DUMINDAGAMANAYA - දුමින්දාගමනය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    DUMINDAGAMANAYA - දුමින්දාගමනය

    දුමින්දාගමනය හෙවත් ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීම

    2616468956_7b3686e6c4_o.jpg


    ශී‍්‍ර මහා බෝධි ශාඛාව දඹදිව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කරවන ලද්දේ මීට වසර 2312 කට පෙර දිනයක දීය.එදා දඹදිව (ජම්බුද්වීපය) කි‍්‍රස්තු පූර්ව හයවන සියවසේදී සිද්ධාර්ථ තාපසයාණන්ට බුදුවීමට සෙවණ දුන් බෝධින් වහන්සේ ඉන්පසුව ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ යන නාමයෙන් ප‍්‍රකට වූයේය. මෙකල ඉන්දියාවේ බුද්ධගයාවේ එම ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ පිහිටා තිබුණි. එම බෝධිය නමින් හඳුන්වනු ලබන වෘක්‍ෂයේ සංස්කෘත භාෂාවෙන් ව්‍යවහාර කරන නාමය “අශ්වත්ථ” යන්නය. එය ඇසටු හෝ ඇහැටු යන නමින් ද හැඳින්වේ. ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අයත් වෘක්‍ෂයට ව්‍යවහාර කරන උද්භිද නාමය වන්නේ පිකුස් රෙලිජියෝසා (FICUS RELIGIOSA)යන්නයි.

    2563282213_cc163d6d2d.jpg


    බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධත්වයෙන් දෙවැනි සතියේදී ශී‍්‍ර මහා බෝධින් වහන්සේ දෙස අනිමිස ලෝචන පූජාවෙන් බලා සිටි අන්දම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වී ඇත. එයින් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කළගුණ සැළකීමේ මහඟු ආදර්ශයකි.ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ සහ ඒ පිළිබඳ විස්තර අඩංගු වී ඇති පැරණි පොත් රැසකි. දීපවංස ටීකාව, පූජාවලිය, පාලි බෝධිවංශය, සිංහල බෝධිවංශය, ධර්ම ප‍්‍ර‍්‍රදීපිකාව හා චූලබෝධිවංශය එයින් කීපයකි. ශී‍්‍ර මහා බෝධින්වහන්සේ භාරතයේ බුද්ධගයාවේ සිට ශී‍්‍ර ලංකාවට වැඩම කරවීම පිළිබඳව ගල්වලින් කරන ලද කැටයමක් ඉන්දියාවේ සාංචි තොරණේ ඇත.

    ngint05.jpg


    ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීමමිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට වැඩම කළේ ද, මීට අවුරුදු 2312 කට ඉහත දීය. ඊට මාස පහකට පමණ සිදුවූ දුමින්දාගමනය හෙවත් ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවූ ආකාරය ද ඉතාමත් සිත්ගන්නා කතාවකි. අනුලා දේවිය ද මහණවීමට කැමැති බව දන්වා සිටි නිසා ඒ සඳහා දඹදිව සිටින සිය නැගණිය වන සංඝමිත්තා ථෙරණිය ලංකාවට වැඩමවීම පිණිස අසෝක රජතුමාට දන්වන ලෙස මිහිඳු මහ රහතන්වහන්සේ දෙවනපෑතිස්ස රජතුමාට වදාළේය. ඒ සමගම බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධියෙන්් ශාඛාවක් ද රැගෙන එන ලෙස අසෝක රජතුමාට දැන්වීම පිණිස දේවනම්පියතිස්ස රජතුමා විසින්් දූත පිරිසක් දඹදිවට යවන ලදී. අරිට්ඨ කුමරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මීට පෙර මෙන්ම දඹකොළ පටුනෙන් නැවට නැග පාටලීපුත්ත නගරයට මේ පිරිස පැමිණියහ. දඹකොළ පටුන පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. එය පැරණි වරායකි. මෙකල සෙම්බිලිතුරේ යනුවෙන් ද එම ස්ථානය හඳුන්වනු ලැබේ. ජම්බුකෝල පට්ඨන යනුවෙන් ද ග‍්‍රන්ථවල සඳහන් වන්නේ එම වරායයි.ලංකාවෙන් ගිය අරිට්ඨ කුමරු ඇතුළු පිරිස විසින් දෙවනපෑතිස්ස රජුගේ පණිවිඩය අසෝක රජතුමාට දෙන ලදී.

