ලිංගික_සබඳතා_අනාරක්ෂිතව_එපා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලිංගික_සබඳතා_අනාරක්ෂිතව_එපා

    ගොනෝරියා සහ ක්ලැමීඩියා

    වර්තමානයේ ලිංගාශ්‍රිතව බෝවෙන රෝග සඳහා පැවැත්වෙන වෛද්‍ය සායනවලදී මෙම රෝග දෙකට ගොදුරුවූවන් බොහොමයක් හමුවෙනවා.
    අපි පළමුව ගොනෝරියා රෝගය පිළිබඳව තොරතුරු සොයා බලමු. ගොනෝරියා (Gonorrhoea) යනු මෙම රෝගය ඉංග්‍රීසි බසින් හඳුන්වන නම. මෙය සිංහලෙන් හඳුන්වන්නේ ‘සුදුබිංදුම’ නමින්. මෙහි රෝග කාරකය බැක්ටීරියාවක්. ඒ Neisseria Gonorrhoea නම් බැක්ටීරියාව.



    මෙම බැක්ටීරියාව කෙනෙකුගෙන් තවත් අයකුට යන ප්‍රධානම ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයනුයි.
    එමෙන්ම මෙම රෝගයෙන් පෙළෙන මවක් දරුවකු බිහි කරන විට එම දරුවාට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අලුත උපදින දරුවාගේ ඇස් මෙහිදී ආසාදනයට ලක්වෙනවා. ඒ ගොනෝරියා රෝගය බෝවන ප්‍රධානම ක්‍රම දෙක.
    යමෙකුගේ ශරීරයට මෙම බැක්ටීරියාව ඇතුළු වී රෝග ලක්ෂණ පහළ වීමට ගතවන කාලය ‘බීජෞෂණ සමය’ ඉතා කෙටියි. එය පැය 24ක් වැනි සුළු කාලයක් විය හැකියි. එහෙත් ඉතා කලාතුරකින් ඇතැමෙකුට බීජෞෂණ සමය මාසයක් පමණ වන අවස්ථාද තිබෙනවා. බොහෝ විට දින දෙක තුනක් ගත වන විට රෝග ලක්ෂණ පහළ වෙනවා.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහි රෝග ලක්ෂණ මොනවාද?

    මෙහි රෝග ලක්ෂණ මොනවාද?

    මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ ලිංගේන්ද්‍රියෙන් සැරව වැනි ඝන ශ්‍රාවයක් නිකුත් වීමයි. මෙම සැරව වැනි ශ්‍රාවය උකු කිරි (ටින් කළ කිරි) වැනි ස්වභාවයක් ගන්නවා. මෙම රෝගයට ගොදුරු වූ පුරුෂයකු ගේ ලිංගේන්ද්‍රිය මදක් තෙරපූ විට එම සැරව බිංදුවක් ආකාරයෙන් එළියට එනු දැකගත හැකියි. එනිසයි මෙම රෝගය ‘සුදු බිංදුම’ ලෙස හඳුන්වන්නේ පුරුෂයකුගේ නම් මෙම රෝගය ඉහත දැක්වූ ආකාරයෙන් හඳුනාගත හැකියි.
    එහෙත් මෙම රෝගය කාන්තාවකගේ හඳුනාගැනීම පහසුවන්නේ නෑ. බොහෝවිට මුල් අවස්ථාවේදී කාන්තාවක් තුළ මෙම බැක්ටීරියාව තිබෙන්නේ ගර්භාෂ ගෙලේ. (ගැබ්ගෙල). ගර්භාෂය ශරීර අභ්‍යන්තරයේ තිබෙන ඉන්ද්‍රියයක්.
    රෝගය වැළඳුණු පුරුෂයකුගේ ලිංගේන්ද්‍රියෙන් සුදු පැහැති ශ්‍රාවය බිංදු ලෙසින් පිටතට පැමිණියත් කාන්තාවන්ගේ එම ශ්‍රාවය පහසුවෙන් එළියට දිස් වන්නේ නෑ.
    මෙම සැරව ශ්‍රාවය පිටවනවාට අමතරව තවත් රෝග ලක්ෂණ ගණනාවක්ම මෙහිදී පෙන්නුම් කරනවා. නිතර ඇතිවන මුත්‍රා දැවිල්ල, ලිංගේන්ද්‍රිය අවට රතුපැහැවීම සහ වේදනාවක් ඇතිවීම අනෙකුත් රෝග ලක්ෂණයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහිදී ඇතිවන සංකූලතා මොනවාද?

    මෙහිදී ඇතිවන සංකූලතා මොනවාද?


