අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අංගුලිමාල~තෙරණුවෝ.(නොදත්~දේ)

    16iy59y.jpg


    සිතුවම : ගයාන් චානුක විදානපතිරණ


    හැමෝටම තෙරුවන් සරණයි. එක දිගටම සංචාර ගැන ත්‍රෙඩ්ස් දාපු නිසා අද හිතුවා ඔයාලාගේ දැනුමට යමක් එකතු කරන්න. අංගුලිමාල චරිතය අපිට පොඩි කාලේ ඉඳලාම බොහෝම පුරුදු චරිතයක්. පාසලේදී, ඒ වගේම දහම් පාසලේදී අහින්සක අංගුලිමාල වූ හැටිත්, අංගුලිමාල මහ රහත් තෙරණුවන් වුන හැටිත් ඕනෑ තරම් අහලා ඇති. ඒ අතර ඔයාලා අහලා හැති රසබර කතා ගොඩක් තියනවා. මම ඒවා කිහිපයක් ඔයාලාගේ දැනුමට එකතු කරන්නම්.

    අංගුලිමාල පිරිත ගැන ඔයාලා අහලා ඇති සමහර විට. මේ සිද්ධිය සිදුවෙනකොට අංගුලිමාල හාමුදුරුවෝ රහත් වෙලා නෑ. උන් වහන්සේ දවසක් පින්ඩපාතයේ වඩිනකොට දැක්කා විලිරුදාවෙන් පෙලෙන මවක්. ඒතුමිය ඒ අවස්ථාවේ සිටියේ ඉවසාගන්නට බැරි තරම් වේදනාවකින්. අංගුලිමාල තෙරණුවෝ මෙය දුටුවා. නමුත් උන් වහන්සේට කළහැකි යමක් තිබුනේ නෑ. උන් වහන්සේ අප මහා බුදුරජානන් වහන්සේ හමුවට ගොස් මෙය සැලකලේ උන් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන්. සියල්ල සාවදානව අසා සිටි අප බුදුරජානන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට උපදෙස් දුන්නේ ඒ ඇත්තිය සිටිනා ඉසව්වට ගොස් සත්‍යක්‍රියා සිදුකරන ලෙසටයි. අංගුලිමාල තෙරණුවන් ඒ තැනැත්තිය අසලට ගොස් මේ ආකාරයෙන් සත්‍යක්‍රියා කළා.

    "යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ
    නාභිජානාම් සංචිච්ච පාණං ජීවිතා වෙරෝපෙතා
    තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා ති"

    "නැගනියනි මම යම් දවසක ආර්ය ජාතියෙහි උපත ලැබුවාඩ එතැන් පටන් දැන දැන කිසිම සතෙකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. ඔබේ දරු ගැබටත් සෙත් වේවා"

    මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා. මේ පිරිත අංගුලිමාල පිරිත කියලා හඳුන්වනවා.ගැබිණි මවුවරුන් මේ පිරිත් බලයෙන් අතීතයේ වගේම වර්තමානයෙත් සුවයක් ලබනවා. එය අනාගතයේදීත් ඒ විදියම වෙන එක නොඅනුමානයි.
    අංගුලිමාල පිරිත බාගත කරගැනීමට

    Click Here

    ඒ වගේම අංගුලිමාල තෙරණුවන් සත්‍යක්‍රියා කළ ස්ථානය වෙහෙරක් ඉදි කලා. එය අංගුලිමාල දාගැබ ලෙස හඳුන්වනවා. එම ස්ථානය තවමත් පුදුම හාස්කම් ශක්තියක් ඇති ස්ථානයක්. තවමත් ගැබිනි මවුවරු එම ස්ථානය වැඳනමස්කාර කරගැනීමෙන් සුවයක් ලබනවා. මේ තියෙන්නේ අංගුලිමාල ස්ථූපය.

    Anathapindikastupa1.jpg


    Anathapindikastupa.jpg



    මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ මහරහත් බව ලබාගත්තා. උන් වහන්සේ මහරහත් බව ලබාගත්තාට පස්සේ ගිහිලාකේ කල සියලුම පාප කර්ම පලදීමට පටන්ගත්තා. එසේ සිදුවන්නට හේතු වූයේ ඒ ආත්මභාවය උන්වහන්සේගේ අවසාන ආත්මභාවය වූ නිසයි. මිනිසුන් විසිකරන ගල් කැබලි පොලු මුගුරු උන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැදුනු බව කියවෙනවා. එසේ වැදීමෙන් උන් වහන්සේට බොහෝ තුවාල සිදුවූවාලු.

    කොසොල් රජුත්, මල්ලිකා දේවියත් එක්ව කහවනු දහ හතර කෝටියක් වියදම් කරමින් සිදුකළ අසදෘස මහා දානය ගැන ඔබලා අසා ඇති. ඒ දානය අවස්ථාවේ අංගුලිමාල තෙරුන් සම්බන්ධ අපූරු කතාවක් කිවෙනවා. දානයට වැඩි බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් පමන වූ මහ රහත් වහන්සේලාගේ හිසට උඩින් සේසත් රැගත් හස්තිරාජයා බැගින් තබා තිබූ බව කියවෙනවා. නමුත් අංගුලිමාල තෙරරුන්ගේ ස්ථානයට එක් හස්තියෙක් මදිවී තුබුනාලු. ඒ අවස්ථාවේ ඇත්ගාලේ සිටියේ බොහෝ චන්ඩ කිපුනු ඇතෙක්. ඒ හස්තියා අංගුලිමාල තෙරුන් දුටු පමනින් උගේ චන්ඩ ගති සියල්ලක්ම අතහැර දමා බොහෝම බයෙන් නගුට කකුල් අතර ගසාගෙන බියෙන් වෙවුලමින් ඇස් පවා වසාගෙන උන්වහන්සේ දන් වළඳනා තෙක් සේසත් ඔසවාගෙන සිටි බව කියවෙනවා.