    bodhitree.jpg


    අසෝක රජුගේ දියණියක වූ සංඝමිත්තා මෙහෙණිය එතරම් දුර බැහැරක යැවීමට අසෝක රජතුමා කැමති නොවූ නමුත් බුදුදහම ප‍්‍රචාරය සඳහා ඒ ඉල්ලීම ඉටු කිරීමට කැමති විය. බුද්ධගයාවේ ශී‍්‍ර මහා බෝධියෙන් ශාඛාවක් ලබාගැනීම සඳහා ද කටයුතු අසෝක රජතුමා විසින් සළස්වන ලදී. අසෝක රජතුමා ඒ සඳහා බුද්ධගයාවට පැමිණියේය. ශී‍්‍ර මහා බෝධියෙන් එහිි දකුණු ශාඛාව වෙන්කර ගැනීම, එය කටාරමක (ලොකු පාත‍්‍රයක) පිහිටුවා අගනුවරටත් (පාටලීපුත්ත නගරයට) එතැන් සිට මුහුදු තොටටත් ගෙන ඒම උත්සවාකාරයෙන්ම සිදු කරන ලද බැව් වංසකතාවල සඳහන් වෙයි.



    egextbottom05.jpg


    (ඉහතින් සඳහන් කළ සාංචි තොරණේ ද ශී‍්‍ර මහා බෝධි ශාඛාව වෙන් කර ගැනීම අසෝක රජතුමා එම ස්ථානයට පැමිණීම ආදිය කැටයම් කර ඇත.) ශී‍්‍ර මහා බෝධීන්වහන්සේට ආවතේව කිරීම පිණිස විවිධ ශිල්ප ශ්‍රේණිවලට අයත් ශිල්පීන් ද ඒ සමඟ එවන ලදී. මේ අති උතුම් පූජනීය වස්තුව වූ ශී‍්‍ර මහා බොධි ශාඛාව රැකගැනීම භාරගත් සංඝමිත්තා මහ තෙරණියෝ ද තවත් භික්‍ෂූන් වහන්සේලා ද ලංකාවෙන් ගිය දූත පිරිසෙ නායක අරිට්ඨ කුමරු ඇතුළු පිරිස ද තාම්රලිප්ති නමැති ඉන්දියාවේ නැව් තොටෙන්නැව් නැග ලංකාවට පැමිණීමට පිටත් වූහ. මේ පිළිබඳ මහාවංසයේ විස්තර කර ඇත.

    z_pic350.jpg


    ශී‍්‍ර මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරගෙන සංඝමිත්තා ථෙරණිය සහ එම පිරිස නැව් මගින් දඹකොළ පටුනට පැමිණෙන බව දැනගත් මිහිඳු මහ රහතන්වහන්සේ සහ දෙවනපෑතිස්ස රජුගේ රාජ පිරිවර සහ ජනතාව දඹකොලපටුනට ගොස් සිටියහ.ශී‍්‍ර මහා බෝධි ශාඛාව රැගත් නැව ඈත මුහුදේ එනු දුටු දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදට බැස ශී‍්‍ර මහා බෝධි ශාඛාව සහිත වූ එම පාත‍්‍රය හිස මත තබාගෙන ගොඩබිමට පැමිණියේය. දඹකොළ පටුනේ (යාපනය දිස්ති‍්‍රක්කයේ පිහිටි) සාදන ලද විශේෂ මණ්ඩපයක ශී‍්‍ර මහා බෝධි ශාඛාව වඩා හිඳුවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. දවස් තුනක් පුරා එම දඹකොළ පටුනේ් තිබූ ශී‍්‍ර මහා බෝධි ශාඛාවට පුද පූජා පවත්වන ලදී.

