~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලෝනා මුනි රාජගේ

    නාට්‍යය - හේමමාලි
    ලෝනා මුනි රාජගේ

    ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී//

    මාගෙ හිසකේ ගර්භයෙහී//
    සඟවාගෙනා ආ සාදරෙන්
    මාගෙ හිසකේ ගර්භයෙහී
    සඟවාගෙන ආ සාදරෙන්//

    ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී//

    අත්ලට ස්වාමීගේ වඩවමී//
    දාඨාදා අප දියනා ගේ//
    අත්ලට ස්වාමීගේ වඩවමී
    දාඨාදා අප දියනා ගේ//

    ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එනමුත් නෑ සැනසෙන්නේ

    නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    එනමුත් නෑ සැනසෙන්නේ

    එනමූත් නෑ සැනසෙන්නේ.. සිත මාගේ දැවේ ගින්නේ
    එනමූත් නෑ සැනසෙන්නේ.. සිත මාගේ දැවේ ගින්නේ
    රජ සැප මට මන්ද..කෙලෙස මෙ උසුලම්ද//
    දියණිය ඇඳුරින්දූ රුව මාගේ සිතේ ඇන්දූ
    රුසරූ එසුර ලන්දූ දැඩි ආලෙ ලයේ රැන්දූ
    කෙලෙසින් ඈ හැරා යම්දෝ
    සරණේට කෙසේ ගම්දෝ
    කෙලෙසින් ඈ හැරා යම්දෝ
    සරණේට කෙසේ ගම්දෝ
    පියඳූරූ අනුදැන්මා හැකිවේද ලබාගැන්මා//
    දියණිය ඇඳුරින්දූ රුව මාගේ සිතේ ඇන්දූ
    රුසිරු එසුර ලන්දූ දැඩි ආලෙ ලයේ රැන්දූ

     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    එනමුත් නෑ සැනසෙන්නේ

    නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    එනමුත් නෑ සැනසෙන්නේ

    එනමූත් නෑ සැනසෙන්නේ.. සිත මාගේ දැවේ ගින්නේ
    එනමූත් නෑ සැනසෙන්නේ.. සිත මාගේ දැවේ ගින්නේ
    රජ සැප මට මන්ද..කෙලෙස මෙ උසුලම්ද//
    දියණිය ඇඳුරින්දූ රුව මාගේ සිතේ ඇන්දූ
    රුසරූ එසුර ලන්දූ දැඩි ආලෙ ලයේ රැන්දූ
    කෙලෙසින් ඈ හැරා යම්දෝ
    සරණේට කෙසේ ගම්දෝ
    කෙලෙසින් ඈ හැරා යම්දෝ
    සරණේට කෙසේ ගම්දෝ
    පියඳූරූ අනුදැන්මා හැකිවේද ලබාගැන්මා//
    දියණිය ඇඳුරින්දූ රුව මාගේ සිතේ ඇන්දූ
    රුසිරු එසුර ලන්දූ දැඩි ආලෙ ලයේ රැන්දූ


    ELA ELA SIS OHOMA YAMU
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ශ්‍රියා මනමත්වී

    නාට්‍යය - රාමායනය (නීතිඥ ජෝන් ද සිල්වා)
    ශ්‍රියා මනමත්වී
    ගායනය - වික්ටර් වික්‍රමගේ


    ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ//
    සනසාපන් මෙමාව කල් නෑර පින්සාර රන් ලන්ඳේ//
    ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ
    සිඹගන්ට තිගෙ මූණ දෙනවානම් බෝම පින් අත්වේ//
    මාගේ මනාපේ ප්‍රසීද්දේ මං කීවෙමි ලන්ඳේ//
    මං කීවෙමි ලන්ඳේ
    ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ
    පොඩි දන්ත මුතු සේම දිළිසේ කල්‍යාණ ලන්ඳාගේ//
    පෑවූ ආකාසේ චන්ද්‍රාසේ දිස්වේ වත තීගේ//
    දිස්වේ වත තීගේ
    ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ තියෙන්නෙ කන්තෝරුව

    නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
    මේ තියෙන්නෙ කන්තෝරුව
    ගායනය - සැන්ටින් ගුණවර්ධන සහ පිරිස


    මේ තියෙන්නෙ කන්තෝරුව
    වැඩ අරඹන කන්තෝරුව
    වැඩ නිමවන කන්තෝරුව
    මහ රැජිනගෙ කන්තෝරුව

    මේ තියෙන්නෙ කන්තෝරුව..

    ලොක්කන් එනවා ඇවිල්ල යනවා
    ආයෙත් එනවා ඇවිල්ල යනවා
    කන්තෝරුව නම් මෙහෙ නවතිනවා
    ලොක්කන් එනවා ඇවිල්ල යනවා
    ආයෙත් එනවා ඇවිල්ල යනවා
    කන්තෝරුව නම් මෙහෙ නවතිනවා

    මේක තමයි කන්තෝරුව
    මං ඉපදුනු කන්තෝරුව
    වයසට යන කන්තෝරුව
    පණ යන තුරු කන්තෝරුව
    මට විතරක් නැති මාරුව
    මේක තමයි කන්තෝරුව
    මෙතන තමයි කයිවාරුව
    මේක තමයි කන්තෝරුව

