♥Feeling of Love♥

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලව් ගැන හොයන්න ගිහින් හම්බඋනා සිරා බ්ලොග් වගයක්

    මේ එව්වා කියවන ගමන් :P

    එහෙනම් කියවලා හොඳ විස්තර ටිකක් දාපන් අපිටත් බලන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා..:)
    ඒත් කාන්තාවට ඔය ලබුන නිදහස නිසාම තමයි ආදරයේ ඔය කියන පාරිශුද්ධවයට හානි වෙන්න ගත්තේ...

    මෙහෙමයි ඔය කියන පාරිශුද්ධභාවය කියන වචනය සමාජය විසින් කොටුකරල එක රාමුවකට දාල තියන වචනයක්. එහෙම හානිවුණා කියන්නෙ අර සමාජය මවාගෙන ඉන්න රූපය. නැතුව ආදරේ සංකල්පයෙන් එන සැබෑ දේට නෙමෙයි. ගොඩක් විවාහයන් රැදෙන්නෙ සමාජයට බයේ, බැන්ද නිසා වගේ දේවල් හේතුවෙන්. පීතෘ මූලික සමාජයේ පියාට, සැමියට, පුතාට බයෙන් තමයි ඒ අය ජීවත් වුණේ. නැතුව සැබෑ ම ආදරය නිසාම නෙමෙයි බොහෝවිට. ඒ නිසා සමාජය කියන ආද‍රයේ පාරිශුද්ධ භාවය නමට සුරැකුණා තමයි. හැබැයි මගේ අදහස අනුව කාන්තාවන්ට නිදහස තිබිය යුතුයි. හැබැයි කාන්තාවන්ට හා පිරිමින් යන දෙගොල්ලන්ටම ඕනවට වැඩි නිදහස ඕන නෑ. ඒ කාලේ අර ලිබරල් වාදීන් සම්පූරණ නිදහස දෙන්න හදල ඒකෙ ගැටලු නිසා නව ලිබරල් වාදය අවෙත් ඒකනෙ නිදහස තමාගෙ නහය අසලින් සීමා විය යුතුය කියන සංකල්පය එක්ක.

    දැන් සාමාජයේ පවතින තත්වයට පිරිමි හා කාන්තාවන් යන දෙගොල්ලොම වගකිව යුතුයි. මොකද එහෙම කාන්තාවන්ට ලැබුණ නිදහසෙන් අයුතු ප්‍රයෝජන දෙගොල්ලොම ගත්ත.



    මට දැන් කන පැලෙන්න නිදිමතයි....
    මම යනවෝ...හෙට හමුවෙමු....

    සුභ රාත්‍රියක් වේවා!!!!

    thats why im also in ur side. i dont have experience so beze of that i cant give a proper definition :D

    එහෙම බැලුවොත් අපිට ඔයාට තරම්වත් Experience නැහැනෙ ලොල්
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    why there are so many love story. movies. :P I have watched
    may be its only in the stories.

    that doesn't count :lol:


    රෝමියෝ ජුලියට්....

    හි...හි...

    අනිත් කෙනා මරුනු නිසා තනියෙන් ඉන්න බැරි හිතේ අමාරුව දරාගන්න බැරුව ඒ වෙලාවේ ආපු ආවේගයට තමනුත් සිය දිවි නසා ගත්තා....කවුරු හරි ඒ වෙලාවේ ඒක නැවැත්තුවා නම් ඔය ආදර කතාව ලෝක ප්‍රසිද්ද වෙන්නේ නෑ......
    :lol::lol:

    how selfish of romeo :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    thats why im also in ur side. i dont have experience so beze of that i cant give a proper definition :D

    සේම් බෝට් ද? :P
    හෙහේ එහෙනං දන්න කෙනෙක් කියනකං බලා ඉමු :eek:

    එහෙනම් කියවලා හොඳ විස්තර ටිකක් දාපන් අපිටත් බලන්න...

    ළූණුයි ලුණුයි නූලුයි

    සමරෙගෙ සරමෙ සමර

    .සුදු රටකජු රතු රටකජු

    දිලි දිලි දිලේ දිලිනි

    වලව්වෙ වහලේ වව්ලා වහලා

    පුලුවං ද කියන්න එක දිගට 10 සැරයක් ? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    be be eheam podi podi experience walin ewata uttara denna amaruy. hoda real experience ekak one. :D

    ehenum honda experience thiyana kenekgen thamai ahanna venne. moko apitath ehema loku experience nahane. apita adugane experiences walin kiyanna eevavath nae. chuuti ma chuuti experience ekakin kiyalanum onna kiyannna puluvan :lol:. me thread ekata honda experience thiyana aya thaama avith nae vage. aavahama balamu ahala :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මාලි අයියා අපිට කොලේ වහලා ගහන්න යන්නේ

    මේ වෙනකොට පවුලක් පන්සලක් වෙලා
    ළමයි කීපයක් ඉන්න ඕනේ වයසෙ ඉන්න ඕනේ මනුස්සයාට කැල්ලක් නැ කියන එක නං හෙනම පචයක් :lol:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ehenum honda experience thiyana kenekgen thamai ahanna venne. moko apitath ehema loku experience nahane. apita adugane experiences walin kiyanna eevavath nae. chuuti ma chuuti experience ekakin kiyalanum onna kiyannna puluvan :lol:. me thread ekata honda experience thiyana aya thaama avith nae vage. aavahama balamu ahala :D

    balamuko:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියා අපිට කොලේ වහලා ගහන්න යන්නේ

    මේ වෙනකොට පවුලක් පන්සලක් වෙලා
    ළමයි කීපයක් ඉන්න ඕනේ වයසෙ ඉන්න ඕනේ මනුස්සයාට කැල්ලක් නැ කියන එක නං හෙනම පචයක් :lol:

    ඕකනම් මේ ත්‍රේඩ් එකේ කථා කළ යුතු දෙයක් නෙමෙයිනෙ :shocked::shocked: දන්නෝ දනිති සත්‍යය :)


    ඔව් බල‍මුකො. හැබැයි ඉතින් එහෙම දැනගත්ත කියලත් ඒ දේවල් අපිට ආදේශ වෙන්නෙම නැහැනෙ. අපේ සිතුම් පැතුම් විවිධයිනෙ. හැබැයි යම් දෙයක් දැනකියාගන්න, මිනිසුන්ව අදුරගන්න, මිනිස්සු මේ දේ ගැන හිතන හැටි ඉගෙන ගන්න හොඳයි. ඒ දේවලින් අපිට අවශ්‍ය‍ය දේවල් අරගෙන අපිට අදහසක් ඇතිකරගන්න පුළුවන්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශුද්ධ ආදරය හා අවංක ආදරය කියන දෙක දෙකක්. සම්පූරණ ශුද්ධ වූ ආදරය කියන දේ ගැන ප්‍රායෝගිකව නිර්වචනය කරන්නනම් මගේ දැනුම මදි. ආදරය පිරිසිඳුයි කියන්නෙ සංකල්පමය වශයෙන්. ආදරය කියන සංකල්පය පිරිසිදුයි. එය ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී අවංක වෙන්න පුළුවන්. ඒ ආදරය කියන සංකල්පය ප්‍රායෝගිකව භාවිතයේදී මිනිස් හැඟීම් එක්ක තමයි ගොනු වෙන්නෙ. එතනදි මිනිස් හැඟීම් ශුද්ධ නම් ආදරය කියන සංකල්පය තුළින් මතුවෙන හැඟීමුත් ශුද්ධයි. ඒ හැඟීම් වානිජකරනයට, ලාභ ‍ප්‍රයෝජනයට හසුවෙලා අපිරිසිඳු වුණොත් ඒ හැඟීම් අපිරිසිදුයි. හැබැයි ඒත් අර සංකල්පය අපිරිසිඳු හෝ පිරිසිඳු වෙනව ද ඒක නිසා?

