මේ... මම අර කිව්වේ, මේකෙන්ම ගොඩක් දේවල් පෙනෙනවා කියල. ඇත්තටම ගොඩක් ගොන් කතාවලට උත්තරය ඔතන තියෙනවනේ... මුලින්ම බලන්න ආයතන වලින් එන ඒවයි, අවසන් ප්රතිඵලයයි අතරේ කෙලින්ම සම්බන්ධයක් නැහැනේ. devices scan වෙනකොටම සේරම වැඩසටහන දුවන විදියට අපිව හැදිලා තිබුනට, චේතනා පහල කෙරෙන්නේ, වෙන්නේ, දන්න, හඳුනාගෙන තියෙන තියෙන ඒවාට, මතකයට, අනුව නේ. අපි හිතමු කවදාවත් දැකල නැති කෙනෙක් එක පාරට ඇවිල්ල කතාකළ කියල. කොහොමද හිතෙන්නේ... ආ මේ මොකෙක්ද?, මොකටද? කියලනේ හිතෙන්නේ? ඊළඟට ඒ කෙනාවම ආයේ දවසක් දැක්කොත්... ආ මේ අර මනුස්සයනේ! කියල මතක් වෙනවා, කලින් දවසේ නම අහගෙන තිබුන නම් ඒකත් මතක් වෙයි. ආයේ එයාවම ගොඩක් හිතවත්වෙලා, තෑගී බෝග ලැබිල, කාලයක් ගෙවුන කියමු. දැන් ආයේ පාරක් අහම්බෙන් හරි දැක්කොත් කොහොමද? ආ... හලෝ කොහොමද? කියල හිනා වේගන, යනවනේ ලඟට? දැන් ඔය මනුස්සය මුලදීම දැක්කෙත් ඇහැට වැටිච්ච රුපයෙන්, දෙවැනි දවසෙත් එම රුපයෙන්, ඊළඟ පාරත් රුපයෙන්ම තමයි. දැක්ක රූපේ මොකුත් වෙනසක් වෙලා නැහැනේ... මොකද්ද වෙනස් උනේ? එකතු කරගත්තු data ටික, මතකය විතරයිනේ. ඊට පස්සේ ඒකට අනුව චේතනා පහල කරනවා, වෙනවා. හරි දැන් ඊළඟට එයා තමුන්ට මොකක් හරි upset වැඩක් කරලා 'නොරොක්' වෙනවා කියමු. දැන් ඉතින් දෙන්න ඉන්නේ කන්න කේන්තියෙන්... දැන් අහම්බෙන් හරි දැක්කොත් හලෝ... කොහොමද? කියලද response එක? නැත්නම් වෙනින් විදියකටද? මොකද වෙලා තියෙන්නේ... තේරුනාද? ඇහැට රුප දැකල පිස්සු හැදිලා! ඊළඟට කවදාවත් අහලනැති බාසාවකින් කවුරුහරි වෙනරටක කෙනෙක් ඇවිල්ල බැනගෙන බැනගෙන ගියොත්, තද වෙනවද? කේන්ති යාවිද? ඕනේ නම් අහගෙන ඉඳල හිනාවෙලා thank you කියලත් කියාවි. ඒ ටිකම තමන්ගේ බාසාවෙන් කිව්වොත්... ඌ ආයේ ආපු විදියටම යන එකත් sure නැහැ නේද? එතන මොකද්ද case එක? සද්දේ අහල පිස්සු හැදිලා! දැන් අපිත් මේ මල්, හඳුන්කූරු පූජා කර කර, ජාතක කතා අහ අහා, ගියපු කාලේ හිතාගෙන හිටියේ මේ 'මම' කියල. ඉතින් 'මට' මොනවත් අඩුවක් වෙනවට, පාඩුවක් වෙනවට කවුද කැමති? program එකෙත් තියෙන්නේ එහෙම නේ... ඒත් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිල, කරුණු තේරුණාම දැක්ක මේකේ එහෙම එකක් නැති බව. ඉතින් දැන්? මම ඉන්නවා... නෑ... නෑ ඉන්නවා... ඒ උනාට නෑ... අවුලක නේද? ඒක එච්චර ගණන් ගන්න එපා! ඇත්තටම එහෙම එකෙක් නැහැ! ඒත් කල්ප ගණනක් තිස්සේ store වෙච්ච data තමයි ඔය තාම ඇවිස්සී ඇවිස්සී එන්නේ. දැනට හිතට කියන්න ඇත්තටම 'මම' කියල නැහැය කියල. store වෙච්ච data අපි පස්සේ delete කරමු!!
