සාපේක්‍ෂතාවාදයේ මූලික සංකල්ප

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සාපේක්‍ෂතාවාදයේ මූලික සංකල්ප

    "මනුෂ්‍ය වර්ගයා වූ අප ගෙන් ස්‌වාධීන වූ පැවැත්මක්‌ ඇති දැවැන්ත වූ ලෝකයක්‌ (විශ්වයක්‌) අප වටා ඈතින් ඈතට පැතිරී තිබිණි. එය උත්කෘෂ්ඨ වූත් සදාකාලික වූත් ප්‍රහේළිකාවක්‌ මෙන් අප ඉදිරියේ පැවැති නමුත් අවම වශයෙන් තරමක්‌ දුරට හෝ එය සඟවාගෙන සිටි ගැඹුරු රහස්‌ අප ගේ ප්‍රඥාමය චින්තනාලෝකයට නිරාවරණය කිරීමට එය සූදානම් ව සිටියේ ය. මෙවන් උත්තරීතර වූත් අපූර්ව වූත් ලෝකයක්‌ පිළිබඳ අවලෝකනය නිදහස්‌ වීමක්‌ බඳු මානසික සැනසීමක්‌ අප වෙත කැඳවයි."

    ඇල්බට්‌ අයින්ස්‌ටයින්
    (ස්‌වයං චරිතාපදාන සටහන්)

    මහා විද්‍යාඥ ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ (1880-1955) සාපේක්‍ෂතාවාදය (Theory of Relativity) විද්‍යා ලෝකයේ බුද්ධිමය කැළඹීමක්‌ ඇති කරවමින් චින්තන විප්ලවයකට මඟපෑදු සුවිශිෂ්ට සිදුවීමක්‌ ලෙස ඉතිහාසයට එක්‌ වෙයි.

    එය එතෙක්‌ පැවැති නිව්ටෝනියානු සුසමාදර්ශය විස්‌ථාපනය කරමින් අයින්ස්‌ටයිනියානු සුසමාදර්ශය විද්‍යා ලෝකයට රැගෙන ආවේ ය. විශ්වීය දේවල් පිළිබඳව අප තුළ පෙර පැවැති සංකල්පවල පැහැදිලි වෙනසක්‌ ඇති කිරීමට එය සමත් විය. මේ ලිපිය සාපේක්‍ෂතාවාදයේ එන ප්‍රධාන සංකල්ප කිහිපයක්‌ කෙටියෙන් පැහැදිලි කර දීම සඳහා දරන ලද ප්‍රයත්නයකි.

    දිග, ප්‍රමාණය, කාලය, උඩ, යට, පිහිටීම වැනි බොහෝ සංකල්ප සාපේක්‍ෂ සංකල්ප බව විද්‍යඥයන් දැන සිටියේ අද ඊයේ නො වේ. සාපේක්‍ෂ සංකල්ප යන යෙදුමෙහි අරුත වන්නේ එවැනි ඕනෑම සංකල්පයක්‌ පිළිබඳ ප්‍රමාණාත්මක අදහසක්‌ ඇති කරගැනීම සඳහා හෝ එවැන්නක්‌ මැනීම සඳහා හෝ තවත් එවැනි ම සංකල්පයක්‌ ආධාර කරගත යුතු ය යන්නයි. උදාහරණයක්‌ ලෙස දිගක්‌ මැනිය හැක්‌කේ තවත් දිගක්‌ සමග සංසන්දනය කිරීමෙනි. කාලයක්‌ මැනිය හැක්‌කේ තවත් කාලයක්‌ සමග සංසන්දනය කිරීමෙනි. උඩ යන දිශාව අර්ථවත් වන්නේ යට යනුවෙන් වූ දිශාවක්‌ සඳහන් කර ඇත්තේ නම් පමණකි. අපට යම් පිහිටීමක්‌ ප්‍රකාශ කළ හැක්‌කේ තවත් යම් පිහිටීමක්‌ හෝ පිහිටීම් කීපයක්‌ හෝ ඇසුරෙන් නිර්මිත අක්‌ෂ පද්ධතියක්‌ හෝ රාමුවක්‌ හෝ ඇසුරෙන් හෝ පමණි. එනම් ඉහත සඳහන් කළ ආකාරයේ රාශියක්‌ මැනීම සඳහා සැම විට ම අදාළ වර්ගයේ ම "මිණුම් දණ්‌ඩක්‌" අවශ්‍ය වේ. (දිග, කාලය ස්‌කන්ධය ආදී රාශි මැනීම සඳහා වූ සම්මත "මිණුම් දඬු" සඳහා භෞතික විද්‍යා තොරතුරු පොත් බලන්න).