    bodhiya-300x216.jpg


    ඒ අවස්ථාවේදී දොරටු පාලයා ලෙස කටයුතු කළේ දේවානම්පියතිස්ස රජතුමාය. ශී‍්‍ර මහා බොධීන් වහන්සේ දඹකොළ පටුනේ සිට අනුරාධපුරයේ මහමෙවුනා උයන දක්වා වැඩම කරවන මහා මාර්ගය සුදු වැලි අතුරා සකස් කරවන ලදී.ඒ අතරතුර නිවක්ක නමැති බමුණු ගමේ ද මෙම ශී‍්‍ර මහා බෝධීන්වහන්සේ ගේ ශාඛාවට පූජා පැවැත්වීමේ අවස්ථාවක් සිදුවී ඇත.මෙසේ අනුරාධපුරයට වැඩම කරවන ලද ශී‍්‍ර මහා බොධීන්වහන්සේ රාජ්‍ය උත්සවයක් පවත්වා අද දක්නට ඇති අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලද්දේ සංඝමිත්තා මෙහෙණිය මිහිඳු මහ රහතන්වහන්සේ සහ දෙවනපෑතිස්ස රජතුමා ද නිවක්ක බමුණා ද රෝහණ දේශයේ ක්‍ෂති‍්‍රය කුමාරවරුන් දෙදෙනෙකු කාජරගාම (කතරගම) හා චන්දනගාම (සඳුන්ගම) ද තවත් විශාල ජනකායක් ඉදිරිපිට දීය. මේ අනුව අසුවල් දිනයේ අසුවල් වෘක්‍ෂය රෝපණය කළේ යැයි ලිඛිත ඉතිහාසයක් ඇති ලොව එකම වෘක්‍ෂ රාජයාණන් වන්නේ අනුරාධපුරයේ ශී‍්‍ර මහා බෝධීන්වහන්සේය. එහි මුල් ශී‍්‍ර මහා බෝධිය අද බුද්ධගයාවේද දක්නට නැත.


    BodhGaya_BodhiTree2.jpg



    z_pic350.jpg


    සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ බෝ සමිඳු වැඩමවාගෙන පැමිණි නෞකාව දඹකොළ පටුනට ළගා වූ අවස්ථාවේදී දේවානම්පියතිස්ස මහ රජතුමා - තමන්ගේ ගෙල තෙක් මුහුදු ජලයට බැස - බෝධි ශාඛාවපිළිගත් අයුරු.

    z_pic350-new.jpg


    සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කර තනන ලද ස්තූපය.



     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    from the topic, I thought this is about how Duminda Silva came to power :P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම එකපාරට බැලුවා මොකද්ද මේ දුමින්දාගමනය කියන්නේ කියලා... :rolleyes:

    ගොඩාක් වටින විස්තරයක්... අපි මේවා අහලා තිබුනට මෙහෙම විස්තර ඇතුව වැඩිය අහලා නෑ.. ගොඩක් ස්තූතියි මචං.. ඒත් මේ දුමින්දාගමනය කියලා කියන්නේ ඇයි..??
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මම එකපාරට බැලුවා මොකද්ද මේ දුමින්දාගමනය කියන්නේ කියලා... :rolleyes:

    ගොඩාක් වටින විස්තරයක්... අපි මේවා අහලා තිබුනට මෙහෙම විස්තර ඇතුව වැඩිය අහලා නෑ.. ගොඩක් ස්තූතියි මචං.. ඒත් මේ දුමින්දාගමනය කියලා කියන්නේ ඇයි..??

    දුමින්දාගමනය = දුමිඳු යනු බෝධියට තවත් නමකි.
    පැමිණීම = ආගමනය
    දුමිඳු පැමිණීම = දුමින්දාගමනය
     
    • Like
    Reactions: pulliya

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කාලෙකට පස්සේ වටිනා පොස්ට් එකක්
    ගොඩක් ස්තුතියි බ්‍රෝ