ශේෂ කඳු......

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

Uploaded with ImageShack.us

තැනිතලා බිම්
සිසාරා යන
බැල්මකින්
ඇස් දෙක පුරෝගෙන

තනිව මුමුණන
ශේෂ කඳු වෙති
වලාකුළු ගැන
තැකීමක් නැති
...
 
nisha500

Member
Jan 30, 2010
2,155
248
0
කීප වතාවක්ම කියෙව්වා,එත් අර්ථය තේරුම් ගන්න අමාරුයි..
බලමු අයිත් සැරයක් කියවලා..
 
lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ම්ම්...මටත් මේ කවියෙ තේරුම් ගන්න අමාරුඉ....
    මට හිතෙන විදියට මෙහි කියැවෙන්නෙ...සමාජයේ සිටින උගත් හා නූනත් පිරිස ගැන...උගත් පුද්ගලයින් සමාජයේ බිම් මට්ටමේ(දුප්පතා ගේ) සිට පුලුල් පරාසයක් මහා කන්දක් සේ ඉහල ඉස්තරයක සිට දකිනවා...ඒත් වලාකුලු එනම් නූගත් පන්ඩිතයා කදු වලටත් උඩින් ගියාට එව්වා එතරම් ශක්තිමත් නැති ඔහේ පාවෙන දෙයක් විතරඉ....උගත් පුද්ගලයා එතරම් සද්දයක් බද්දයක් නැතුව තමන්ම යතාර්තය දකිමින් නොසැලී ඉන්නවා.කන්ද පොලොවට සම්භන්දයි.එසේම හොද මිනිසුන්ද පොලොවෙ පය ගහල ඉන්න මිනිසුන්(down to earth people).නමුත් වලාකුලු එහෙම නෑ.සල්ලිකාර ඉහල පලැන්තිය වගේ ඔවුන් දන්නෙ සදළුතලේ සිට බලාගෙන ඉන්න විතරඉ
    අදහස හරිද ඩන්නෙ නෑ....:rolleyes:
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට හිතුනා මේ නිර්මානය මෙන්න මෙහෙම දකින්න.....

    දෙමව්පියන් උස් කඳු වගේ ඉඳන් තම දූ දරුවන්ගේ ජීවිතවල ගලා යාම දිහා ඇස් දෙක දල්වගෙන බලා ඉන්නවා..ඒ එක්කම ඔවුන්ට පෙරලා දරුවන්ගෙන් හරි හමන් රැක බලා ගැනීමක් නොලැබෙන කල්හී අතීතය ගැන තනිව මුමුණමින් ඒවා ජීවිතයේ මුහුණ දිය යුතු අභියෝගයන් වශයෙන් දකිමින් දිවි ගෙවනා අයුර වගේ අදහසක්........

    පස්සේ හෙමින් කියන්නකෝ මේකට මල්ලිගේ හිතේ ඇඳුණු වස්තු බීජයත් මොකද්ද කියල...

    ඉතාම ගැඹුරු අරුතක් එක්වර මනස හරහා විනිවිද යවනා සාර්ථක පද පෙලක්..

    හරියට හයිකු සම්ප්‍රදායේ කවියක් වගේ...

    මල්ලිට ජය......
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කියවන හැම වරකදීම වෙන්ස් වෙනස් අරුත් දෙන නිර්මාණයක්.

    අභියෝග හමුවේ නොසැලී බලාපොරොත්තුවෙන් නැගී සිටී සෙයක් දැනුනා.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    කීප වතාවක්ම කියෙව්වා,එත් අර්ථය තේරුම් ගන්න අමාරුයි..
    බලමු අයිත් සැරයක් කියවලා..
    :):):)

    ම්ම්...මටත් මේ කවියෙ තේරුම් ගන්න අමාරුඉ....
    මට හිතෙන විදියට මෙහි කියැවෙන්නෙ...සමාජයේ සිටින උගත් හා නූනත් පිරිස ගැන...උගත් පුද්ගලයින් සමාජයේ බිම් මට්ටමේ(දුප්පතා ගේ) සිට පුලුල් පරාසයක් මහා කන්දක් සේ ඉහල ඉස්තරයක සිට දකිනවා...ඒත් වලාකුලු එනම් නූගත් පන්ඩිතයා කදු වලටත් උඩින් ගියාට එව්වා එතරම් ශක්තිමත් නැති ඔහේ පාවෙන දෙයක් විතරඉ....උගත් පුද්ගලයා එතරම් සද්දයක් බද්දයක් නැතුව තමන්ම යතාර්තය දකිමින් නොසැලී ඉන්නවා.කන්ද පොලොවට සම්භන්දයි.එසේම හොද මිනිසුන්ද පොලොවෙ පය ගහල ඉන්න මිනිසුන්(down to earth people).නමුත් වලාකුලු එහෙම නෑ.සල්ලිකාර ඉහල පලැන්තිය වගේ ඔවුන් දන්නෙ සදළුතලේ සිට බලාගෙන ඉන්න විතරඉ
    අදහස හරිද ඩන්නෙ නෑ....:rolleyes:

    ඔබේ මේ අපූරු අදහස් දැක්වීමට මගෙන් තුති පුද.!!!!!