    චලිතය ද ඉහත සඳහන් කළ සාපේක්‍ෂ සංකල්ප වැනිම වූ තවත් එක්‌ සාපේක්‍ෂ සංකල්පයක්‌ බව විද්‍යාඥයෝ පෙර සිට ම හඳුනාගෙන සිටිය හ. එනම් යමක චලිතය නිර්ණය කිරීම සඳහා ද තවත් යමක චලිතය හෝ ශූන්‍ය චලිතය (නිසලතාව) ආධාර කරගැනීමට සිදු වේ. එනම් යම් රාමුවක්‌ ආධාර කර ගැනීමට සිදු වේ. උදාහරණයක්‌ ලෙස දුම්රියක ප්‍රවේගය පැයට කි.මි. 120කි යන්න ඌන, අසම්පූර්ණ අර්ථයකින් යුත් ප්‍රකාශයකි.

    ඒ, දුම්රියේ ප්‍රවේගය සඳහන් කර ඇත්තේ කවර රාමුවක චලිතයකට නැත හොත් නිසලතාවකට සාපේක්‍ෂව දැයි එහි සඳහන් කර නොමැති බැවිනි. දුම්රියේ චලිතය මනිනු ලැබ ඇත්තේ පොළොව, චලිත වෙමින් තිබෙන බයිසිකලයක්‌, චලිත වෙමින් තිබෙන මෝටර් රථයක්‌ නැත හොත් වෙනත් කවර හෝ නිර්දේශ රාමුවකට සාපේක්‍ෂව දැයි අදාළ ප්‍රකාශයේ සඳහන් කරන්නේ නම් පමණක්‌ එය අර්ථවක්‌ ප්‍රකාශයක්‌ බවට පත් වේ.

    චලිතය ගැන සඳහන් කිරීමේ දී එහි ආකාර දෙකක්‌ පවතින බව අප සැලකිල්ලට ගත යුතු ය. එනම් නියත වේගයකින් සරල රේඛාවක්‌ ඔස්‌සේ ඒකාකාරව සිදු වන චලිතය කෙටියෙන් ඒකාකාර චලිතය (Uniform motion) සහ ඒකාකාර ලෙස සිදු නො වන චලිතය (non Uniform motion) යනුවෙනි. යමක ත්වරණ චලිතය හෝ මන්දන චලිතය ඇතුළත් වන්නේ මේ දෙවනුව සඳහන් කළ චලිත ආකාරයට ය.

    යමක්‌ චලිතයක්‌ සිදු කරන බව නිර්ණය කිරීම සඳහා වෙනත් යමක්‌ එනම් භෞතික දෙයක්‌ හෝ භෞතික දේවල් ඇසුරින් කල්පිතව නිර්මිත බාහිර නිර්දේශ රාමුවක්‌ සහාය කරගැනීම සැම විට ම අත්‍යවශ්‍ය ම ද? එවැනි භෞතික බාහිර නිර්දේශ රාමුවක්‌ ආධාර නො කර ගනිමින් යම් රාමුවක්‌ තුළ සිට සිදු කරන කිසියම් පරීක්‍ෂණයන් මගින් එම රාමුව චලිතයක්‌ සිදු කරමින් සිටින බව නිර්ණය කළ නොහැකි ද? වෙනත් වචනවලින් කිව හොත් යමක චලිතය නිරපේක්‌ෂව නිර්ණය කළ නොහැකි ද? චලිතය වචනයේ පරිසමාප්ත අරුතින් ම සම්පූර්ණයෙන් සාපේක්‍ෂ වූ සංකල්පයක්‌ ද?