    මෙසේ මිනිසුන් දහස් ගනනක් මරා දමමින් බොහෝ කෝලහාල සිදුකළ අහින්සක අවසානයේ අප මහා බුදුරජානන් වහන්සේගේ සද්ධර්මයේ බලයෙන් සියලු කෙලෙස් නසා රහත්භාවය ලබාගෙන ලෝවැසි සත්වයන් සසරෙන් මුදාගැනීමට මහා සේවයක් ඉටු කළා. අවසානයේ අනුපදිශේෂ පරිණිර්වාන දාතුවෙන් පිරිනිවන් පෑවා. උන් වහන්සේගේ භෂ්මාවශේෂ බුදුරජානන් වහන්සේ විසින් තැන්පත් කරවා දාගැබක් කරවා තිගෙනවා.

    මේ තියෙන්නේ අංගුලිමාල මහා තෙරණුවන්ගේ ධාතූන් වහන්සේලා.
    43229705VenAngulimala.jpg



    සබ්බ දානං ධම්ම දානං ජිනාතී.
    (සියලුම දාන වලින් ධර්ම දානය උතුම් වේ)

    මේ සියල්ල ඔබලාගේ දහම් දැනුම පිනිසම හේතු වේවා.
    හැමෝටම තෙරුවන් සරණයි.
    :):):)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බොහොම වටිනා කියන කරුණු කිහිපයක් අයියා
    ඔබට බොහොම පින් අප සමග මේ වටිනා දේ බෙදා ගත්තාට
    බොහොම ස්තුති
    එත් අයියා රෙප් දෙන්න බැරිලු

     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හැමදාමත් වගේ පෙරේරා අය්යාගෙන් තවත් වටින පොස්ට් එකක්..බොහොම ස්තුතියි අය්යෙ අපෙත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට...
    රෙප් නම් දෙන්න බෑලූ..රෙප් බැරි උනාට පිං දෙන්නම්..
    බොහොම පිං..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wow...a great valuable post...keep it up...thx for sharing...godakma watinawa...:yes:

    මොනව කියන්නද ?
    හැමදාමත් වගේ මෙයාගෙ thread නං මාර වටිනවා :yes:
    බොහෝම පින් මචං :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wow...a great valuable post...keep it up...thx for sharing...godakma watinawa...:yes:

    බොහොම වටිනා කියන කරුණු කිහිපයක් අයියා
    ඔබට බොහොම පින් අප සමග මේ වටිනා දේ බෙදා ගත්තාට
    බොහොම ස්තුති
    එත් අයියා රෙප් දෙන්න බැරිලු


    ගොඩක් වටිනවා..තෙරුවන් සරණයි..

    + දෙන්න බෑලු..

    godak watina thread ekak
    thanks machan rep++
    :)

    හැමදාමත් වගේ පෙරේරා අය්යාගෙන් තවත් වටින පොස්ට් එකක්..බොහොම ස්තුතියි අය්යෙ අපෙත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට...
    රෙප් නම් දෙන්න බෑලූ..රෙප් බැරි උනාට පිං දෙන්නම්..
    බොහොම පිං..

    මොනව කියන්නද ?
    හැමදාමත් වගේ මෙයාගෙ thread නං මාර වටිනවා :yes:
    බොහෝම පින් මචං :D

    niyamai machan ela kiri

    niyama thread eka machan

    හැමෝටම ස්තුතියි. :)
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    සබ්බ දානං ධම්ම දානං ජිනාතී.

    ubata bohoooooooooooooooma pin.................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියම වැඩක් කොල්ලා
    පින් දෙන්න වටිනවා
    මම මේ ලිපිය ෆුල් කියෙවුවා
    අදහන්න වටිනවා මචන් ගොඩක් හොද දෙයක් තමයි සහෝදරයා
    නියමයි
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    හැමදාමත් වගේ පෙරේරා අය්යාගෙන් තවත් වටින පොස්ට් එකක්..බොහොම ස්තුතියි අය්යෙ අපෙත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට...
    රෙප් නම් දෙන්න බෑලූ..රෙප් බැරි උනාට පිං දෙන්නම්..
    බොහොම පිං..


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සබ්බ දානං ධම්ම දානං ජිනාතී.

    ubata bohoooooooooooooooma pin.................

    එල මචෝ එල.

    නියම වැඩක් කොල්ලා
    පින් දෙන්න වටිනවා
    මම මේ ලිපිය ෆුල් කියෙවුවා
    අදහන්න වටිනවා මචන් ගොඩක් හොද දෙයක් තමයි සහෝදරයා
    නියමයි

    එල බබෝ එල.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    No Worries.


    very interesting thread bro :D

    rep danna behelu

    අවුලක් නෑ. :)

    Great Work machan
    Rep denna belu.....

    ස්තුතියි මචං.පාඩම් කරපන් ගිහිල්ලා.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Godak pin

    Mulinma oyata godak pin denawa mea gena thread ekak demmata, nodanna karunu godak dena gaththa..:yes:

    eka deyak kiyanna kemathi Oyata wage oyala wage ayata, mona hethuwa awath EK eka dala yanna epa.. EK ekata godak watinawa oyala wage aya a wagema Apita, godak denumen Pirunu oyala wage aya Anith ayage weda nisa EK dala yanawa, eken padu wenne apita.. wedakata nethi Nikan kiyawana ayata wada godak dewal apita denna puluwan oyala wage aya hemadama EK eke inna kiyala Pathanawa.. a wagema Godak Pin mea deta..:yes::yes:

    rep denna Belu :(