බුදුහාමුදුරුවෝ දාරුචීරී කියල කෙනෙකුට දේශනාවක් කලා, "දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි, ගඳක්, සුවඳක්, රසක්, පහසක් වින්දානම් වින්ද විතරයි, යමක් හිතුවනම්, පැතුවනම් ඒකත් එතැනින්ම ඉවරයි. එතනින් සකස්වූ යමක් නැත්නම් ඔබ එතන නැහැ. ඔබ එතන නැත්නම් ඔබ වෙන තැනකත් නැහැ. ඔබ එතනත් වෙන තැනකත් නැත්නම් ඔබ කොහෙවත්ම නැහැ. ඔබ නිදහස්!" කියල. බලන්න මේකේ ඒක පෙනෙන්නේ නැද්ද කියල. දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුව විතරයි, අනික්වත් එච්චරයි කියන්නේ නිකම් එන එන ඒවා record වෙයි, හිතත් එහෙට මෙහෙට විසිවෙයි ඒත් චේතනා?? එයා බුදි! චේතනා එන්නේ නැහැ! චේතනා පහල කලොත් තමයි feedback වෙන්නෙයි, විඥාණය පැලවෙන්නෙයි සේරම කතන්දර ටික. මේවිදියට විඥාණය නිරුද්ධ (නැති) උනාම හරිනම් පිරිණිවන් පාන්න ඕනේ! ඒත් එහෙම වෙන්නේ නැහැ, තව කෙහෙල්මලක් තියෙනවා ආශ්‍රව කියල, අර මුලින් කියපු fly wheel action එක! ආශ්‍රව තියාගෙන එලියට ගියොත් තව 1 පාරක් උපදින්න වෙනවා. තව ටික දවසකින් පෙනෙයි! බුදුරජාණන් වහන්සේ ඔය 'දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං...' කියල යන ඔය සුත්‍ර දේශනාව දේශනා කරපු දාරුචීරී කියපු කෙනා, ඔය එක එක හාමුදුරුවන්ගෙන් බණ අහල, එක එක්කෙනා ලියපු පොත් පුස්තකාල පිටින් කියවල තිබුනේ නැහැ! අඩු ගන්නේ පන්සිල් පද 5 වත් දැනගෙන හිටියෙත් නැහැ!! ඒත් එයා හරිම බුද්ධිමත් මනුෂ්‍යයෙක්, එයා එතනදීම අනාගාමී උනා!!! අපේ අය... මේ එක එක්කෙනා කියන ඒවා අහල අනාගමි! වෙලා...
බුදුරජානන් වහන්සේ සමහරක් බුද්ධිමත් සංඝයා වහන්සේලාට භාවනා අරමුණක් හැටියට ප්‍රකාශ කරලා තියෙන්නේ, බැඳිලා ගියොත් මාරයට, අත හැරියොත් නිදහස් කියල. උන් වහන්සේලා ඒ කරුණ ඔස්සේ හිත දියුණු කරලා, අරහත්වයට පත් උනා! බලන්න මෙතනත් ඒක පෙනෙනවානේ... ඔය දැන් බැඳිලා යනවයි කිව්වේ මොනවටද? මේ සතරමහා ධාතුන්ගෙන් හැදිලා තියන එක 'මම' කියල හිතාගෙන, අල්ලාගෙන, බදාගෙන නේ ඉන්නේ. අන්න බැඳිලා! ඉතින් එහෙම හිතාගෙන ඉන්නකොට හැම එකම පෙන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ රුවිතෙට! (වැරදියට) ඉතින් ලාබ, යසස, ප්‍රශංසා, සැප එනකොට අල්ලගන්නවා. program එකට අනුව දුවනවා! කර්ම රැස්වෙනවා. අලාබ, අයස, නින්දා, දුක් එනකොට ගැටෙන්න ගන්නවා. program එකේ විදියට කරන්න ගිහින් කරදරේ වැටෙනවා. මම, මට, මගේ කියන ලෙඩේ හන්ද තව තව දේවල් අයිති කරගන්න ගොහින්, ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල හිතෙන අය නැතිකරන්න, විනාස කරන්න ගිහින් කර්ම රැස් කරගන්නවා. බැඳිලා හිටියම ඉතින් වෙන මොකක් වෙන්නද? මේ chart එකට අනුවත් එක දවසකට, දසම ගණන් වලින් හරි, - marks කොච්චරක් නම් එකතු වෙනවා ඇත්ද? + ඒවා මොකුත්ම එන්නේ නැහැනේ මේ විදියට බැලුවම! ඒත් හිතනවා ආයේ මනුස්සයෙක්, නැත්නම් දෙවියෙක් හැටියටම උපදී, අවුලක් වෙන එකක් නැහැ! කියල... හීන තමයි!!! බුදුහාමුදුරුවෝ මේ කට්ටියට වතුර වීදුරු වගේ කිව්වේ ඒකයි. දැනටත් පහලටම බරවෙලා ඉඳගෙන ප්රානඝාතයක් වගේ ටිකක් ලොකුවයින් එකක් කරනකම්, පල්ලෙහා කට්ටිය බලන් ඉන්නේ ආ වරෙන්කෝ... කිය කියා! (forum එකේ එකෙක් නම් දැන් යන්න ලඟයි) අපට ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපට 'සම්මා සංකප්ප' කියන ආයුධය දුන්නේ! නෙක්ඛම්ම සංකප්ප (කාමයන්ගෙන් වෙන්වී වාසය කිරීමට කල්පනා කිරීම), අව්‍යාපාද සංකප්ප (තරහ, වයිර නොමැතිව සිටීමට කල්පනා කිරීම), අවිහිංසා සංකප්ප (හිංසාවෙන් තොරව වාසය කිරීමට කල්පනා කිරීම). මේ ටික අපේ OS එකට එකතු කරලා, patch කරලා ගත්තහම ඔය ඇලෙන, ගැටෙන ගතිය නැතුව යනවා. එතකොට මේ ඉන්නවයින් පහලට ඇදගෙන යන ස්වභාවය නැතුව යනවා. ඉතින් ආරක්ෂාව වෙන කාගෙන්වත් ඉල්ලන්න, යදින්න ඕනෙද? ඕනේ දේවල් සේරම බුදුහාමුදුරුවෝ දීල නේ තියෙන්නේ... ඔය තියෙන්නේ 'බඩු' මේ දැන් ඉඳල පාවිච්චියට ගත්තනම් හරි. ඔයාලගේ OS ඉක්මනට update කරගන්න! මේ දැන්ම!!