~ELAKIRI~ UBUNTU ~ let's talk about it

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපි මෙහි උබුන්ටු ගැන කථාකරමු. ඉගෙනගමු. අප අතර සිටින අයගේ අදහස් එකතුකරගමු...


    මුලින්ම මම උබුන්ටු පරිගනකයට ස්ථාපනය කරන ආකාරය දක්වන්නම්, බොහෝ අය මෙය නියම ආකාරයෙන් කරන්න දන්නේ නෑ.



    ubuntu-300x290.png


    උබුන්ටු ඔබට නොමිලේම download කළහැක

    Code:
    http://www.ubuntu.com/desktop/get-ubuntu/download

    මෙය image file එකක් බැවින් එය CD/DVD එකකට nero වැනි programme එකකින් ලබාගන්න.


    නැතිනම් උබුන්ටු ඩිස්කයක් නොමිලේම තැපෑලෙන් ගෙන්වාගත හැක මෙයට සති 3ක් පමණගතවේ.

    2w7r1wn.jpg


    Code:
    https://shipit.ubuntu.com/



    උබුන්ටු වලින් බූට් කිරීමට හැකිලෙස පරිගනකයේ බූට් මෙනුඑක සකස්කරන්න..

    124wvaw.jpg


    ඉන්පසුව පරිගනකය උබුන්ටු වලින් ආරම්භවේ.


    පළමු පියවර කැමති භාෂාවක් තෝරාගැනීමයි.

    j60njk.jpg



    දෙවනුව ඔබට කුමක් කිරීමට අවශ්‍යදැයි විමසයි,

    2vrsmd2.jpg


    Try Ubuntu-පරිගනකයේ පිහිටුවීමෙන් තොරව උබුන්ටු යනු කුමක්දැයි බැලියහැක. මෙහිදී DVD/CD මඟින් පරිගනකය පාලනය කර ඔබට ඔබගේ hardware උබුන්ටු වලට ගැලපේද යන්න පරික්ෂාකළ හැක.

    Install Ubuntu-උබුන්ටු පරිගනකයේ පිහිටුවීම.

    Check disc for defects-ඔබ සතුව ඇත් උබුන්ටු CD/DVD එකෙහි සීරීම් පවතීද, යන්න පරික්ෂාකළ හැක. මෙය ක්‍රියාත්මකකර පසුව පද්ධතිය පිහිටුවීම ආරක්ෂාකාරීවේ.

    Test memory-මෙයින් අපේ RAM වල දෝෂපරික්ෂා කළහැක.

    Boot from first hard disk-තවත් මෙහෙයුම් පද්ධතියක් පිහිටුවා ඇත්නම්, ක්ෂණිකව එමඟින් බූට් කිරීම කළහැක. මෙයින් උබුන්ටු ස්ථාපනය නවතී.


    Try Ubuntu-

    පරිගනකයේ ශක්‍යතාවමත විනාඩි කිහිපයක් ලෝඩ්වීම සිදුවේ.

    2i6o07t.jpg



    පසුව උබුන්ටු desktop වලට යයි.

    2mcg8r5.jpg



    Begin installation

    ආරම්භය සඳහා desktop එකේ ඇති install ක්ලික් කරන්න.

    Language-
    පළමුව භාෂාව තෝරාගැනීම කළයුතුය.

    x5ozf9.jpg



    Time zone-
    දෙවන පියවර timezone තේරීමයි. අපිට අදාල ලෙස තෝරාගන්න.

    t7hc8i.jpg



    Keyboard-
    අදාල කීබෝඩ් එක තෝරාගන්න.

    11m8274.jpg



    ◄Prepare Disk Space (Partitioning)►

    අමාරුම හා වැදගත්ම එහෙත් බොහෝ අවස්ථාවලදී වරදවාගන්නා දේ මෙයයි, හොඳින් උපදෙස් අනුගමනය කරන්න.

    Linux partitioning vocabulary-

    ලිනක්ස් වලදී උපාංගයක් දක්වන්නේ /dev/ වලිනි,
    හාඩ් ඩිස්කයක් /hda ද, දෙවන ඩිස්කය /hdb හා තෙවැන්න /hdc ආකාරයෙන් දක්වයි..
    පාටිශන් 1,2,3... ආකාරයට දක්වයි..

    උදාහරණය-පළමු ඩිස්කයේ පළමු පාටිශන් එක /dev/hda1 ලෙස

    sata ඩිස්කයක් sdX හා IDE ඩිස්කයක් hdX ලෙසද නම්කරයි.

    Partitions-
    primary හා logical ලෙස ක්‍රමදෙකකි. primary 4ක් උපරිමව භාවිතාකළ හැක.Logical පාටිශන් primary සමඟ අන්තර්ගතවී පවතී.

    Filesystems-
    වින්ඩෝස්වලට කියවිය නොහැකි Ext2, Ext3, Ext4, ReiserFS, JFS යන ෆයිල්සිස්ටම් උබුන්ටු භාවිතාකරයි.

    වින්ඩෝස් සමඟ උබුන්ටු භාවිතයට පෙර-
    හාඩ් ඩිස්කයේ එක් පාටිශන් එකක් හිස්කර උබුන්ටු වලට සූදානම් කරන්න. මෙය අවමව 4GB සෑහේ එහෙත් 10GB-20GB පමණ වෙන්කරගන්න.


