දිවීමේ_තරගය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිවීමේ තරගය

    රන් කුසලානයක් අතැතිව, හති දමමින් දුව ආ සුගත් වහා ගෙට රිංගා කඩිමුඩියේ ම දොර වසා එහි අගුලු දැමීය. ඒ සද්ද යට ඉස්තෝප්පුවට ආ ඔහුගේ බිරිඳ ඩල්සි, විශ්මයෙන් මුව අයා මෙසේ කීවාය.
    ”හරි ෂෝක් අනේ... කොහෙන්ද ඔයාට මේ කප් එක හම්බවුණේ?”
    ”මම රේස් එකෙන් පළවැනියට ආවා.” පුටුවක් මත වැතිරී සිටි සුගත් කීවේ හතිදමමිනි.
    ”මරු... ඉතින් කවුද අනේ දෙවැනියට, තුන්වැනියට ආවේ?” ඩල්සි නැවතත් ඇසුවාය.
    ”පොලිස්කාරයා දෙවැනියා. කප් එක අයිතිකාරයා තුන්වැනියා.” සුගත් පිළිතුරු දුන්නේ දොර දෙස බලමිනි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සතුට හා සමාදානය

    සතුට හා සමාදානය

    ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.
    ”ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?” ඩග්ලස් ඇසීය.
    ”වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
    ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ.” පියතිස්ස කීවේය.
    ”දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?” ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.
    ”මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා.”
    පියතිස්ස කීවේ සිනාසෙමිනි.

    • Like
    Reactions: ♥-Aurora-♥

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කුට්ටම් 3 ක්

    කුට්ටම් 3 ක්

    ”ඇයි උඹ කණ්ණාඩි කුට්ටම් තුනක් පාවිච්චි කරන්නෙ?’ පාලිත මනෝගෙන් ඇසුවේ ඔහු තම මේසය ත කණ්ණාඩි කුට්ටම් 3 ක් තබා තිබෙනු දැක විමතියෙනි.
    ”ඇයි ඒක උඹට පුදුමයක් ද?” මනෝ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “එකක් ළඟ බලන්න. අනික දුර බලන්න. තුන්වැනි කණ්ණාඩි කුට්ටම, අනිත් කණ්ණාඩි කුට්ටම් දෙක තිබ්බේ කොහෙද කියල හොයා ගන්න.” මනෝ කීය.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රිටර්න් එක

    රිටර්න් එක

    එය අලුත්ම සිංහල චිත්‍රපටයේ ප්‍රථම දර්ශනයයි. මුළු ශාලාවම සිනමා ලෝලීන්ගෙන් පිරී පැවතුණි.
    එම චිත්‍රපටයේ එක් උද්වේගතර අවස්ථාවක බහින්බස් වීමක් ඇති වී සැමියා තම බිරිඳට වැරෙන් කම්මුල් පහරක් ගසයි. වේදනාවෙන් කම්මුල අල්ලා ගනිමින් ඕ එතැනම වූ සෝපාවක වැතිරී හඬන්නට වූවාය.
    මේ අතර මීයට පිම්බාක් වැනි නිහඬතාවයක් පැවති ප්‍රේක්‍ෂකාගාරයෙන් කුඩා ළමයකුගේ උස් හ¼ඩින් ඇසිණ.
    ”ඇයි අම්මේ, ඒ ඇන්ටි අම්මි වගෙ ආපහු හැරිලා ගහන්නෙ නැත්තෙ?’

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩි කාලයක් නැහැ

    වැඩි කාලයක් නැහැ

    ”ඇත්තද අර හන්දියෙ ගෙදර ගුණපාල හිරගෙදර ඉඳලා එනවා කියන්නෙ.” මැටිල්ඩා තම සැමියා විමලසේනගෙන් ඇසුවේ රෑ කෑම කමින් සිටියදීය.
    ”වෙන්ඩ ඇති. ඒ යකාට වැඩි කාලයක් කිසිම තැනක ඉන්ඩ බැහැ.” විමලසේන පිළිතුරු දුන්නේය.

    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දිවීමේ තරගය

    රන් කුසලානයක් අතැතිව, හති දමමින් දුව ආ සුගත් වහා ගෙට රිංගා කඩිමුඩියේ ම දොර වසා එහි අගුලු දැමීය. ඒ සද්ද යට ඉස්තෝප්පුවට ආ ඔහුගේ බිරිඳ ඩල්සි, විශ්මයෙන් මුව අයා මෙසේ කීවාය.
    ”හරි ෂෝක් අනේ... කොහෙන්ද ඔයාට මේ කප් එක හම්බවුණේ?”
    ”මම රේස් එකෙන් පළවැනියට ආවා.” පුටුවක් මත වැතිරී සිටි සුගත් කීවේ හතිදමමිනි.
    ”මරු... ඉතින් කවුද අනේ දෙවැනියට, තුන්වැනියට ආවේ?” ඩල්සි නැවතත් ඇසුවාය.
    ”පොලිස්කාරයා දෙවැනියා. කප් එක අයිතිකාරයා තුන්වැනියා.” සුගත් පිළිතුරු දුන්නේ දොර දෙස බලමිනි.

    patta
    :lol::lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    :D :D :D :D