ගරු විමල් වීරවංශතුමා සැබෑ වීරයකු ලෙස මාරාන්තික උපවාසයෙන් මියයයි | Breaking News! Hon. Wimal Weerawansa dies from his ‘Fast unto Presidential Intervention’
රට, ජාතිය හා ආගම බැං කි-මූන් නම් යක්ෂයාගෙන් බේරා ගැනීම සඳහා තුම්මුල්ල හන්දියට නුදුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපස “ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක් කෙළවර විය හැකි” මහා උපවාසයක නිරත වී සිටි ගරු විමල් වීරවංශතුමා මීට සුළු මොහොතකට පෙර, “මාරාන්තික=මාර+ආන්තික” යන වචනයට නව අර්ථයක් ලබා දෙමින් එම මාරාන්තික උපවාසයෙන් මියගිය බව ඩේලිමිරර් පුවත්පත ඇසුරු කර ගනිමින් Taboo Subjects බ්ලොග් අඩවිය සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දී සිටී.
මෙම බ්ලොග් අඩවිය ගරු විමල් වීරවංශ තුමාගේ පවුලේ අයට හා ඔහුගේ අනියම් භාර්යාවන්ගේ පවුල්වල අයට මේ සම්බන්ධයෙන් තම සාතිශය සංවේගය පළ කරන අතර කමෙන්ටුවක් පළ කිරීමෙන් එසේ කරන ලෙස තම පාඨකයින්ගෙන්ද ඉල්ලා සිටියි.
ගරු විමල් වීරවංශ තුමා මියයන දිනය කිසිදු පාඨකයකුට නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි වූ අතර එම තරගය ජයග්‍රාහකයකු නොමැතිව අවසන් කොට ඇත.
මේ සිද්ධිය සමඟ කලින් සමහර පාඨකයින්ට තේරුම් ගත නොහැකි වූ මේ බ්ලොග් සටහන දැන් ඔවුන්ට තේරුම් ගත හැකි වනු ඇතැයි Taboo Subjects කල්පනා කරයි.




Pissuda banz.....!! Okaa oka karee boruwata bawa ratama dannawaa dan......!! 