    උදේට එනවා හවසට යනවා
    ජනෙල් අරිනවා ජනෙල් වහනවා
    හවසට යනවා උදේට එනවා
    උදේට එනවා හවසට යනවා
    ජනෙල් අරිනවා ජනෙල් වහනවා
    හවසට යනවා උදේට එනවා

    මගෙ නම පුටුපාලයා
    මෙතන පියුම්කාරයා
    තරහ ගියොත් මාරයා
    මගෙ නම පුටුපාලයා

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජනේලයෙන් නිල් අහස

    නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
    ජනේලයෙන් නිල් අහස
    ගායනය - සුධාරක ජයසේන


    ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
    රෑ ආකාසේ තරු බබලන්නේ
    ජීවන සුළඟයි පිසගෙන එන්නේ
    කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

    ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
    ජීවිතයයි එහි රළ පෙරළන්නේ
    ජීවිතයයි ඉන් පිටත පෙනෙන්නේ
    කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

    ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
    ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
    ජීවිතයෙන් හද පුරවාගන්නේ
    කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

    ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
    ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
    හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
    ජනේලයෙන්මයි මා පැනයන්නේ

     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY


    නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
    මේ තියෙන්නෙ කන්තෝරුව
    ගායනය - සැන්ටින් ගුණවර්ධන සහ පිරිස

    මේ තියෙන්නෙ කන්තෝරුව
    වැඩ අරඹන කන්තෝරුව
    වැඩ නිමවන කන්තෝරුව
    මහ රැජිනගෙ කන්තෝරුව

    මේ තියෙන්නෙ කන්තෝරුව..

    ලොක්කන් එනවා ඇවිල්ල යනවා
    ආයෙත් එනවා ඇවිල්ල යනවා
    කන්තෝරුව නම් මෙහෙ නවතිනවා
    ලොක්කන් එනවා ඇවිල්ල යනවා
    ආයෙත් එනවා ඇවිල්ල යනවා
    කන්තෝරුව නම් මෙහෙ නවතිනවා

    මේක තමයි කන්තෝරුව
    මං ඉපදුනු කන්තෝරුව
    වයසට යන කන්තෝරුව
    පණ යන තුරු කන්තෝරුව
    මට විතරක් නැති මාරුව
    මේක තමයි කන්තෝරුව
    මෙතන තමයි කයිවාරුව
    මේක තමයි කන්තෝරුව

    උදේට එනවා හවසට යනවා
    ජනෙල් අරිනවා ජනෙල් වහනවා
    හවසට යනවා උදේට එනවා
    උදේට එනවා හවසට යනවා
    ජනෙල් අරිනවා ජනෙල් වහනවා
    හවසට යනවා උදේට එනවා

    මගෙ නම පුටුපාලයා
    මෙතන පියුම්කාරයා
    තරහ ගියොත් මාරයා
    මගෙ නම පුටුපාලයා




    නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
    ජනේලයෙන් නිල් අහස
    ගායනය - සුධාරක ජයසේන

    ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
    රෑ ආකාසේ තරු බබලන්නේ
    ජීවන සුළඟයි පිසගෙන එන්නේ
    කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

    ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
    ජීවිතයයි එහි රළ පෙරළන්නේ
    ජීවිතයයි ඉන් පිටත පෙනෙන්නේ
    කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

    ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
    ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
    ජීවිතයෙන් හද පුරවාගන්නේ
    කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

    ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
    ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
    හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
    ජනේලයෙන්මයි මා පැනයන්නේ

    Me geetha 2 mamath gaththa. Soyuriya obata stuthiyi.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    යුධ භටය යන යුධයට

    නාට්‍යය - හුනු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
    යුධ භටය යන යුධයට
    ගායනය - මානෙල් ජයසේන


    යුධ භටය යන යුධයට
    ඉඳින්නෙමි මම ඔබ එනතුරා
    යනුව නොපැකිල සටනට
    ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
    නොඑන මුත් සැම දෙන මිදී
    ඉඳින්නෙමි මම ඔබ එන තුරා
    ඇහැල ගස මල් පල දරන විට
    ඇහැල ගස යලි කොල සලන විට
    සීත සමයේ හිම වැටෙන විට
    වසන්තේ මල් කෙමි ඇරෙන විට
    යන යුධට හැම අයම එන තුරු
    ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
    යෙහෙන් ගොස් යලි .. යහතින්
    මග නොමග දෙව් සරණ ලබමින්

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මුහුදු පතුල යට ඉඳලා

    නා‍ට්‍ය‍ය‍ - මූදු පුත්තු
    මුහුදු පතුල යට ඉඳලා
    (සෝමලතා සුබසිංහ)


    මූදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පාකරලා
    මගෙ දෝතට පුතු ආවා//

    මූදු පතුල යට ඉඳලා..

    සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
    සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

    මූදු පතුල යට ඉඳලා..

    වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
    තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
    ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
    ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
    පුතුගෙ ඉණේ පළඳනවා///


    Thanx A lot for this Song
    :yes::yes:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    me dawaswala wesak nattayakata sindu hoyahoya hitiye...............wessanthra jathakaye thawa songs thiyenawanam danna....plz.

    me thread eka hugak watinawa okkotama thanx.rep +
     

    SLSUN

    Member
    ඉතාම හොද වැඩක් අගයල ඉවරයක් කරන්න බෑ මම කාලයක් හොය හොය හිටපු සින්දු ගොඩක් තියනව එල එල එල එල එල එල :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):) රෙප් +++++++