    දහ නව වැනි සියවසේ අග භාගයේ දී සහ විසි වැනි සියවසේ මුල දී විද්‍යා පර්යේෂණ තුළින් විද්‍යාඥයන් සතු කරගෙන තිබූ තොරතුරු දත්ත සලකා බැලීමේ දී ඉහත සඳහන් කළ අතිශය වැදගත් ප්‍රශ්න පැනනඟින බව විද්‍යාඥයන්ට පෙනී ගියේ ය.

    අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය බිහි වූයේ මේ සුවිශේෂී ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

    අපි පළමුව ඒකාකාර චලිතය හා සබැඳි උදාහරණයක්‌ ගනිමු. දිග සෘජු දුම්රිය මාර්ගයක ගැස්‌සීම්වලින් තොර ව ඒකාකාර චලිතයක යෙදෙමින් තිබෙන දුම්රියක වූ දොර කවුළු වසන ලද දුම්රියක මැදිරියක්‌ තුළ වූ විද්‍යාගාරයක ඔබ පසු වෙතැයි සිතන්න. දුම්රිය චලිතයක යෙදෙමින් තිබෙන බව ඔබ තහවුරු කිරීම සඳහා ඔබේ දුම්රිය මැදිරි විද්‍යාගාරය තුළ ඔබට කළ හැකි කිසියම් පරීක්‍ෂණයක්‌ තිබේ ද? මේ පැනයට පිළිතුරු දෙන මහා විද්‍යාඥ-ගණිතඥ නිව්ටන් කියා සිටියේ එම අවස්‌ථාවේ දී දුම්රිය චලිතය නිර්ණය කිරීම සඳහා වූ කිසිදු ආකාරයක යාන්ත්‍රික පරීක්‍ෂණයක්‌ නො පවතින බවයි. ඒකාකාර ලෙස චලිතයේ යෙදෙමින් තිබෙන එම දුම්රිය මැදිරිය තුළ ඔබ අත්විඳින්නේ එම දුම්රිය පොළොව මත නිශ්චල ව පවතින අවස්‌ථාවක ඔබට නිරීක්‍ෂණය කළ හැකි යාන්ත්‍රික සංසිද්ධීන් ම ය. ඔබේ දුම්රිය චලිතයක්‌ සිදු කරමින් පවතින බව ඔබට දැනගත හැකි එක ම ක්‍රමය වන්නේ එහි කවුළුවක්‌ විවෘත කර පිටත වූ වස්‌තුවක්‌ (උදා:-විදුලි පහන් කණුවක්‌) හා ඔබේ දුම්රිය අතර සාපේක්‍ෂ චලිතයක්‌ සිදු වන්නේ දැයි නිරීක්‍ෂණය කිරීම පමණි.