    Partitioning continued-

    2lqdcm.jpg


    ►Windows සමඟ භාවිතාකරන බැවින් "Install them side by side, choosing between them at each startup" මෙය පහසුය, එහෙත් ප්‍රශ්න ඇතිවියහැක.

    ►"Use the entire disk." මඟින් මුළු ඩිස්කයේම උබුන්ටු ස්ථාපනය කරයි.

    ►"Use the largest continuous free space" මඟින් පාටිශන් නොකරන ලද ඉඩක් තිබේනම් එහි උබුන්ටු ස්ථාපනය කරයි.

    ►"Specify partitions manually" වලදී අපිට උබුන්ටු පාටිශන් සකස්කළ හැක. මෙය අපි භාවිතා කරමු.

    ඉහත ලෙස 10GB ඉඩක් අපි සකස්කලා, එය තෝරාගෙන "Forward" කරන්න.

    එහි "free space" තීරය ගෙන "Add" ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ මෙනුවෙන් "New partition size in megabytes" වලට 4GB දෙන්න.

    "Primary" තෝරා "Mount point" එකත් පහත ලෙස / තෝරා ok කරන්න. මෙහි පද්ධතිය පිහිටුවන කොටස "/" වලින් දක්වයි.

    1zp2ve9.jpg



    නැවත "free space"►"Add" වලින් 5GB තෝරා "Mount point" ලෙස home ලබාදී ok කරන්න. home වල අපේ දත්ත ගබඩාවීමට වෙන් කරනලද කොටසයි. like My Documents.

    නැවත "free space"►"Add" වලින් 1GB තෝරා "Mount point" ලෙස swap ලබාදෙන්න. මෙය RAM අගයෙන් බාගයක් දැමීම ප්‍රමාණවත්ය. එහෙත් ඉඩ ප්‍රශ්නයක් නැතිනම් අවමය 1GB ලබාදෙන්න.

    එවිට මේ ආකාරයට ඩිස්කය සකස්වී ඇත.

    ubuntu910installation-small_007c.png



    දැන් "Forward" කරන්න.


    Who are you (user configuration)-
    මෙහිදී විස්තර ලබාදෙන්න, username, password යනාදිය.

    hvxg15.jpg



    Ready-
    අවසන් වතාවට අපි තෝරාගත් දේ මෙහිදී පෙන්නුම් කරයි. මෙහිදී Install ක්ලික් කරන්න.

    2i224i.jpg



    දැන් උබුන්ටු ස්ථාපනය වේ.

    2lt2dzt.jpg



    ටිකවේලාවකින් සම්පුර්ණ වූ පසු reboot කරන්න.

    rruzpw.jpg


    2pqvn9y.jpg



    දැන් boot මෙනුවෙන් උබුන්ටු තෝරාගන්න.

    4lg9dg.jpg


    මෙහි ඇති ප්‍රශ්න විමසන්න. වැරදි ඇතොත් පෙන්වාදෙන්න.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් ගොඩාක් වැදගත් වෙන විස්තරයක් මචං... ගොඩක් අයට මේ පාටිශන් වැඩේ තමයි කරගන්න බැරි... ඩුවල් බූට් දාන්න හදනකොට එහෙම අවුල් කරගන්නවා... නියමෙට විස්තර කරලා තියෙනවා මචං... :yes::)
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    wow..ගොඩක් වටින ත්‍රෙඩ් එකක් අය්යා..ගොඩක් අය උබුන්ටු ගැන වැඩි දෙයක් දන්නේ නෑ..ඒ හින්දා මේක ගොඩාක් වටිනවා...එල
    keep it up bro...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    One major thing to remember when trying to dual boot with windows :
    INSTALL WINDOWS FIRST!!

    Installing any non windows os and first and installing windows second will screw up the boot record as windows overwrites it.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    MඇxXආ සහෝදරයා...!!!
    11.gif
    11.gif
    11.gif


    ඔයාගේ මහන්සිය අතිශයින්ම අගය කරනවා...!!!

    :yes::yes::yes:




     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    Mathakada gedara awith case eka?


    You must spread some Reputation around before giving it to migaramk again.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි මිගා අයියා
    හරිම වටිනවා
    එත් රෙප්+ දෙන්න බැලු
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    PAtti Migara AiYA..

    Max උපරිමයි/...

    totaly Free Image Hosting @ Mypixels...




    මේක අවිල්ලා Free Image Hosting
    කරන ස්යිට් එකක්
    elakiri එකේ කට්ටියට ගොඩක් useful වෙයි කියල හිතනවා..

    http://www.elakiri.com/forum/showthread.php?p=8068297#post8068297



    EK එකේ Image එකක් post කොරන්නේ මෙන්න මෙහෙමයි. mypixels - part 2


    http://www.elakiri.com/forum/showthread.php?p=8113281#post8113281
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹෙන් තමයි මුලින්ම උබුන්ටු දාගත්තේ...
    උඹේ හාඩ් එක...:lol::lol:


    :(:(:( මට නැති වෙච්ච වටිනම Data ටික තිබ්බේ ඒකේ. :(:(:( තාම දුකයි.

    හැබැයි එදා ෆුල් ආතල් එකක් ගත්තා. :yes::yes::yes: