අමු පිස්සුවක්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    අමු_පිස්සුවක්

    පිස්සන් කොටුවෙන් පැනයාම

    60.jpg


    ඔන්න පිස්සන් කොටුවක පිස්සො 3 දෙනෙක් උන්නා.මේ තුන්දෙනා හරිම යාළුවෝ!පිස්සු හැදුනෙත් එකටමයි! පිස්සු ජීවිතේ එකටමයි හිටියෙත්.මුන් තුන්දෙනාටම තිබ්බේ අමු බයිසිකල් පිස්සුවක්!

    ඔන්න දවසක මේ යාලු පිස්සෝ තුන්දෙනාට හිතුනලු පිස්සන්කොටුවෙන් පැනලා ගිහින් අලුත් බයිසිකලයක් පදින්න!මොකද ඉතින් පිස්සන් කොටුව ඇතුලේ බයිසිකල් තිබුණට එකම බයිසිකලයක්නේ තියෙන්නේ!පිස්සන්කොටු එන්න කලින් පැදපු බයිසිකලේම තමයි පිස්සන්කොටු ඇවිල්ල තාමත් පදින්නේ!අනික ඔය බයිසිකලේ ඉතින් අපිට වගේ වාපේක්ෂව පිස්සුව අඩු අයට පේන්නේ නැති බයිසිකලයක්!

    ඔන්න ඉතින් ඔය තීරණය ගත්තට පස්සේ මේ තුන්දෙනා හැමදාම හවස් වරුවේ , පිස්සන්ට සෙල්ලන් කරන්න දෙන වෙලාවෙදි පිස්සන්කොටුවේ පහල කෙරෝලේ කාටවත් පේන්නේ නැති තැනක තාප්පේ ගාවට සෙට් වෙනවලු.

    සෙට් වෙලා මොකද දන්නවද කරන්නේ?

    තාප්පෙන් පනින්න ප්‍රැක්ටිස් කරනවලු! එකා උඩ එකා නැඟලා තාප්පෙන් එහාට ( ඒ කිව්වේ පිස්සන් කොටුවෙන් එලියට!! ) පනිනවලු මෙහාට පනිනවලු!ඇයි ඉතින් ප්‍රැක්ටිස් නැතුව පනින්න ගිහින් අතක් පයක් කඩාගත්තොත්!මොන දෙයියන්ට කියන්නද?!

    ඔන්න මාසයක් විතර ප්‍රැක්ටිස් කලාම තුන්දෙනාට හොඳටම ප්‍රැක්ටිස් වුනාලු වැඩේ! ඔන්න ඊලඟට ආවේ පැනලා යන්න දිනයක් දාගන්න එක.ඒකට ඒකමතිකවම දාගත්තලු පෝය දවසේ රෑ!ඇයි ඉතින් හොඳටම පාර පේන්න එපැයි පැනලා යන්න! ටෝච් එකක් ගෙනිච්චොත් එහෙම අහුවෙනවනේ සිකුරිටිලට!

    ඔන්න යාළුවෝ තුන්දෙනා කතාවෙච්ච විදියටම ඊලඟ පෝය දවසේ ඔන්න හොරෙන් හොරෙන් යනවලු අර ප්‍රැක්ටිස් කරපු තැන තාප්පෙන් පනින්න.එදා දවල් ඉඳලම මහා වැස්සක්ලු තිබ්බේ!

    අනේ අනිච්චං!

    අපෙ පිස්සු ෆ්‍රෙන්ඩ්ස්ලා ගිහින් බලනකොට , එයාල ප්‍රැක්ටිස් කරපු තැන තාප්පේ නෑලු!මහ වැස්සට කඩාගෙන වැටිලා!

    දැන් ඉතින් පනින්නේ මොකෙන්ද!හරිම වැඩේ,වෙන තැනකින් පනින්නත් බෑ , ප්‍රැක්ටිස් කලේ මෙතනින් පනින්න විතරයිනේ!

    ඉතින් තුන්දෙනාගෙම එකඟත්වයෙන් පැනලා යන එක ඊලඟ පෝයට කල් දාගත්තලු!
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    තව කතා තියෙනවා.ඒවා ඉස්සරාට.මට මහන්සියි , මම යනවා.ටටා බායි!!