    ඉහතින් දැක්වූ රෝග ලක්ෂණවලින් රෝගය හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළහොත් ගොනෝරියා විෂබීජය ශරීරයේ ඉහළ අවයවයන්ට ගමන් කළ හැකියි. පුරුෂයකුගේ නම්, ඔහුගේ ලිංගේන්ද්‍රියේ විවිධ කොටස්වලට මෙම ආසාදනය පැතිරී යා හැකියි.
    වෘෂණකෝෂවල යම් යම් කොටස්, පුරස්ථි ග්‍රන්ථියේ කොටස් ඉතා පහසුවෙන් මෙහිදී ආසාදනයට ලක්වෙනවා. ශරීරය පුරා මෙම විෂබීජය පැතිරීම නිසා ශරීරයේ විවිධ ස්ථානවල සමේ, සැරව බිබිලි මතුවෙනවා. එමෙන්ම ශරීරයේ සන්ධිවල, හෘදයේ, මොළයේ විවිධ කොටස් ආබාධයට ලක්වෙනවා.
    කාන්තාවන් පිළිබඳව සැලකීමේදී ඉහතින් දැක්වූ පුරුෂයින්ට ඇතිවන සියලුම සංකූලතා ඇතිවෙනවා. ඊට අමතරව ගොනෝරියා බැක්ටීරියාව කාන්තාවන්ගේ උකුල අභ්‍යන්තරයේ පිහිටි ගර්භාෂය, පැලෝපීයනාල වැනි ඉන්ද්‍රියයන් ආසාදනයට ලක්වෙනවා.
    පැලෝපීය නාලවලට ගොනෝරියා බැක්ටීරියාව ඇතුළුවීමෙන් එම නාලවල සැරව ගෙඩි ඇතිවිය හැකියි. එහිදී පැලෝපීය නාල අවහිර වෙනවා. එය කාන්තාවන්ගේ සරුභාවය අඩුවීමට හේතුවක්.
    එමෙන්ම කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව ප්‍රදේශයේ පිහිටි බාතොලින් ග්‍රන්ථිය (Bartholin gland) ආසාදනයට ලක්වීම නිසා එහි සැරව ගෙඩි ඇතිවෙනවා. ගර්භණී මවකට මෙම රෝගය වැළඳී ඇත්නම් ඇයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඇයට උපදින දරුවාට මෙම රෝගය වැළඳීමට ඇති හැකියාව වැඩියි. විශේෂයෙන්ම ඇස්වලට හානි වෙනවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ලැමීඩියා රෝගයත් ගොනෝරියා රෝගයට සමානද?

    ක්ලැමීඩියා රෝගයත් ගොනෝරියා රෝගයට සමානද?


    මෙය ක්ලැමීඩියා ට්‍රැකොමාටිස් (Chlamydiea Trachomatis) නම් බැක්ටීරියාව මඟින් ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්. දැන් මෙය ඉතාම සුලභ රෝගයක්. මෙම රෝගය බෝවන්නේත් මූලික වශයෙන්ම අනාරක්ෂිත ලිංගික සබඳතාවන් නිසයි.
    මෙම රෝගයේ බැක්ටීරියාව ශරීරගතවී රෝග ලක්ෂණ පහළ වීමට සතියක් හෝ දෙකක් පමණ ගතවෙනවා. මෙයත් බොහෝ දුරට ගොනෝරියා රෝගයට සමාන රෝගයක්.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම රෝගයේ ලක්ෂණ?

    මෙම රෝගයේ ලක්ෂණ?

    ක්ලැමීඩියා රෝගයේ රෝග ලක්ෂණ ගොනෝරියා රෝගයේ රෝග ලක්ෂණවලට බොහෝසෙයින් සමානයි. එකම වෙනස වන්නේ ක්ලැමීඩියා රෝගයේදී ලිංගේන්ද්‍රියෙන් පිටවන ශ්‍රාවය ගොනෝරියා රෝගයේදී මෙන් උකු ශ්‍රාවයක් නොවීමයි.
    ගොනෝරියා රෝගයේ රෝග ලක්ෂණ වන ලිංගික ප්‍රදේශවල දැවිල්ලක් ඇතිවීම, වේදනාවක් ඇතිවීම, කැසීමක් ඇතිවීම වැනි රෝග ලක්ෂණ මෙහිදී ද පෙන්නුම් කෙරෙනවා.
    මෙහිදී පිරිමියකුගේ වුවත් ලිංගේන්ද්‍රියෙන් පිටවන ශ්‍රාවය ඝණත්වයෙන් අඩු නිසා මෙය රෝග ලක්ෂණයකැයි බොහෝ දෙනෙක් නොසලකා සිටින අවස්ථා ද තිබෙනවා. ගොනෝරියා රෝගයේදී මෙන් කාන්තාවකගේ මෙම රෝගය ඇතිවන්නේ ගැබ් ගෙලෙහි නිසා රෝගය හඳුනාගැනීම ඉතාම අපහසුයි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ලැමීඩියා රෝගයේ සංකූලතා මොනවාද?

    ක්ලැමීඩියා රෝගයේ සංකූලතා මොනවාද?