    හැමදේටම අවංක වෙන්න පුළුවන්. ඒත් ඒක ආදරය වෙන්නෙ නැහැනෙ. ආදරය කියන්නෙ වෙන දෙයක්. අපි දැන් රාමුවට කොටුවෙලා ඔයා කියුව කථාව ගැන හිතපු ගමන් මතුපිටින් පේන්නෙ ඒක මහ අසික්ෂිත ආදරයක් කියලනෙ නේද? මං කියුවෙ ඔයා ගත්ත උදාහරණය වෙන කෙනෙකුගේ ගැහැණු කෙනෙකුට අවංකව ආදරය කිරීම. අපි ඒකම ගනිමුකො. ඒ ආදරය අවංකනම් හා ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව හදවතින් කරනවනම් ඒ ආදරය පිරිසිඳු නැතිවෙන්නෙ ඇයි? මං මේ කියන්නෙ ආදරය කියන සංකල්පයට අනුව. හැබැයි එය වැරදියි මානුෂික මට්ටමින්, සාදාචාර මට්ටමින්, සාමාජීය මට්ටමින්. ඒත් ඒ ආදරය අවංක හා පිරිසිඳු එක්ක වෙන්න බැරි කමක් නැහැනෙ? ඔයා කියුව අනිත් උදාහරණය. ලිංගික ආදරය කියන දේ. ඔයා ඒ වගේ වචනයක් ගෙනාවට ඒක ඇත්තටම ආශාව නේද? ඒක ආදරය නෙමෙයිනෙ. ඒක නිසා ඒ උදාහරණය හරියන්නෙ නෑ.

    අපි හිතනවා ආදරය කියන දේ පිරිසිදු වියයුතුයි කියලා...ආදරය කරන අය බාහිර දේවල් ගැන හිතන්නේ නැතුව ආදරය පමනක් කල යුතුයි කියලා...
    මට දැනෙන විදිහට ශුද්ධ වු ආදරයක් කියන්නේ කිසිම ශාරීරික ලිංගික හැඟීමක් නැතුව අනිත් කෙනාගේ හදවතට දැනෙන්න නැවත තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී කරන ආදරයක්.
    අවංක ආදරයක් කියන්නේ අනිත් පුද්ගලයා තමන්ට ආදරය අකරන ආකාරයටම එයාට කිසිම වෙනසක් වංචාවක් නොකර ආදරය කරන එකට...

    අපිට ආදරය ගැන කරන්න වෙන්නේ ඔය කියන සමාජ රාමුව තුල ඉඳලා තමයි...එහෙම රාමුවෙන් පිට පැනපු දේවල් අසම්මත ආදරයක් කියලා අපිම කියනවා නේද..? ඔය අසම්මත ආදරය සම්මත කරගන්න නේද අපේ අය උත්තරීතර...පරම පිවිතුරු.. කියලා කියන්නේ...බැඳපු ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නැතිව ආදරේ කරපු අය ඉන්නවද..? මේ ලෝකේ ඉඳලා තියෙනවද.? එහෙම ඉන්න බෑ...කොයි වෙලේ හරි රාගය ඉස්මතු වෙනවා..

    ම්ම ලිංගික කියලා අදහස් කරේ ශාරීරික වශයෙන් කරන ආදරයට...ආදරයට ඒක නැත්නම් ඒක පරිපූර්ණ වෙන්නේ නෑ...එහෙම බැලුවොත් පරම පිවිතුරු ආදරයක් කරලා බඳින අය එක පාරකට වඩා ලිංගිකව එක් වෙලා නැතුව ඇති..මොකද ඒක අත්‍යවශ්‍ය දේය්ක් නෙමෙයිනේ ඔහොම බලනකොට...