    එහෙත් විසි වැනි සියවස මුල දී පමණ වන විට විද්‍යාඥයන් ආලෝකය පිළිබඳව හා එහි හැසිරීම පිළිබඳව ද රැස්‌ කරගෙන තිබූ තොරතුරු අනුව ඉහත පැනවලින් විමසන කාරණය පිළිබඳව යළි සොයා බැලීමක්‌ සිදු කිරීම සඳහා වූ පෙලඹීමක්‌ ඔවුන් තුළ ඇති විය. ආලෝකය තරංග චලිතයක්‌ (Wave Motion) බවත් එය විද්යුත් චුම්බක තරංග වර්ණාවලිය නම් වූ තරංග මාලාවේ ම කොටසක්‌ බවත් මේ වන විට ඔවුහු දැන සිටිය හ.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    එපමණක්‌ නො ව ආලෝක තරංග හා ධ්වනි තරංගවල හැසිරීම පිළිබඳව වූ යම් යම් සමානතා ද ඔවුහු හඳුනාගෙන සිටිය හ. වෙඩි බෙහෙත්වල සැර අඩු වැඩි කිරීමෙන් නැත හොත් ලී කුඩු ගෝනියක්‌ තුළින් ගමන් කිරීමට සැලැස්‌වීමෙන් වැනි ක්‍රමයකින් වාතය තුළ වෙඩි උණ්‌ඩයක චලිත වේගය වෙනස්‌ කළ හැකි ය. එහෙත් යම් දී ඇති භෞතික තත්ත්ව යටතේ පවතින මාධ්‍යයක්‌ තුළ ධ්වනි තරංගයක්‌ ගමන් ගන්නා ප්‍රවේගය කිසියම් ක්‍රමයකින් වෙනස්‌ කළ නොහැකි අතර එය සැමවිට ම අදාළ මාධ්‍යය සඳහා වූ එක ම නියත අගයකි. ආලෝක තරංගවල හැසිරීමත් එවැනි ම ය. වීදුරු කුට්‌ටියක්‌ වැනි මාධ්‍යයක්‌ තුළ දී අඩු ප්‍රවේගයකින් ගමන් ගන්නා ආලෝකය නැවත අවකාශයට පිවිස නැවත තම සුපුරුදු ප්‍රවේගය වූ තත්පරයට කි.මි. 300,000 ප්‍රවේගයෙන් අවකාශය තුළ ගමන් ගනී.

    එනම් පොළොවට සාපේක්‍ෂව නිසලතාවේ පවතින ආලෝක ප්‍රභවයකින් නිකුත් වන අලෝකය අවකාශය තුළ සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන බවත් එම චලිත ප්‍රවේගය යම් ක්‍රමයකින් වෙනස්‌ කිරීමට නොහැකි බවත් පර්යේෂණ මඟින් විද්‍යාඥයෝ සොයා දැන සිටිය හ. එහෙත් පසුව සිදු කෙරුණු වෙනත් පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලට අනුව ඉහත කරුණට අමතර යමක්‌ එක්‌ කිරීමට විද්‍යාඥයන්ට සිදු විය. ඉතා නිරවද්‍ය වූ හා විශ්වාසදායක වූ ඒ විද්‍යා පර්යේෂණ මඟින් ලැබුණු ප්‍රතිඵලවලින් ප්‍රකාශ වූ විද්‍යාත්මක සත්‍යයක්‌ වූයේ ආලෝක ප්‍රභවයේ චලිතය පොළොවට සාපේක්‍ෂව කවරක්‌ වුව ද ආලෝකය සැම විට ම අවකාශය තුළ එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ගන්නා බවයි.

    ඉහත සඳහන් සියලු කරුණු සාධාරණීකරණය කරමින් ආලෝකය අවකාශය තුළ සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ගනී යන්න විද්‍යාඥයෝ විශ්වාස කළ හ. එහෙත් අසාමාන්‍ය ගැටලුවක්‌ ද මෙහි දී මතු විය. එනම් ආලෝකයට, ඉන්ද්‍රිය ගෝචර නො වූ හා කිසිදු විද්‍යා උපකරණයකට හසු නො වන හිස්‌ අවකාශය තුළින් ද ගමන් කිරීමට හැකි වීම ය. කිසිදු ද්‍රව්‍යමය මාධ්‍යයකින් තොර හිස්‌ අවකාශය තුළින් සිදු වන තරංග චලිතයක්‌ පිළිබඳව විද්‍යාඥයන්ට සිතාගත නොහැකි විය. උදාහරණයක්‌ ලෙස ජලය නොමැති ව ජල තරංග ගැන කථා කිරීමට හැකි ද? එබැවින් ඔවුහු හිස්‌ අවකාශය තුළ ආලෝක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යය වශයෙන් ක්‍රියා කරන කිසියම් අපූර්ව අදෘශ්‍යමාන මාධ්‍යයක්‌ ඇතැයි කල්පිත කළ හ. ඔවුහු එයට ඊතර් (Ether) යන නම පැවරූ හ.

