විඳපු ජීවිත...ඒවයින් තමයි අලුත් ලෝකය ගොඩ නැඟෙන්නේ....

ලබපු පන්නරයෙන් ලෝකය ගොඩ නගන්න ඔබ වැනියවුන් ඇවැසිම මොහොතක අප ප්‍රශ්නවලින් පැන යාම නොකල යුතුය..එය මතුවට මීට වඩා හිත රිදවන වේදනාවක් වෙනවා නොඅනුමානය..


ඉතා හොඳ නිමිත්තක්...නිර්මානකරුවන්අතින් ලියැවෙන ජීවිත අත්දැකීම් අනිත් හදවත්ව්ලට බොහෝ විට වහා වේගයෙන් ඇතුල් වන්නේ එහි ඇති යථාර්තය අනිත් අයටත් පොදු සමීකරණයක් නිසාවෙනි..


ඔබට ජය.....

ඔව් රොන් අයියේ දන්නවා ඒක ගොඩාක්, ජීවිතයෙන් පලා යන එක නෙවේ එකම විසදුම කියලා...ඒත් සමහර අවස්තා එනවා එහෙම හිතෙන ,එහෙම හිතුන වෙලවක ඕක ලියවුනේ.......

ඒ වගේම ගොඩාක් පින් අයියට මාව දිරිමත් කරනවාට වැටෙන හැමවෙලාවෙම.....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
අතරමග නවතින්න නම් මෙච්චර දුර අවේ ඇයි..??

ලස්සනයි නංගි..

ඒකනම් ඇත්ත තමයි...ඒත් ඉතින් හිතෙනවනම් මොකද කරන්නේ....

ස්තුතියි අයියේ.......
 

viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    මේ කවි පෙළ දැක්කම වචනයක් ලියුන්න හිතුනේ මේක එච්චරටම අපි ගොඩාක් දෙනාගේ ජීවිත වලට සමීප නිසා. ඔයා කිව්වත් වගේ කොච්චර වෙහෙසකරද මේ ගමන.. කොය් තරම් වාරයක් අපි වැටිලා ඉවසගුන්න අමාරු තරම් වේදනාවට පත්වෙලා තියෙනවද. එත් අපේ සුළු සුළු හෝ ජයග්‍රහණ තමය අපිට මොහොතකට හරි හිනාවෙලා මේ ගමන දිගටම යුන්න දයිර්යය දෙන්නේ. ඒවගේම කලාතුරකින් සත්පුරුෂ මිනිස්සුන්ගෙන් ලැබෙන අතදීම්, දිරිගැන්වීම් එහෙමත් අපේ ගමනට යුම් සහනයක් වෙනවා නේද. එත් අපිට ඒවගේ පුත්ගලයින් මුණ ගැහෙනවා නම් අඩුය්.

    ඔබටත් ඔබ ලබන සෑම පුංචි හෝ ජයග්‍රහණයන්ගෙන් දිරිමත් වෙලා , මේ තුවාල නොසලකා දය්රමත්ව මේ ගමන යුන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සිතේ දුවන රිදුමක සැබෑ කතාවක් කිව්වොත් නිවැරදිද මන්දා......
    අපි ගොඩාක් වෙලාවට තැවෙනවා අපිට ලැබි දේ ගැන මෙන්ම නොලැබි දේ ගැනත්.....ඒත් අපි තැවෙන තරමක් තැවෙන්නේ අපිට අහිමි දේ ගැනමයි.ඒ ඇයි කියලා මාත් තවම උත්තරයක් හොයනව ඔය ප්‍රශ්ණයම මා තුලත් තබා ගනිමින්.....

    අද දක්වා අපි යම් දුරක් දිවිමඟ පසුකරන් ආවද, ඊ සමගම අපිත් එක්කම අත්දැකීම් කියන දේත් එකති වීම නොරහසක්....ඒ තුළින් අපිට කියාඩෙන පාඩම් ගොඩායි.....
    ප්‍රශ්ණ හමුවේ පැනලා යනව කියන එක නෙවෙයි ප්‍රශ්නයකට පිළිතුර වෙන්න ඌනා.ඒකට මුහුන දෙන එකයි.....අත්දෙකීමෙන් කියන්නේ මට අහිමි උන දෙවල් ගොඩායි සිත් තැවුල් නිසා....ඒවා නැවත් ලබා ගන්න බැරි බවත් මන් දන්නවා.ඒක නිස හොදම දේ, ඒ සිදුවුන සියල්ලම අත්ඩෙකීම් කරගෙන ඉදිරියට මුහුන දෙන එකමයි; ජීවිතයට පිටුපාන්නේ නැතිව
    හොදම දේ තමයි නව අරමුණක් ඇති කරගෙන ජීවිතය ඉදිරියටම ගෙන යන එක.......
    ජය කණුව අපිට පෙනි පෙනි සමහර විට නැති වෙලා යන්න පුලුවන් ඒත් අපි ඒ ගැන සැලෙන්නේ නැතිව ජය මාවත් හොයාගෙන යමු.........
    ජය නිසැකවම අපිට අත වනයි.....
    අනාගතයට සුභ මාවතක් විවර වෙන්න කියල පතනවා.......
    මේ නිර්මානය ගෙනහැර පෑවට තුති, මන්ද මින් අදහස් රැසක් හුවමාරු වන බව දන්න නිසා

    කසු සහෝ ගොඩාක් ස්තුතියි ඔයාගේ දීර්ඝ අදහස් සහ වටිනා උපදෙස් වලට.....

    ඇයි හැමවෙලාවෙම හිමිවන දේවල් වලට වඩා අහිමිවීම් වැඩි වෙන්නේ......බලාපොරොත්තු ,අරමුනු ගොඩනගා ගෙන එදිරියට යන්න උත්සාහ කරනකොටම....බලාපොරොත්තු හැම එකක්ම සුනුවිසුනු කරමින් හිත් වේදනා පෙරට එන්නේ.....ඒක තේරුම් ගන්න බෑ.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒකනම් ඇත්ත තමයි...ඒත් ඉතින් හිතෙනවනම් මොකද කරන්නේ....

    ස්තුතියි අයියේ.......

    අතරමග නවතින්න හිතෙන්නේ තමන්ගේ ගමනාන්තය ගැන ආරම්භයේදී නිවැරදි තක්සේරුවක් නොකිරීම. එහෙම සිද්ධ වෙන්නේ නිරවුල් මනසකින් ගමන ආරම්භ නොකිරීම නිසා. මනස නිරවුල් කරගන්න. වෙහෙස නැතිවෙයි. ඉදිරිය පැහැදිලිව පෙනෙනයි. හමුවෙන හැ බාධකයක්ම තරණය කල යුතු නෑ. සමහර ඒවා මගහැර යා හැකියි.
    :):):)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    නංගියා වැටි වැටී නැගිටින ඒක තමයි අපි කරන්න ඔ්නෙ. ජීවිතයෙන් පලා යන්න හදන ඒක නෙමෙයි. ඔයාගෙ නිර්මාන වල හරියට ජීවිතයට සම්බන්ධ දේවල් තියෙන නිසා කියවන්න අාසයි. ඒ හැම දෙයක්ම ජය ගෙන ඉදිරියටම යන්න ධෙර්්‍යය ශක්තිය ඔබට ලැබෙවා!
     
    Jul 24, 2008
    1,633
    33
    0
    මේ කවි පෙළ දැක්කම වචනයක් ලියුන්න හිතුනේ මේක එච්චරටම අපි ගොඩාක් දෙනාගේ ජීවිත වලට සමීප නිසා. ඔයා කිව්වත් වගේ කොච්චර වෙහෙසකරද මේ ගමන.. කොය් තරම් වාරයක් අපි වැටිලා ඉවසගුන්න අමාරු තරම් වේදනාවට පත්වෙලා තියෙනවද. එත් අපේ සුළු සුළු හෝ ජයග්‍රහණ තමය අපිට මොහොතකට හරි හිනාවෙලා මේ ගමන දිගටම යුන්න දයිර්යය දෙන්නේ. ඒවගේම කලාතුරකින් සත්පුරුෂ මිනිස්සුන්ගෙන් ලැබෙන අතදීම්, දිරිගැන්වීම් එහෙමත් අපේ ගමනට යුම් සහනයක් වෙනවා නේද. එත් අපිට ඒවගේ පුත්ගලයින් මුණ ගැහෙනවා නම් අඩුය්.

    ඔබටත් ඔබ ලබන සෑම පුංචි හෝ ජයග්‍රහණයන්ගෙන් දිරිමත් වෙලා , මේ තුවාල නොසලකා දය්රමත්ව මේ ගමන යුන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
    :):yes::yes::yes: Subapathum saho!! thawath nirmana karanna!!