    මෙහිදී පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම වෘෂණ කෝෂවල ඇතිවන ආසාදනයන් මෙන්ම අක්මාව වටා ඇතිවන ආසාදන තත්ත්ව (Pery Hepatitis) ඇස්වල ඇතිවන ආබාධ, මුත්‍ර මාර්ගයේ කෙළවර ඇතිවන ආබාධ වැනි සංකූලතා පෙන්නුම් කෙරෙනවා. ඊට අමතරව කාන්තාවන්ගේ ගර්භාෂය පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ අශ්‍රිතව විවිධ ආබාධ ඇතිවෙනවා.
    විශේෂයෙන්ම පැලෝපීය නාලවලට මෙම විෂබීජය පැතිරීම නිසා ඒවා අර්ධ වශයෙන් වැසීමේ හේතුවෙන් පැලෝපීය නාල අභ්‍යන්තරයේ පිළිසිඳ ගැනීම් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.
    කාන්තාවන්ගේ සරු භාවය නැතිවීමට ද ක්ලැමීඩියා රෝගය හේතුවක් වෙනවා. ගර්භණී මවකට ක්ලැමීඩියා රෝගය වැළඳී ඇත්නම් ගොනෝරියා රෝගයේදී මෙන්ම දරුවා උපදින අවස්ථාවේදී දරුවාට රෝගය වැළඳීමේ හැකියාව තිබෙනවා.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම රෝග දෙක සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද?

    මෙම රෝග දෙක සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද?

    කිසියම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති විටකදී හෝ තමන්ගේ ලිංගේන්ද්‍රියෙන් අසාමාන්‍ය ආකාරයේ ශ්‍රාවයක් පිටවෙයි නම් හෝ ඔහු හෝ ඇය වහාම වෛද්‍යවරයකු හමුවීම වැදගත්.
    එසේ නොමැති නම් කෙළින්ම ජාතික රෝහලේ ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පැවැත්වෙන සායනවලට සහභාගී විය හැකියි. එහිදී සියලුම වෛද්‍ය පර්යේෂණ නොමිලේ කර ගත හැකියි. එහිදී රෝගියාගේ පෞද්ගලිකත්වය, අනන්‍යතාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා.
    මෙහිදී සදහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ මෙවැනි රෝග සඳහා වෛද්‍යවරයකු හමුනොවී හිතමිතුරකුගෙන් හෝ වෙනත් පුද්ගලයකුගෙන් ඖෂධ ලබාගෙන රහසේ ප්‍රතිකාර කරගැනීම ඉතා අනුවණ ක්‍රියාවක් බවයි.
    ඇතැමුන් මෙම රෝග වැළඳුණු වෙනත් අයකුගෙන් ඖෂධ පිළිබඳ තොරතුරු විමසා වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කරනවා. මෙහිදී ටික දිනකට රෝගය යටපත් වුවත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් රෝගයට ගොදුරු වෙනවා.
    ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් පමණක් ඖෂධ ලබාගැනීම වැදගත්. මෙම රෝග දෙක ඉතා පහසුවෙන් හඳුනාගෙන ඉතා පහසුවෙන් නිට්ටාවට සුව කිරීමේ හැකියාව තිබෙනවා. සතියක් ඇතුළත මෙම රෝග දෙකට ප්‍රතිකාර කොට සුවපත් කළ හැකියි.
    ඒ නිසා මෙම රෝග සඟවාගෙන නොසිටිය යුතුයි. මෙම රෝගවලට ප්‍රතිකාර කොට සුව කිරීමෙන් අනතුරුව රෝගියා සම්පූර්ණයෙන්ම රෝගයෙන් මිදී ඇතිදැයි සොයා බැලීමට පසු විපරමක් ද කෙරෙනවා.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම රෝගවලින් වැළකී සිටීමට නම්....?

    මෙම රෝගවලින් වැළකී සිටීමට නම්....?

    වඩාත් වැදගත් වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමු නොවීමයි. තරුණ වියේ සිටින අවිවාහකයින් හට විවාහ වන තෙක් තම ලිංගික හැසිරීම් පමා කළ හැකියි. ලිංගික හැසිරීම්වලට යොමුවන පුද්ගලයින් විශ්වාසවන්ත එක් සහකරුවකු ගේ හෝ සහකාරියකගේ ඇසුර පමණක් පැතිය යුතුයි. එසේත් නොමැතිව අනාරක්ෂිත ලිංගික හැසිරීමකට යොමුවන්නේ නම් පුරුෂයා නිවැරැදි ලෙස කොන්ඩමයක් භාවිත කළ යුතුයි.


    උපුටා ගත්තේ මෙවර
    ඉරිදා සිළුමිණ පුවත් පතෙන්

    අදහස් දක්වන්නේ කොළඹ ජාතික රෝහලේ
    ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ
    විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතායි.



    මේ ත්‍රෙඩ් එකෙන් ඔබත් යමක් දෑන ගත්තා යයී
    සිතනවානම්

    මේ ත්‍රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න.. :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලයට ගෑලපෙන ත්‍රේඩ් 1ක් :D
    :)
    ela ela mcn........... thanks 4 info
    :)
    thanks a lot, great post, learned a lot,
    :)
    grt work bro.........keep it up......:yes::yes::yes::yes::yes::yes:
    :)

    Good one machan Elaz..
    +Rep
    :)
    keep it up machan....
    this is wat we should doing here.....
    :)

    ස්තුතියි.. මේ ලිපිය බලලා වචනයකින් හරි මේ ත්‍රේඩ් එකට සාධාරණයක් ඉටු කලාට...