    අදාළ වෙනත් භෞතික අවශ්‍යතා සපුරා ලන, වචනයේ පරිසමාප්ත අරුතින් ම අදෘශ්‍යමාන වූ එම ඊතර් මාධ්‍යය අචල වූත් නිරපේක්‍ෂ වූත් පැවැත්මක්‌ යයි ඔවුහු විශ්වාස කළ හ. අලෝකය ඊතර් මාධ්‍යය තුළ (එනම් අවකාශය තුළ) එයට සාපේක්‍ෂව සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන්නේ යෑයි විද්‍යාඥයෝ තවදුරටත් ප්‍රකාශ කළ හ.

    දැන් අප නැවතත් �වනිය දෙසට හැරෙමු. �වනි තරංගයක්‌ ගමන් කරමින් තිබෙන දිශාවට හෝ එයට ප්‍රතිවිරුද්ධ දිශාවට හෝ වාතයට සාපේක්‍ෂව චලනයක්‌ සිදු කරමින් තිබෙන රාමුවක සිට එම �වනි තරංගයේ ප්‍රවේගය මනිනු ලැබුව හොත් අපට ලැබෙන්නේ වාතය තුළ �වනි ප්‍රවේගයට වඩා වෙනස්‌ අගයකි. මෙය "සුළඟේ බලපෑම" යන රසවත් වචනවලින් විද්‍යාඥයෝ හඳුන්වති. වෙනස මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔබේ රාමුව හා �වනි තරංගය අතර සාපේක්‍ෂ චලිතයක්‌ සිදු වන බවයි.

    මේ අයුරින් ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් තිබෙන දොර කවුළු වැසූ දුම්රිය මැදිරියක්‌ තුළ දී දුම්රියට සමාන්තරව මැදිරිය තුළ ගමන් ගන්නා ආලෝක කිරණයක ප්‍රවේගය මැනීමට හැකි නම් අපට ලැබිය යුත්තේ අවකාශය තුළ ආලෝකයේ ප්‍රවේගයට වඩා වෙනස්‌ අගයක්‌ නො වේ ද? මන්ද ඒ අවස්‌ථාවේ දී අපේ දුම්රිය "ඊතර් සුළඟකට" හසු වී තිබෙන බැවිනි. මෙලෙස දුම්රිය මැදිරියක්‌ තුළ සිට මනින ලද ආලෝක කිරණයක ප්‍රවේගයට වෙනස්‌ අගයක්‌ ලැබීම මඟින් අපට එම දුම්රිය චලිතයක යෙදෙමින් තිබෙන බව මැදිරිය තුළ සිට ම එනම් නිරපේක්‌ෂව නිර්ණය කළ හැකි නො වේ ද? වෙනත් වචනවලින් කිව හොත් මින් පෙනී යන්නේ යම් රාමුවක ඒකාකාර ප්‍රවේගය වෙනත් රාමුවක්‌ හා සැසඳීමෙන් තොර ව නිරපේක්‌ෂව නිර්ණය කිරීමේ ඉඩකඩක්‌ පවතින බව නො වේ ද?
     
    • Like
    Reactions: gcloud

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වටිනාකම කියල නිම කරන්න බැරි ලිපියක් මචං :)
    බොහෝම ස්තූතියි :D
     
    • Like
    Reactions: aragon

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එල මචන් නියමයි. ගොඩක් වටිනව. දැන් ඊතර් කියන සන්කල්පය බැහැරකරලනේද තියෙන්නෙ?:):):)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එල මචන් නියමයි. ගොඩක් වටිනව. දැන් ඊතර් කියන සන්කල්පය බැහැරකරලනේද තියෙන්නෙ?:):):)

    ඔව්,ඒක ආදි කල්පිත දෙයක් :yes:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    එල මචන් නියමයි. ගොඩක් වටිනව. දැන් ඊතර් කියන සන්කල්පය බැහැරකරලනේද තියෙන්නෙ?:):):)


    Alokaye haseerim pahadili karanna eyala Ethar kiyala madyak thiyanawa kiyana de yodhagattha...ekath atthatama apple bima watuna nisa 'guruthwakarshanya' kiyana de yodagena pahadili kala wage ma thama...

