ලිංගික_සබඳතා_අනාරක්ෂිතව_එපා
ගොනෝරියා සහ ක්ලැමීඩියා
වර්තමානයේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනවලදී මෙම රෝග දෙකට ගොදුරුවූවන් බොහොමයක් හමුවෙනවා.
අපි පළමුව ගොනෝරියා රෝගය පිළිබඳව තොරතුරු සොයා බලමු. ගොනෝරියා (Gonorrhoea) යනු මෙම රෝගය ඉංග්‍රීසි බසින් හඳුන්වන නම. මෙය සිංහලෙන් හඳුන්වන්නේ ‘සුදුබිංදුම’ නමින්. මෙහි රෝග කාරකය බැක්ටීරියාවක්. ඒ Neisseria Gonorrhoea නම් බැක්ටීරියාව.
මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් අයකුට යන ප්‍රධානම ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයනුයි.
එමෙන්ම මෙම රෝගයෙන් පෙළෙන මවක් දරුවකු බිහි කරන විට එම දරුවාට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අලුත උපදින දරුවාගේ ඇස් මෙහිදී ආසාදනයට ලක්වෙනවා. ඒ ගොනෝරියා රෝගය බෝවන ප්‍රධානම ක්‍රම දෙක.
යමෙකුගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වී රෝග ලක්ෂණ පහළ වීමට ගතවන කාලය ‘බීජෞෂණ සමය’ ඉතා කෙටියි. එය පැය 24ක් වැනි සුළු කාලයක් විය හැකියි. එහෙත් ඉතා කලාතුරකින් ඇතැමෙකුට බීජෞෂණ සමය මාසයක් පමණ වන අවස්ථාද තිබෙනවා. බොහෝ විට දින දෙක තුනක් ගත වන විට රෝග ලක්ෂණ පහළ වෙනවා.