ලංකාවේ බලකොටු ගැන ත්‍රෙඩ් එකේ දෙවනි කොටස තමයි මම මේ ආරම්භකරන්න යන්නේ. පළමු කොටස නොදැකපු අයට පහල ලින්ක් එක මගින් ඒක බලාගන්න පුලුවන්.
Click Here
9. මාතර කොටුව
මාතර කොටුව සෑදුවේ පෘතුගීසී ජාතිකයෝනේ 1550 වසරේ. නමුත් අද තියන කොටුව සාදලා තියෙන්නේ ලන්දේසීන් විසින්. අදටත් බොහොම හොඳ තත්වයේ තියෙනවා.
10. තාරකා කොටුව-මාතර
තරුවක් හැඩයට ගොඩ නැගිලා තියෙන නිසා තමයි මේකට තාරුකා කොටුව කියන්නේ. මාතර තියන ලස්සන පුරාවිඳ්‍යා ස්ථානයක්. 1760 විතර තමයි මේ තාරුකා කොටුව ඉදිවෙලා තියෙන්නේ.
11.Macdowall කොටුව-මාතලේ
උඩරට සටන් බොහෝමයක් ඇවිලීගිය මාතලේ ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. 1803 වසරේ තමයි මේ කොටුව ඉදිවෙලා තියෙන්නේ. අද වෙනකොට ඉතිරිවෙලා තියෙන්නේ නටඹුන් කිහිපයක් පමනයි.
12. කල්පිටිය කොටුව.
1667 වසරේ තමයි මේ කල්පිටිය කොටුව ඉදිවෙලා තියෙන්නේ. මෙහි බිත්ති මීටර 4ක් පමන උසකින් යුතු වෙනවා. මේ ප්‍රදේශය කුරුඳුවගාවට ප්‍රසිද්ධයි. අතීතයේ ලන්දේසීන් කල්පිටියේ සිට මීගමුව දක්වා ඇල මාර්ගයක් පවා සාදා තියෙනවා කුරුඳු ප්‍රවාහනයට. ඒ වගේම කොටුව තුල පල්ලියක්ද පිහිටා තියෙනවා.
13. මීගමුව කොටුව.
කුඩා ඒත් බොහෝම වැදගත් කොටුවක්. පෘතුගීසීන් විසින් සාදන කොළඹ අල්ලා ගැනීමේ මෙහෙයුමට සාදන ලද කොටුව 1640 වසරේ ලන්දේසීන් විසින් කඩා විනාස කලා. නැවත 1796 වසරේ ඉංග්‍රීසීන් විසින් සාදනු ලැබුවා. අද වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගරයක් ලෙස කොටසක් භාවිතා කරනවා.
14. තංගල්ල කොටුව
ලන්දේසීන් විසින් සාදන ලද කුඩා කොටුවක්. අද වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගරයක් ලෙස කොටසක් භාවිතා කරනවා.
15. මන්නාරම කොටුව.
1560 පෘතුගීසීන් විසින් සාදන ලද මේ කොටුව 1658 ලන්දේසීන් යටත් කරගන්නවා. 1795 නැවත ඉංග්‍රිසීන් යටතට පත්වෙනවා.
16. Hammenhiel කොටුව.
කයිට්ස් හා කරෙයිතිවු අතර දූපතක පිහිටා තියෙනවා. ලන්දේසීන් විසින් යාපනය ආරක්ෂාකිරීමට තමයි මේ බලකොටුව සෑදුවේ. තවමත් හොඳ තත්වෙන් තියනවා. අද වෙනකොට නාවික හමුදාවෙන් තමයි පාලනය වෙන්නේ.
17. පූනරීන් කොටුව.
පෘතුගිසීන්ගේ තවත් නිර්මානයක්. 1770 වසරේ ලන්දේසි පාලනයට නතු වෙනවා. 1805 වසරේ ඉංග්‍රිසීන් විසින් තානායමක් ඉදි කරන්ය් ලබනවා. අද වෙනකොට බොහෝම කුඩා ප්‍රමානයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
18. අලිමංකඩ කොටුව.
1760 වසරේ පෘතුගීසීන් විසින් නිර්මානය කරන ලද මෙය 1776 වසරේ නැවත ලන්දේසීන්විසින් අලුත් වැඩියා කරනවා. 1952 වසරේ ශ්‍රී ලංකා යුදහමුදාව විසින් කඳවුරක් නිර්මානය කරනවා.
19. රුවන්වැල්ල කොටුව.
1590 වසරේ පෘතුගීසීන් විසින් සාදවන ලද මෙය පසුව 1665 වසරේ ලන්දේසීන් විසින් ලී වලින් සාදවලු ලැබුවා. 1817 නැවත්ත ඉංග්‍රීසීන් අලුත් වැඩියා කලා.
20. කලුතර කොටුව.
පෘතුගිසීන් විසින් සාදන ලද මෙය 1655 වසරේ ලන්දේසීන් යටත් කරගනු ලැබුවා. ඒ සඳහා එක වෙඩි උන්ඩයක් හෝ භාවිතා කලේ නෑ කියලා තමයි කිය වෙන්නේ. අද වෙනකොට ඉතා කුඩා නටබූන් ඉතිරි වෙලා තියෙනවා.
21. Martello Tower - හම්බන්තොට
හම්බන්තොට අතීතයේ තිබුනු කුඩා වරාය ආරක්ෂාකිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයි විසින් සාදවන ලද්දක්.
Just For Your Information.
Thanks Friends.

Last edited:

මට රෙප් දෙන්න බැනේ..