THANK BRO MAMATH ME SINDUWA GATTHAගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළෙවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති
මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම
කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම
කන බොන කෑම තනියම වළදන්න එපා
අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා
අනුවන කමින් පව් සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
![]()
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සුනිල් එදිරිසිංහ
Gangata kapana Ini
Sunil Edirisinghe






