18 න් පස්සෙ?

ekrox

Member
Sep 11, 2009
577
22
0
18න් පසුව සිදුවූ වැදගත් සිදුවීම්


මර්වින්ට නැවත නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වීම

පාර්ලිමේන්තු මන්ති‍්‍ර මර්වින් සිල්වා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යධුරයේ ඊයේ සවස යළි දිවුරුම් දුන්නා.මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට මෙම ධුරය යළි

ලබාදීමට ජනාධිපතිවරයා කි‍්‍රයා කළ බවයි.
මින් අන්තුරුව කැලණියේ පැවති උත්සවයකට සහභාගි වූ ආචාර්ය ම්ර්වින් සිල්වා මාධ්‍යට උපදෙස් දීමක් සිදු කලා.


එහිදී ඔහු " මට බනින්න, නමුත් සත්‍ය ප්‍රකාශ කරන්න, ඔය මට බනින ඇතැම් ලියන උදවියගේ පෞද්ගලිකත්වය ගිහින් බැලුවොත් සුනඛයො බත් කන්නෙත් නෑ". යනුවෙන්ද පැවසුවේය.


එයට අදාල වීඩියෝව


වැඩ පටන් ගන්න කාර්යාලෙ සුද්ද කරයි



එකා අධිපති අත්අඩංගුවට

ඊයේ එජාපයේ විරෝධතාවට ගෙනා ඒකා අධිපති පෝස්ටරය මුද්‍රණකරු අත්අඩංගුවට ගෙන මුද්‍රණාලයට සීල් තබා තිබේ.එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස මංගල සමරවීර මහතා විසින් ජයම්පති බුලත්සිංහල නැමැති මුද්‍රණකරුට මෙම පෝස්ටරය මුද්‍රණය කිරීමට භාරදී ඇත.මෙම පෝස්ටරයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ආන්දෝලනයට ලක්වූ එම පෝස්ටරය.

දයාසිරිගෙන් අනතුරු ඇගවීම්

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හැරගිය සියලුම දෙනාට ඒ වෙනුවෙන් යම් යම් වරප්‍රසාද ලැබුණු බවත්,තවත් අයට ඇතැම් වරප්‍රසාද ලැබෙමින් තියෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පබා ට ලැබුන වරප්‍රසාද මොනවාද?

READ MORE
 
Last edited: