ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වෙතත් ක්‍රිකට් කවුන්සිලයේ ඇස යොමුවෙයි
ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ෂණ ඒකකයේ අවධානය යොමුව ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වාර්තා කරයි. පසුගියදා බ්‍රිතාන්‍යයේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ සිට මෙම ක්‍රීඩකයාගේ ක්‍රියා කලාපය පිළිබඳව එම විමර්ෂණ ඒකකය මෙසේ අධීක්ෂණයට ලක් කර ඇති බව සඳහන්ය.
එම තරගාවලිය අතරතුර එක් දිනක රාත්‍රී කාලයෙහි මෙම ක්‍රීඩකයා කිසියම් රහසිගත පුද්ගලයෙකු සමග රහසිගත සාකච්ඡාවක නිරතව හිඳිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් දැක ඇති බවත්, එම පුද්ගලයා නීති විරෝධී ඔට්ටු අල්ලන්නෙකු බවට ඔවුන් සැක කර ඇති බවත් මෙම පුවත්පත සඳහන් කර ඇත.
අදාළ සිදුවීම සම්බන්ධව එම ක්‍රීඩකයින් විසින් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර වෙත දැනුම් දී ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති පද්ධතියට ගරු කරමින් සංගක්කාර ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ෂණ ඒකකය දැනුවත් කර ඇති බව ද බ්‍රිතාන්‍ය පුවත්පත පෙන්වාදෙයි. මෙම ක්‍රීඩකයා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියද පරීක්ෂණ මෙහෙයවන නමුත් තවමත් නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බව ද එම පුවත්පත වාර්තා කරයි.
http://www.adaderana.lk/sinhala/news.php?nid=10650