    Mama hithanne quantum mechanics nisa ethar madya nathuwa alokaye hasireema okkoma wage pahadili karanna eyalata puluwan una..Enisa eethar ain kala. Eka thawa duratath ona une na..
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අහ්.. ඔව් ඔව්.. ඊතර් කියන සංකල්ය දැන් අයින් උනා නේ.. මට මතක විදියට ආලෝකයේ ඇතැම් විකිරණ ගුණ ඒකෙන් පැහැදිලි කරන්න බැරි උනා..:)
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බොහොම ස්තුතියි සහෝදරයා.... මේ වගේ දේවල් දිගටම ලියන්න.... ඔබතුමා එලකිරිය තුල බැබලේවි:):):)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Ow api digatama katha karagena yamu....

    Aluth lipi labunama damu...
    නියමයි සහෝ..ජය වේවා !!
    11.gif
    11.gif
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Alokaye haseerim pahadili karanna eyala Ethar kiyala madyak thiyanawa kiyana de yodhagattha...ekath atthatama apple bima watuna nisa 'guruthwakarshanya' kiyana de yodagena pahadili kala wage ma thama...

    Mama hithanne quantum mechanics nisa ethar madya nathuwa alokaye hasireema okkoma wage pahadili karanna eyalata puluwan una..Enisa eethar ain kala. Eka thawa duratath ona une na..

    මට අවුරුද්දනම් මතක නෑ. පෘතුවිය 29720 m/s වගේ වේගෙකින් තමයි සූර්යා වටේ යන්නෙ ඇල්බට් මයිකල්සන් කියන scientist ආලෝක කිරනයක් පෘතුවිය යන දිශාවටයි ඊට විරුද්ද දිශාවටයි, සමාන දුරවල්වලින් තියෙන අනාවරක 2කට යවල බැලුව ආලෝකයේ වේගය පරීක්ශා කරන්න. සාමාන්‍ය්යෙන් බලාපොරොත්තු වුන විදිහට පෘතුවිය යන දිශාවට විරුද්ද දිශාවට තියෙන අනාවරකයට ආලෝක කිරනය ඉක්මනින් ලගාවුනේ නෑ. දෙපැත්තටම යන්ඩ එකම කාලයක් තමයි ගත්තෙ. මේකෙන් තමයි ආලෝකයේ වේගය ඕනම රාමුවකට සාපේක්ශව නියතයක් කියල මුලින්ම ඔප්පු කරේ.ඕකෙන් පස්සෙ තමයි මම දන්න විදිහට ඊතර් අවකාශය ප්‍රතික්ශෙපවුනේ.:):)

    මෙහෙමත් කතාවක් තියෙනව මේ පරීක්ශනේ කරේ අයින්ස්ටයින් තියරි එක එදිරිපත් කරන්න කලිනුයි ඒකනිසා අයින්ස්ටයින් මේ ප්‍රතිපලය දැනගෙන ඊටපස්සෙ මේකට අනුව තියරි එක හොරගෙඩියවගේ ඉදිරිපත්කරා කියලත් කියනව :Pමොකද විශේශ සාපේක්ශතාවාදයේ ඔප්පුකිරීම තනිකරම පදනම් වෙලාතියෙන්නෙ ආලෝකයේ වේගය ඕනම රාමුවකට සාපේක්ශව නියතයක් කියල අරගනයි. එහෙම ගත්තහම ඔප්පුකිරීමත් හරි සරලයි. ඔඅයගොල්ලොත් දැකල ඇතිනෙ සෘජුකෝනික ත්‍රිකෝනයක් එහෙම ඇදලනෙ කරන්නෙත්.:):):)
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අහ්.. ඔව් ඔව්.. ඊතර් කියන සංකල්ය දැන් අයින් උනා නේ.. මට මතක විදියට ආලෝකයේ ඇතැම් විකිරණ ගුණ ඒකෙන් පැහැදිලි කරන්න බැරි උනා..:)

