මාරාන්තික උපවාසයට තිත-විමල් රොහලට
ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වමින් සිටි මාරාන්තික උපවාසයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර වීරවංශ මහතා උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණ වතුර වීදුරුවකින් ඔහුට සංග්‍රහ කොට ඇත.
එයින් අනතුරව අදාළ සෞඛ්‍ය අංශවලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විමසීමක් කරන ලද අතර එම විමසීමෙන් අනතුරුව මොහොතකට පෙර එතැනට පැමිණි ගිලන් රථයක් ඔහුව නංවාගෙන රෝහල බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.