    මට අවුරුද්දනම් මතක නෑ. පෘතුවිය 29720 m/s වගේ වේගෙකින් තමයි සූර්යා වටේ යන්නෙ ඇල්බට් මයිකල්සන් කියන scientist ආලෝක කිරනයක් පෘතුවිය යන දිශාවටයි ඊට විරුද්ද දිශාවටයි, සමාන දුරවල්වලින් තියෙන අනාවරක 2කට යවල බැලුව ආලෝකයේ වේගය පරීක්ශා කරන්න. සාමාන්‍ය්යෙන් බලාපොරොත්තු වුන විදිහට පෘතුවිය යන දිශාවට විරුද්ද දිශාවට තියෙන අනාවරකයට ආලෝක කිරනය ඉක්මනින් ලගාවුනේ නෑ. දෙපැත්තටම යන්ඩ එකම කාලයක් තමයි ගත්තෙ. මේකෙන් තමයි ආලෝකයේ වේගය ඕනම රාමුවකට සාපේක්ශව නියතයක් කියල මුලින්ම ඔප්පු කරේ.ඕකෙන් පස්සෙ තමයි මම දන්න විදිහට ඊතර් අවකාශය ප්‍රතික්ශෙපවුනේ.:):)

    මෙහෙමත් කතාවක් තියෙනව මේ පරීක්ශනේ කරේ අයින්ස්ටයින් තියරි එක එදිරිපත් කරන්න කලිනුයි ඒකනිසා අයින්ස්ටයින් මේ ප්‍රතිපලය දැනගෙන ඊටපස්සෙ මේකට අනුව තියරි එක හොරගෙඩියවගේ ඉදිරිපත්කරා කියලත් කියනව :Pමොකද විශේශ සාපේක්ශතාවාදයේ ඔප්පුකිරීම තනිකරම පදනම් වෙලාතියෙන්නෙ ආලෝකයේ වේගය ඕනම රාමුවකට සාපේක්ශව නියතයක් කියල අරගනයි. එහෙම ගත්තහම ඔප්පුකිරීමත් හරි සරලයි. ඔඅයගොල්ලොත් දැකල ඇතිනෙ සෘජුකෝනික ත්‍රිකෝනයක් එහෙම ඇදලනෙ කරන්නෙත්.:):):)


    ඔව්, ඔයා කියන්නේ මයිකල්සන් & මෝර්ලි පරීක්ශනය (1885) නෙද..? ඒක කලේ ඊතර සුළග හමන දිශාවට සහ ඊට ප්‍රතිවිරුද්ද දිශාවට ප්‍රචාරනය වෙන ආලෝක කිරන දෙකක වේගය පොලවට සාපේක්ශව මනිපු එක..ඊතරය තිබ්බානම් වේග දෙකක් ලැබෙන්න ඕන..එත් ලැබුනේ ආසන්නව සමාන වේග දෙකක්..

    1905දි අයින්ස්ටයින් පරීක්ශන පත්‍රිකාවක් ඉදිරිපත් කලා..ඒ පැරඩෙගේ පරික්ශ්ණය ගැන මැක්ස්වෙල් සමීකරණයෙන් හරියටම පැහැදිලි නොවුන නිසා..ඒවගේම මේකෙන් මයිකල්සන් ගේ පරීක්ශනය පැහැදිලි කරන්නත් පුලුවන් උනා..
    1915දි සාධාරන සාපේක්ශතා වාදයෙන් (ගුරුත්වාකර්ශ්ණ ආකෘතියෙන්)- අයින්ස්ටයින්ගේ විද්‍යුත් චුම්බක ප්‍රචාරනය ගැන ප්‍රවදයෙන් ඊතර සංකල්පය ඉවත් කලා..